Monday, May 8, 2017

සුවද පිරුණු පුංචි කාමරේ : ඇය හා මම



ඒක ලාවට එලිය තියෙන කමරයක්. කාමරේටම හිටියෙ අපි දෙන්නා විතරයි.
"ශර්ට් එක ගලවලා ඇදෙන් හාන්සි වෙන්න."
එයා එහෙම කිව්වාම එක පාරට පොඩි ලැජ්ජාවක් හිතුනෙ නැතුවමත් නෙමේ. 
කොහොමටත් ඉතින් මෙතන ඉදන් මට ඕනෙ විදිහට නෙමේ එයාට ඕනේ විදිහට වැඩේ කෙරෙන්නෙ. මාත් එයාට උදව් කරන්න හැදුවට එයා කිව්වෙ අත පහලට දාලා දගලන්නෙ නැතුව ඉන්න කියලා. 

ජෙල් දාලා වැඩේ පටං ගත්තා. මාත් එයාට ඕනෙ විදිහට කරන් යන්න දීලා හාන්සි වෙලාම සිවිලිම දිහා බලං පොඩි මනෝ පාරක් දාන්න හැදුවත් එයාගෙ වැඩත් එක්ක මට ඒක සිහියෙන් කරන්න බෑ. කොච්චර කිව්වත් අත හොල්ලන්නෙ නැතුව එක විදිහට ඉන්න කියලා මගේඅතට ඕනේම එයාට උදවු කරන්න  දෙතුන් පාරක්ම උදවු කරන්න ට්රයි කලාට එයාට මගෙ උදවු ඕනේ වුනේ නෑ.මං හිතන්නෙ හොද පුරුදු කාරියක්. 
එයා නම් වැඩේ කරන් යනවා ඒත් මේ මගේ පලවෙනි පාර නිසා පොඩි චකිතයකුත් හිතේ තිබුනා. මං පූස් පැටියා වෙගේ හිටියා. එයාට නම් කිසිම ගානක් නෑ කිසි වෙනසක් නැතුව එයාගෙ වැඩේ කළා. 

එයා සීරුවට වැඩේ කරලා ඉවර වෙලා ටිශු අරං පිහදෑවා. ඉතුරු ටික මට පිහදගන්න කියලා එයා ටිශූ දුන්නා. ලෑස්ති වෙලා එන්න කියලා එයා එලියට ගියා. මං හොදට පිහදාගෙන ඇදුම් හදාගෙන එලියට ගියා. 
එයා දොරලග පුටු පේලියේ මං එනකං බලං හිටියා. 

"සර් මේ ඊසීජී රිපොර්ට් එකත් අරං අර රූම් එකේ ඉන්න ඩොක්ටර්ව හම්බ වෙන්න"
 කියලා මිණිකිංකිණි හඩින් කියපු එයා එයාගේ කාමරේටම ආයේ ගියා 





ප.ලි : මේක ටයිප් කරලා මාස 10ක් විතර වෙනවා.ඔන්න අද තමා පොස්ට් කරන්නේ :)

9 comments:

  1. පට්ටයි පට්ටයි..... යන්න හිතුනා මසාජ් එකක් පැත්තේ යකු මේක කියවලා...අපුරුම අවසානයක් සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ECG ගන්න ගිහින් උන සිද්ධියක් මේක :D

      Delete
  2. තව ටිකක් ඇදලා කිව්වනම් මල් හතයි!

    ReplyDelete
    Replies
    1. මං මේක තව දික්කරන්න ගියා නම් වැඩේ දෙල් වෙනවා :)

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. රසවත් කෙටි කතාවක් !

      Delete
    2. ස්තූතියි සඳවතී !

      Delete
  4. කොහොමද බොල මේක මට මිස් උනේ.
    වෙල්කං බැක් මඩයා.

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා ඇයි ප්‍රසන්න අයියා ආවේ නැත්තෙ කියලා.ඔයා එකක් වත් මිස් කරන්නෙ නෑ නේ.ස්තූතී ප්‍රසන්න අයියේ!

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......