Friday, June 8, 2012

අනේ ඉතින් කෙල්ල මාව අපහරණේ කලා!


                                   අම්මෝ යන්තං විභාහගේ නම් ඉවරයි.දැන් ඉතින් මඩයට වසන්ත සමය උදාවෙලා තියෙන්නේ.අම්මප මේ විභාහගේ පාස් උනේ නැත්නම් මන ආයේ විභහග වලට පාඩම් කරන්නේ නෑ මොකද A/L වල වගේ පිස්සු කෙලින්නේ නැතුව හිතට අරන් පාඩම් කරලා ලිව්වේ.අනික අපේ සෙට් 1ම හැම අවුරුද්දෙම පොසොන් පෝයට අසාවෙන් සෙට් වෙන "සිතුල් පව්වේ මහා බත් දන්සලට" යන්න උනෙත් නෑ.මේ සුද්දගේ විභාහගයක් නිසා.අපේ කට්ටියටත් අවුල් මේ පාර  යන්න උනේ නැති එකට.(සෙට් 1ට ගොඩාක් අවුල් උනේ බිසෝ කොටුව(දන්නෝ දනිති )බලන්න බැරි වෙන නිසා.)කමක් නෑ ලබන සැරේ යනවා කියල හිත හදා ගත්තා.මේක ඉවර උන කියල මතක වෙනකොට හිතට පුදුම නිදහසක් දැනෙන්නේ.මං බයිලා කිව්වට exam ඉවර වෙනකන් බ්ලොග් 1ට  එන්නේ නෑ කියල මට එක කියන්න බැරි උනා නේ ;).මං ඇවිත් පොස්ට් 1 ක් හදිස්සියේ දාල ගිය නේ.
                                හුග කාලෙකින් පොස්ට් ක් දැම්මේ නැති නිසා මට හිතුනා පොස්ට් 1ක් දාන්න.පහුගිය දවස් වල email බැලුවේ නෑ නේ ඉතින් inbox 1 email වලින් පිරිලා ගිහින් ඒවගෙන් එකක් තිබ්බ පොස්ට් කරන්න හිතුවේ.මේක කලින් අහපු අයත් ඇති බලපු නැති අයට බලන්නත් එක්ක මං මේක පොස්ට් කරනවා.



දවසක්  දා වැවු බැම්මේ
 සුස්තියක්‌ උරනා විට
දිය මත පාවෙන බුජුවක් 
මා නෙත ගැටුනා

සරම ලිහා ගොඩින් තියා
අමුඩේ ගහන් බැහැල වැවට 
පීනාගෙන බුජුම ලගට 
මං ලගා උනා

පෙනුමෙන් ඇන්ටික් ගතියක්
මලකඩ බැදී කළු පැයත්
අතරින් විහිදුන දිස්නෙට 
මං වසඟ උනා.!!

බුජුමේ  බර වැඩි නිසාම
ලිස්සන  ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගහගෙන 
ගොඩට පිහිනුවා

දියෙන් ගොඩට ආ හැටියේම 
"බුජුමේ තියෙන්නේ මොනවාද?"
කුතුහලයෙන්  තෙරපුණු මම
එය විවර කළා

මුඩිය ගැලවුන සැනින්ම 
අහස පොලොව ගුගුරාගෙන 
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු උනා

කෙල්ල  බියුටිෆුල් නිසාම
මම අමුඩේ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැගවී ගත්තා

"අනේ ආලෝ ගොඩට එන්න
මම  නෑ මොකවත් හිතන්නේ 
යු ආර් මයි  හීරෝ නේ"
කෙල්ල කියනවා

ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලෙක් විලසින් 
මම ගොඩට ආවා

"යක්ෂයකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිරවුනා නේ
ඔයා මාව බෙරුවනේ"
කෙල්ල කියනවා 

"මා බේරා ගත් නිසාම 
ඔයා හරි කියුට්‌ හින්දම
උම්මා එකක් දෙන්න හිතයි!"
කෙල්ල කියනවා

සම්මජ්ජතියක මාව
කෙල්ලෙක් නම් ඉඹල නෑනේ
එහෙවු එකේ මටත් මේක 
පල්ලමක් වුනා

උම්මා එකට රේඩි වෙන්නට 
දත කට මැද ගත්තා මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලගට 
යාත්‍රා කළා

මාස් මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගේ සියොලග ඉඹිමින් ඈ
මා ඔකඳ කළා!

