Sunday, August 12, 2012

හිතාදර සුදු බන්ඩේ වෙතට.....!






කැම්පස් වහල හන්ද
කැන්දන් ගියා ඈ ගෙදර නැන්දා
අනේ මේ  හින්දා
මගේ සිත දුකින්ද මන්දා

ඈ සිටින විට ගෙදර 
කතා බෑ අපිට නිතර 
අනේ ඒ හන්ද මිතුර
සිහිවේ  බණ්ඩාගේ මව නිතර 

අයියෝ මේ මගුල් හින්දා
අපේ මගුල් කල් යයිද මන්ද
සුදු බන්ඩේ  බැදලා හන්දා
අපි ගැන ගානක් නැතිද මන්දා

සුදු බන්ඩෝ මේ අහන්න
අපේ ප්‍රශ්න හිතට ගන්න
ඉක්මනටම ඩිග්රි ගන්න 
සරසවි ටික ඇරලා දෙන්න

බොරු වියදම් අඩු කරන්න
වේතන ටික වැඩි කරන්න
අපේ අධ්‍යාපනේ රකින්න
ඇමති තුමනි දිරිය ගන්න


ප.ලි:- හිතේ අමරුවටම ලියන ලද්දකි,මක් නිසාද යත් සරසවි වසා ඇති බැවින් මඩවතිය නිවසට ගොස් ඇත ;)
 අඩු පාඩු ඇතොත් නොසලකා හරින්න.

33 comments:

  1. Replies
    1. මොන එල ද අප්පා :/

      Delete
  2. ඇයි අයියෝ.. අපි වෙනුවෙන් (2011 z අවුලෙන් අසහනයට පත් වුවන්) දිරිමත් කිරීමේ වැඩසටහනක් තියෙනවා කියලා ගෙන්න ගන්ටකෝ
    මඩවති අඬනවද අයියා බන්...?

    ReplyDelete
    Replies
    1. මාස 2ක් තිස්සෙ එක එක එව්ව කියල ගෙන්න ගත්ත දැන් කියන්න දෙවල් නැතුව ඉන්නෙ මචං.
      නෑ එයා නෙමෙ මං වලහෙක් වගෙ අඩන්නෙ සුදා මල්ලි :p

      Delete
  3. අඩේ..මටත් එමමයි එසේමයි බං.... ;)

    ReplyDelete
    Replies
    1. උන්ට මේව තෙරෙන්නෙ නෑ මචං නාඩි :/

      Delete
  4. ම්ම්ම්..ඒක තමා අප්පා.. ඉක්මනට කැම්පස් අරිනවා නම්..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඉවර උනොත් හොදයි.....

      Delete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ බං රජෝ සුභ වේවා නෙමෙ මේකට මැදිහත් වෙයන්කෝ

      Delete
  6. සුදු බන්ඩේට ඕවා ගාණක් නෑ බං.ලියපං මහ රජ්ජුරුවන්ට

    ReplyDelete
    Replies
    1. මහ රජාටනෙ මේ රටේ හැම මගුලම කරන්න වෙලා තියෙන්නෙ.වටෙ ඉන්න ඔක්කොම ගොන් හරක් නෙ.මහ රජාට වැඩ වැඩි නිසා මං අපේ අඩවි රජාට සීන් එක බාර දුන්නා;)

      Delete
  7. එඋන් දෙන්නගේ එඋව්වන් බැදලා වගේ හන්ද,තොපිලගේ දුක දැනෙන්නේ කොහෙද රෙදි නැතිව කඩේයන හන්ද,ගහමු අපි සැවොම එකතුවෙලා පොල් [අරක්කු නෙමේ] මුන්ගේ පවුල් පිටින් හැදී ගැවිලා යන්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මුන් අවසිහියෙන් කඩෙ යන නිසාද කොහෙද මෙහෙම වෙලා තියෙන්නෙ.ගොන් හරක් ටික ඔක්කොම අල්ලලා නැවක පටවලා පාලු දූපතකට පා කරලා අරින්න ඕනෙ.

