Saturday, May 19, 2012

නුඹලාට බොහොම පින්.......!



                                                          

                                                             වීර විභූෂණ විරු ජන සම්මාන ගත්ත උඹල එකෙක් වත් හමුදාවට ගියේ එක රස්සාවක් කියන එක හිතේ තියන් නෙමේ,එහෙම හිතේ තියන ගියානම් උඹලට ඔය වගේ වීර වැඩ කරන්න හිතට හයියක් එන්නේ නෑ,උඹලා  උඹලගේ කිරිකැටියෝ,ආදරණීය ප්‍රිය බිරිඳ,හැදු වැදු අම්මා තාත්තා ඔක්කොම ගැන මොහොතකට අමතක කරලා රට වෙනුවෙන් රට රකින්න ඉදිරිපත් උනේ හදවතේ ගැඹුරුම තැනක වීරත්වය කාවැදිලා තිබ්බ නිසයි,නුඹලාගේ ඒ වීර වැඩ අපිට නුඹලා ගැන අපේ හිතේ ඇතිකරන්නේ පුදුම ආඩම්බරයක්,ගෞරවයක්.වීරයන් මැරිලා උනත් උන්ගේ මේ වීර වැඩ නොවන්නට අපි තාමත් බයේ හිතේ චකිතයෙන් ජීවත් වෙන ජනතාවක්.අපි ජෝගි නටලා ආතල් එකේ ජීවත් වෙන්නේ රටක තිස් වසරක ශාපයෙන් බේරගත්ත යුද වීරයන්ට පින්සිද්ද වෙන්න.වීර පුරන් අප්පුලා,මද්දුම බණ්ඩාර,වීර පරම්පරා වලින් පැවතෙන  නුඹලා නම් වලින් කවුරුත් නොදන්නවා උනාට හෙට ඉපදෙන්න ඉන්න දරු පැටියාගේ ඉදන් රටේ  හැම මිනිහම ණයගැතියි,ඒ ණය අපි කාටවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් නොවන බව අපි හැමෝම දන්නවා,චිරාත් කාලයක් උඹලා අපේ රට බේරගත්ත වීරයන්ගේ අතරේ රැදිලා ඉන්නවා,අපේ හිත වලින් නුඹලා ඈත් වෙන්නේ නෑ.අපේ යුද වීරයනි අපිව පාහර කොටියගෙන් බේරගත්ත නුඹලාට පින්........!!!උඹලා වගේ වීරයෝ බිහිකළ අම්මලටත් පින්......!       
යුද ජයග්‍රහණය වෙනුවෙන් යුද වැදුන ජීවිත පූජා කල,ආබාධිත උන යුද වීරයන් ජනතාවගේ හිත්තුල චිරාත් කාලයක් වැජඹේවා.....!!!!




ප.ලි :මේක මුණු පොතට දාන හදිස්සියට ලියපු පොස්ට් එකක් බ්ලොග් 1 ටත් දැම්මොත් හොදයි කියලා හිතුනා.එකයි දැම්මේ.