Tuesday, March 5, 2013

සාස්තරේ....................සාස්තරේ.............වල්ලිඅම්මා කියයි සාස්තරේ.....

0785****** 
මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් 
අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා 
මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා.
අමිල දන්නා එවුන් කීපදෙනෙක්ම කතාකරලා තිබ්බා

Monday, March 4, 2013

මෙන්න සැටලයිට් ප්‍රශ්නෙට උත්තරේ..........!!!!!!!!!!!

මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ පිළිගන්නේ නෑ.මොකද ඒ ඇනෝ මගෙන් උත්තරේ අහගෙන තමා ඇවිත් මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ ;)

Friday, March 1, 2013

හා පුළුවන් නම් කියන්න බලන්න.....


කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ සයිට් එකක මොබිටෙල් එකේ වැඩක්.හැමදාම උදේ යද්දී හිතෙන්නේ ඒක හවස ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඒත් එහම අපේ හිත රැවට්ටි රැවටී සතියක් වැඩ කළා.වැඩ ඉවර කරන්න ඉවර කරන්න උල්පතෙන් වගේ තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා.