මේ දවස් වල ශ්රී ලන්කන් ප්රිමියර් ලිග් එක නැගලා යනවා නේ.අපිත් ඊයේ ගියා මැච් එකක් බලන්න.මඩයට පොඩි කාලේ ඉදන් මැච් පිස්සුව තියෙනවා නේ එක නිසාම තම ඊයේ ගියේ.පොඩි උන් ටිකටත් විභාහගේ ඉවර නිසා උන්ගේ වැඩේ රවුම් ගහන එක නේ ඉතින් උනුත් සෙට් කරන ඊයේ රෑ තිබ්බ වයඹ ,රුහුණ මැච් එක බලන්න.අපි ගියා නිසාද කොහෙද වෙනද වේලි වේලි තිබ්බ පැවිලියන් ඊයේ පිරීලා තිබ්බ සූ ගාල සෙනග.අපි එන බව කට්ටිය කලින් දැනගෙන මන් හිතන්නේ ;)

අපි සෙට් එක දේශාන් මල්ලිගේ ගෙදරට සෙට් වෙලා එතන ඉදන් බේස් ලයින් එකේ පයින් ග්රවුන්ඩ් එකට ගියා.ටිකට් කීය උනත් යන කියලා ආවේ.දෙයියෝ දුන්න වගේ ඉස්සරහ හිටිය පොලිස් අයියලා මල්ලි ටිකට් නෑ නේද අහ මේවගෙන් යන්න කියල නිකන් ටිකට් දුන්න
අලුතෙන් පොලිසියට ආව සෙට් එකක් වෙන්න ඇති තාමත් මනුස්ස ගති තිබ්බ උන් ලග ටිකට් දුන්න නිසා හොද කියනවා නෙමේ ;) අපි අහිංසක අපතයෝ ටිකක් කියල දෙයියෝන්ටත් තේරෙන්න ඇති එකයි දෙයියෝ පොලිස් අයියල අතේ අපිට ටිකට් එවන්න ඇත්තේ ඒවත් නිකන් පඩියේ වාඩි වෙලා බලන ඒවා නෙමේ උඩ නැගල පුටුවේ වාඩි වෙලා බලන ඒවා හරිය.මැච් එකත් හොදයි අපේ වයඹ ටීම් දින්නා චන්දි කොල්ල 4ජිබි කාලා දැන් හොද හයිය හත්තිය ඇවිත් ඌ මැච් එක ගොඩ දාල දුන්න අර වටේට නටන අක්කිලා ටිකත් ලස්සනට එහෙන් මෙහෙන් අඹර අඹර නැටුවා සිරියාවේ බෑ එක පාරක් බැලුවම ආයේ අහක බලන්න හිතෙන්නේ නෑ මගේ බෙල්ලත් රිදෙනවා හතර වටේ නටන අක්කල ටික බලල.අක්කිලා වෙලාවකට නරකයි මොකෝ එයාල නටන්නේ 6ක් 4ක් ගැහුවොත් විතරයි.
අහ් වල පල් කියවන්න ගිහින් කතාව අමතක උනා.ඔක්කොම හරි ග්රවුන්ඩ් එක හදපු එවුන්ට එක වෙන තැනක හදන්න තිබුන.ඕකේ මහා අපි රෑ කරක් ගැහුවට කෙල්ලෝ සෙට් එකක් නම් තනියෙන් යවන්න බෑ එකේ ඉන්න එවුන් මෙලෝ රහක් නෑ මහ කාලකන්නි ඉන්නේ.ආතල් එකක් ගන්න එක ඇත්ත එත් ඒවා සක්කිලි ඒවා නොවෙනවා නම් හොදයි.ඇතුලෙදි වලි කීයක් නම් ගියාද ඒ හැම එකකම ඒ ලග වත්තකින් ආව කාලකන්නි සෙට් එකක් හිටිය එක පැත්තක.මුඩුක්කු වල වතු වල හිටිය කියලා අපි මිනිස්සුන්ව පහත් කරන්න හොද නෑ තමා එත් උන්ගේ වැඩ කාලකන්නි නම් අනිවා කාලකන්නි සක්කිලි කියලා කියන්න වෙනවා නේ.
