.jpg)
එදා ඒ කාමරේ ඔක්කොම මං වගේම අලුත් ලෝක හදාගෙන අලුත් බලාපොරොත්තු තියාගෙන කොළඹ ආව එවුන්.එදා කාමරේ තිබ්බ සුවද මට තාමත් දැනෙනවා.කබඩ්,රැක්,මෙට්ට,මදුරු දැල් මේ ඔක්කොම අලුත් ඒ අලුත් සුවදෙන් මුළු කාමරේම පිරිලා තිබ්බේ.ඒ ඔක්කොම වගේම හිටපු ඔක්කොගෙම හිත් වල තිබ්බෙත් අලුත් බලාපොරොත්තු,අලුත් යාලුවෝ හම්බ වෙලා කට්ටිය අමුතුම ලෝකෙක තනි වෙලා හිටියේ.
නවවෙනිදා උදේ පාන්දර අම්මලා ගෙදර යන්න කලින් ඉස්කෝලෙට ඇවිත් තිබ්බා.උදේ නිසා ඒ ගොල්ලොන්ට ඇතුලට එන්න දීලා තිබ්බේ නැති නිසා මට ගේට්ටුව ලගට එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බා.මං ගිහිල්ලා අම්මලා හම්බෙලා ආවා.ඒ ගොල්ලෝ එද්දී මට අලුත් උණුවතුර බෝතලේකුත් ගෙනත් තිබ්බා.මට ඒවා හරි අමුතුයි මොකද අපේ ගෙදරටම තිබ්බේ උණුවතුර බෝතල් දෙකයි.ඒකත් එකක් ගෙදර පාවිච්චියට අනිත් එක හේනේ වැඩ කරන කට්ටියට තේ ගෙනියන්න.අනේ මන්දා කලින් දවසේ දුකක් දැනුනේ නැති උනාට අම්මටයි තාත්තටයි වැදලා ආයේ හොස්ටල් එකට යද්දී තමා මට දැනෙන්න ගත්තේ,මගේ උගුර හිරවෙලා යද්දී තමා ඒ ඇයි කියලා තේරුනේ.එදා ඇඩුවේ නෑ ඒත් අර උගුර හිරවිගෙන ඒ දැනුන ඒ හැගීම ජීවිතේටම අමතක නොවෙන හැගීම් වලින් එකක් තමා.අපේ ජීවිතේ කොච්චර කල් ගියත් අපිට අමතක නොවෙන හැගීම් වෙලාවල් සුවඳ වල් තියෙනවා.එහෙම මට තියෙන ඒවගෙන් වැඩියම දැනෙන ඒවා තියෙන්නේ හොස්ටල් ජීවිතේ පටන් ගත්ත මුල් කාලේ දැනිච්ච හැගිච්ච ඒවා.
![]() |
මේකේ යට තට්ටුවේ තමා අපි හය වසරේදී හිටියේ. |
වලින් අලුත් යාලුවෝ ගොඩයි,ඒ වගේම සමහර උන්ගේ භාෂාවත් ටිකක් වෙනත් එක එක ප්‍රදේශීය භාෂා වලට හුරු වෙන්න සිද්ධ උනා.අපි හෙමිහිට හෙමිහිට ඒ අලුත් ජිවිතේට පුරුදු උනා.අලුත් යාලුවෝ හුරු වෙන්න ගත්තා.හොස්ටල් එකේ වගේම ඉස්කෝලෙත් යාලුවෝ කට්ටියක් සෙට් වෙන්න ගත්තා.
ඉස්සර අපේ ඉස්කෝලේ 7.25 ට පටන් ගන්න නිසා අපි කොහොමත් 7 වෙද්දී පන්ති වලට යවනවා.ඉස්කෝලේ හැමදාම බුදුන් වදින්න කලින් හැමදාම උදේට සින්දු දානවා සින්දු දාන්න පටන් ගන්නේ 6.30 ට විතර.අපි පන්තියට ගිහින් බෑග් තියලා එළියේ උදෑසන රැස්වීමට එනවා බුදුන් වදින්න,ඔතන එපා වෙනම වැඩේ තමා අම්මා ගැන එහෙම සින්දු යද්දී අපේ හොස්ටල් එවුන් අඩන්න පටන් ගන්න එක.හැම එකාම නැති වුනාට එකෙක් දෙන්නෙක් හරි අනිවා අඩනවා.උන් අඩනවා දකිද්දී අපටත් පට්ට දුකයි ගෙදරත් මතක් වෙනවා.උන්ට එහෙම වෙන්න ප්‍රධාන හේතුව පෝලිමට ආවට පස්සේ කතා කරන්න බෑ නේ එතකොට හිතන්න පටන් ගන්නවා,පොඩි උන්ට ඒ කාලේ හිතන්න වැඩිය දේවල් නැති නිසා අනිවා ගෙදර ගැන තමා හිතන්නේ ඒ එක්කම මවු ගුණ සිංදුවකුත් යද්දී තනිකම දෙගුණ තෙගුණ වෙලා දැනිලා දුක හිතෙනවා,හැම එකාම ඇඩුවේ නැති උනාට හොස්ටල් හිටපු ඕනේ එකෙක්ට ඒ මුල් කාලේ ඒ මොහොතේ දැනුන තනිකම පාළුව කාන්සිය හිතට දැනිලා තියෙන්න ඕනේ.කිසිම එකෙක් ඒකට නෑ කියන්නේ නෑ .මේක කියවන මා එක්කම මගේම හොස්ටල් එකේ හිටපු උන් දන්නවා ඒ අත්දැකීම ගැන.ඒ වගේම ලංකාව වටේම හොස්ටල් වල හිටිය කොල්ලෝ කෙල්ලෝ මේ අත්දැකීම විදලා ඇති අනිවාර්යයෙන්.
.jpg)
ප.ලි: අදට ගෙදරින් තනිවෙලා ජීවිතේ ගෙවන්න අරන් අවුරුදු 13 ක් වෙනවා.ජිවිතෙන් බාගෙකටත් වඩා ගෙදරින් පිට හිටියේ.ඒක නිසා හිතුනා හොස්ටල් ජීවිතේ ගැන ලියන්න.ඔක්කොම එක පොස්ට් එකේ ලියන්න බැරි නිසා කොටස් වශයෙන් ලියන්නම්.සිරාම ජිවිතයක් ගතකලේ.ඒ ආතල් ජීවිතේ ගැන අත්දැකීම් හෙමින් සැරේ බෙදා ගන්නම්,තව රස කතා ගොඩක් තියෙනවා ඒ හොස්ටල් කතාව ඇතුලේ.තාම පටන් ගත්තා විතරයි.ජය ශ්‍රී......!!!!
![]() |
එනකොට හරිම අහිංසක පස්සේ පට්ටම කුපාඩි වෙච්ච අපේ හොස්ටල් සෙට් එකෙන් බාගයක් |
ඇත්තටම නියමයි... මම හොස්ටල් නම් ඉදල නෑ... නමුත් බෝඩින් ජීවිතයක් ගත කරල තියෙනව මම 6 වසරෙ ඉදිද්දි.. පට්ටම දුකයි... මමත් ලිවුව ඒ ගැන...පොඩ්ඩක් බලපන්...
ReplyDeleteනැවතත් නරකාදියට...
Deleteබෝඩින් ජීවිතෙත් ආතල්.ඒත් හොස්ටල් එකේදී හම්බෙන්නේ ඊට වඩා අමුතුම අත්දැකීමක්.මුල් කාලේ තිත්ත උනාට පස්සේ පස්සේ එක රසයි :)
Deleteඑල කිරි මං බලන්නම් :)
සංවේදි සටහනක්. මටත් වසර කීපයක හොස්ටල් අත්දැකීම් තියෙනවා..
ReplyDeleteමුල් කාලේ කොච්චර එපා උනත් පස්සේ ඒ ජිවිතේට ආස හිතෙනවා
Deleteහොස්ටල් ජීවිතයක් මට තිබිලම නැහැ.. කොටින්ම පාසල් කාලෙ පිට තැනක නිදාගෙන නැති තරම්..
ReplyDelete:))
කතාව කියව්වමයි ඒ ජීවිතේ ආතල් දැනෙන්නේ :ඩී
එහෙනම් ඔන්න මේක කියවලා ඒ අත්දැකීම් ටිකක් ගන්න.ත්‍රාසය භීතිය විනෝදය කැටි වෙච්ච රස හොස්ටල් කතා තව ඉස්සරහට තියෙනෝ :D
Deleteකොල්ලෙක් උනාම ගෙදරින් පිට වෙලා ලබන අත්දැකීම් සෑහෙන්න වටිනව. කරුමෙට මටත් ඒ අත්දැකීම් ලබන්න හම්බවෙලා නෑ.
ReplyDeleteඉතුරු විස්තර ටිකත් ලියහං මල්ලි.
අපෝ මං ඕනෙවටත් වඩා ඒ අත්දැකීම අරං තියෙනවා දැන් :)
Deleteඑල කිරි අය්යේ.එක දිගට නැති උනාට අනිත් කතා අස්සේ හොස්ටල් ජිවිතේ ගැන ලියන්නම්
සැමා වගේ මටත් හොස්ටල් ජීවිතයක් තිබිලම නැහැ.. ලියපන් කොළුවෝ දිගටම... ජයවේවා..
ReplyDeleteකමක් නෑ එකට.හොස්ටල් හිටපු නැති අය එක්ක අත්දැකීම් බෙදා ගන්නත් හිටපු උන්ගේ අතීතේ ආයේ සිහි කරන්නත් එක්ක තමා මේ වගේ පොස්ට් එකක් ලිව්වේ
Deleteඅනිවා දිගටම ලියනවා.
ජය වේවා.....!!!
ඉස්කෝලේ එහා වත්තේ වෙච්චි හොස්ටල් ඉන්න මංතුමාට හම්බුනේ නෑ.. හොස්ටල් ඉන්න උනේ කැම්පස් මංගැච්චුවට පස්සේ. අම්මලා කොච්චර බෝඩින් වල ඉන්න කතා කලත් මට ඕනේ උනේ හොස්ටල් එකේ ඉන්න. ඒ කට්ට කන්න. ඔය තනිකම කියන එකනම් ගජරාමෙට දැනෙනවා බං වෙලාවකට...
ReplyDeleteහොස්ටල් ජිවිතේ ආතල් බං,ගෙදරින් ඈත්වෙලා ඉන්න උනාට මං සතුටු වෙනවා හොස්ටල් ජිවිතයක් මට ලැබිච්ච එක ගැන,අඩෝ පොඩි කාලේ තමා තනිකම අම්බානෙට දැනුනේ,ලොකු වෙද්දී නම් ටිකක් ශේප් :)
Deleteහොස්ටල් ජීවිතේ සුන්දරයි.. ඒ වගේම කටුකයි !
ReplyDeleteමම නම් හොස්ටල් ගියොත් ගියාමයි ආයේ මාසයකට දෙකකට එන්නෙම නෑ :)
අඩේ මඩයා 2001 ද ඉස්කෝලේ ගියේ... ? පොඩි කොල්ලෙක් නෙව :)
ඒ කට්ටේත් අමුතුම ලල් එකක් තියෙනවා :)
Deleteඅපොයි අපිත් ලොකු වෙද්දී එහෙම තමා එලෙව්වත් ගෙදර යන්නේ නෑ :D
2001 දී තමා 6 වසරට ආවේ
තවත් අනද තරුවක් නේද ?
ReplyDeleteගියේ නැද්ද පහුගිය ජනවාරි 11 වෙනිදා
තිබුණු සුළු හමුවට
හැකිනම් කියමුකෝ
ඔබේ වග තුග සමග ඉ ලිපිනය
කැමතියි දැන හදුන ගන්නට
11 යන්න නිවාඩු තිබ්බේ නෑ අප්පා.
Deleteසතුටුයි අපේ හොස්ටල් එකේ එකෙක් මේකෙන් හම්බ උන එක ගැන,ඇනෝ කවුද කියලා ඊයක් එවන්නකො බලන්න
yroxac@yahoo.com
මමත් හොස්ටල් එකේ ඉඳලා නෑ ඉස්කෝලේ යන කාලේ නම්. පස්සේ නම් වෙනම කතාවක්. ඉස්කෝලේ පටන් ගන්න කලින් දාන මව් ගුන ගී යද්දි හොස්ටල් එකේ උන්ට ඇඬෙනවා කියන එක මට හිතිලම නැති දෙයක්.
ReplyDeleteමඩයගේ හොස්ටල් කතා අහන්න මේ සූදානමින් ඉන්නේ.
6 වසර පොඩි නේ උන්ට අනිවා ගෙදර මතක් වෙනවා නේ.උදේ රැස්වීමේ ඉද්දි අනිවා කරන්න වැඩක් නැති නිසා ඒ සිංදු වල පද අහනවා නේ ඒ වෙලාවක මවු ගුණ ගීයක් යද්දී සමහරුන්ට ඇඩෙනවා,හැමෝටම ඇඩුනේ නැති උනාට අනිවා පට්ටෙට දුක හිතෙනවා.අත්දැකීමෙන් කියන්නේ.මට ඇඩිලා නෑ ඒත් ඕනේ තරම් දවස් තියෙනවා දුක හිතිච්ච.6 වසරේ අන්තිම වෙද්දී නම් ටිකක් ශේප් වෙනවා :)
Deleteඑල එල දිගට ලියන්නම් :D
බොහොම පොඩි කාලයක් පාසල් හොස්ටල් එකේ අද්දැකීම් ඇත. ඉන්පසු කිත්‍යකර හොස්ටලයේත් ටික කාලයක් ගත කොට ඇත. ඒ මතකයන් සිතුවමක් සේ මනසේ ඇදෙන්න ගත්තා මේ සටහනත් එක්ක.
ReplyDeleteඑහෙනම් නලීන් අයියට අමුතුවෙන් ඒ ආතල් ගැන කියන්න දෙයක් නෑ නේ.හොද අත්දැකීම් ඇති අයියටත්.
Deleteමමත් ඔය වගේම කොලඹ ගියා නෙව හරියටම මීට අවුරුදු 13 දවස් 7 ක ට කලින්. හැබැයි මට හොස්ටල් හම්බ වුනේ ඊට මාස ගානකට පස්සේ.
ReplyDeleteඑදා පටන් ගන්ත හොස්ටල් ජීවිතේ ඉස්කෝලේ O/L කරනකන් ම ඉදලා campus එකේ ත් අවුරුදු 3ක් ඉදලා අයින් වෙන්නේ හෙට. අද තමා මං හොස්ටල් ඉන්න අන්තිම රෑ...
අඃ අපේ ජාතියේම එක්කෙනෙක් නේ ඒ කියන්නේ.මොකෝ පරක්කු උනේ හොස්ටල් හම්බ වෙන්න,අපිට නම් ගිය දවසෙම හම්බ උනා.ඒ කියන්නේ අද ජිවිතේ අමතක නොවෙන දවස් වලින් එකක් වේවි නේ :)
Deleteහොස්ටල් ජීවිතයක් නම් තිබිලා නෑ.. ඒත් ඉතින් මේ රට ඉන්න එකත් වෙලාවකට හොස්ටල් වගේම තමයි..
ReplyDeleteඔව් ඒකත් ඇත්ත.වෙනසකට තියෙන්නේ එක වයසේ ගජයෝ ටිකක් සෙට් නොවෙන එක තමා :)
Deleteමම උ/පෙ කරලා පාසලින් ඉවත් වුන වසරේ තමයි උඹ පාසලට ඇතුල් වෙලා තියෙන්නෙ...පොඩි කොලුවෙක් නොවැ මේ මඩයා...
ReplyDeleteඅම්මෝ සිරා අයියා 2001 ද උ/පෙ කලේ?
Deleteඅපි නම් 6 වසරට ආවා විතරයි :)
me post eka dakkama mage hostel jeewitheth mathak wuna malli... Podi kale grade 6 wala indala O/L karanakal hitiye School hostel eke. grade 13 A/L karanakal hitiye gedarin pita punchige gedara... Eeta passe Campus yanakota hitiyeth bording eke.. danuth inne bord wela... weekend ekata gedara yanne. Eath hamadaama gedara indala iskole giyapu lamainta wada api godaak ammatai thaththatai sameepai kiyala hithenwa eyala kiyana karana dewal walin (According to the experience i have from the school and the university). Mamai mage malliyai dennama chuti kale hsotel wala hadunata, api dennama ammatai thaththai puduma aadarayak thiyenne... Mona prashne, mona function ekak, mona exam ekak thibbath... gedara dewal walata, ammata thaththata, family ekata priority denna api purudu wela inne... Hostel jeewithaya godaak dewal kiyala dunna... Api independent charitha wenna sahenna A athdakeem balapaawa... Eka ape demawupiyangenuth labuna api podi kalema.... << Mata godaak sathutu hithuna me post eka dakkama... oyage hsotel jeewithe gaha liyawena idiri post kiyawanna aasawen balagena innawa.
ReplyDeleteoyath ape kulakema thama ne akke.aththata api hostel hitiya eken godaak deval ape jeewitheta labuna.gedarin pita hitiya nisa venna athi api godak velavata ammava thaththava therum ganna uthsaha kalaa e ayata godaak lan una eka aththa.
Deleteela ela akke digatama enna jaya veva....!!!
මඩයා Open university එකේද?
ReplyDeleteඔව් චරිත් :)
Deleteහප්පේ කාලෙකින් දැක්කේ. කොහේද වහන් වෙලා හිටියේ. හොස්ටල් ජීවිතේ ෆන් එක වෙනම එකක් බැඳීම් නැතිව ගෙවීම තව එකක්
ReplyDeleteකාලෙකින් ආවා කට්ටිය බලලා යන්න.ඒ කාලේ අමතක වෙන්නේ නෑ කෝරළේ මහත්තයා
Deleteඔය තියෙන්නේ කතාව... ලියපන් දිගටම..! අපි හැමෝගෙම ජිවිතේ Turning Point එකනේ.. :)
ReplyDeleteඅනිවා බං අපේ turning point පොයින්ට් එක ඒක නේ
Deleteදිගටම ලියනවා හැමෝටම :)
හොස්ටල් ජීවිතේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.ඔක්කොමත් හරි හොස්ටල් බත් එකත් හරි.කනවාට වඩා ප්‍රමාණයක් කුණු කූඩෙට.ඉඩක් තියෙන වෙලාවක මේ හොස්ටල් කතා ටිකත් බලන්නකෝ.ටික කලකින් ලිව්වේ නම් නෑ.
ReplyDeletehttp://battigeniwahana.blogspot.ae/search/label/%E0%B7%84%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F
හොස්ටල් බත් හොදයි කියලා වෙලාවට හිතෙනවා අප්පා සමහර කඩ වල කෑම කද්දී.එල එල මං බලන්නම් :)
Delete