Saturday, June 30, 2012

"තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?"

                                   මුලින්ම සමාවෙන්ඩ ඕනේ...!!!!විභාහගේ ඉවර නිසා මඩයා ගෙදර ගිය නිසයි දෙවෙනි පොස්ට් 1 දාන්න පරක්කු උනේ.අම්මලාව බලලා එන්නත් එපැයි අනික මේ වගේ ලොකු නිවාඩුවක් එන්නෙත් කලාතුරකින් නේ.කලින් පොස්ට් 1 කිව්වනේ මදුනාගල වඳුරු ප්‍රහාරය ගැන.අද කියන්න යන්නෙ ඒ කතාවේ ඉතුරු ටික.කලින් කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්න.
                               අපි එදා මදුනගලින් එන්න පිටත් උනා ඒ ආවෙත් හිතේ අමාරුවෙන්.මොකද උන් අපේ වාහනේට අලාභ හානි කලා නේ.එතනින් එද්දී හිතන් ආවේ හතුරෙටවත් පොසොන් වලට ඇරෙන්න මදුනාගල යන්න දෙන්නේ නෑ කියල.අපි එතනින් පිටත් වෙද්දී 12 පහුවෙලා.ඒ ආපු පාරේ යන්නත් අමාරුයි මොකද සුදු බොරළු පාරට අව්ව වැටුනම පාර දිහා බලන් ත්‍රිවිල් ඒක අරන් යන්නත් අමාරුයි අනික අව්වේ ගිහින් ඇවිත් කට්ටියට පට්ට අමාරුයි.
                               තිබ්බ අමරුවත් එක්ක කට්ටියට ඕනේ උනේ ඉක්මනට ගෙදර ගිහින් කාලා හවස් වෙලා වැවට බහින්න.ඉතින් ඒක නිසාම මයිලා දිගටම ත්‍රීවීල් ඒක අරගෙන ආවා.අමාරුවෙන් අපි ඇඹිලිපිටිය-හම්බන්තොට ප්‍රධාන පාරට ආවා.ධබා,අමිල,අපේ පොඩි ඒකා මේ තුන්දෙනාම නිදාගෙන හිටියේ අව්වේ ගිහින් ඔලු රත්වෙලා තිබ්බ නිසාද මන්ද කට්ටිය නිදි.මං නිදාගත්තේ නෑ මොකද මයිලා තනියෙන් නේ එතකොට කියලා.ඉක්මනට යන්න ඕනේ නිසා මයිලත් ඇරලා තියල ආව.
                              අපි ඔහොම යද්දී අනිත් පැත්තට ගිය ලොරියක් හෙඩ් ලයිට් ගහගෙන ගියා.අව්වේ ගිහින් මොලේ කරවෙලා තිබ්බ නිසාද මන්ද මට මීටර් උනේ නෑ මේ මොකටද කියලා.ඕක කල්පනා කර කර වැඩි දුරක් යන්න උනේ නෑ මට ඇහෙනවා විසිල් පාරක් ඒ එක්කම ඇහෙනවා *කනවා දාලා මචං පොලිසියෙන් කියලා.දැන් ඉතින් කාපන්කෝ කොරන්න දෙයක් නෑ ඉතින් අපි අයිනකට කරලා නැවැත්තුවා.ධබා උගේ ලයිසනුත් අරගෙන පොලිස් කාරයා ලගට යන්න ගියා ඌ ත්‍රීවීල් ඒක අරන් ආව වගේ.ඒකා පාර පනින්න හදද්දී පොලිස් මාමා (:P) මොකද්ද කිව්වා,අරූ හිතුවේ ත්‍රීවීල් එකේ ලයිසන් ඉන්ෂුවරන්ස් අරන් එන්න කිව්වා කියලා.ඉතින් ඒවත් අරගෙන අයේ මාත් උ එක්ක පොලිස් මාමලා ලගට ගියා,ලගට එනකන් ඉදල ඒකා කියනවා ගිහින් වාහනේ එළවන් ආපු ඒකා එක්කන් වරෙන් කියලා.අපි උන්ව රවට්ටන්න හැදුවට වැඩක් නෑ කට්ට කෛරාටික පොලිස් කාරයා  අපිට වඩා අන්ඩයි ඌ රැවටිලා නෑ අපියි රැවටිලා තියෙන්නෙ.
                           දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ මයිලා වාහනේ අරන් ආව කියල උන් දැකල තිබ්බ නිසා ඌ වත් එක්ක ගියා පොලිස් කාරයා ලගට.මයිලා උගේ ලගට ආවා විතරයි ඌ මයිලගෙන් අහනවා "තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?" කට්ටියටම ඔව් කියල කියන්න හිතුනත් කවුරුත් ඒක කිව්වේ නෑ එකට ඔව් කිව්වා නම් හොද මාමයිට් බාල්දියක්ම අපි ගාගන්නවා.මයිලා දැන් හොදටම අවුලෙන් ඉන්නේ.ඌ කියනවා 
"නෑ සර් එහෙම හිතුවේ නෑ "
"එහෙනම් ඇයි තමුසේ මුලින්ම ආවේ නැත්තේ?
"තමුසෙට ලයිසන් තියෙනවද?"
"ඔව් සර්"
"එහෙනම් දෙනවා මෙහෙට"
"තමුසේ දන්නවද ත්‍රීවීල් එකක යන්න පුළුවන් උපරිම වේගේ?"
"බලනවා තමුසේ ඇවිත් තියෙන්නෙ 70වට"
"සාජන් මොකුත් බලන්න එපා කෙලින්ම නඩු දාන්න"
"මෙතන වැරදි ගොඩයි"
"අනික මුන් වගේ උන්ව නලවලා හරියන්නේ නෑ"
"මුන් හිතන් ඉන්නේ පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා"