ඊයේ හොදයි කියන්න පුළුවන් ඉන්ටර්නැෂනල් මැච් එකක් තියෙන දවස් වල උන්ගේ වතු ඇතුලේ වලිත් එදාට ඇදලා ගන්නවා සෙනග ඉන්න නිසා ගහල මාරු වෙන්න පුළුවන් නේ.ඊයේ නම් ඒ වගේ ලොකු සින් තිබ්බේ නෑ.අපිට ඉතින් එතන ඉදන් එන්න වාහන නෑ නේ ඉතින් ඇවිද්ද පයට තම දුක දුන්නේ ,අපි ඔහොම ඔහොම ග්රවුන්ඩ් එක ලග ඉදන් බේස් ලයින් එකේ ඇවිදන් එනකොට පොලිස් ජීප් එකක් ඉස්සරහ නවත්තලා තියෙනවා අපි ඉතින් එක ලගට යද්දී ඉස්සරහ හිටිය පොලිස් අයිය කෙනෙක් අපෙන් අහනවා
"මල්ලි ඉස්සරහ බස් එකකට ගහනවද "
"බස් එකට ගැහුවේ නම් නෑ එත් සෙට් එකක් ඒ පැත්තට දුවනවා දැක්ක" කියල

එහෙම කියලා අපි ඉස්සරහට එද්දී තට්ට මාම කෙනෙක්ට පොලිසියේ මාමල ජීප් එකට නගින්න කියලා ඇවිටිලි කරනවා.තට්ට මාම බෑ බෑ කිය කිය පස්සට එනවා තරහගිය පොලිස් මාම නැගපන් හු** කියලා කිව්වා විතරයි අර මාම නැග්ග ජීප් එකට පූසා වගේ.තට්ට මාම අර බස් එකේ ආව කෙනෙක්ලු බස් එකට ගහද්දි එය බැහැල ගහන එවුන්ට ගහන්න අන්තිමට එකාව දලා බස් එකත් ගිහින් .ඊට පස්සේ අර පොලිස් මාම එතන හිටිය අපි වගේ කොල්ලෝ සෙට් එකට සද්දේ දානවා නැගපන් කියල උන් කියනවා
"අනේ අන්කල් අපි ගැහුවේ නෑ "
"අපි දන්නේ නෑ"
"උන් අපිටත් ගහලා ගියේ අපිටත් එක්ක "
පොලිස් මාම කියනවා
"ඒවා අපි ගිහින් බලාගමු දැන් නැගපන් කියලා"
එතන හිටිය සෙට් එක දේශාන් මල්ලිගේ යාලුවෝ ටිකක් උන්ව දාල යන්නත් බෑ නේ ඉතින් මාත් පවුනේ පොඩි උන් කියල සාක්කි දෙන්න ගියා(කොහොමද මගේ වීර වැඩ ) උන් ගැහුවේ නෑ ගහපු උන් දුවල යනවා අපි දැක්ක කියලා.අනික ඒ පොඩි උන් සෙට් එකට ලොකු බස් එකකට තිය ෆුට් බයිසිකල් එකකටවත් ගහගන්න බෑ කියලා ඕනේ එකෙක්ට පේනවා.
කොහෙද මේ යක්කු කියන එක අහන්නෙම නෑ නේ උන් කියන්නෙම පොඩි උන් ටික ගැහුවා කියලා,මටත් කට තියන් ඉන්න බෑ නේ මන් ආයේ ගියා අරුන් නෙමේ ගැහුවේ කියල සාක්කි දෙන්න කොහෙද වල් පරය මන් කියන ඒවා කනකට ගත්තේ නෑ මට මියුරු සුමිහිරි වදන් ටිකකින් සංග්රහ කරලා ඇයි උඹලටත් යන්න ඕනෙද කියලා අපි ඉල්ලන් මාමයිට් ගාගන්න ඕනේ නෑ නේ අපි පැත්තකට වෙලා බලන් හිටියා.අර පොලිස් මාමලාට ඕනේ උනේ බස් එකට ගැහුවා කියලා කවුරු හරි කට්ටියක් අරන් යන්න ඕනේ වෙලා තිබ්බේ.
කොහෙද පොඩි උන් ටිකත් අත ඇරියේ නෑ උන් හොදින් කියල බැරි තැන උනුත් ලොකු තැනකට කතා කරලා තිබ්බ එතකොට නම් පොලිස් කාරයෝ ටික බලු හාමිලා වගේ පොඩි උන ටිකට යන්න කියලා තිබ්බ පුතාල එහෙනම් පරිස්සමින් යන්න කියලා.උන්ටත් ලොක්කෙක් කතාකලොත් නම් නැට්ට පු* ගහගෙන ඉන්නවා අහිංසක විදිහට කතාකලොත් තමා කරේ නගින්න එන්නේ.
