Saturday, October 13, 2012

"හොරෙන් කෙල්ලෝ දිහා බලන කොල්ලොන්ට "



                   
කට්ටිය මේක බලලා කියලා තියෙන වැඩේ කරන්න.කලින් දැකලා ඇති ඒත් කමක් නෑ ආයේ බලන්න


අද ලෙක්චර් එක මැද්දේ සර් මේක දාල බලන්න කිව්වා,බැලුවම මං මැජික් එක නම් දැක්කා.මේක අපි දැන් ආතල් එකට මැජික් වගේ බල බල හිටියට මේක කොහේදෝ කැම්පස් එකක කරපු රිසර්ච් එකක් ලු.

කොහොම හරි පරීක්ෂණය වෙන්නේ මේක දිහා තත්පර 15ක් බලන් ඉන්න එක

නිරීක්ෂණය වෙන්නේ අපේ ඇහැට පෙන මැජික් එක

එකෙන් ගත්ත නිගමනේ වෙන්නේ මේ රූපේ පාට නැති උනත් අපේ හිතේ තියෙන පාට ගැලපෙන විදිහට සෙට් කරන් ඇහැට රූපේ පේනවා.ඒත් මට හිතෙන එකක් තමා ලංකාවේ එවුන්ට ඔක්කොටම ගෑණු ළමයාගේ කොන්ඩේ පෙන්නේ කළු පාටට කියලා.මොකද අපේ මිනිස්සුන්ගේ හැම එකාගෙම හිතේ තියෙන්නේ කොන්ඩ කළු පාට කියන එක නේ.ඕක බැලුව මං දන්නා හැම කාටම කොන්ඩේ පෙනුනේ කළු පාටට තව එකක් තමා මේ ගෑණු ළමයාගේ පෙන පාට එක එකෙක්ට අනුව වෙනස් වෙනවා කියලා.එතකොට හරි නේ නිගමනේ ඇයි එක එක්කෙනාගේ හිතේ මැවෙන්නේ එක එක පාට නේ.මට මට මතක විදිහට ඈ කිව්වේ මේකේ වැඩි විස්තර එක්ක රිසර්ච් එක කරපු උන් දාල ඇති එක මට හොයා ගන්න ලැබුනෙත් නෑ ලැබුනත් තේරෙන එකක් නෑ :)


  කොහොම හරි අපේ සර් ඕකට අලුත් නිගමනයක් දුන්නා.

ඒ තමා කෙල්ලෙක් දිහා තත්පර 15කට වඩා බලන් ඉන්න එපා කියලා,මොකද දන්නවද ඒ අපි එක දිගට බලන් හිටියම අපිට පෙන දේ නෙමේ හිතට ඕනේ විදිහට මවාගෙන තමා ඇහැ බලන්නේ.මොකද අපේ හිත හැමතිස්සෙම හොයන්නේ ලස්සන දේවල් නේ.එතකොට අපිටත් හොරා අපි රැවටිලා.


ප.ලි :- මේ පොටෝ එක මං හොයාගත්තේ ලොවෙත් නෑ පේජ් එකෙන්


57 comments:

  1. ඒකත් ඒෙහමද
    ඒෙහනං වැඩිය බලන්ෙන්පා හරිද

    ReplyDelete
    Replies
    1. මං ඔයා දිහා නැතුව වෙන කොහේ බලන්නද ;)

      Delete
    2. අන්න මඩවතී හොද ප්‍රශ්න

      Delete
  2. මලේ මමත් මේක fb එකෙන් බලලා තියෙනවා. ඒත් විස්තරය රසවත්
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් අයියේ....!

      Delete
  3. නියමයි !
    මැජික් :)
    ජයම වේවා සහෝ :)

    ReplyDelete
    Replies
    1. හි හි
      ඔයාටත් ජය නගෝ....!

      Delete
  4. නියමයි නේ. මේ වගේම තව ෆෝටෝස් මම දැකලා තියේ මූණු පොතේ. :)

    හි හි. අර උඩම ඉන්න කෙනා කවුද හැබෑට? තත්පර 15ක් ඇස අරගත්ත කෙනාද? :D LoL (ජෝක්ස් හොදේ)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේක බුකියේ අම්බානට ශෙයාර් උනා

      ඔව් ඔව් එයා තමා
      මං තත්පර 15ට වඩා එයා දිහා බලන් හිටියා ;)

      Delete
  5. ඒක නම් මරු. දැන් එහෙනම් කරන්න තියෙන්නෙ අහක බලාගෙන ගිහින් කැමතිද අහන්න. හහ් හහ්

    ReplyDelete
    Replies
    1. ඔව් අහක බලන් ගිහින් ඇහුව නම් හරි එතකොට කෙල්ලට කොල්ලගේ මුණ පේන්නෙත් නෑ නේ :)

      Delete
  6. සෑර්ගේ නිගමනය හරියටම හරි බං....

