Thursday, June 14, 2012

මදුනාගල පාහර වදුරන්ගේ ප්‍රහාරයකට ලක් වූවෙමු...........

                            ජීවිතේ සුන්දරම කාලේ උසස් පෙළ කාලේ.මට නම් එහෙමයි.මං හිතන්නේ හැමෝටම එහෙම වෙන්න ඕනේ.අමතක කරන්න බැරි සුන්දර සිද්ධි ගොඩාක් ජීවිතේට එකතු වුනෙත් ලගින්ම ඉන්න යාලුවෝ සෙට් 1ක් සෙට් වුනෙත් ඉස්සර ඉදන් හිටිය යාලුවෝ ගොඩාක් හිතවත් උනෙත් හොදම යාලුවෝ උනෙත්  මේ කාලේදී. A/L ජීවිතේ අන්තිම දවස වෙද්දී හිතට හරි අමාරුයි මොකද ආයේ මෙහෙම කාලයක් එන්නේ නැති නිසා.කොහොම හරි අපේ සෙට් 1 පොඩි උන්ට ඉරිසියා කර කර අවුරුදු 3 1/2 උසස් පෙල ජීවිතේ ඉවර කරද්දී කට්ටිය පොඩි සංචාරයක් සෙට් කරගත්තා හිතේ අමාරුවටත් එක්ක.
                             
   ඉතින්  අපි දවස් 3ක මහා සංචාරය සෙට් කරගෙන කට්ටිය යන්න සෙට් උනා.අපෙ සෙට් 1 වුනේ මමයි,ධබයි,මයිලයි.broයි .අපි  මරදානේ ඉදන් මාතරට කෝච්චියේ ගියේ  පලවෙනි දවසේ මාතර ඇවිදලා  ධබාලගේ ගෙදර ඉදලා දෙවෙනි දවසේ ගියා ඌරුබොක්කේ එදා ඒ පැත්තේ රවුම් ගහලා ආතල් 1ක් අරන් විනුෂ්කලාගේ ගෙදර නැවතුනා.මඩයගේ ගෙදර ඇඹිලිපිටියේ නේ ඉතිං අපි තුන්වෙනි දවසේ ඇඹිලිපිටියේ ගියේ.අපි කට්ටියම උඩවලවේ ගිහින් තියෙනවා ඉතින් එහෙ ආයේ ගිහින් තේරුමක් නැති නිසා කතා උනා උණු වතුර ලිං බලලා මදුනාගල ගිහින් එන්න.
                                ඉතිං කොහොම හරි තාත්තාගෙන් ත්‍රිවිල් කට්ටේ ගමන යන්න අවසරත් ගත්තා.පොඩි එකා මං ඇවිදින්න යද්දී එනවා නේ නැට්ට වගේ උගෙන් කරදයක් නැති නිසා ඌවත් අපේ ගමනට සෙට් කරගත්තා.අපිට ඉතිං වැඩිය වත නෑ නේ.ගෙදර හරියටම වාහන කියල තියෙන්නේ ඕකයි පොඩි එකාගේ බයිසිකලෙයි විතරයි නොවැ.ගමන යනවා කිව්වට පස්සේ මගදී කන්න කියලා අම්මා කෑම පාර්සලෙකුයි තේ බෝතලෙකුයි දුන්නා.ගෙදරින් පිටවෙද්දීම තාත්ත කිව්වා හිමිහිට ගිහින් එන්න හදිස්සියක් නෑ රේස් යන්න එපා කියලත්.ත්‍රිවිල් එකේ යන්න සෙට් උනාට ඒක එලවන්න එකෙකුත් ඉන්න එපයි.ගිය උන්ගෙන් වාහන පැදවීමට නීතියෙන් අවසර තිබ්බේ ධබාටයි මයිලාටයි විතරයි.ගොන් මයිලාට  ත්‍රිවිල් පදින්න නීතියෙන් අවසර අවසර අරගෙන නෑ.ඒත් ඌට තමා ත්‍රිවිල් 1 හොදට ගෙනියන්න පුළුවන්.කමක් නෑ කියලා ධබා ත්‍රිවිල් 1 අරගෙන ගියා.අපි ගියාට මදුනාගල යන්න පාරවත් හරියට දන්නේ නෑ.මුලින්ම උණුවතුර ලිං බලලා මදුනාගල යන්න පිටත් උනා.
                               මගතොටේ මිනිස්සුන්ගෙන් පාර අහගෙන අපි මදුනාගල යන්න පිටත් උනා,මෙතන ඉදන් අපේ ඩ්‍රයිවර් උනේ මයිලා.ඒකා ත්‍රිවිල් පාක් එකක හිටපු එකෙක් වගේ නියමෙට වාහනේ ගෙනියනවා.යන්න තිබ්බ කැලයක් මැද්දෙන් එකෙක් වත් පාර දන්නේ නැති නිසා ඒක එකාගෙන් අහගෙන කොයි වෙලේ අලියෙක් පාර මැද්දට එයිදෝ කියලා බයෙන් බයේ ගියේ.පාර සුදු බොරළු පාරක් ඒකට ඉර එලිය වැටුනම ඉස්සරහ බලන් යන්න තව අමාරුයි කොහොම හරි අපි හිමින් හිමින් පාරත් හොයාගෙන මදුනාගලට ආවා.ඇවිත් බැහැල බැලුව හරි තැනටදෝ ආවේ කියලා.මොකද වටපිටේ කිසි සද්දයක් නෑ.බස් එකක් තිබ්බා යන්න ලෑස්ති වෙලා.ගියාට පස්සේ තමා දැන ගත්තේ මදුනාගල සෙනග ඉන්නේ පොසොන් වලට කියලා.
                              සෙනග හිටියේ නැති උනාට ඒ අඩුව පුරවන්න වදුරු රංචු ඕනේ තරං හිටියා.අපි ත්‍රිවිල් එක නවත්තලා උඩ තියෙන පන්සලට ඇවිදින්න ගියා.අපි ටික දුරක් යද්දී අපේ පස්සෙන් පොඩි එකෙක් හැටට හැටේ පන්නවා.ඒත් බැලුව මු මොකද අපේ පස්සේ පන්නනේ කියලා ඕනේ දෙයක් කියල එකා ලගට එනකන් හිටියා.ඌ ඇවිත් හති ඇර ඇර කියනවා "අයියලා නේද ඇර ත්‍රිවිල් එකේ ආවේ අන්න එකට වදුරෝ පැනලා "කියලා.කවුද යකෝ අපිට සද්ද දාන වදුරා හොයන්න කියල අපිත් දුවගෙන ආව පහලට.ඇවිත් බලද්දී වදුරු සේනාවක් ත්‍රිවිල් එක වට කරන් ඉන්නවා හමුදාවෙන් කොටි බංකරයක් වැටලුව වගේ.මුන් අපි ගෙනාව කෑම ඔක්කොම හොරකන් කරලා අපිට නියව නියව ගස් උඩට පැනගත්ත.කමක් නෑ අම්ම දුන්න තේ බෝතලේ උන්ට උස්සගන්න බැරි උනා නේ කියල එක උන්ට ගන්න බැරි වෙන්න එන්ජිම ලගින් හංගල(කොහොමද හංගන්න අපි හොයාගත්ත තැන ;))ආයේ ඇවිදින්න ගියා ගෙදර ගිහින් බත්ම කනවා කියල හිතාගෙන.
 