                   ඔහොම කියලා එතන හිටිය ලොකු පොලිස්කාරය අපිට දෝෂාරෝපණය කරලා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් සහ නීත්‍යනුකුල රියදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම යන කාරණා යටතේ අපිට නඩු දාල උසාවි දවසට උසාවි එන්න කිව්වා.අපි කොච්චර කථා කලත් වැඩක් නෑ උන්ගෙ හිත වෙනස් උනෙම නෑ.අපිට ඌ කියනවා තමුසෙලා බොරු නොකර ආව නම් දඩයක් දීලා යවනවා විතරයි දැන් ඉතින් කථා කරලා වැඩක් නෑ ගෙදර ගිහින් උසාවි දවසට එන්න කියලා.අපි සෙට් එකම ඉදන් කියනවා 

"සර් මේ පලවෙනි වතාව නිසා සලකලා බලන්න"
"මු දුර ඉදන් ආවේ ඔය කියන දවසට උසාවි එන්න බෑ"
"ලයිසන් අරගෙන වැඩි දවසක් නෑ"
"දඩයක් දීල අපිව යවන්න"
             
                අපි මොන මොන බයිලා කිව්වත් වැඩක් උනේ නෑ ඒ කාලකන්නි පොලිස් මාමා තීරණේ වෙනස් කලේම නෑ.එතකොට නම් අර පාහර වඳුරෝ ටික මූට වඩා හොදයි කියලා හිතුනා.ඔය ටික අපි කතා කරන අතරේ එතන හිටිය අනිත් ඒකා අපේ පොඩි එකත එක්ක ත්‍රීවීල් එක ලගට ගිහින් එක ඇතුල බලල පොඩි එකාගෙන් විස්තර එහෙම අහලා කට්ටිය බීලද ආවේ එහෙම කියල අහලා.මොකුත් ඇතුලේ හොයාගන්න හම්බ උනේ නැති නිසා අපි හැම එකාගෙම ලගට ඇවිත් සාක්කු බැලුව.සාක්කු වල මොනවා හරි තියේද කියලා හොයා ගන්න.මොකුත්ම නෑ නේ අන්තිමට ඌ මගෙන් අහනවා මොකද ඇස් රතු වෙලා කියලා.මං කිව්වා අව්වේ ගියාම කොහොමත් මගේ ඇස් එහෙම තමා කියලා.(ඌ හිතුවේ මගේ ඇස රතු වෙලා තිබ්බ නිසා අපි සෙට් එක බීල වෙන්න ඇති කියලා,සාක්කු බැලුවේ ගංජා වත් ගහලද මුන් නැත්නම් ලග ගංජා තියේද බලන්න එහෙම තිබ්බා  නම් උන්ට තව වැරැද්දක්  අහුවෙනවා නේ )