පොඩි උන් ටික ආවට පස්සේ සිද්ධිය ඇහුව උන්ට පුදුම කරුමයක් සෙට් වෙලා තියෙන්නේ මුන් පාරේ ඇවිදන් එද්දී අර බස් එකට ගහ ගහ හිටිය උන් මුන්ටත් ගහල බස් එකටත් ගහල උන් දුවල මුන් ගුටි කාල පොලිසියෙනුත් කතා අහලා තව පොඩ්ඩෙන් එළිවෙනකන් කුරුත් ගණන් කරන්න වෙනවා.පොලිස් කාරයෝ උන්ගේ ලේසියට මුන් ටික අල්ලන් උන් ශේප් වෙන්න හැදුව එත් පොලිසිය අරුන් පස්සේ ගියා නම් අල්ල ගන්නත් තිබ්බා කොහෙද ගොන් හරක් උන්ට එව්වා තේරෙන්නේ නෑ උන් දන්නේ ලග පාත හිටිය දෙතුන්දෙනෙක් කුදලන් යන්න විතරයි හැම එකාම මේ වගේ නැතුව ඇති එත් ඉන්න එවුන් ගොන් වැඩ කරද්දී අනිත් එවුනුත් බැනුම් අහනවා කරන්න දෙයක් නෑ.අපිට නිකන් ටිකට් දුන්න කියලා අතෑරියේ නෑ උන්ට අපි බැන බැන ආවේ .
ලොකු තැන් ගාවදි ලොකු පොලිස් මාමල මී පැටව් වෙන හැටි බලන් ඉන්න ආසාවෙ බෑ බන්... ඔලුව පහත් වෙලා කොන්ද ටිකක් විතර වකුටු වෙන්නෙ ඉබේම වගේ... :)
ReplyDeleteඑක නම් ඇත්ත.ලොක්කෝ ගාව කුක්කෝ වගේ
Deleteඅහින්සකයෝට තමා සද්ද ඔක්කොම
එදා පොඩි උන ටික වැරැද්දක නැතුව නේ දාගෙන යන්න හැදුවේ :)
ane manda ayye ape samaharak minissu tanakata gihin hariyata inna dannane........
ReplyDeleteeka aththa nangi
Deletefun gaththata kamak naa evage seemavak thiyenna one...
උස තැන දැක හැකිළෙන්නේ..
ReplyDeleteමිටි තැන දැක පුප්පන්නේ...
නිවටුන් බව සිතමින්නේ...
මගේ පුතා නිදියන්නේ.. ඕව නිකමට කියපු කවි නෙමේනේ... ඒත් ඕක වැඩියෙන්ම වලංගු පොලොසියට..ඕවා වෙනස් වෙන්න ඕනේ කලේ ඇවිත්.. ඒත් වෙනස් වෙන්නේ නැති එකයි ප්රශ්නේ.. මොනවා කරන්නද..?
මඩයියට අවුලක් නෑනේ.. අනිත් අයටත්.. යන්තමට හරි shape උනානේ.. ඒ ඇති..
මං මේසුදාගේ සිතුවිල්ලක් ලහින්
අම්මප මල්ලි එකා නම් ඇත්ත
Deleteඅවුලක් උනේ නෑ යහතින් අපි ගෙදර ආවා :)
ඕකුන්ට මංඤ්ඤං ද බං .......
ReplyDeleteසිරාවට ඕයි .....!
Deleteපොලෝසිය ගැන නම් කියල වැඩක් නෑ බං!
ReplyDeleteඋන් ඔක්කොම මේ ලෝකෙන් වඳ කරලා දාන්න ඕනේ ;)
Deleteඅෆ්ෆා බය වෙන්නේ මක්කටද.. මේ තියෙන්නේ දහයක් ම ඩී
ReplyDeleteඔව් අපි 10ක් විතර හිටිය නිසා බය උනේ නෑ :)
Deleteලොකු තැනක නමත් ඇහුනත් පදිරියි. ලංකාවේ පොලිස් කාරයෝ නම් මට පෙන්න බැහැ
ReplyDeleteසිරාවට මචං මටත් එමමයි ඕකුන්ව පෙන්නන්න බෑ.එත් හොද එවුන් ඉදලා හිටලා ඉන්නවා
Deleteඅවුරුදු විසි ගානටම මම දැක්කේ දෙන්නයි.
Deleteඑක ඇත්ත හොද උන් ඉන්නේ හෙන පොඩ්ඩයි :/
Deleteඅනේ උඹලව අල්ලගෙන ගියේ නෑනෙ.... :( ;) :p :D
ReplyDeleteඑව්වා කොහෙද අපිත් එක්ක ;)
Delete