Tuesday, August 21, 2012

රෙද්ද ඉස්සීම සහ කලිසම පාත් කිරීම ;)

                       
              මේක මඩයට කවුදෝ එකෙක් විද්ද ඊයක්.ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා.මේක ලිව්වේ කවුද කියලා දන්නේ නෑ.හොද නිසා කියවලා නැති අයට බලන්න දානවා.කවුරු හරි මේක කලින් කාගේ හරි බ්ලොග් එකක හරි දැකලා කියවලා තියේ නම් ලින්ක් එක දාන්න මං තරහ වෙන්නේ නෑ   ;) මෙන්න මේකයි කතාව.
                                                             
          ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා.එක්කෙනෙක්ගේ නම ගණිතවති අනිත් කෙනා තර්කවති.ගණිතවතිට ගණිතය පිළිබද හොද දැනීමක් තිබ්බා.තර්කවතිට තර්කානුකුලව හිතීමේ හැකියාවක් තිබ්බා.මේ දෙන්නට මේ වගේ දැනීමක් තිබ්බට දෙන්නම රෙද්ද හැට්ටේ ඇදලා ඉන්න ගමේ ගොඩේ මිනිස්සු.ඔන්න ඉතිං දවසක් මේ දෙන්න පොඩි ගමනක් යනවලු.ඒ පාර වැටිලා තිබ්බේ පොඩි කැලයක් මැද්දෙන්.මේ දෙන්න ඔහොම යද්දී වටින් පිටින් කළුවර කරගෙන රෑබෝවී ගෙන ආවා.මේ දෙන්නගේ ගමනාන්තයට තව සැලකිය යුතු දුරක් තිබ්බා.මේ අතරේ,

"ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තත්පර 30ක වෙලේ ඉදන්.මං කල්පනා කරන්නේ එයාට මොනවාද ඕනේ කියලා."

"ඕක තර්කානුකුලයි.....එයාට ඕනේ අපිව දුෂණය කරන්න"

"අනේ අපොයි....මේ වේගෙන් ආවොත්  තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට එනවා.අපි දැන් මොකද කරන්නේ?"

"මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක."

"එක හරියන්නේ නෑ"

"ඔව් ඒක හරියන්නේ නෑ තමා..ඒ මිනිහත් තියෙන හොදම තර්කානුකුල දේ කළා.එයත් වේගෙන් ඇවිදිනවා."

"හරි...අපි දැන් මොකද කරන්නේ?..මේ වේගෙන් ආවොත් තව මිනිත්තුවක් ඇතුලත ඒ මනුස්සයා මෙතන."

"හරි දැන් අපිට කරන්න තියෙන එකම දේ තමා බෙදිලා යන එක.ඔයා අර පාරේ යන්න මං මේ පාරේ යන්නම්.එතකොට ඒ මනුස්සයට අපි දෙන්නගෙම පස්සේ එන්න බෑ...."

             මේ විදියට කතාවෙලා දෙන්න පාරවල් දෙකක ගියා.අර මනුස්සයා තර්කවති ගිය පාරේ තර්කවති පස්සෙන් යන්න පටන් ගත්තා.ගණිතවති ගෙදරට ලගා උනා.එත් තර්කවති තාම ඇවිත් නෑ.ගණිතවති තර්කවති එනකන් මග බල බල හිටිය අනේ මොනවා වෙලාද දන්නේ නෑ කියාල හිත හිත.මෙහෙම ගිහින් ටික වෙලාවකින් තර්කවති ගෙදරට එනවා.


"අම්මෝ ඇති යන්තම් ඔයා ආවා.ඔයාට මොකද උනේ?"

"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ උනා.ඒ මනුස්සයට අපි දෙන්නගෙම පස්සේ එන්න බැරි නිසා මගේ පස්සේ ආවා"

"හරි ඉතිං ඊට පස්සේ?"

"මම මට පුළුවන් තරම් වේගෙන් දුවන්න ගත්තා.එයත් එයාට පුළුවන් තරම් වේගෙන් දුවන්න ගත්තා."

"ඉතිං?"

"ඒ මනුස්සයා වේගෙන් මගේ ලගට ආවා"

"අපොයි දෙවියනේ.....! ඉතිං ඔයා මොකද කලේ?"

"තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මං කළා.මං මගේ රෙද්ද ඉස්සුවා"

"අනේ........ අර මනුස්සයා මොකද කලේ?"

"ඒ මනුස්සයා එයාගේ කලිසම පාත් කළා..."

"ඉතිං...............මොකද උනේ? කියන්නකෝ................."

"ඉතිං අනේ ඔයා දන්නේ නැද්ද රෙද්ද උස්සපු ගෑනියෙක්ට කලිසම පාත්කරපු මිනිහෙක්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියාලා.ඉතිං මං ඒ මනුස්සයට කලින් දුවලා ආවා."

27 comments:

  1. හිකිස් මරු
    හැබැයි ෆොටෝ 1 නම් කැතයි!!

    ReplyDelete
    Replies
    1. ඕක තමා හම්බ උන හොදම එක :)

      Delete
  2. සෝයි සෝයි.. එළනේ...
    කඩාගෙන බිඳින්න දුවන්න ඇති...
    ශික්.... දන්නවා නම් ඉස්කෝලේ යන කලේ කාන්ත දවන තරඟ වලින් නව වාර්තා තියන්න තිබ්බා.. හික්ස්
    සුදාගේ සිතුවිල්ලක් ලියන සුදා මල්ලි

    ReplyDelete
    Replies
    1. බෑ නේ සුදු මල්ලි මොකද ඒ ගොල්ලෝ ෂොට් ගහලා නේ දුවන්න එන්නේ ;)

      Delete
  3. ලෙසටම සුපිරිය!මේ රණවිරු උපහාර උත්සවයකදී ගෝඨා මාමගේ නෝනා තුමිය නේද?මොකද ඒ අය සහභාගී වෙද්දී වෙන කව්රුත් හතර වටේ ඉන්න බැහැනේ?????

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු ගෝඨා මාමා මාව උස්සයිද දන්නේ නෑ නැන්දිගේ පොටෝ එකක් මගේ බ්ලොගියේ දැම්මා කියලා :)

      Delete
  4. පොස්ට් එකනම් එල මමත් ඕක කලින් කියවල තියෙනවා. නමුත් ආයේ පාරක් කියවන්න ලැබුණු එක ගැන සතුටු වෙනවා. පින්තූරේනම් අජපල්

    ReplyDelete
    Replies
    1. රෙද්ද උස්සන් දුවන හොදම පොටෝ එක විදිහට අහු උනේ මේක තමා කෝරලේ මහත්තයෝ ;)

      Delete
  5. හෙහ්... :-)))


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෝ උඹ එහෙම නෙමේ නේ මුන් දෙන්නගේ පස්සේ ගියේ?

      Delete
  6. කලිසම ගලවන්නේ නැතිව ෂිප් 1 විතරක් ඇරියනම් මාර කෙස් එකක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු එකත් ඇත්ත නේ බෝල :)
      අන්න තර්කවතිටත් වැරදුනු තැනක්

      Delete
  7. හිහි නියම කතාව
    ඇත්තට තර්කාවති බලන් ගියාම නියමයිනේ.

    ReplyDelete
    Replies
    1. ගෑනු උනාට එවෙලේ මොලේ පාවිච්චි කරලා තියෙනවා හොදට ;)

      Delete
  8. Moral: If wanna do it never remove ur pants
    Jsut open ur fly n go ahead.... :p

    ReplyDelete
  9. MEMA KATHAWA THIYANAWA, UDURAWANA WEB EKE.

    ReplyDelete
    Replies
    1. onna man mulinma kiyala patan gaththe meka mail ekakin aava ekak kiyala
      thanku ano meka thibba thana kivvata :)

      Delete
  10. PL. SEE UDURAWANA.COM. - U N C -

    ReplyDelete
  11. සිරා.. ඔය ඊය මටත් ආව!!

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......