Saturday, October 20, 2012

ඉවසයිද මන්දා මා දුන් රිදුම් ......



ඉවසයිද මන්දා මා දුන් රිදුම් 
වෙන්විලා දා වෙනතක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හෙමින් 
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් 

Wednesday, October 17, 2012

අවාසනාවට ඇත්ත කතාවක් : "පෙම් ප්‍රර්ථනා "


"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"

සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට දැනුනේ එයාගේ ආදරේ නෙමේ.

Saturday, October 13, 2012

"හොරෙන් කෙල්ලෝ දිහා බලන කොල්ලොන්ට "



                   
කට්ටිය මේක බලලා කියලා තියෙන වැඩේ කරන්න.කලින් දැකලා ඇති ඒත් කමක් නෑ ආයේ බලන්න

Tuesday, October 9, 2012

ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා..!!


අපේ පොඩි එකා මට වඩා අවුරුදු පහක් බාලයි.වෙලාවකට ඒකා මහා වාතයක් ඒත් වෙලාවකට හිතෙනවා එහෙම නෑ කියලත්.නංගි මා එක්ක ෆිට් නිසා මං  නංගි එක්ක ඕනේ එකක් කියනවා ඒත් මල්ලි එක්ක කියන්න පුළුවන් දේවල් අඩුයි.ඌට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඒත් අනේ මන්දා ඌ හරි අමුතුයි තේරුම් ගන්න අමාරුයි.පොඩි කාලේ ඌට බැන්නොත් සමහර වෙලාවට අඩාගෙන දුවනවා ඒත් සමහර වෙලාවට කැති මන්න උස්සන් ගේමට එනවා.ඌත් නිකන් නුවර කාලගුණේ වගේ

Wednesday, October 3, 2012

ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි බොලව්!!!

MS Dhoni leads his side from the field having won the game but been knocked out


මචං ඉන්දියා,
 උඹලා
ඊයේ දින්නත් පරාදයි බං
 බලපන් 
උඹලා පැරදෙද්දී 
ලෝකේ කොච්චර 
උන් සන්තෝස උනාද? 
පකිස්තාන්කාරයෝ එක්ක 
අපිත් උඩ පැන්නා 
කෝලි.... 
උඹ ඇඩුවට
 අපිට දුක හිතුනේ නෑ 
මචං 
ක්‍රිකට් වලට 
කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ 
මහත්මා ගති නැත්නම් 
හිතන්න එපා 
අනිත් උන් ඔක්කොම 
තමුන්ට වඩා පහත් කියලා 
කොච්චර දින්නත් 
උඹලා පරදින දවසක් එනවා 
අන්න එදාට 
උඹලාට 
ගොඩා......ක් රිදෙයි
ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති 
මිනිස්සුන්ට 
ගරු කරන්න ඉගෙන ගනින් 
එතකොට
අනිත් උනුත් 
උඹලාට ගරු කරාවි 
දුකේදී ලග ඉදිවී 
උඹලගේ ජයග්‍රහණ වලට 
වටිනාකමක් ලැබේවි 
ක්‍රිකට් කියන්නේ 
යුද්ධයක් නෙමෙයි 
බොලව්!!!