    සර්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම අපේ සර්ට ජය වේවා,......!

      Delete
  7. ඇහ් ඒකත් එහෙමද ඈ......

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි කියලා කියන්නේ :)

      Delete
  8. මේක කලින් දැකල තිබුනත් විස්තරේ දන්නේ අදනේ...... ඔන්න එකත් අපේ මඩයගෙන්ම දැනගත්තා තැන්කු වේවා!

    ReplyDelete
  9. මඩයෝ, ඔය තියෙන්නෙ නෙගටිව් එකක්නෙ. මට නම් පෙනුනෙ ඔය පින්තූරෙම පොසිටිව් එක මිසක් වෙන මොකුත් නෙවෙයිද බං.
    උඹලගෙ බ්ලොග් බලලම මට මඤ්ඤංද මන්දා!:D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඩුඩ් අයියේ(අයියා කිව්වට කමක් නැද්ද මන්දා) මේ පොටෝ එකේ කිසි පාටක් නැතුව අපිට පාට පෙන්නේ කලින් මනසේ තිබ්බ පාට ගලපා ගෙන නේද?
      මේකේ brightness අඩු වැඩි සීන් එකත් ඒකට බලපානවා ඇති.හැබැයි එකක් අනිවා සුවර්.එක එක්කෙනාට පෙන පාට වෙනස් කියන එක.අපේ සර් සාමාන්‍යයෙන් බොරු කියන මනුස්සයෙක් නෙමේ :)

      මේ ඇත්තට මගේ බ්ලොග් එක කියෙව්වම මඤ්ඤං වෙනවද?

      Delete
    2. ආහ් තව එකක් හැම මනුස්සයට පාට හරියටම පෙන්නේ නෑ සමහර අයගේ ඇස් වලට රතු අඩුවෙන් පෙන්නේ,සමහරුන්ට කොළ අඩුවෙන් පෙන්නේ ඉතින් එහෙම වෙද්දී එක එක කෙනාට පේන විදිහ වෙනස් වෙන්න පුළුවන් නේද?

      Delete
    3. මඩයෝ, කලර් ෆෝටෝ එකක නෙගටිව් එක බැලුවොත් කලර්ස් රිවර්ස් වෙලා නේද පේන්නෙ. හැම කලර් එකේම රිවර්ස් එහෙම නැතිනම් නෙගටිව් කලර් එකක් තියෙනවනෙ බං. මට ඒ ඒ පාටෙ රිවර්ස් එක කොයිකද කියන්න නම් මතක නෑ. නමුත් හොඳට බලාපං නෙගටිව් එක දිහා. ඒක කලු සුදු නෙවෙයිනෙ බං. ඔය මූනෙ තියෙන්නෙ හමේ තැඹිලි ක්‍රීම් පාටෙ රිවර්ස් එක මිසක් කලු නෙවෙයි.

      හලේ. මම උඹේ ගුරුතුමාව කන්ට්‍රැඩික්ට් කරන්න කිව්වා නෙවෙයි. මට මොකටද උන්දැ එක්ක තරඟයක්. මම ඒ සබ්ජෙක්ට් එකත් නෙවෙයි කරන්නෙ. මම කිව්වෙ මගෙ මතය.

      උඹට ඕනෙ එකක් කියහං කොල්ලෝ. ඩූඩ් හරි, ඩූඩ් අයියා, මාමා, සීයා, බාප්පා ඕනෙ එකක් ස්ත්‍රී ලිංගික පද හැර. හෙහ් හෙහ්!

      උඹේ බ්ලොග් එක බලලා මඤ්ඤං වුනේ නෑ බොල. විහිලුවට කිව්වෙ.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    4. එල එල ඩුඩ් අයියා කියන්නම්.ඔව් ඔයා කියන ඇත්ත
      මං එකක් දන්නවා අපේ සර් පොටෝ ගැන වැඩිය දන්නේ නෑ ඒත් ටෙලිකොම් නම් හොදටම දන්නවා කියන එක :)

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අනේ මන්දා බං...හිතේ තියන පාට සංසන්දනය කරලා සුරුපිනියගේ මුණ පෙන්වයි කියන එක තේරෙන්නේ නෑ බං. කොන්ඩේ සුදු, හමත් සුදු එවුන් ඉන්න කෙල්ලෝ ඉන්න රටක කොල්ලෙක්ට දීල ඇහුවනම් හරි පෙන්නේ සුද්දීයෙක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. රිසර්ච් එක කරපු උන් කියන්නේ එහෙමයි මචං.උන් මේකට එක එක ජාතියේ මිනිස්සු ගන්න ඇති.එතකොට ඒක හරියට තහවුරු කරගන්න ඇති නේ :)

      Delete
  12. ඔක තමයි කෙල්ලො ගාව තියන මැජික් එක :P

    ReplyDelete
    Replies
    1. උන් අපිව රවට්ටලා බං ;)

      Delete
  13. හි හි.. කෙල්ලොන්‌ෙග් වටිනාකම ඒකනේ බං.. හි හි...