      Delete
  8. බුදු සංතෝ
    දුකේ බැහැ අෆ්ෆා
    මඩවතිය උස්සන් වරෙන්කො

    ReplyDelete
    Replies
    1. ලගදීම උස්සනවා බං :P

      Delete
  9. iwasanna madaya ayye iwasanna......... :):)

    ReplyDelete
    Replies
    1. maaasa 2k hitiya eke thava tika davasak innava :)

      Delete
  10. පව්. කාගෙ උනත් දරුවෙක්නේ.

    සුදු බන්ඩෝ මේ අහන්න
    මුගේ ප්‍රශ්නෙ හිතට ගන්න
    කෙල්ල එක්ක රවුං ගහන්න
    මුගෙඑක වත් ඇරලා දෙන්න

    ReplyDelete
    Replies
    1. එකනේ මඩවතිගේ කැම්පස් එකවත් ඇරලා දෙනවා නම් ;)

      Delete
  11. මඩවතිය නැති දුකට අඬලා
    තිබේ "කයි පද" රසට ගොතලා
    පිකට් කරපන් මගට බැහැලා
    පද්දතිය ඇරපියව් කියලා

    සුදු බංඩා මාමා

    ReplyDelete
    Replies
    1. පිකට් පැත්තකින් තියල සුදු බන්ඩේව උස්සල ගහන්න ඕනේ පොලවේ :)

      Delete
  12. බන්ඩා මාමේ මේ අහන්න
    මූ අඩනවා බැහැ අහන්න
    මඩයා අයියා හම්බ වෙන්න
    ජපුරේ වත් ඇරලා දෙන්න

    (මූ කිව්වට තලහ වෙන්නෙපා හලිද.තාලේ එන්න ඕන නිසා දැම්මේ මෙයා ;) )

    මඩවතී <3

    ReplyDelete
    Replies
    1. අඃ මෙයා කියන එකේ ජපුර වත් අරින්නකෝ බංඩො :?

      Delete
  13. හවස මම ඔයාගෙ පෝස්ට් එක බලන්න යනකොටම යාළුවෙක් කෝල් කලා හරිද.මං අර පින්තුරේ දැක්ක ගමන් කිව්ව මේ,කැම්පස් පටන් ගන්නවලු හලෝ කියල.කොහොමද දන්නෙ ඇහුවම මං කිව්ව බ්ලොග් එකක දැක්කා.තවම පෝස්ට් එක කියෙව්වේ නැහැ.කියවල විස්තර කියන්නම් කියල.අච්චෝ..අන්තිමටයි දැක්කේ පින්තුරේ 'නෑ තාම' කියන කෑල්ල.. :)

    ReplyDelete
    Replies
    1. මාත් ඕක මුලින්ම දැක්කම රැවටුනා නොවැ :/
      පස්සේ තමා හරියට දැක්කේ :)
      ඒක නිසාම තමා මේ ෆොටෝ 1 දැම්මේ :P

      Delete
  14. බන්ඩගේ ගොං වැඩ නිසා බැනුං අහන්නේ අහිංසක අම්මා....

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත අපි ඒ අසරණ අම්මව මතක් කරලා බනින ඒක හොද නෑ.ඒ මනුස්සයා මෙව්වට පලි නෑ නොවැ :)

      Delete
  15. සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත..
    දින නියමයක් නොමැත සරසවි වැසී ඇත..

    ප.ලි. මේ පිළිබඳව වග කිවයුත්තන් කොටියම කාපිය. අනික මේ විදියට කැම්පස් වහල තියන්න උන්ට තියන සුදුසුකම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. කොටියා කාල මදි බං තව මොනවා හරි වෙන්න ඕනේ :/

      Delete
  16. කවි ටික හොඳය. කැම්පස් ඉක්මනින් පටන් ගනීවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ....!
      ඒක හොදයි...

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......