මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ තව කට්ටියක් කිරි වෙහෙර දාන ශාලාවේ ස්වාමින් වහන්සේලාට දානේ පිළිගන්වන්න ඕනේ වැඩකටයුතු කළා.කාන්තා පාර්ශවයේ තව සෙට් එකක් දයා ගමගේ ශාලාව පිළියෙළ කළා මෙහෙණින් වහන්සේලාට දානේ පිළිගන්වන්න.
කාලා ඉවර වෙලා අපිට තිබ්බ වැඩේ තමා හවස පහන් පුජාවට පහන් වට සුදානම් කරන එක.සෙට් එකම ගිහින් පහන් වලට තෙල් දාලා තිර දාලා එතන ලෑස්ති කළා,අපිට එතන අමුතුවෙන් සුද්ධ කරන්න දෙයක් තිබ්බේ නෑ මොකද එතන භාර මනුස්සයා එතන හොදට එතන පිරිසිදු කරලා පවත්වාගෙන යනවා.ඒ වැඩේ අහවර වෙලා අපේ සෙට් එක ඇවිත් හවස පුජාවට යන්න සුදු ඇදලා පේඋනා .දවල් කෑමට පස්සේ තිබ්බේ කප්රුක් චීවර පූජාව.ඒක පෙරහැරින් වඩම්මවාගෙන ගිහින් පූජා කරන්න තමා ලෑස්ති උනේ.වැස්ස නිසා පෙරහැර පොඩ්ඩක් ප්‍රමාද උනා,වැස්ස අඩු උනාට පස්සේ කට්ටිය පෙරහැර යන්න සෙට් උනා.දේවාලේ පැත්තේ ඉදන් කිරිවෙහෙරට එන වැලි පාරේ දේවාලේ කිට්ටුව හරියෙන් තමා පෙරහැර පටන් ගත්තේ.
පෙරහැරින් කප්රුක් චීවරේ සහ අටපිරිකර දහසක් සහ සෙසු පිරිකර දහසක් වැඩමවාගෙන ගියා.පෙරහැර මගක් යද්දී ආයේ වැස්ස පටන් ගත්තා එහෙමයි කියලා කට්ටිය නැවතුනේ නෑ වැස්සේම චීවරේ වැඩමවාගෙන ගියා.අපි පෙරහරේ මග දුරක් ඇවිත් ආයේ පහන් වැට ලගට ගියා මොකද චීවරේ චෛත්‍යට පැලැන්දුවට පස්සේ පුජාව පටන් ගන්න නිසා ඊට කලින් පහන් පත්තු කරන්න ඕනේ කියලා.අපි පහන් ඔක්කොම පත්තු කරලා දයා ගමගේ දාන ශාලාවට ගියා මොකද චීවර පූජාව වැස්ස නිසා එතන පැවැත්වෙන නිසා.මුළු ශාලාව පිරෙන්න සෙනග,තව සමහරු එලියේත් එක්ක හිටගෙන පුජාවට සහභාගී උනා.ඒ අතරේ මැද තිබ්බ පුටු එහෙමම තියෙද්දී කට්ටිය වාඩි වෙලා තිබ්බා බිම ඉතින් ඒක නිසා එතන ඉඩ ඇහිරිලා තිබ්බ නිසා අපේ සෙට් ඒක සෙනග මැද්දේ අමාරුවෙන් ගිහින් පුටු සෙට් එක අයින් කරන්න හැදුවා මොකද එතන ඉඩ ආවට පස්සේ හිටගෙන ඉන්න අයට වාඩි වෙන්න පුළුවන් නිසා.එහෙම ගිය අයට සමහරු කුණුහර්පෙනුත් බැනලා තිබ්බා ඒ අයට අමතක වෙලා ඒ අය ඇවිත් ඉන්නේ පින්කමකට කියලා,අනිත් එක ඒ අයට ප්‍රශ්නයක් නෑ නේ මොකද එයාලා වාඩි වෙලා නේ අනිත් අයට හෙන ගැහුවත් මොකද.කොහොම කොහොම හරි ඉඩ හදලා කට්ටිය වාඩි කෙරෙව්වත් තව සෑහෙන පිරිසක් හිටගෙන එළියේ ඉදන් පුජාවට ලෑස්ති උනා.