දෙන දෙයියෝ දෙනකොට නම් 
ටොකු ඇන ඇන දෙනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක්  ලැබුනා

ඒ වගේ රට ආතල් නම්
මම කිසි දිනක විඳලා නෑනේ
අනේ ඉතින් කෙල්ල මාව 
අපහරණේ කලා!

හිත සතුටින්,ඇගේ අතින් 
අපහරණය වන අතරේ 
බඩට වැදුන තඩි සොටකින් 
මම අවදි උනා

ඇඩ්ඩින් මාමගේ එළු දෙන
මගේ මුණ ලෙව කනවා
තව එළු රංචුවක් මදෙස
 බලා සිටිනවා

මල්  උරලා වැඩි වීලා
වැවු  බන්ටෙක මත නිදලා
මම ලොකු හීනයක්‌ දැකපු 
බව හැගී ගියා

එදා පටන් අද වන තුරු 
නෑ  මම මල් දුම් ඉරුවේ 
දැන් මම මල් දකින කොටත් 
වමනේ කරනවා


ප.ලි: බුජුම යනු ගුරුලේත්තුවක් බඳු මෙව්වා එකකි





14 comments:

  1. කෙල්ලො නානවා බලන්න බැරි උන එක ගැන ද දුක බොල ..................
    දන්සල දෙන්න බැරි උන එක නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. අනේ බොල තෙජියේ මට බලන්න ගෑනියෙක් ඉන්නවා :P
      ඒක නිසා ගෑනු නානවා බලන්න සිතුල්පව්වේ යන්න ඕනේ නෑ.... :@

      Delete
  2. මහත්තයෝ පසුබිම කළුපාට වැඩිනිසා කියවන්න අමාරැයි.මොනවා හරි කරන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උපදෙසට අනිවා මං ඒක වෙනස් කරන්නම්

      Delete
  3. හික්ස්ස්.. අයියෝ සල්ලි!!!

    හොද වැඩේ මල් එපා වෙන්නම වුනු වැඩේට..:p

    ප.ලි- මඩයා මේක සින්ඩි වලට දාලාද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේක අත්දැකීමක් නෙමේ ;)

      ඔව් මං සින්ඩි වලට දාලා තියෙන්නේ

      Delete
  4. kellek hinda hari eluwek hinda hari mal epa wechcha ekka nam hodai.

    ReplyDelete
    Replies
    1. මෙය මාගේ පෞද්ගලික අත්දැකීමක් නොවන බව කාරුණිකව සලකන්න ...! ;);)

      Delete
  5. kellek hinda hari eluwek hinda hari mal epa wechcha ekka nam hodai.

    ReplyDelete
  6. කතෘ අයිතිය සුරකින්න http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. කතෘ කවුද කියලා කියන්න දන්නේ නෑ
      මට ලැබුනේ ඊයකින්
      ඒ බව ඉහත සදහන් කර ඇති බව කාරුණිකව සලකන්න

      Delete
  7. මේක සිරා ආතල් ඒක ......

    ReplyDelete
  8. අපි සිතුල්පව්වේ ගිහින් කොරපු පින් අතේ වැඩ දේවල් හැමෝම දන්නවා වගේ...???

    ReplyDelete
    Replies
    1. මං කරපුවා විතරයි දන්නේ උඹල කරපුව දන්නේ නෑ ;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......