Sunday, September 30, 2012

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං........




දැන් ටික කාලෙකට කලින් සිරා සින්දුවක් ඇහුවා.ඒක පොඩි බජව්වක කියන එකක් ,මං ඇහුවේ රේකොඩින් එකක්.ඒත් ඒක කොලිටි නැති උනාට beatඑකයි පද ටිකයි පට්ටෙට සෙට් උනා.ඕක ඉතින් ඒක නිසම බෝඩිමේ වැඩිපුරම ඇහෙන සින්දුවක් වෙලත් තිබ්බා කාලයක්.අපේ උන් සෙට් එකටත් සින්දුව හොදට සෙට් වෙලා තිබ්බේ ඉතින් ඒක නිසා මං කොච්චර පට්ට ගැහුවත් එකෙක් වත් කිසිම කුණු කතාවක් කිව්වේ නෑ.

Wednesday, September 26, 2012

දර්ශනීය මන්න පාර.....



 මාස දෙක හමාරකට විතර පස්සේ ගෙදර ආවා,කාලෙකට පස්සේ බඩට සහ හිතට සැප හම්බ වෙනවා,අම්මගේ කෑම කන්න වෙන්නෙත් කාලෙකින් නේ.කොහොම උනත් මං ගෙදර ආවහම දවසේ කෑම වේල් ගණන කොහොමත් 5ක් හරි 4ක් හරි වෙනවා.ඉන්න දවස් තුන හතරට බඩට පුළුවන් තරම් සැපක් දෙන්න එපැයි.ගෙදර ඇවිත් වත්තේ ඇවිද ඇවිද ඉද්දි මට පරණ සිද්ධි ගොඩක් මතක් උනා,පුංචි කාලේ සුන්දර මතක ආයේ හොල්මන් කරන්න පටන් ගත්තා හිත ඇතුලේ.ඉතින් එක නිසාම ඒකාලේ උන සිද්ධියක් අද පොස්ට් එකට දානවා කියලා හිතුනා.

Saturday, September 22, 2012

කතා කලාට කවුද කියලා නිච්චියක් නෑ


මේ දවස් ටිකේ වැඩිපුර කලේ අපේ ෆීල්ඩ් එකේ ඉගෙන ගෙන රස්සා කරන උන් ගැන හොයලා උන් එතනට ගියේ කොහොමද,කොච්චර කල් ට්‍රේනින් හිටියද?දැන් තත්වේ කොහොමද?අපිත් උන්ගේ ගානටම ඉගෙන ගත්තම අපිටත් කොයි වගේ රස්සාවක් හම්බවෙයිද කියන එක.ඉතින් එව්වා ගැන අහද්දී වැඩ කරන්න තියෙන ආසාව වැඩි වෙනවා,හිතට අමුතුම හයියක් එනවා.

Wednesday, September 19, 2012

"අම්මේ,තාත්තා ආයේ එන්නේ නැද්ද?"



උඹ 
ඒ හඬට පෙම් කලා
ඒ ආදරේ හොයන් ගියා
ඒක නොලැබුන තැන
උඹට මතක් උන
එකම 
උත්තරේ තමා මරණේ,
ඔව් 
උඹ මැරුණා 
ඒ අසරණ බිරිදක් සහ
දරුවෝ දෙන්නෙක් ලෝකේ තනිකරලා,
මැරෙද්දි
හිතෙන්න ඇති ඒකෙන්
ප්‍රශ්නේ විසදුනා කියලා,
උඹේ ප්‍රශ්න ඔක්කොම නම් විසදෙන්න ඇති
ඒත් උඹ ගියේ 
අනිත් උන්ට ප්‍රශ්න ගොඩාක්
ඉතුරු කරලා
අර අසරණ අම්මගෙන් 
පොඩි උන් දෙන්නා 
තාත්ත කොහෙද ගියේ කියලා අහද්දී 
එකීට දෙන්න තියෙන උත්තරේ මොකද්ද?
පොඩි උන්
ලොකු උන කාලෙක
උන්ගේ යාලුවෝ තාත්ත ගැන අහද්දී 
උන් දෙන උත්තරේ මොකද්ද?
තාත්තා අහවල් සිද්ධිය නිසා
මලා කියලා කියන්නද?
උඹ 
මහා ආර්ත්මාර්ථකාමී නිවටයෙක් බං 
කොහෙවත් යන වෙන
ගෑනියෙක් ගැන හිතන්න කලින් 
අඩුම  තරමේ අර පොඩි උන් දෙන්න 
ගැනවත් හිතන්න තිබුනා ..............


ප.ලි :- http://www.lankadeepa.lk/index.php/articles/65270  මෙන්න මේ news එක දැක්කම මට හිතුන දේ ලිව්වේ මෙහම.අද ලංකාදීප පත්තරේ තව විස්තර තියෙනවා මේ ගැන .

Tuesday, September 18, 2012

පයිරට්ස් ඔෆ් ද කැරිබියන් පස් වන මණ්ඩලයේ තිරගතවූ වගයි ...!




අපේ බෝඩිමේ ඉන්න ඔක්කොම වගේ ෆිල්ම් පිස්සෝ.ඉස්සර සමහර දවස් තිබ්බා එක දිගට එකම ෆිල්ම් සිරිස් එක බලනවා.ඒ බලන්නේ කාමරේ හොදට කළුවර කරලා ෆිල්ම් හෝල් එක වගේ හදලා තමා.ඉස්සර නම් ෆිල්ම් එකක් හම්බ උන ගමන් කට්ටිය ඔක්කොම සෙට් වෙලා එක පාර තමා බලන්නේ .මොකද නැත්නම් අන්කල්ගේ මුණ පළුවක් නැති බෙරේ වගේ වෙනවා නේ ලයිට් බිල දැක්කම.

Sunday, September 16, 2012

"වැහි බිංදු සහ දුවිලි "



ඉස්සරම චුටි කාලේ 
මං හරි ආසයි 
වහිද්දි මගේ කාමරේ ජනේලෙන් 
ගුරු පාර දිහා බලන් ඉන්න 
මං හරි ආසයි 
අහසේ ඉදන් බිම වැටෙන 
වතුර බින්දු ගොඩාක් එකට එකතු වෙලා
 ගුරු පාරේ පාටත් අරන් 
බොර පාටට පාර  දෙපැත්තේ  තරගෙට
 සද්දෙන්  බැහැල පහල ආරට 
අපිළිවෙලට යනවා බලන්න
 වැස්ස පටන් ගද්දි 
දුවිලි වලට වතුර වැටෙද්දී එන
 ඒ පුසුඹටත් මං මාර ආසයි 
ඒ සුවඳ විදගන්න
ඉහලට ගත්ත හුස්ම  පහල දාන්න
 මං ලෝබයි
 ජනේලේ ලගට වෙලා 
එදා ඒ විදගත්ත ලස්සන මට
 දැන් වැස්ස වෙලාව
ට ජනේලේ ලගදි හිස් බවක්
 කෘතීම ගතියක් හැරුණු කොට
 පෙර දා විදගත් ඒ  සුවය,
හිතේ තිබ්බ ඒ හැගීම
 දැනෙන්නේ නෑ
 ඒ විදගත් දුවිලි සුවඳ
දැනෙන්නේ නෑ 
ඒවා  කොහේ දැනෙන්නද 
දැන් ගුරු පාරට කොන්ක්‍රීට් දාලා


ප.ලි :- පෙරේදා වැස්සේ තෙමි තෙමි පාරේ යද්දී මට ඒ කාලේ වැස්සට ආස කරපු හැටි මතක උනා ඉතින් බෝඩිමට ආයේ ආව ගමන් හිතට ආව ටික එහෙමම ලිව්වා මං දන්නේ නැ මේක මොකද්ද කියලා ඒත් ලියලා ඉවර උනාම අන්තිමට ඉතුරු උනේ මේ ටික :)

Thursday, September 13, 2012

හතර හන්දි හිරි වැටෙන බල්ටිය




මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං මාස දෙකකින් ගෙදර ගිහින් නෑ,

Monday, September 10, 2012

"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා"



පෙර කලෙක පටන් පිස්සු බල්ලන් සේ අහුවෙන ඕනෑම තැනකින් පාර  පැනීමට පුරුදු වී සිටි මඩයාත්,ධබාත්,නෝටියාත් දැන් පාර පනින්නේ කහ ඉරි වලින්ම පමණි.පෙරදා වීරයන් සේ පාර හරහා ඇවිදන් ගිය අප දැන්කොයි ලෝකෙන් හෝ කහ ඉරක් සොයමින් ඒ මතින්ම පාර පනිනුයේ රටට ඇති දේශ හිතෛෂී භාවය නිසාමය.

Thursday, September 6, 2012

"කුඩු දයා"



මරදාන කියන්නේ හරි අමුතු තැනක්,එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා.මං කලින් පොස්ට් එකකත් මරදානේ හිගන්නෝ ගැන ලිව්වා.මරදානේ තව තියෙන සීන් එකක් තමා මරදානේ පොත් කඩ ටික එක ලග එක දිගට වගේ තියෙනවා ඒ ගොඩාක් ඒවා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන,හාඩ්වෙයාර් ටික ආයේ එක ලග එක දිගට තියෙනවා,ලී බඩු සාප්පු ටිකත්,ඒජන්සි ටිකත්,මුස්ලිම් හෝටල් ටිකත් අරවා වගේම එක ලග තියෙන්නේ.එක ජාතියේ ඒවා එක ලග තියෙනවා

Sunday, September 2, 2012

"අර බලන්න සයිකෝ කෙස් එකක් "



දුරකථනය අතට ගත් ඔහු ඔහු තම පෙම්වතියට ඇමතුමක් ගත්තේ තම රැකියා ස්ථානය ඇයට පෙන්වීමට විය යුතුය,එම සංවාදය විශේෂ එකක් විය ඔවුන් අදහස් විදිහට මාරු කරගත්තේ වචන නොව සංඥාය,මක් නිසාද යත් ඔවුන් දෙදෙනාම අබාධිතයන් වීමය,ඔව් ඒ දෙන්නම ගොළුයි එත් ඔවුන් ඒ නොලැබීම අසරණ කමක් කරගයත්තේ නැත කතා කරන්න බැරිවීම හිතින් දුක් විදීමට කරුණක් උනත් ඔවුන් හිතින් විදවීම පසෙකලා ඔවුන්ට ගැලපෙන විසදුමක් සොයා ගෙන ඇත ඒ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමය.