Sunday, December 9, 2012

විභහගය නිමවීමේ ප්‍රීතියත් සමග සර්කිට් හන්දියේ මඩයා නිදැල්ලේ.........


                                
බ්ලොග් එක පුරා හිටිය  කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් එලෝලා දාල බ්ලොග් එක ආයේ මගේ අතට ගත්තා.ඒත් ගණිකාවෝ ටික
ඔක්කොම බෝඩිමේ නවත්තගත්තා.මොකද උන් එළවනවට එරෙහිව බෝඩිමේ එවුන් මට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවා.උන් කියනවා නිකන් හම්බ උන සම්පත් නිරපරාදේ නාස්ති කරන එක ජාතික අපරාධයක්ලු.ඉතින් ජාතිය සුරැකීමේ පනත යටතේ මුන් මට විරුද්ධව දෝෂාභියෝග ගෙනාවා.ඉතින් මං ගණිකාවෝ ටික විතරක් තියාගෙන අනිත් ඔක්කොම එලෙව්වා.දැන් ඉතින් ඉස්සරහට දිගට ලියන් යනවා.මොකෝ විභහගය ඉවර උන ප්‍රීතියත් සමග සර්කිට් හන්දියේ මඩයා නිදැල්ලේ.


මට විභාහගෙට wish කල හැමෝටම බොහොම ස්තුතියි.....!!

සොරි වෙන්න ඕනේ පහුගිය පරණ පොස්ට් වලට රිප්ලයි කමෙන්ට් දාන්නත් බැරි උනා.කට්ටියගේ බ්ලොග් පොස්ට් කියවන්න උනෙත් නෑ.පහුගිය දවස් ටිකේ අම්බානෙට විභහගෙට වැඩ කළා.ඒත් ඒ මගුල අමාරුයි අප්පා.
කමක් නෑ විභහග තියෙන්නේ අපිට විතරද?
නෑ...
අමාරුවෙන්නේ අපිට විතරද?
නෑ...
ෆේල් වෙන්නේ අපි විතරද?
නෑ....
මේ විභහග තියෙන්නේ එක පාරද?
නෑ...... 
එහෙම ලේසියෙන් අපි වැටෙන්නේ නෑ ලේසියෙන් වට්ටන්නත්  බෑ සහෝදරවරුනි,
අපි මේවට සැලේන්නෙ නෑ 

කොහොම හරි විභහගේ ඉවරයි නේ දැන් පුල් ආතල් එකේ ඉන්නවා.පහුගිය දවස් වල මඩයගේ ජිවිතේ අලුත් වෙනසකුත් උනා.මඩයාට අලුත් ජොබ් එකක් සෙට් උනා.මේක මං ඉගෙන ගන්න field  එකේ සෙට් උන මුල්ම ජොබ් එක.මේක මං අර උසස් රැකියාවකට ඉල්ලුම් කලෙමි................:) පොස්ට් එකේ සෙට් උනා වගේ එකක් හැබැයි සිග්නල් එලවන්න නෙමේ.tower හදන කම්පැනි එකක්.පලවෙනි අවුරුද්ද ට්‍රේනි ටෙක්නිශියන්.කොහොමත් අපේ field මුල් කාලේ කොහොමත් කට්ට නේ.ඉන්ටවිව් එකේ අහපු අමාරුම ප්‍රශ්නේ තමා වයර් එකකට හොල්ඩරයක් සෙට් කරන්න දන්නවද කියන එක. ;) අමාරුවෙන් යන්තම් ඒකට උත්තර දුන්නා.සදුදා ඉදන් මං වැඩට යනවා,අලුත් ජිවිතයක් පටන් ගන්නවා.අපිත් ගොඩයාමක් තියෙන්න එපැයි,හැමදාම දෙමාපියන්ට බර දෙන්න බෑ නේ .ඒ අතරේ ඉඩතියෙන විදිහට බ්ලොග් ලියනවා කියවනවා ඔක්කොම කරනවා.මට ජය වේවා හොදේ.......!

ප.ලි :මගේ උසස් රැකියාව ගැන අවතාර් බ්ලොග් එකට ඇන්ද චිත්‍රයක් මං උගේ බ්ලොග් එකෙන් උස්සලා දැම්මා.මේ තියෙන්නේ ඒ පොස්ට් එක

51 comments:

  1. අඩේ එල එල මඩයාගේ නැවතාගමනය! ලෙසටම ලියමු ඈ! අලුත් ජොබ් එකට බොක්කෙන්ම ඔන්න මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං නාඩි....!

