මුලින්ම සමාවෙන්ඩ ඕනේ...!!!!විභාහගේ ඉවර නිසා මඩයා ගෙදර ගිය නිසයි දෙවෙනි පොස්ට් 1 දාන්න පරක්කු උනේ.අම්මලාව බලලා එන්නත් එපැයි අනික මේ වගේ ලොකු නිවාඩුවක් එන්නෙත් කලාතුරකින් නේ.කලින් පොස්ට් 1 කිව්වනේ මදුනාගල වඳුරු ප්‍රහාරය ගැන.අද කියන්න යන්නෙ ඒ කතාවේ ඉතුරු ටික.කලින් කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්න.
අපි එදා මදුනගලින් එන්න පිටත් උනා ඒ ආවෙත් හිතේ අමාරුවෙන්.මොකද උන් අපේ වාහනේට අලාභ හානි කලා නේ.එතනින් එද්දී හිතන් ආවේ හතුරෙටවත් පොසොන් වලට ඇරෙන්න මදුනාගල යන්න දෙන්නේ නෑ කියල.අපි එතනින් පිටත් වෙද්දී 12 පහුවෙලා.ඒ ආපු පාරේ යන්නත් අමාරුයි මොකද සුදු බොරළු පාරට අව්ව වැටුනම පාර දිහා බලන් ත්‍රිවිල් ඒක අරන් යන්නත් අමාරුයි අනික අව්වේ ගිහින් ඇවිත් කට්ටියට පට්ට අමාරුයි.
තිබ්බ අමරුවත් එක්ක කට්ටියට ඕනේ උනේ ඉක්මනට ගෙදර ගිහින් කාලා හවස් වෙලා වැවට බහින්න.ඉතින් ඒක නිසාම මයිලා දිගටම ත්‍රීවීල් ඒක අරගෙන ආවා.අමාරුවෙන් අපි ඇඹිලිපිටිය-හම්බන්තොට ප්‍රධාන පාරට ආවා.ධබා,අමිල,අපේ පොඩි ඒකා මේ තුන්දෙනාම නිදාගෙන හිටියේ අව්වේ ගිහින් ඔලු රත්වෙලා තිබ්බ නිසාද මන්ද කට්ටිය නිදි.මං නිදාගත්තේ නෑ මොකද මයිලා තනියෙන් නේ එතකොට කියලා.ඉක්මනට යන්න ඕනේ නිසා මයිලත් ඇරලා තියල ආව.

දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ මයිලා වාහනේ අරන් ආව කියල උන් දැකල තිබ්බ නිසා ඌ වත් එක්ක ගියා පොලිස් කාරයා ලගට.මයිලා උගේ ලගට ආවා විතරයි ඌ මයිලගෙන් අහනවා "තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?" කට්ටියටම ඔව් කියල කියන්න හිතුනත් කවුරුත් ඒක කිව්වේ නෑ එකට ඔව් කිව්වා නම් හොද මාමයිට් බාල්දියක්ම අපි ගාගන්නවා.මයිලා දැන් හොදටම අවුලෙන් ඉන්නේ.ඌ කියනවා
"නෑ සර් එහෙම හිතුවේ නෑ "
"තමුසෙට ලයිසන් තියෙනවද?"
"ඔව් සර්"
"එහෙනම් දෙනවා මෙහෙට"
"තමුසේ දන්නවද ත්‍රීවීල් එකක යන්න පුළුවන් උපරිම වේගේ?"
"බලනවා තමුසේ ඇවිත් තියෙන්නෙ 70වට"
"සාජන් මොකුත් බලන්න එපා කෙලින්ම නඩු දාන්න"
"මෙතන වැරදි ගොඩයි"
"අනික මුන් වගේ උන්ව නලවලා හරියන්නේ නෑ"
"මුන් හිතන් ඉන්නේ පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා"
ඔහොම කියලා එතන හිටිය ලොකු පොලිස්කාරය අපිට දෝෂාරෝපණය කරලා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් සහ නීත්‍යනුකුල රියදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම යන කාරණා යටතේ අපිට නඩු දාල උසාවි දවසට උසාවි එන්න කිව්වා.අපි කොච්චර කථා කලත් වැඩක් නෑ උන්ගෙ හිත වෙනස් උනෙම නෑ.අපිට ඌ කියනවා තමුසෙලා බොරු නොකර ආව නම් දඩයක් දීලා යවනවා විතරයි දැන් ඉතින් කථා කරලා වැඩක් නෑ ගෙදර ගිහින් උසාවි දවසට එන්න කියලා.අපි සෙට් එකම ඉදන් කියනවා
"සර් මේ පලවෙනි වතාව නිසා සලකලා බලන්න"
"මු දුර ඉදන් ආවේ ඔය කියන දවසට උසාවි එන්න බෑ"
"ලයිසන් අරගෙන වැඩි දවසක් නෑ"
"දඩයක් දීල අපිව යවන්න"

හහ් එව්වා කෙහෙද අපිත් එක්ක,උන් කොච්චර දැගලුවත් අපි බීල ඉන්නවා නම් අල්ලන්න බෑ මොකද අපි ඇල් වතුර නිවල බිව්වට ඇල්කොහොල් බොන්නේ නෑ නොවැ.කොහොම හරි මේ කාලකන්නි එක්ක කොච්චර කතා කලත් තේරුමක් නැති බව තේරුන නිසා අපි ගෙදර ගියා.ගෙදර ගිහින් තාත්තට වෙච්ච අතවර ඔක්කොම කිව්වා.අම්මෝ ඇති යන්තම් තාත්ත බං ඒ වෙලේ අපේ පැත්තට හිටියා පොඩ්ඩක් වත් බැන්නේ නෑ,ඇහුවේ පොලිසියෙන් නවත්තන්න ඇත්තේ ඇත්තටම මොකක් හරි වැරැද්දක් නිසා වෙන්න ඇති නේ කියලා.කමක් නෑ දැන් උන දේ උනා මං මොනවා හරි කරන්නම.ඔයගොල්ලෝ දැන් දවල්ට කන්න කියලා,ඒත් තාත්ත මොනවා කිව්වත් අපිට ඒ වෙද්දීත් අවුල් කට්ටිය වැටුන වැටුන විදිහට ඇදෙ තැන් තැන් වල හිටියාවැවේ යනගමනත් අතහැරිය මොකද දවසෙම සිද්ද උන දේවල් හොද නැති නිසා.
අපේ තාත්ත මොනවා කිව්වත් මයිලා බයේ හිටියේ උන්ගේ තාත්ත මොනවා කියයිද කියල.ඌ තාත්ත ත්‍රීවීල් එකටත් ලයිසන් ගන්න කියද්දී පණ්ඩිත කමට අරගෙන නෑ එක නිසා තවත් අවුල්.කොහොම හරි මයිල උන්ගේ තාත්තට කථා කරලා විස්තර කිව්වා අපේ තාත්තත් උන්ගේ තාත්ත එක්ක කතාකලට පස්සේ එහෙනුත් යන්තම් හොද වාතාවරණයක් ඇති උනා.තාත්ත කොහෝම හරි උසාවි නොගිහින් මයිලගේ ලයිසන් එක අරන් දුන්නා.කොහොම හරි තාත්ත ඒ පොලිස් කාරය හම්බ වෙන්න ගියාම ඌ තාත්තට කියල තියෙනවා වැරැද්ද තමන් කලා කියල අපි තුන්දෙනෙක් ඉදිරිපත් උනා කියලා ඒත් අපිනේ දන්නේ මොකද උනේ කියලා :P ඒ සිද්දිය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ මොකද එදා තමා හැමෝම මුලින්ම වැරැද්දකට පොලිසියට අහු උනේ.සිද්දිය වෙලේ මයිලා හොදට බය වෙලා හිටියේ ;).තාමත් ටවුන් එකේදී අර පොලිස් කාරයා දැක්කම අපේ පොඩි ඒකාපෙන්නනවා "අන්න අයියේ මංගල පොලිස් ඉන්නවා කියලා."