කප්රුක් චීවර පුජාවෙන් පස්සේ තිබ්බේ සුමධුර ධර්ම දේශනාව.දේශකයාණන් වහන්සේ උනේ මාලිම්බඩ පඥ්ඥාසාර හිමි.පිංකමට TNL රූපවාහිනී සේවයෙන් පැයක විකාශන කාලයක් ලබා දීලා තිබ්බා,ඉතින් ඒ ගොල්ලෝ ටෙලිකාස්ට් කලේ බණ.ඒ ගොල්ලෝ ඇවිත් බණ පටන් ගන්න කලින් ඒ ගොල්ලොන්ගේ කැමරා ලයිට් සෙට් කරගන්න ඉඩක් ඕනේ කියලා කිව්වා,ඒ ගොල්ලෝ ඉඩ ඉල්ලුවා කියලා කොහෙන් දෙන්නද සෙනග හාමුදුරුවන්ගේ දෙපා ලගටම.එතන හිටිය අන්කල් කෙනෙක් මයික් එක අරන් අපිට මෙහෙම ඉඩ ඕනේ කට්ටිය පොඩ්ඩක් පස්සට යන්න අපි බලමු මෙතන ශ්‍රද්ධාවෙන්ම පිංකමට සහභාගී උනේ කවුද කියලා නියම බෞද්ධ පින්වතුන් අර්ත්මාර්ථකාමී නෑ කියලා කිව්වා විතරයි සෙනග අම්බානට පස්සේට ගිහින් ඕනෙවටත් වඩා ඉඩ දුන්නා.ස්වාමින් වහන්සේ කාලෝචිත ධර්ම දේශනාවක් කළා.
රෑට කට්ටියට කන්න දීලා ඔක්කොම කරලා අපි සෙට් එකත් කාලා නිදාගන්න තැනක් හොයන් පොඩ්ඩක් නිදාගන්න සෙට් උනා,මොකද කලින් දවසෙත් පැයක් විතර නිදාගත්තා නිසා,අපි උදේ නැගිටිද්දී හොදටම වහිනවා ඒත් වැස්ස කියලා නෑ කට්ටිය උදේ පාන්දර නැගිටලා පිරිත් සජ්ජායනා මැද්දේ නියමිත පිළිවෙත් සමග කිරිආහාර සුදානම් කරලා පූජාව පටන් ගෙන තිබ්බා.කිරිආහාර පුජාවෙන් පස්සේ කට්ටිය කාලා ගෙදර යන්න ලෑස්ති උනා
ප.ලි: මං මඩයා කිලිනොච්චි ගිහින් ආවා,එහෙ උන දේවල් ගැනත් පොස්ට් එකක් හෙමිහිට ලියන්නම්.අඩේ සැට් එක මා එක්ක තරහා වෙන්න එපා ජොබ් එකට ගියාට පස්සේ ඉදන් මගේ බ්ලොග්පට්ටෙට අඩු උනා.මන් ආයේ ඉක්මනටම හැමෝගෙම බ්ලොග් වලට එන්නම් .අඃ අමතක උනා පින්කමෙන් පස්සේ ගොඩාක් අය අපේ සෙට් එකට ගොඩාක් හොද කියලා තිබ්බා.ඒ වගේම පින්කමට ගොඩක් උදවු කරපු හැමෝටම සහ සෑම අයුරින්ම දායක උන සැමට පිං......!
හොඳ වැඩ ගොඩක් කරලා ඇවිත්.... විශේෂයෙන්ම අස්පස් කරලා සුද්ධ පවිත්රකරලා ආපු එක.. හැමදාම ඔහොම අය ගිහින් ඕවා සුද්ධ කළාට එච්චර කුණු එකතු වෙන්නේ අහසින් ඇවිල්ලා නෙවෙයිනේ.. මේ රටේ මිනිස්සුම තමයි ඉතිං...
ReplyDeleteබොහොම පිං මේ විස්තරේ දැම්මට අපිටත් කියවන්න... හොද සෙට් එකකට හොද කියන්න එපායැ... ( කෝ අර කමෙන්ට් දාන අණ්ඩපාලලා දෙන්නා... හි හි)
ජොබ් එක පළමුව.. බ්ලොග් දෙවනුව...
ඕව් අක්කේ අපි පිංකම කරලා ඉවර වෙලා ආවට වැඩක් නෑ නේ අපි එතන පිළිවෙලට අස් කරලා එන්න එපැයි.
Deleteඋන් දෙන්නා ඔය තව ටිකකින් කොහේ හරි ඉදලා මතුවෙයි අක්කේ
ඕව් ඒක ඇත්ත අක්කේ මොකෙටත් කලින් ජොබ හරියට කරන්න එපැයි නේද අක්කේ
ඇත්තටම කෝ අක්කේ ඒ දෙන්නා...????