              හහ් එව්වා කෙහෙද අපිත් එක්ක,උන් කොච්චර දැගලුවත් අපි බීල ඉන්නවා නම් අල්ලන්න බෑ මොකද අපි ඇල් වතුර නිවල  බිව්වට ඇල්කොහොල් බොන්නේ නෑ නොවැ.කොහොම හරි මේ කාලකන්නි එක්ක කොච්චර කතා කලත් තේරුමක් නැති බව තේරුන නිසා අපි ගෙදර ගියා.ගෙදර ගිහින් තාත්තට වෙච්ච අතවර ඔක්කොම කිව්වා.අම්මෝ ඇති යන්තම් තාත්ත බං ඒ වෙලේ අපේ පැත්තට හිටියා පොඩ්ඩක් වත් බැන්නේ නෑ,ඇහුවේ පොලිසියෙන් නවත්තන්න ඇත්තේ ඇත්තටම මොකක් හරි වැරැද්දක් නිසා වෙන්න ඇති නේ කියලා.කමක් නෑ දැන් උන දේ උනා මං මොනවා හරි කරන්නම.ඔයගොල්ලෝ දැන් දවල්ට කන්න කියලා,ඒත් තාත්ත මොනවා කිව්වත් අපිට ඒ වෙද්දීත් අවුල් කට්ටිය වැටුන වැටුන විදිහට ඇදෙ තැන් තැන් වල හිටියාවැවේ යනගමනත් අතහැරිය මොකද දවසෙම සිද්ද උන දේවල් හොද නැති නිසා.
                අපේ තාත්ත මොනවා කිව්වත් මයිලා බයේ හිටියේ උන්ගේ තාත්ත මොනවා කියයිද කියල.ඌ තාත්ත ත්‍රීවීල් එකටත් ලයිසන් ගන්න කියද්දී පණ්ඩිත කමට අරගෙන නෑ එක නිසා තවත් අවුල්.කොහොම හරි මයිල උන්ගේ තාත්තට කථා කරලා විස්තර කිව්වා අපේ තාත්තත් උන්ගේ තාත්ත එක්ක කතාකලට පස්සේ එහෙනුත් යන්තම් හොද වාතාවරණයක්‌ ඇති උනා.තාත්ත කොහෝම හරි උසාවි නොගිහින් මයිලගේ ලයිසන් එක අරන් දුන්නා.කොහොම හරි තාත්ත ඒ පොලිස් කාරය හම්බ වෙන්න ගියාම ඌ තාත්තට කියල තියෙනවා වැරැද්ද තමන් කලා කියල අපි තුන්දෙනෙක් ඉදිරිපත් උනා කියලා ඒත් අපිනේ දන්නේ මොකද උනේ කියලා :P ඒ සිද්දිය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ මොකද එදා තමා හැමෝම මුලින්ම වැරැද්දකට පොලිසියට අහු උනේ.සිද්දිය වෙලේ මයිලා හොදට බය වෙලා හිටියේ ;).තාමත් ටවුන් එකේදී අර පොලිස් කාරයා දැක්කම අපේ පොඩි ඒකාපෙන්නනවා "අන්න අයියේ මංගල පොලිස් ඉන්නවා කියලා."
           

Thursday, June 14, 2012

මදුනාගල පාහර වදුරන්ගේ ප්‍රහාරයකට ලක් වූවෙමු...........