      Delete
  2. අඩේ එළනේ අයියන්ඩි දාන්න පහක්. සුභද මොකක්ද පැතුම් කිව්වා විභාගෙට. අලුත් ජොබට නම් උණුසුම් සුභපැතුම්. ඔය නවත්තාගත්තයි කියපු උන් ගැන මම උඹට විරුද්දව මානව හිමිකම් මෙව්වා එකක් ගේනවා දැනගනින් කිව්වා. හිකිස්..... ටෙලි කොමියුනිකේෂන් කියන්නේ අම්බා කට්ටක් කන්න වෙන ජොබක්. මමත් ආව මුල් අවුරුද්දේ කාව සෑහෙන්න කටු. තාම කනවා වෙනස පොඩ්ඩක් පොස්ට් එක වෙනස් වෙලා ඉන්ජෙක් විදියට. ජයවේව කිව්වා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. පහක් මොකටද මෙන්න දාන්න දහයක්ම.බොහොම ස්තුතියි මචං කෝරලේ ලොක්කා.අඃ මං නෙමේ උන්ව නවත්තගත්තේ.අපේ බෝඩිමේ අනිත් එවුන් ;)
      ඔව් අප්පා ඒක ඇත්ත කමක් නෑ දැන් කට්ට කාලා පස්සේ සැප විදිනවා :)

      Delete
  3. මඩයට හොඳ කට්ටක් කන්න ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... උඹ කටු නොකා අපිට හොඳ පෝස්ට් එකක් වත් කියවන්න හමුබවෙන්නේ නෑ නේ...

    විභාගෙ පාස් වෙයි.. උඹ දැං විභාගේ අමතක කරලා දැම්මනං හරි... හි හි..

    ReplyDelete
    Replies
    1. එල එල අක්කේ මං හොද කටු පොස්ට් දෙක තුනක් ලියන්නම් කෝ :)
      අපොයි ඔව් මං ඒවා අමතක කරලා දැම්මා විභහගෙටකලින් මාසේ පරිවාස බාරේ හිටියා වගේ තමා,අනික අක්කේ අපිට විතරද මං අහන්නේ විභහග අමාරු වෙන්නේ ;)

      Delete
  4. හොඳා හොඳා ඒත් මොකක්ද විබාගේ බන්...

    ReplyDelete
    Replies
    1. Telecommunication System Advance Diploma එකේ 1st සෙමෙස්ටර් එකේ exam :)

      Delete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජෝ .....!!
      ජය වේවා......!!!!!

      Delete
  6. අළුත් රැකියාවට සුබ පැතුම්!

    ReplyDelete
  7. මොක කලත්, සුභ පතමි !

    :)

    ReplyDelete
  8. සුබ පැතුම් මඩයෝ........!

    කටු නොකා කරන ජොබ් නෑනෙ අනේ..ඔන්න ඔහේ කට්ට කාලා ඇවිත් අපිත් එක්ක විස්තර කියන්නකෝ... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළිහිණි අක්කේ...!
      එල එල මං හොදට කට්ට කාලා ඔයාලට හොදට කතා ටිකක් හොයන් එන්නම් කෝ :)

      Delete
  9. මඩේ ඔන්න මගෙනුත් සුබ පැතුම්.ජොබක් සෙට් වෙචිච එක නම් නියමයි. මේ ඒ වුණාට සැට් එක පරිස්සං කොරගනිං.කුලුනුවල සැට් එකට හොද නැති කිරණද මොනවද තියනවලුනේ. නැත්තං නවත්තගත්ත ගනිකාවෝ ටිකට තමා හුලං
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියේ....!
      අපොයි ඔව් එක පරිස්සම් කරගන්න ඕනෙ මොකද අපේ පරපුර පවත්වාගෙන යාමේ බර අපේ පොඩි එකාට තනියම කරටගන්න දෙන්න බෑ නෙ ;)
      අපිව කුළුණු උඩ නගන්නේ නෑ කිව්වා,ඒත් මගේ තියෙන උණ සනීපකරගන්නත් එක්ක ලොකු එකකට නගින්න ඕනෙ :)

      Delete
  10. ඔන්න මඩයෝ අපෙනුත් උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  11. අඩේ මගේ සුබපැතුම් ඈ....

