පහුගිය දවස් ටිකේ පොඩි රවුම් පාරක්
එහෙම දාල ආවේ.රවුම් කිව්වට එක පින්කමක්,මඩයා වගේ නෙමේ මඩයාගේ තාත්තා,පිං වැඩ වලට ටිකක් ලැදියි.ඉතිං එකේ ප්‍රතිපලයක් විදිහටද මන්ද තාත්තා
පිංකම් සෙට් එකක් කරන් ආවා ඒවගෙන් එකක් තමා මේ තිබ්බේ,රුවන්වැලිසෑයට කප්රුක් පූජාවක් තියලා ශ්‍රී මහා බෝධියට කිරිපිඬු
පූජාවක් තියන එක තමා පිංකම උනේ,ඉතින් දෙයියනේ කියලා අපේ සෙට් එකත් සෙට් කරගෙනමාත් ගමනයන් ලැස්ති උනා,ගමනට ධබා,නුවන්(නෝටි),චතුර,මාධව,තිවා,කට්ටියටම අඩ ගහගෙන සෙට් උනා.අපේ ගමින්
බස් 3කුත් ඇඹිලිපිටිය ටවුන් එකෙන් එක බස් එකකුත් වීරකැටියෙන් එක බස් එකකුත් එක්ක
ඔක්කොම බස් 5ක් අපේ බස් 3 උදේ පාන්දරම දෙයියනේ කියලා ගමන පිටත් උනා,අපි ඉතිං සුපුරුදු පරිදි හිටගෙන ගමනේ පිටත් උනා,තාත්තලා ගිය බස් එකේ ඉඩ නැති නිසා අපි වෙන බස් එකකට නැග්ගා.බස්
රියදුරු මහත්වරුන්ගේ දැඩි කැපවීම මත පැය 8 ගමන පැය 10කින් එන්න පුළුවන් උනා,ඒ එද්දී පූජාවට පරක්කු වෙලා ඒ උනාට කට්ටියගේ උනන්දුව,කැපවීම නිසා විශ්‍රාම ශාලාවට ඇවිත් කට්ටිය පෙරහරේ යන්න ලෑස්ති උනා.


කප්රුක් පූජාව කියන්නේ චෛත්‍යට චීවරයක්
පූජා කරන එක සහ අටපිරිකර පූජා කරන එකයි.විශ්‍රාම ශාලාවේ ඉදන් ටික දුරක් බස් එකේ
ඇවිත් එතන ඉදන් අපි පෙරහැරකින් චීවරේ චෛත්‍ය
ලගට අරන් ගියා,චෛත්‍ය වටේටම චීවරේ පළඳන්න ඕනේ එක නිසා චීවරේ
දිගයි,ආව ඔක්කොම චීවරෙ අරන් තමන් ගෙනාව අටපිරිකරත්
අරන් පෙරහරේ ගියා.කොච්චර ජෝගි නට නටා ගියත් වැඩේට සෙට් උනාම හිතට දැනෙම හැගීම මාර
පුදුම එකක් එක මං හිතන්නේ ශ්රද්ධව වෙන්න ඇති.චෛත්‍ය වටේ චීවරේ අරන් පැදකුණු කරලා
පේසාවළලු වලට උඩින් චෛත්‍ය බඳේ චීවරේ පළඳනවා,එකට වෙනම හාමුදුරුවරු කීපනමක්
රුවන්වැලිසෑය පන්සලෙන්ම පත් කරලා හිටියා,මඩයා හරි අසාවෙන් හිටියේ චෛත්‍ය උඩට
ගිහින් චීවරේ පළඳන්න උදවු කරන්න ඒත් ඒ හීනේ හැබෑකරගන්න උනේ නෑ එතන උඩට යන්න දුන්නේ
අපි එක්ක ගිය හමුදුරුදෙනමටයි,තාත්තටයි,තව අනිත් සංවිධායක මණ්ඩලේ 3 දෙනෙක්ටයි
විතරයි,මට හුලං :/ චෛත්‍යට චීවරේ පලන්දලා ඉවර වෙලා
පූජාව තියලා කට්ටිය විශ්‍රාම ශාලාවට ඇවිත් කාලා ආයේ ගියා රෑ එළිවෙනකන්
රුවන්වැලිසෑය ලග පිරිත් කියන්න,අනේ කියන්න කිසි වරදක් නෑ ආව සෙනග ඔක්කොම
300කින් 280ක් විතර ගියා පිරිත් කියන්න.මඩය දැඩි සෙම්ප්‍රතිශ්‍යා තත්වයෙන් පෙළුන
නිසා තාත්තගේ නිත්‍යානුකුල අවසර ලැබුනා නවතින්න,අපි සෙට් 1 උන් 7 දෙනයි උදේට කිරිපිඬු
දානේ උයන අයයි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ පිරිත් කියන්න ගියා.අපි සෙට් එක විශ්‍රාම
ශාලාවෙන් පැනලා ඇවිත් බස් එක නිදා ගත්තා,කට්ටියට පුදුම ආසාවක් තිබ්බේ බස් එක
නිදා ගන්න කොහොම හරි ඒ අසාවත් උන් ඉෂ්ට කරගත්තා.


දෙවෙනි දවසේ තිබ්බේ කිරිපිඬු දානේ.අපි
නැගිටිද්දී දානේ නම් උයල තිබ්බ ඒත් දන්නා විදිහට කියන්නම් එක හදන විදිහ.එක කිරිබත්
වගේ හදන්නේ ඒ උනාට උඩට උඩුවියන් බැඳලා තමා උයන්නේ.උයන්න ගන්නේ සඳුන් දර.කිරිබත්
හදන්න කලින් බත් ලිපේ තියෙන්නේ තැඹිලි පොල් වතුර වලින්.ඊට පස්සේ මුකවාඩම් බැඳලා
පොල්ගාලා කිරි ගන්නවා.ඊට පස්සේ කිරිබත හදාගන්නවා,
එකට ගස් කජු,
වියලි මිදී,
රට ඉඳි,
මීපැණි,
එළගිතෙල් වගේ ජාති ටිකක් දානවා,
මට මතක ඔච්චරයි.කිරි ආහාර ලෑස්ති කරලා අපි විශ්‍රාම ශාලාව ලග ඉදන් ශ්‍රී
මහා බෝධිය ලගට පෙරහරෙන් කිරි ආහාර සහ අටපිරිකර අරන් ගියා.ගොඩක් කට්ටිය හිටිය නිසා
පෙරහැර ලස්සනට තිබ්බා,
මං හිතන්නේ ඒක කිලෝමීටරයක් විතර දිගට
තිබ්බා.මායි,
ධබයි,
නුවනයයි,
තිවයි,
අපේ පොඩි එකයි පෙරහරේ ඉස්සරහටම වෙන්න
ගියා ;) .
ශ්‍රී මහ බෝධිය ලග පූජාව ඉවර කරලා අපි ගෙදර
එන්න පිටත් උනා.