Deleteහරි හොඳ ළමයි දෙන්නෙක් නේද????
හිරු අක්කේ අණ්ඩපාලයෝ කොහොමෙයි කොමෙන්ට් කොරන්නේ මේ මඩය පොස්ටු දාල සද්ද නැතුව හොර ගෙඩිය වගේ ඉන්න කොට....
Deleteමෙවන් සද් ක්‍රියා නිරන්තර කරන්නට මඩයට වාසනාව ලැබේවා.
ReplyDeleteපියාගේ අඩිපාරේ නේ මඩයා යන්නේ අයියේ...!
Deleteකතාව එච්චරම හොඳ නෑ නේද අයියේ??
Deleteමඩයට වාසනාව ලැබුණම මඩවතී දැරිවියි, *** දරුවයි අතරමං වෙනවනේ..
පිස්සු හැදෙයි...!!!! මෙන්න මෙයා බය වෙලා මට ඔය වාසනාව ඕනේ නෑ ඕයි
Deleteමට මගේ මඩවති ඉන්නවා නේ ;)
අර මක්කටෙයි මං බය වෙන්නේ??
Deleteඕයි කියන්න එපා ඕයි..මෙහෙම තැනක වැදගත් විදියට හැසිරියන්..මඩයා....
ඔන්න පිං අතේ වැඩ කරලා. පිරිමි දරුවො ඔහොම ඉන්නවා නම් මොන තරම් හොඳද...
ReplyDeleteහිරු කිව්වා වගේ මොනදේටත් කලින් ජොබ් එකට තැන දෙන්න. යමක් කමක් හොයා ගන්නවා වගේම අත්දැකීමුත් එකතු කර ගන්න තැනනේ...
අඃ අපි එහෙම තමා අපි ගල් වගේ පෙනුනට මල් වගේ කොල්ලෝ හරිය
Deleteඕව් ඒක ඇත්ත ජොබ් එකට මුල් තැන දෙනගමන් අනිත් ඒවා කරගන්න ඕනේ
සෑහෙන්න ලොකු පින්කමක් කරන තියෙනවා වගේ සෙට් එක අනේ හොඳයි කිව්වා. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියන්ඩි.....
ReplyDeleteඑකෙන්ම උඹලා හැමෝටමත් එක්ක අපි පිං කළා.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා කෝරලේ මහත්තයා....!!!!
අනේ වාසනාවන්!!!!
ReplyDelete:)
Deleteනියමයි..ඕය වගේ වැඩකට සෙට්වෙන්න ආසා හිතුන.
ReplyDeleteගවයින් නිදහස් කරන එක නම් අපිත් කරනව වෙසක් එකට.
ලබන පාර කරන්න කලින් කියන්නම් පුළුවන් නම් සෙට් වෙන්න.ඒක හොද වැඩක් මචං පවු බං ඒ සත්තු....
Deleteමචං මඩයෝ,
ReplyDeleteඅපි ඉස්සරහට කරන පිංකම් වලට කලින් ඒ ගැන දැනුවත් කරලා පෝස්ටුවක් දාමු.එතකොට මෙතන ඉන්න අදාළ පළාතට ළඟ කස්ටියත් පිංකමට සෙට් වේවිනේ....
ධර්ම දානය පුළුවන් තරම් දෙන්නත් එපැයි අපි.. :)
ඒක හොද අදහස මචං අපි ඊලග පාර ඉදන් කරමු
Deleteකතරගම අවුරුදු ගානකින් ගියේ නෑ සූටි කාලේ අවුරුද්දට සැරයක් ගියා තාම යන්න ආසයි
ReplyDeleteපිං අතේ වැඩක්
මට මතකයි පොඩි කාලේ කතරගම ගිහින් සිද්ද වුන ඇබැද්දියක් ගැන ලියලා තිබ්බ පොස්ට් එකක් :)
Deleteනියම වැඩක් මඩයෝ !
ReplyDeleteස්තුතියි මධුරංග.....!!!
DeleteHello would you mind stating which blog platform you're working
ReplyDeletewith? I'm going to start my own blog in the near future but I'm having a tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
The reason I ask is because your layout seems different then most blogs and
I'm looking for something completely unique.
P.S My apologies for being off-topic but I had to ask!
Feel free to visit my weblog: great home ideas (http://www.homeimprovementdaily.com)