Friday, February 1, 2013

මෙහෙව් අම්මලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



ගොඩාක් වෙලාවට බස් එකට  නැගපු ගමන් සිට් එකක් හොයන් වාඩි වෙන්නේ මාලඹේටම යන්න තියෙන නිසාත් ඒ යන අතරේ බුකිය පැත්තටත් බ්ලොග් ලෝකේ පැත්තටත් ගොඩ වෙන්න පුළුවන් නිසයි.බස් ඒක කියන්නේ හරි අමුතු තැනක් එතැනදී අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.සමහර ඒවා දැක්කම කලකිරෙනවා.එකමයි බස් එකට නැග්ග ගමන් මං වාඩි වෙලා ෆෝන් එක ඇතුලට මුණ ඔබා ගන්නේ.මං පහුගිය අගහරුවාදත් සුපුරුදු පරිදි බොරැල්ලෙන් බැහැලා එතන තිබ්බ 190 CTB  බස් එකට නැග්ගා ඔෆිස් යන්න.


මං ෆෝන් එකේ අතරමං වෙලා ඉන්න අතරේ ඔලුව පොඩ්ඩක් ඉස්සුවේ පහලටම නවන් ඉදලාම බෙල්ල රිදෙන නිසයි.ඒ ඔලුව උස්සන අතරේ මගේ ඇස් වලට එකපාරට කෙලි පැංචියෙක් අහු උනා ආයේ පාරක් බැලුවේ කවුද මේ කියලා බලන්න,හත්දෙයියනේ!!!! මගේ ඇස් රැවටිලා මං දැකලා තියෙන්නේ මහ එකියක් වගේ ඇද ගත්ත චුටි එකියක් .ඒ කෙල්ලට වයස 11 විතර ඇති.ඒ ළමයා මං වාඩි වෙලා හිටිය තැන පහු කරන් ගියා විතරයි ඒ ක්‍ෂනිකයෙන් ඒ ළමයාගේ පිටි පස්සේ ආපු ඇන්ටි ඇවිත් මගේ කර උඩින් එයාගේ කද,බඩ ගෙනත් තියලා එයාගේ නෙමේ වගේ ඉන්නවා ඒ මදිවට ඇන්ටිගේ තංගල්ල බැංකු ශාඛාව මගේ කණ ඉඹිනවා.

මට මේක වදයක්.ඒ මදිවට ඒ ඇන්ටි පොඩි එකාට බයිනවා

"ඇයි මා ලගට ආවේ??"

"ඔයා තාත්තා ලග ඉන්න එපැයි" කියලා

පොඩි එකාව ලග තියං හිටියේ ළමයා එයාගේ නෙමේ වගේ.අම්මා වෙනම දෝණි වෙනම.දෝණි පොඩ්ඩක් එහෙට උනාට පස්සේ ඇන්ටි මට හේත්තු වේගෙන ඉන්න ගමන්ම ගත්තා එයාගේ අතේ තිබ්බ ෆෝන් එක එක අරන් මගේ ඇස ඉස්සරහට තියන්ම ඩයල් කළා එටිසලාට් නම්බර් එකක්.මං බයෙ හිටියේ ඒ මනුස්සයා කර උඩ නැගලා හිටියා මදිවට ෆෝන් එකෙනුත් දමලා මගේ ඇහැට අරිවී කියලා.

"හෙලෝ මේ මං කතා කරන්නේ "

"අද මං ගන්නකන් මට ගන්න එපා"

"අද මහත්තයත් ආවා මා එක්ක."

ඒ කෙටි සංවාදේ එතනින් ඉවරයි,ටිකකින් කෙලි පැංචි මාවත් පහු කරන් එයාගේ අම්මවත් පහු කරන් පිටි පස්සට යන්න හැදුවේ එයා එතන අම්මා ලග හිටියත් අම්මගෙන් කිසි රැකවරණයක් එයාට නැති නිසයි.

"ඇයි පුතේ ඔයා යන්නේ??"

"අම්මා ලග ඉන්න පැටියෝ"

"නෑ අම්මේ මං තාත්තා ලගට යන්නම්!!!!!!!!!!"

"හා එහෙනම් ඔයා යන්නකෝ."

ඒ ගැනු දරුවා එයාගේ තාත්තගේ උණුසුම ආදරේ හොයන් තත්තා ලගට ගියාට පස්සේ එටිසලාට් නම්බරෙකින් ඇන්ටිට කෝල් එකක් එනවා.

"අද මහත්තයා මා එක්ක එනවා කිව්වා"

"එයා ආවොත් ඔක්කොම අවුල් වෙනවා"

"මං ගිහින් කියන්නම් ඔයාට එයා අපි එක්ක එනවද කියලා"

"අනේ ඒක නිසා මං ගන්නකන් අද කෝල් ගන්න එපා මහතත්යා නැත්නම් බලාවි මොකද කියලා."