                            ජීවිතේ සුන්දරම කාලේ උසස් පෙළ කාලේ.මට නම් එහෙමයි.මං හිතන්නේ හැමෝටම එහෙම වෙන්න ඕනේ.අමතක කරන්න බැරි සුන්දර සිද්ධි ගොඩාක් ජීවිතේට එකතු වුනෙත් ලගින්ම ඉන්න යාලුවෝ සෙට් 1ක් සෙට් වුනෙත් ඉස්සර ඉදන් හිටිය යාලුවෝ ගොඩාක් හිතවත් උනෙත් හොදම යාලුවෝ උනෙත්  මේ කාලේදී. A/L ජීවිතේ අන්තිම දවස වෙද්දී හිතට හරි අමාරුයි මොකද ආයේ මෙහෙම කාලයක් එන්නේ නැති නිසා.කොහොම හරි අපේ සෙට් 1 පොඩි උන්ට ඉරිසියා කර කර අවුරුදු 3 1/2 උසස් පෙල ජීවිතේ ඉවර කරද්දී කට්ටිය පොඩි සංචාරයක් සෙට් කරගත්තා හිතේ අමාරුවටත් එක්ක.
                             
   ඉතින්  අපි දවස් 3ක මහා සංචාරය සෙට් කරගෙන කට්ටිය යන්න සෙට් උනා.අපෙ සෙට් 1 වුනේ මමයි,ධබයි,මයිලයි.broයි .අපි  මරදානේ ඉදන් මාතරට කෝච්චියේ ගියේ  පලවෙනි දවසේ මාතර ඇවිදලා  ධබාලගේ ගෙදර ඉදලා දෙවෙනි දවසේ ගියා ඌරුබොක්කේ එදා ඒ පැත්තේ රවුම් ගහලා ආතල් 1ක් අරන් විනුෂ්කලාගේ ගෙදර නැවතුනා.මඩයගේ ගෙදර ඇඹිලිපිටියේ නේ ඉතිං අපි තුන්වෙනි දවසේ ඇඹිලිපිටියේ ගියේ.අපි කට්ටියම උඩවලවේ ගිහින් තියෙනවා ඉතින් එහෙ ආයේ ගිහින් තේරුමක් නැති නිසා කතා උනා උණු වතුර ලිං බලලා මදුනාගල ගිහින් එන්න.
                                ඉතිං කොහොම හරි තාත්තාගෙන් ත්‍රිවිල් කට්ටේ ගමන යන්න අවසරත් ගත්තා.පොඩි එකා මං ඇවිදින්න යද්දී එනවා නේ නැට්ට වගේ උගෙන් කරදයක් නැති නිසා ඌවත් අපේ ගමනට සෙට් කරගත්තා.අපිට ඉතිං වැඩිය වත නෑ නේ.ගෙදර හරියටම වාහන කියල තියෙන්නේ ඕකයි පොඩි එකාගේ බයිසිකලෙයි විතරයි නොවැ.ගමන යනවා කිව්වට පස්සේ මගදී කන්න කියලා අම්මා කෑම පාර්සලෙකුයි තේ බෝතලෙකුයි දුන්නා.ගෙදරින් පිටවෙද්දීම තාත්ත කිව්වා හිමිහිට ගිහින් එන්න හදිස්සියක් නෑ රේස් යන්න එපා කියලත්.ත්‍රිවිල් එකේ යන්න සෙට් උනාට ඒක එලවන්න එකෙකුත් ඉන්න එපයි.ගිය උන්ගෙන් වාහන පැදවීමට නීතියෙන් අවසර තිබ්බේ ධබාටයි මයිලාටයි විතරයි.ගොන් මයිලාට  ත්‍රිවිල් පදින්න නීතියෙන් අවසර අවසර අරගෙන නෑ.ඒත් ඌට තමා ත්‍රිවිල් 1 හොදට ගෙනියන්න පුළුවන්.කමක් නෑ කියලා ධබා ත්‍රිවිල් 1 අරගෙන ගියා.අපි ගියාට මදුනාගල යන්න පාරවත් හරියට දන්නේ නෑ.මුලින්ම උණුවතුර ලිං බලලා මදුනාගල යන්න පිටත් උනා.
                               මගතොටේ මිනිස්සුන්ගෙන් පාර අහගෙන අපි මදුනාගල යන්න පිටත් උනා,මෙතන ඉදන් අපේ ඩ්‍රයිවර් උනේ මයිලා.ඒකා ත්‍රිවිල් පාක් එකක හිටපු එකෙක් වගේ නියමෙට වාහනේ ගෙනියනවා.යන්න තිබ්බ කැලයක් මැද්දෙන් එකෙක් වත් පාර දන්නේ නැති නිසා ඒක එකාගෙන් අහගෙන කොයි වෙලේ අලියෙක් පාර මැද්දට එයිදෝ කියලා බයෙන් බයේ ගියේ.පාර සුදු බොරළු පාරක් ඒකට ඉර එලිය වැටුනම ඉස්සරහ බලන් යන්න තව අමාරුයි කොහොම හරි අපි හිමින් හිමින් පාරත් හොයාගෙන මදුනාගලට ආවා.ඇවිත් බැහැල බැලුව හරි තැනටදෝ ආවේ කියලා.මොකද වටපිටේ කිසි සද්දයක් නෑ.බස් එකක් තිබ්බා යන්න ලෑස්ති වෙලා.ගියාට පස්සේ තමා දැන ගත්තේ මදුනාගල සෙනග ඉන්නේ පොසොන් වලට කියලා.
                              සෙනග හිටියේ නැති උනාට ඒ අඩුව පුරවන්න වදුරු රංචු ඕනේ තරං හිටියා.අපි ත්‍රිවිල් එක නවත්තලා උඩ තියෙන පන්සලට ඇවිදින්න ගියා.අපි ටික දුරක් යද්දී අපේ පස්සෙන් පොඩි එකෙක් හැටට හැටේ පන්නවා.ඒත් බැලුව මු මොකද අපේ පස්සේ පන්නනේ කියලා ඕනේ දෙයක් කියල එකා ලගට එනකන් හිටියා.ඌ ඇවිත් හති ඇර ඇර කියනවා "අයියලා නේද ඇර ත්‍රිවිල් එකේ ආවේ අන්න එකට වදුරෝ පැනලා "කියලා.කවුද යකෝ අපිට සද්ද දාන වදුරා හොයන්න කියල අපිත් දුවගෙන ආව පහලට.ඇවිත් බලද්දී වදුරු සේනාවක් ත්‍රිවිල් එක වට කරන් ඉන්නවා හමුදාවෙන් කොටි බංකරයක් වැටලුව වගේ.මුන් අපි ගෙනාව කෑම ඔක්කොම හොරකන් කරලා අපිට නියව නියව ගස් උඩට පැනගත්ත.කමක් නෑ අම්ම දුන්න තේ බෝතලේ උන්ට උස්සගන්න බැරි උනා නේ කියල එක උන්ට ගන්න බැරි වෙන්න එන්ජිම ලගින් හංගල(කොහොමද හංගන්න අපි හොයාගත්ත තැන ;))ආයේ ඇවිදින්න ගියා ගෙදර ගිහින් බත්ම කනවා කියල හිතාගෙන.
 
මෙන්න මේ විදිහට තමා උන් පැනලා ගියේ

අපි පන්සලට ගිහින් මල් පූජා කරලා බලන්න තියෙන ඒවා බලලා හිමිහිට පහලට එන්න ගත්ත.මොකද කට්ටිය සෙට් වෙලා හිටියේ හවස චන්ද්‍රිකා වැවට ගිහින් නාන්න.අනික මදුනාගල හරි රස්නයක් තිබ්බේ කට්ටියටම ඕනේ වෙලා තිබ්බේ ඉක්මනට ගෙදර යන්න.අපි කට්ටිය බැහැල එද්දී අර තිබ්බ බස් එක ගිහින් පන්සලටම හිටියේ අපි විතරයි.ත්‍රිවිල් එක ලගට එද්දී මං දැකපු දර්ශනෙට මාව සලිත වෙලා ගියා.යකෝ එක පාරක් කෑම ටික අරන් පැන්නා කමක් නෑ තිරිසන් සත්තුනේ කියලා හිත හදාගත්ත.යකෝ මුන්ට එක පාරක් අනුකම්පා කරලා ගියාම මුන් එනවා නේ අපිටම අරින්න.අපි කලින් ඇවිත් ආයේ උඩට ගිය අතරේ අර වදුරු රංචුව ඇවිත් ත්‍රිවිල් එකේ උඩ රෙද්ද ඉරලා විනාස කරලා දාල.මුන්ට අපේ ලග තිබ්බ ඔක්කොම කෑම ටික දීලත් මුන් අපිටම කෙලියනේ :( .සමහර විට වදුරෝ ටික හිතන්න ඇති අපි තේ බෝතලේ හංගල ගියේ උන්ට කෝචෝක් එකට කියල.
                               කොහොම හරි පාහර @#@%#$!*&^@%^@*@%$$^&*(#^$@ වදුරෝ ටික අපිට වැඩේ දීල ඉවරයි.කට්ටියටම දැන් හරි අවුල්.අවුලක් නෑ මචං අපි ඉක්මනට ගෙදර යන් මෙතන ඉදල වැඩක් නෑ නේ ගිහින් ගන්න තියෙන ආතල් එකක් ගමු.මං තාත්තට සීන් එක කියල ශේප් කර ගන්නම් කියල මං කට්ටියට කිව්වා.දැන් ඉතින් උන දේ උනා නේ කියල කට්ටිය හිත හදන් ඒ මහා රුදුරු කැලේ මැදින් එන්න පිටත් උනා.එන දිගටම වදුරු සංහතියට බැන බැන උන්ගේ අම්මලාව හොදට මතක කර කර  උන්ගේ උපත් පාලනය කරන විදි,වදුරෝ ලංකාවෙන් වඳ කරන විදි,උන්ට වද දෙන විදි කතා කර කර එන්න ආවේ හිතේ අමරුවටමයි.මං අහන්නේ මේ වේ* වදුරන්ට වටිනවද අපිට මෙහෙම කරන්න :(



මේ අපිට පහර දුන් පාහර වදුරන්ගෙන් එකෙක්





ප.ලි;-හතේ හත වැදිලා මදුනගලින් පිට වෙද්දී හිතුවේ කරදර ඉවරයි කියලයි.අපි එද්දී අපිට සිද්ද උන අනිත් අතවරේ ගැන ඊලග පොස්ට් එකෙන් කියන්නම්.

Friday, June 8, 2012

අනේ ඉතින් කෙල්ල මාව අපහරණේ කලා!


                                   අම්මෝ යන්තං විභාහගේ නම් ඉවරයි.දැන් ඉතින් මඩයට වසන්ත සමය උදාවෙලා තියෙන්නේ.අම්මප මේ විභාහගේ පාස් උනේ නැත්නම් මන ආයේ විභහග වලට පාඩම් කරන්නේ නෑ මොකද A/L වල වගේ පිස්සු කෙලින්නේ නැතුව හිතට අරන් පාඩම් කරලා ලිව්වේ.අනික අපේ සෙට් 1ම හැම අවුරුද්දෙම පොසොන් පෝයට අසාවෙන් සෙට් වෙන "සිතුල් පව්වේ මහා බත් දන්සලට" යන්න උනෙත් නෑ.මේ සුද්දගේ විභාහගයක් නිසා.අපේ කට්ටියටත් අවුල් මේ පාර  යන්න උනේ නැති එකට.(සෙට් 1ට ගොඩාක් අවුල් උනේ බිසෝ කොටුව(දන්නෝ දනිති )බලන්න බැරි වෙන නිසා.)කමක් නෑ ලබන සැරේ යනවා කියල හිත හදා ගත්තා.මේක ඉවර උන කියල මතක වෙනකොට හිතට පුදුම නිදහසක් දැනෙන්නේ.මං බයිලා කිව්වට exam ඉවර වෙනකන් බ්ලොග් 1ට  එන්නේ නෑ කියල මට එක කියන්න බැරි උනා නේ ;).මං ඇවිත් පොස්ට් 1 ක් හදිස්සියේ දාල ගිය නේ.
                                හුග කාලෙකින් පොස්ට් ක් දැම්මේ නැති නිසා මට හිතුනා පොස්ට් 1ක් දාන්න.පහුගිය දවස් වල email බැලුවේ නෑ නේ ඉතින් inbox 1 email වලින් පිරිලා ගිහින් ඒවගෙන් එකක් තිබ්බ පොස්ට් කරන්න හිතුවේ.මේක කලින් අහපු අයත් ඇති බලපු නැති අයට බලන්නත් එක්ක මං මේක පොස්ට් කරනවා.



