Wednesday, April 25, 2012

අම්මට සිරි විභාහගේ

                                                     අවුරුදු නිවාඩුවට ගමට ගිය නිසා බ්ලොග් 1 පැත්තට වත් එන්න උනේ නෑ .කාලෙකට පස්සේ තමා අවුරුද්දට මෙච්චර දිග නිවාඩුවක් ගත්තේ.ඒක දවසක් ඇවිත් කොහාගේ පොස්ට් 1 දාල ගියා.ඇත්තටම ඒක මං හිතේ අමරුවටමයි දැම්මේ.ඕක මගේ හිතට ඇවිත් ගොඩක් දවස් ඒත් ඒ ටික වචන කරගත්තේ වෙන දවසක අම්මට බෙහෙත් ගන්න ගිහින් Q 1 ඉද්දි.
                                                  කොහොම හරි අවුරුදු සමරලා දවස් 3ක් trip 1 කුත් ගිහින්ලොකු පින්කමක් කරලා එහෙම ආව.යාපනේට දැන් හොදයි එහෙ මිනිස්සුන්ට සරුයි.කොහොම හරි අපි පින්කමට සෙට් වෙලා පින් කරගෙන හොද fun  ඒක කුත් අරන් අයෙ ගෙදර පැත්තට ආවහම තමා මතක උනේ මේ මාසේ ඉවර බව.ඉතින් එතකොටයි මීටරේට ආවේ යකෝ ජුනි වල විභාගයක්  කියල එකක් තියෙනවා කියලා.ඉතින් ඒක මතක් උන හැටියේ කොළඹ දුවගෙන ආව.
                                                    
                                                      මොකද මේ විභාගේ හොදට පාස් වෙන්න ඕනේ.ගිය සැරේ subject  පාස් උනාට පස්සේ පුදුම සන්තෝසයක් තිබ්බේ මගේ මාපිය දෙපලට.මොකද අවුරුදු ගානකට පස්සේ විභාහගයක් පාස් උනාම නේ.අනික ඉතින් අපි ඕක දෙතුන් පාරක් ලියනවා කියන්නේ නිකං සුද්දා පෝසත් වෙනවා විතර නේ.ඉතින් මං සුද්ද පෝසත් වෙන 1 නවත්තන්නම විභාහගේ පාස් වෙනවා,ඉතින් එකට පාඩම් කරන්න එපයි.ඉතින් ඒක නිසා මං හිතුවා බ්ලොග් ජීවිතෙන් මාසයක් විතර ඈත් වෙලා ඉන්න.මොකද මං දන්නවා මුණු පොතෙන් අයින් වෙලා ඉන්න එක කරන්න අමාරු බව.ඉතින් මං හිතුව බ්ලොග් 1 නොලියා ඉන්න 1 අමාරුවෙන් හරි කරගන්න පුළුවන් වෙයි කියලා. අපි අයෙ මාසෙකින් විතර සෙට් වෙමුසෙට් වෙලා කට්ටියට මඩ ගහමු.ජය වේවා....!
                                            
                                        





ප.ලි: මේක මට කොච්චර කාලයක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ඒත් විභාහගේ ඉවර වෙනකන් මේ වැඩේ කොරන්න උපරිම ට්‍රයි 1 දෙනවා.;)

Thursday, April 12, 2012

"කොහා උඹ නම් මාරයි"

                                                                         
මාර්තු මාසේ මැද ඉදන්ම කෑගහද්දී ඒත් මං අපේ උන්ට කිව්වේ ඒකා අවුරුද්දට කලින්ම වැඩ පටන් අරන්ගෙනද කොහෙද,මේ කාලේ සල්ලි අමාරු නිසා කලින්ම වැඩ පටන් ගෙන OT පාරක් දානව වෙන්න ඇති කියලා,ඒත් අප්‍රේල් පටන් ගද්දි එකාගේ සද්දේ නැතුව ගියා.ඊට පස්සේ මට හිතුනේ ඒකා අවුරුද්ද අරන් ගමේ යන්න ඇති කියලා.මොකෝ කොළඹ අවුරුද්දට පාලු වෙනවා නේ.කමක් නෑ එකාගේ සද්දේ ගමේදී ඇහේවි නේ කියල හිත හදන හිටියා ගෙදර යනකන්,මොන ගමේ අවා කියල වැඩක් උනේ නෑ කොළඹදී ඇහිච්ච සද්දේ වත් නෑ මෙහෙදී.එකාගේ සද්දේ මට ඇහුන හැබැයි ඒ TV 1 න්.ගෙදරදී හැමදාම කෑගහන කොක්කු ටිකයි,මොනරු ටිකයි,හවස off  වෙලා ගෙදර යන ගිරවු ටිකයි,සුපුරුදු කුරුල්ලෝ ටිකයි ඇරෙන්න වෙන මොකෙක්වත් කෑගහන්නේ නෑ.කොහා උඹ නම් මාරයි උඹ අවුරුද්ද කාලෙට කෑගහන්නෙත් නැත්නම් කොයි කාලේටද  කෑගහන්නේ?සමාජෙට සිරිත් විරිත් අමතක වෙලා යද්දී චාරිත්‍ර අමතක වෙලා යද්දී හිතන හිටියා කාට මොනවා අමතක වුනත් සොබාදහමට අවුරුදු අමතක වෙන්නේ නෑ කියලා.අවුරුදු ලංවෙලා කියන 1 අපේ හිතට ගොඩක් දැනෙන්න පටන් ගන්නේ කොහාගේ සද්දෙට  එරබදු මල් පිපිලා තියෙනවා දකිද්දියි.ඒත් කොහටත් අවුරුදු අමතක වෙලා ගිහින් නම් අපි කාට නම් කියන්නද??

Thursday, April 5, 2012

කැරා කෙනෙක් ඉකි බිඳියි ....!

                                                        මේක මට ආව message එකක්.මගේ යාළුවෙක් ලියලා තියෙන්නේ.අපේ වැද්දා හෙවත් තිස්සමහාරාමේ මල් කුමාරයාගේ අතිවිශිෂ්ට කුජිත නිර්මාණයක් මේක.අනිවා ඌ හඳට ගිය වෙලාවක ගුවනේදී ලිව්ව එකක් වෙන්න ඇති අනිවා.විකාර වගේ ටිකක් ඒත් පට්ටයි කියලා හිතුන නිසයි බ්ලොග් 1 දාන්න හිතුනේ.





 කැරපොත්තෙක් ඉකි බිඳියි.....

මා  සොඳුරියගේ 

රක්ත දෙතොලින් 

වැගිරුණු 

සුගන්දවත් කුණු

කෙළ

උට කලින් මා

දිවෙන් පිස හල නිසා...