ඇන්ටිගේ සරුවාන්ගේ බර ඔක්කොම නොදැනී ගිහිලා මගේ හිත පුරා පිරිලා ගියේ අනේ මෙහෙව් අම්මලා!!!!!!!! කියන  වචන දෙකන්

ප.ලි: අම්මලා මෙහෙම වේ* කමේ යන්න ගත්තාම එක තාත්තට සහ දරුවන්ට කරන පට්ට කුහක වැඩක්.

ප.ප.ලි : ජොබ් එකට යන නිසා දැන් පට්ට බිසී,මොකද රෑ ඇවිත් බ්ලොග් කියවන්න නෙට් එන්නේ නෑ මං රෑට ඇවිත් පාඩම් කරනවා.දැන්ම කරේ නැත්නම් විභාගේ කිට්ටු කරලා මට හොද නැටුම් නටන්න වෙනවා විභාගේ ගොඩ දාන්න.අන්න එක නිසා කට්ටිය මට සමාව දෙන්න.මං බස් එකේ යද්දී සහ ඔෆිස් එකේ ඉදන් සයිට් එකට යද්දී ඒ අතරේ කරන්නේ බ්ලොග් කියවන එක,ඉතිං පුලුපුලුවන් විදිහට කියවලා ෆෝන් එකෙන්ම කමෙන්ට් කරනවා.

42 comments:

  1. හ්ම්.......... අනේ මංදා... ඇත්තම සිද්ධීයක්ද මේ...?
    මම බුක් ශොප් එකේ වැඩ කරන කාලෙ එක ලේඩි කෙනෙක් තවත් කෙනෙක්ට කියනව ඇහුණ, “මටත් හොඳ ලස්සන කොල්ලෙක් හොයල දෙන්නකො“ කියලා.
    මෙහෙව් මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. සසර එපා වෙනවා. ඒත් එපා කරගෙනත් බැහැ. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මේක ඇත්තම සිද්ධියක්
      කලකිරෙනවා දැක්කාම
      දෙමවුපියෝ දරුවන්ට ආදර්ශවත් වෙන්න එපැයි :/

      Delete
  2. අන්තිමට දරුවොත් වැරදි පාරෙ යන එකයි වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සිරාවට පවු අයියේ ඒ පොඩි එකී

      Delete
  3. සල්ලි බලය කාමය පස්සෙ යන කවුරුත් එකයි..
    ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ...
    ඒත් උන්ගෙන් ජාතක වුණ පරපුරට උන් කරන හානිය හැමදාටම ජාතක වුණ පරපුරට මතක තියෙයි...
    ඉතින් කවුරු කවුරුත් ඔවා වලින් පාඩමක් ඉගෙන ගන්න ඔනා....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං උන්ට මොළ නෑ.අනික ගෙදර මිනිහා ඉද්දි තවත් මිනිහෙක් මොකටද??

      Delete
  4. සංසාරෙක හැටි තමා...ඒව ඒ විදියට වෙන්නේ ඇයි කියන එක අපට හිතන්න බැරි වුණත් මේ දේවල් ලෝකයාට නැසෙන්නවත් කරන්න බැරි හැටි.....

    ReplyDelete
    Replies
    1. අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ අයියේ.හරිම දේ තමා අපි හරියට ඉන්න එක :)

      Delete
  5. ඇත්තටම මේ සමාජය දැන් හදන්න බෑ... අපේ ඉස්ස්‍ර තිබුන සංස්කෘතිය දඇන් නෑ... දැන් බටහිර පන්නෙට අපේ රට යනව... ඒක නැවත්තන්න බෑ... තමන්ගෙ ආගම මොකද්ද, ජාතිය මොකද්ද කියලවත් උන් දන්නෙ නෑ.... හැම කෙනාටම ප්‍රශ්න ප්‍රශ්න... මට හිතෙන්නෙ මේක මුල් වෙලා තියෙන්නෙ අග හිග කමද?? නැත්තම් මිනිස්සු සල්ලි මත්තෙ නැහෙන නිසාද?? මට තේරෙන විදියට සල්ලි තමයි මුල....

    ReplyDelete
    Replies
    1. සල්ලි නැහැයි කියලා වෙන එකෙක් එක්ක ජෝගි නටලා හරියනවද??
      අනික ලමයටයි ස්වාමි පුරුෂයටයි කොච්චර කුහක වැඩක් ද ඒ මනුස්සයා කරන්නේ

      Delete
  6. අනේ මෙහෙව් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. දුකයි අයියේ සමාජේ ගැන :(

      Delete
  7. හ්ම්...මේ වගේ සිදුවීම් බස් වල යද්දි මටත් ඇහිලා තියෙනවා..ඒ වෙලාවට ඉතිං මටත් හිතිලා තියෙනවා තුක්..මේ වගේ අම්මලත් ඉන්නවානේ කියලා...දරුවොත් නොමඟ යන්නෙ මෙහෙව් අම්මලා ඉද්දි තමයි...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ උදවිය මවු පදවියට ගැලපෙන්නේ නෑ.උන් මවු කෙනෙක් නොවී නගර සොභනි ලා වුනා නම් හරි

