Tuesday, September 10, 2013

අයියේ කොමඩු නැද්ද?

පහුගිය දවස් වල පොඩි ටීවී සිරිස් දෙකකට හිත ගිහිං තිබ්බා.එකක් තමා prison Break අනිත් එක තමා ජාතිකේ යන ඒලෙවල් ඉවරයි.ඒලෙවල් ඉවරයි නම් පට්ටයි.ඒක මෙගා එකක් උනාට අනිත් මෙගා තරම් පජාත නෑ.අනිත් එක ඒකෙ ඉන්න උන් රඟපානවා කියලා දැනෙන්නේ නෑ ඒ තර

Saturday, September 7, 2013

මහා සංචාරය හෙවත් අතරමං වීම....!!


අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එක පාලුවට යන එක වාවන්නේ නැතත් මට ඒක පාලුවට යන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.විභාහගෙන් පස්සේ නිදහස් වෙයි කියලා හිතුවත් කිසි නිදහසක් තිබ්බේ නෑ.අම්බනෙට ඔෆිස් එකේ වැඩ සෙට් උනා පහුගිය දවස් වල රට වටේ ඇවිද්දා.මේ දවස් වලත් අම්බානට වැඩ උදෙන්ම සයිට් ගිහින් රෑ වෙලා තමා සයිට් එකෙන් එන්නේ.ඒත් බ්ලොග් ඒක අතැරලා දාලා ඉන්න හිත දෙන්නේ නැති නිසා මේ පැත්තට ආවා.

Tuesday, June 18, 2013

තිරිසන්කම,ආදරය,මවු සෙනෙහස !!!!!!!

හරියටම මාස දෙකයි දවස් හතරකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ගත්තේ,අමාරුවෙන් අටෝගත්ත මේක,මේක නිසා අදුන ගත්ත යාලුවෝ ටික අමතක කරලා දාන්න බෑ  එත් පහුගිය දවස් වල තිබ්බ වැඩ නිසා මට ඔක්කොම අමතක කරලා දාන්න සිද්ද උනා.අධ්‍යාපන කටයුතුයි ඔෆිස් එකේ වැඩයි බ්ලොග් ලියන එක්කයි කියවන එකයි ඔක්කොම මට බැලන්ස් එකේ කරගන්න බැරි උනා එන්න එන්න විභාහගේ ලං උන නිසා මන් අධ්‍යාපන කටයුතු වලට අවධානය වැඩිපුර යොමු කළා.විභාහගේ ඉවර උනත් නිදහසක් තිබ්බේ නෑ .විභාහගේ ඉවර උන ගමන් ගිනිගත්හේනේ සයිට් එකකට යන්න උනා.ඒ ගිහින් අනිත් පැත්තට තණමල්විල වැල්ලවාය පැත්තට යන්න සිද්ධ උනා ඒ පැත්තේ සයිට් ගොඩාක් තිබ්බ එහෙත් සතියක් විතර ඉදලා තමා මේ ආවේ.ඔෆිස් එකත් බලන් හිටියේ විභාහගේ ඉවර වෙනකන් රට වටේ යවන්න.

Sunday, April 7, 2013

පාළු ළිඳේ කාන්තා මළසිරුර සහ තැඹිලි හොරු..........!!!!

කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක් ආව ගමන් අනිත් බ්ලොග් ටිකත් කියවනවා.සමහර බ්ලොග් වලට කමෙන්ට් නොකලත් මං පුළුවන් වෙලාවට කියවනවා.කමෙන්ට් කරන්නේ නැත්තේ ෆෝන් එකෙන් ඒක කරන එක වාත නිසයි.හරි කියෙව්වා ඇති අද කතාවට යන්.:)

Tuesday, March 5, 2013

සාස්තරේ....................සාස්තරේ.............වල්ලිඅම්මා කියයි සාස්තරේ.....

0785****** 
මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් 
අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා 
මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා.
අමිල දන්නා එවුන් කීපදෙනෙක්ම කතාකරලා තිබ්බා

Monday, March 4, 2013

මෙන්න සැටලයිට් ප්‍රශ්නෙට උත්තරේ..........!!!!!!!!!!!

මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ පිළිගන්නේ නෑ.මොකද ඒ ඇනෝ මගෙන් උත්තරේ අහගෙන තමා ඇවිත් මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ ;)

Friday, March 1, 2013

හා පුළුවන් නම් කියන්න බලන්න.....


කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ සයිට් එකක මොබිටෙල් එකේ වැඩක්.හැමදාම උදේ යද්දී හිතෙන්නේ ඒක හවස ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඒත් එහම අපේ හිත රැවට්ටි රැවටී සතියක් වැඩ කළා.වැඩ ඉවර කරන්න ඉවර කරන්න උල්පතෙන් වගේ තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා.

Wednesday, February 6, 2013

සෝමාවතී පුදබිමේ අසිරිමත් සිදුවීම සහ කප්රුක් පූජාව

විශේෂ සටහන.......!!





මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N  බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් උනේ නෑ.

Friday, February 1, 2013

මෙහෙව් අම්මලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



ගොඩාක් වෙලාවට බස් එකට  නැගපු ගමන් සිට් එකක් හොයන් වාඩි වෙන්නේ මාලඹේටම යන්න තියෙන නිසාත් ඒ යන අතරේ බුකිය පැත්තටත් බ්ලොග් ලෝකේ පැත්තටත් ගොඩ වෙන්න පුළුවන් නිසයි.බස් ඒක කියන්නේ හරි අමුතු තැනක් එතැනදී අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.සමහර ඒවා දැක්කම කලකිරෙනවා.එකමයි බස් එකට නැග්ග ගමන් මං වාඩි වෙලා ෆෝන් එක ඇතුලට මුණ ඔබා ගන්නේ.මං පහුගිය අගහරුවාදත් සුපුරුදු පරිදි බොරැල්ලෙන් බැහැලා එතන තිබ්බ 190 CTB  බස් එකට නැග්ගා ඔෆිස් යන්න.

Monday, January 14, 2013

ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!

අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ

Tuesday, January 8, 2013

තංගල්ල බැංකු ශාඛාවක් මඩයාගේ ජීවිතය බේරයි.........!!

උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට තමා,අපි සාමාන්‍යයෙන් කන්න යන්නේ රොටරියේ වල පැත්තෙන් ගිහින් පොළ මැද්දෙන් ගිහින් පහලට බැහැලා 15 කඩේට.

Sunday, January 6, 2013

ජොකා පිටින් මල් පෙරහැරේ......



ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ඒක දැක්කාම තමා මේක ලියන්න හිතුනේ .එකාට අපි ආදරේට කිව්වේ ජෝලා කියලා.පස්සේ ලොකු වෙද්දී ජෝලා "ජ_ගී ජෝලා" කියලා උසස් උනා.

Wednesday, January 2, 2013

ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......!

"ඒ හමුවීම හරි අහඹු එකක්.
ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ 
ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි 
ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන 
කලින් ඉදන්ම දන්නවා.