මෙන්න මේ විදිහට තමා උන් පැනලා ගියේ

අපි පන්සලට ගිහින් මල් පූජා කරලා බලන්න තියෙන ඒවා බලලා හිමිහිට පහලට එන්න ගත්ත.මොකද කට්ටිය සෙට් වෙලා හිටියේ හවස චන්ද්‍රිකා වැවට ගිහින් නාන්න.අනික මදුනාගල හරි රස්නයක් තිබ්බේ කට්ටියටම ඕනේ වෙලා තිබ්බේ ඉක්මනට ගෙදර යන්න.අපි කට්ටිය බැහැල එද්දී අර තිබ්බ බස් එක ගිහින් පන්සලටම හිටියේ අපි විතරයි.ත්‍රිවිල් එක ලගට එද්දී මං දැකපු දර්ශනෙට මාව සලිත වෙලා ගියා.යකෝ එක පාරක් කෑම ටික අරන් පැන්නා කමක් නෑ තිරිසන් සත්තුනේ කියලා හිත හදාගත්ත.යකෝ මුන්ට එක පාරක් අනුකම්පා කරලා ගියාම මුන් එනවා නේ අපිටම අරින්න.අපි කලින් ඇවිත් ආයේ උඩට ගිය අතරේ අර වදුරු රංචුව ඇවිත් ත්‍රිවිල් එකේ උඩ රෙද්ද ඉරලා විනාස කරලා දාල.මුන්ට අපේ ලග තිබ්බ ඔක්කොම කෑම ටික දීලත් මුන් අපිටම කෙලියනේ :( .සමහර විට වදුරෝ ටික හිතන්න ඇති අපි තේ බෝතලේ හංගල ගියේ උන්ට කෝචෝක් එකට කියල.
                               කොහොම හරි පාහර @#@%#$!*&^@%^@*@%$$^&*(#^$@ වදුරෝ ටික අපිට වැඩේ දීල ඉවරයි.කට්ටියටම දැන් හරි අවුල්.අවුලක් නෑ මචං අපි ඉක්මනට ගෙදර යන් මෙතන ඉදල වැඩක් නෑ නේ ගිහින් ගන්න තියෙන ආතල් එකක් ගමු.මං තාත්තට සීන් එක කියල ශේප් කර ගන්නම් කියල මං කට්ටියට කිව්වා.දැන් ඉතින් උන දේ උනා නේ කියල කට්ටිය හිත හදන් ඒ මහා රුදුරු කැලේ මැදින් එන්න පිටත් උනා.එන දිගටම වදුරු සංහතියට බැන බැන උන්ගේ අම්මලාව හොදට මතක කර කර  උන්ගේ උපත් පාලනය කරන විදි,වදුරෝ ලංකාවෙන් වඳ කරන විදි,උන්ට වද දෙන විදි කතා කර කර එන්න ආවේ හිතේ අමරුවටමයි.මං අහන්නේ මේ වේ* වදුරන්ට වටිනවද අපිට මෙහෙම කරන්න :(



මේ අපිට පහර දුන් පාහර වදුරන්ගෙන් එකෙක්





ප.ලි;-හතේ හත වැදිලා මදුනගලින් පිට වෙද්දී හිතුවේ කරදර ඉවරයි කියලයි.අපි එද්දී අපිට සිද්ද උන අනිත් අතවරේ ගැන ඊලග පොස්ට් එකෙන් කියන්නම්.

16 comments:

  1. අපි ගත්ත හැම ආතල් එකම මෙව්වයේ ලියන්න බෑ .....
    ඒවා අපිටම හිතින් මතක් මේ post ඒක හොඳටම ඇති .....
    ඒ වුනාට කතාවේ හොඳම ආතල් ටික තියෙන්නෙ ඊළඟට .....

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ඒ ටිකත් ලිව්වොත් දිග වැඩිවෙන නිසා දෙවෙනි පොස්ට් එකකට ඒක ලියනවා.

      Delete
  2. අනේ අම්මෝ...ඒ ටික එපෝ..................මතක වෙනකොට මට උට !@#$............

    ReplyDelete
    Replies
    1. හි හි ඒ ටිකේ නොවැ හොදම හරිය තියෙන්නේ ;)
      එක නම් ඇත්ත ඒකා මතක් වෙද්දී වඳුරෝ හොදයි කියලා හිතෙනවා

      Delete
  3. හාෆ්ෆෝ... මට පේන්න බෑ ඔය මහ ජරා වදූරොයි, රිලව් යි... :@ :@

    හික්ස්ස්.. අර දෙවෙනි පින්තූරෙ නියර දිගේ අන්තිමටම එන අයියා කවුද අනේ?? ;) දැකලා පුරුදුයි!! :p

    ReplyDelete
    Replies
    1. ගොන් හරක් උන් අපේ ආතල් කෑවා :(
      හි හි ඒ අපේ bro නේ ;)

      Delete
  4. habei waduro ape samahara minissunta wadiya hodai ban

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මචං සමහර මිනිස්සුන්ට වඩා වඳුරෝ හොදයි තමා.



      ඒත් මේ මදුනාගල වඳුරෝ නම් හොද නෑ ;) උන් තමා මේ ලෝකේ ඉන්න කුජිතම වඳුරෝ රංචුව :/

      Delete
  5. හොද වැඩේ උඹලට... :-)

    අනිකත් දාමුකෝ බලන්න..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. රජතුමාත් අසරණ අපිට තමා හිනා වෙන්නේ කමක් නෑ කමක් නෑ ;)

    හි හි එල එල අනිත් ඒකත් ඉක්මනටම දාන්නම්

    අඩවි රජුටත් ජය ශ්‍රී......!

    ReplyDelete
  7. සමහර පැතිවල ගස්ගෝන්නු කියලා කියන්නේ ඕකුන්ට...රසයිලු මස්....

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා.තාත්තගේ ඉඩමට හොරෙන් ඇවිත් ඌ වදුරෝ අල්ලන්න උගුල් අටවනවා.එකා නම් තව මොනරුත් කනවා මං අහල තියෙන විදිහට.

      Delete
  8. පාහර වඳුරු ප්‍රහාරය මම තරයේ හෙලා දකිමි... :@

    ප.ලි.තාත්තා බැනපු ටික ලියන්නේ නැද්ද මචං??

    ReplyDelete
  9. මදුනාගල කියන්නේ ආරණ්‍ය සේනාසනයක් නේද ??

    ReplyDelete
    Replies
    1. ඔව් එතන ආරණ්‍ය සේනාසනයක් තමා මචං..............

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......