එද්දිත් ඉතිං සුපුරුදු ලෙස ෆුට් බෝඩ්
එකට වදදෙමින් සිටගෙන ආවෙමු,තිවා සහ අපේ පොඩි එකාට රථ ගාය ඇති බැවින් උන්
ඩ්‍රයිවර් මහතාගේ තනි රැකිම පිණිස ඉදිරිපස ෆුට්බෝඩයට යන ලදී.අපේ බස් එකේ හිටියා
අපිට දුරින් සීයා වෙන කෙනෙක් එකාට සීයා කියන්න බෑ,වයසින් බාලයි,ඉන්න ළමයි දෙන්න කෙල්ලෝ දෙන්නෙක් උනුත් මට වඩා බාලයි,උන් දෙන්න මං හිතන්නේ මට නැන්දද කොහෙද වෙන්නේ ;);/ මේ මනුස්සයා ගෙනත් තිබ්බා ධර්ම කාරණා තිබ්බ කොලයක් කට්ටියට
බෙදන්න.මේකට ඕක මතක් වෙලා තියෙන්නේ ගෙදර යන්න පටන් ගත්තට පස්සේ,ඔක්කොටම ඇතිවෙන්න ගෙනත් තිබ්බා.මේකා කොළ ටිකක් මට දීල කියපි පුතේ මේ
ටික බස් එකට බෙදලා දෙන්නකෝ කියලා,කමක් නෑ ධර්ම දානයක් නේ කියලා මාත් බෙදන්න ගත්තා.මං කොළ ටික බෙදන් එද්දී අපේ අවලං
මිතුරු ජනතාව පිටිපස්සේ ඉදන් උන්ගේ අවලං කතා ටික කියන්න ගත්තා උන්ගේ හැටි දන්නා
නිසා මං ගණන් ගන්නේ නැතුව කොළ බෙදාගෙන ආවා ඒ එද්දී එක ආච්චි කෙනෙක් කට කපලා දොයි,අනේ පවු නේ කියලා මං ඒ මනුස්සයව ඇහැරවලා කොලයක් දුන්න ඒ මනුස්සයත්
හීනෙන් බයවෙලා වගේ කොලේ ගත්තා,ඒ අරගෙන ටික වෙලාවෙකින් පිටි පස්සට මෙහෙම
කතාවක් ආරංචි වෙනවා.
"මං හිතුවේ අර බස් වල කොළ බෙදලා
සල්ලි එකතු කරන ළමයෙක් කියලා එකයි කොලේ ගත්තේ නැත්තේ "
යකෝ මේක අහගන්නද මං උඩ දාගෙන ගිහින්
කොළ ටික බෙදුවේ,අපරාදේ ඒ අවලං ආච්චිව ඇහැරවලා කොලේ දුන්නේ,අපේ උන්ගේ කුප්ප කතා ටික හොදයි මේ උන නව නින්ගිරාවට වඩා.
 |
උඩ බලන් ඉන්නේ නුවන් නොවන බව කරුණාවෙන් සලකන්න ;) |
මේ කුජීත වැඩත් එක්ක අපි ජෝගි දාගෙන
බස් එකේ එනවා.අපිට සිට් එකක් දෙන්නවත් හිටියේ එක්කෙනයි දෙන්නයි,අනිත් උන් ගුරුවරු වගේ අය නිසා වෙන්න ඇති අපිට් සිට් එක නොදුන්නේ,බැරි වෙලා හරි තාත්තා බස් එකේ හිටිය නම් අපිට සිට් දෙන්න ඕනේ තරම්
කට්ටිය ඉදිවී.අපි කට්ටිය මාරුවෙන් මාරුවට වගේ ෆුට් බෝඩ් එකේ ආවේ මොකෝ ධබා,චතුර අලි සයිස් නේ ;)
බස් එකේ හිටියා කෙල්ලෝ සෙට් එකක් ඔය
සෙට් එක අපේ නුවනයා අදුරනවා.උන් මඩයව දන්නවා උනාට මඩයා උන්ව දන්නෙ නැති නිසා වැඩි
බජනෙට ගියේ නෑ.අපේ නුවනයට ඒ එක කෙල්ලෙක් මරු ලයින් එකක් දීල තිබ්බා.
"අයියා hospitl හන්දියෙන් බහිනවද?"
"ඔව් නංගි මාත් බහිනවා"
"අයියා කොහොමද උදේ ආවේ?"
"මං ඊයේ රෑ මඩයාලගේ ගෙදර හිටියේ
නංගි"
"ඔයාල කොහොමද නංගි උදේ ආවේ?"
"අපි ත්‍රිවිල් එකක ආවේ අයියා,මොකද කාර් එකේ ආව නම් නවත්තන්න තැනක් නෑ නේ කියලා"
ප.ලි:-ඕක මට නුවනයා කිව්වහම මතක් උනේ
අපේ මධවයා ඔය බොරු පොශ් කාරයන්ව බයිට් කරන්න කියන කතාවක්
"මචං මගේ කාර් එකේ Key එක lost වෙලා
මක්ක කොරන්නද කියලා මට හිතා ගන්න
බෑ"