      Delete
  8. ඔව්න්ට අම්මල කියන්ට බෑබොල.
    අනේ මෙහෙමත් ගෑනු කියමු

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක ඇත්ත මේ වගේ ගෑනු මවු පදවියට හරියන්නේ නෑ එකේ ගෞරවේ කෙළෙසනවා

      Delete
  9. ඊයෙත් ආවා,අදත් ආවා,ඒත් මේ දෙපාරම ඇවිල්ලා හිතට ආපු ඒවා ක්මේන්ට් කොරන්න බෑ අයියණ්ඩියා,,මම යනවා..

    අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්තනා කරනවා...!!

    ReplyDelete
    Replies
    1. පොඩි කෙල්ල ගැනවත් හිතන්න තිබ්බා අප්පා :(

      බොහොම ස්තුතියි නංගා......!!!

      Delete
  10. හ්ම්ම්ම්....අන්තිමට අසරණ වෙන්නේ අහිංසක ළමයි....

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං
      මහා පවුකාර වැඩ.

      Delete
  11. හෆ්ෆෝ.... අනේ මංදා.... කලකිරෙනවා මේවා කියෙව්වාම :(

    ReplyDelete
    Replies
    1. අම්බනෙට කලකිරිලා තමා මේක ලිව්වෙත්

      Delete
  12. සමාජේ ඔහොම ඈයොත් ඉන්න එපැයි බන් :)

    ReplyDelete
    Replies
    1. අභිසාරිකාවන් විතරක් හිටියට මදිද???

      Delete
  13. උඹ ඕවා ගැන හිතන්න එපා. අපේ රටේ හොරා කෑම පිළිබඳ වෙනම සාහිත්‍යයකුත් තියෙනවා.

    උඹේ විභාගෙ උපරිමෙන් කරගන්න බලාපං.

    ReplyDelete
    Replies
    1. හා හා හොරා කෑම ;)
      ස්තුතියි ඩුඩ් අයියේ......!!!

      Delete
  14. ඕක නොහිත හිටියනං උ‌ෙඹ් හිතට හොදයි.. 100%ක් දන්නේ නැති දෙයක් නේ අනිත් එක... ඕවා තියෙනවා තමයි... පේනවාත් තමයි...

    ඒත් අඩු ගානේ උඹලා වත් මෙහෙම හිතනවා කියලා පේනකොට අපේ ආනාගත පරපුර ඒ තරමටම නරක නෑ කියලා දැනෙනවා.. ඒක ලොකු සැනසීමක්...

    ReplyDelete
    Replies
    1. අපි අක්කේ හොද කොල්ලෝ නෙ
      ඒක නිසා අනාගතේ ගැන බය වෙන්න දෙයක් නෑ :)

      Delete
  15. යකෝ 190 අපේ පාරනේ. මඩයත් ඉන්නේ ඒ කිට්ටුවද? ඔයවගේ අම්මල පොල්පිත්තෙන් 100ක් කපන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මං ඔෆිස් යන්නේ ඒ පැත්තෙන් බං.

      Delete
  16. ෂික්..ඕව ඇහැව්වම ජීවිතය පිලිබඳ මාර කලකිරීමක් හිතට එන්නෙ..!

    ReplyDelete
    Replies
    1. තව එකක්...වයසට ගියාම ඕං කියනව ..ලමයි සලකන්නෙ නෑලු..!

      Delete
    2. අම්මලා හරියට හිටියේ නැති උනාම ළමයි අම්මලට සලකයි යෑ

      Delete
  17. හ්ම්ම්...මේක දැන් සාමාන්‍යකරණය වෙච්ච දෙයක් වෙලා බං! මොකද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. දැන් ෆැෂන් එකක් වගේ වෙලා එක

      Delete
  18. Anthimata dikkasada wenta giyahama kiyanne miniha salakanne ne kiyala..pirimi paw karala thiyenawa mehew geenu labanta..

    ReplyDelete
    Replies
    1. siravata pavu kaarayekta thamaa ehema gaanu set venne
      e vagema lamayinuth pavu kaarayi hoda ammek nolabanna tharam

      Delete
  19. ඒ ඇන්ටිගේ නොම්බරේ එවපන්කෝ මට! මම කියලා දෙන්නං

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කමක් නැතෙයි??
      තොට දුන්නාම මට මොකද්ද ??

      Delete
  20. හ්ම්ම්... අනේ මන්දා.... රටේ ලෝකේ මේ වගේ සිද්ධි අනන්තවත් වෙනවා දැන්.... අනේ මෙහෙමත් අම්මල කියලා කියන්න තමා වෙලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ කරුමේ අප්පා :(

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......