    ReplyDelete
  12. ඔය කණු හයි කරන තැන ඉන්නවා කළු කොණ්ඩේ කැරලි ගැහුන ඉංජිනේරු මහත්තයෙක්... පරිස්සමින් වැඩ කරන්න...
    අයියා කියලා බලන්නෙ නැතුව ඒකා මටත් බණිනවා... හැබැයි වැඩ දන්න එවුන්ට නං මාර ආදරෙයි... වැඩ පෙන්නුවොත් ඕන දෙයක් කරයි...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම වැඩ පෙන්නලා හොද ඩයල් එකක් වෙනවා මං :)

      Delete
  13. අඩේ උබදෑ සර්කිට් හන්දියේ මඩයා කියන්නේ. මම දන්නෙත් අදමයි.
    සුබ පැතුම් මඩයෝ. තාම පොඩි කොල්ලෙක් නෙව :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ මං තමයි ;)
      ස්තුතියි මධුරංග ....!
      අපොයි ඔව් තාම 23 ලැබුවා විතරයි...;)

      Delete
  14. අයියණ්ඩියා සුබ පැතුම් ඔයාට!!...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ශම්මි නංගා....!

      Delete
  15. ආ... මඩයා.................. සුභ පැතුම් ආ........... හොද කට්ටක් කන්න ලැබේවා!!! :p

    ReplyDelete
    Replies
    1. එල එල ඔයාල කියන නිසා මං හොදට කට්ට කන්නම් කෝ ;)
      ස්තුතියි හිතුවක්කාරී...!

      Delete
  16. එල එල මඩයෝ...අලුත් ජොබ ලෙසටම කරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ආගමනයටත් සුභ පතනවා..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං සිතුම්....!

      Delete
  17. හැමදේම සුභ වෙන්න කියා පතමි... කොයි දේත් මුලින් කට්ට...ඒ නිසා මුල් අවධිය කොහොම හරි කාගෙන ඉදපන්... ජය !

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සිරා...කට්ට කෑවොත් හොද තැනකට යන්න පුළුවන් අපේ field එකේ එක නිසා මැරිලා තියෙන දේවල් ඉගෙනගන්න ඕනේ :)
      ස්තුතියි සුභපැතුමට....!

      Delete
  18. නියමයිනේ මඩයා. මගේ උණුසුම් සුබ පැතුම් අලුත් ජොබට.

    බ්ලොග් එකේ සල්ලාලයොයි ගණිකාවොයිත් හිටියා, ඈ?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඩුඩ් අයියේ.....!
      ඕව් නේ අප්පා මං ආපු නැති දවස් ටිකේ උන් මේක අල්ලාගෙන මං ආයේ ඇවිත් ඔක්කොම එලෝලා දැම්මා ;)

      Delete
  19. ජය වේවා මචෝ...දිගටම ලියපන් අපි බලනවා

    ReplyDelete
    Replies
    1. මේ අර ගණිකාවෝ ටික තාමත් බෝඩිමේද බං...

      Delete
    2. තෑන්ක් යු මචං...!!
      උන් ටික ඊයේ පෙරේදා මෙහෙන් යැවුවා :)

      Delete
  20. මෙන්න මේකා මගෙන් එකක් උස්සලෝ අම්මපා මම ඇෆ්බී අයි එකට දෙනවා උඹේ අයිපී එක .
    උඹ වගේම තමා මචන් මමත් විබාගේ අබාගෙට ගිහින් ආවේ මාසෙකට පස්සේ .එහෙනං ලිවිල්ල පටාාාාාාාාාාාාන් ගමු

    ReplyDelete
    Replies
    1. අඃ ඒවා ඔට්ටු නෑ මං කියලා ඇති ඒ පොස්ට් එක ගැන.
      එල එල ජය වේවා....!

      Delete
  21. නියමයි නියමයි :)

    ReplyDelete
  22. ඔන්න මාත් ගොඩ වැදුනා

    ReplyDelete
    Replies
    1. සාදරෙන් ආදරෙන් පිළිගන්නෝ මේ පැත්තට ....!
      දිගට එන්න :)

      Delete
  23. සුබපැතුම් අළුත් ජොබ් එකට. තමන් ඉගෙනගත්ත ක්ෂේත්‍රෙය් රැකියාවක් හම්බ වෙන්නේ 1%කට විතරයි. ඒ නිසා මඩයා වාසනාවන්තයි. දැන් වැඩේ හරියට කරගන්නයි තියෙන්නේ. ඔන්න ජනවාරි 27 වෙනිදාට ගම්පහ මල්වත්ත පැත්තෙ එන්න ඕන හොදේ... ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ප්‍රදීප් අයියේ...!
      ඕව් වැඩ ටික පිළිවෙලට කරගන්න ඕනේ...:)

      Delete
  24. ජොබ් එකේ කට්ට මිහිරියැයි සිතන්න..)))
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලෝ කියන තරම් කට්ටක් නෑ වගේ මට තේරෙන්නේ,අවුලක් නෑ කට්ට කාල ඉගෙන ගන්න ඕනේ දේවල් ඉගෙන ගන්න ඕනේ :)

      Delete
  25. අළුත් රැකියාවට සුභ පැතුම් මඩයෝ..... :)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......