දවසක්  දා වැවු බැම්මේ
 සුස්තියක්‌ උරනා විට
දිය මත පාවෙන බුජුවක් 
මා නෙත ගැටුනා

සරම ලිහා ගොඩින් තියා
අමුඩේ ගහන් බැහැල වැවට 
පීනාගෙන බුජුම ලගට 
මං ලගා උනා

පෙනුමෙන් ඇන්ටික් ගතියක්
මලකඩ බැදී කළු පැයත්
අතරින් විහිදුන දිස්නෙට 
මං වසඟ උනා.!!

බුජුමේ  බර වැඩි නිසාම
ලිස්සන  ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගහගෙන 
ගොඩට පිහිනුවා

දියෙන් ගොඩට ආ හැටියේම 
"බුජුමේ තියෙන්නේ මොනවාද?"
කුතුහලයෙන්  තෙරපුණු මම
එය විවර කළා

මුඩිය ගැලවුන සැනින්ම 
අහස පොලොව ගුගුරාගෙන 
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු උනා

කෙල්ල  බියුටිෆුල් නිසාම
මම අමුඩේ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැගවී ගත්තා

"අනේ ආලෝ ගොඩට එන්න
මම  නෑ මොකවත් හිතන්නේ 
යු ආර් මයි  හීරෝ නේ"
කෙල්ල කියනවා

ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලෙක් විලසින් 
මම ගොඩට ආවා

"යක්ෂයකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිරවුනා නේ
ඔයා මාව බෙරුවනේ"
කෙල්ල කියනවා 

"මා බේරා ගත් නිසාම 
ඔයා හරි කියුට්‌ හින්දම
උම්මා එකක් දෙන්න හිතයි!"
කෙල්ල කියනවා

සම්මජ්ජතියක මාව
කෙල්ලෙක් නම් ඉඹල නෑනේ
එහෙවු එකේ මටත් මේක 
පල්ලමක් වුනා

උම්මා එකට රේඩි වෙන්නට 
දත කට මැද ගත්තා මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලගට 
යාත්‍රා කළා

මාස් මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගේ සියොලග ඉඹිමින් ඈ
මා ඔකඳ කළා!

දෙන දෙයියෝ දෙනකොට නම් 
ටොකු ඇන ඇන දෙනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක්  ලැබුනා

ඒ වගේ රට ආතල් නම්
මම කිසි දිනක විඳලා නෑනේ
අනේ ඉතින් කෙල්ල මාව 
අපහරණේ කලා!

හිත සතුටින්,ඇගේ අතින් 
අපහරණය වන අතරේ 
බඩට වැදුන තඩි සොටකින් 
මම අවදි උනා

ඇඩ්ඩින් මාමගේ එළු දෙන
මගේ මුණ ලෙව කනවා
තව එළු රංචුවක් මදෙස
 බලා සිටිනවා

මල්  උරලා වැඩි වීලා
වැවු  බන්ටෙක මත නිදලා
මම ලොකු හීනයක්‌ දැකපු 
බව හැගී ගියා

එදා පටන් අද වන තුරු 
නෑ  මම මල් දුම් ඉරුවේ 
දැන් මම මල් දකින කොටත් 
වමනේ කරනවා


ප.ලි: බුජුම යනු ගුරුලේත්තුවක් බඳු මෙව්වා එකකි