    මගේ මොලෙත් ඩුඩගේ වගේම අවුල් වෙලාද කොහෙද.... මට පෙනුනේ කුච් කුච් හෝතා හේ එකේ කාජල්ගේ කොට කොන්ඩේ වගේ ස්ටයිල් එකක් තයෙන කෙල්ලකේනේ බං... හි හි...

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ කොන්ඩේ දිග එකියක් නේ අක්කේ :)
      මේ ඔයාට පාට එක්ක පෙනුනා නේ :)
      පාට නොපෙනුනා නම් ඔයා දන්නවා නේ ඒ ඇයි කියලා ;)

      Delete
  14. සර්ගේ කටේ මසුරන් දාන්න වටිනවා බන්

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචං ...:)
      සර් ඉදලා හිටලා තමා කතාවක් කියන්නේ එකත් සුපිරිම එකක් තමා ඉතින් :)

      Delete
  15. මඩයෝ පොඩී පුරස්නයක් හෑව්...
    මේ... ඕක දිහා බලන් ඉන්න ගමන් තත්පර 15ක් ගනින්නේ කොහොමෙයි???

    O.o

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොර කරහන් බං කොලවෙරි ;)
      තත්පර පහළොව යන්න කලින් බලහන් අනිත් පැත්ත :)

      Delete
  16. හික්ස්ස්ස්ස්ස්ස්ස්.... ඒකත් මරුනෙ.. සර් කිව්ව කතාවත් මරු!!ඒඨ් ඕක කෙල්ලන්ට විතරද දැන් අදාල ?? කෙල්ලෙක් කොල්ලෙක් දිහා තත් 15ක් බලන් හිටියොත්??

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ඉතින් කොල්ලෝ දිහා හොරෙන් බලන්නෑලු නේ :P

      මං ප්‍රශ්නේ කවුරු හරි අහයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා :)

      Delete
  17. හෑ...එතකොට මම අලයා දිහත් තත්පර 15ට වඩා බලන් ඉන්න එපාද :ඔ :ඔ 

    ReplyDelete
    Replies
    1. පිස්සුද එයා දිහා බලන්න
      අනික දැන් සෙට් වෙලා ඉවර නේ සෙට් උනාට ඉතින් හැමතිස්සෙම ලස්සනට නේ පෙන්න ඕනේ පුළුවන් තරම් මුණ දිහා බලන් ඉන්න ඒ නිසා ;)

      Delete
  18. මමනම් තත්පර 14 යි බලන්නේ!

    ReplyDelete
    Replies
    1. හොර කලත් ඔය කෙලිව පේනවා බොල :)

      Delete
  19. තත්පර 15යි එහෙනම් තියෙන්නේ.. හ්ම්ම්ම්.. :)
    ජය වේවා..

    ReplyDelete
  20. මෙයත් හොයාගන්නෙ මාර වැඩ තමා නියමයි....

    ReplyDelete
    Replies
    1. සර් තමා කියලා දුන්නේ :)

      Delete
  21. මචන් මාර කේස් එක කියන්නේ මට පෙනුන කෙල්ලගේ කොන්ඩෙ දුඹුරු පාටයි මට රට යන්න වත් චාන්ස් එකක් තියෙද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ආහ දුඹුරු පාට කොන්ඩේ තියෙන කෙල්ලෙක් හීනෙන් පේනවා කියන්නේ රට ගිහිං රජ සැප විදින්න ලැබෙනවා කියලා හීන පලාපල කියන මිනිස්සු කියලා තියෙනවා :)

      Delete
  22. මේ වගේ සීන් එෆ්.බි එකේ දැකලා තියෙනවා බන් ඒත් අර්ථකතනයක් දැක්කේ අදයි.මොනා වුනත් සර් කාරයා හරියටම හරි

    ReplyDelete
    Replies
    1. සර් පට්ටයි
      ගෝලයොත් ඒ වගේම පට්ටයි :)

      Delete
  23. මචන් ඕකෙ හිතේ තියෙන දේ පේනවා නෙමෙයි. කළු background එකක negative පොටෝ එක තියල තියේනනෙ background එක සුදු උනාම positive එක පේනවා. බොරු නම් ඕක download කරල coulor invert කරල බලන්න. ඕනම දීප්තිමත් දෙයක් දිහා ටිකක් බලා හිටියම අපේ ඇහේ ඒකෙ image එකක් ටික වෙලාවක් ටියෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙන්චෛයා කියන කතාව ඇත්ත තමා
      ස්තුතියි පෙන්නලා දුන්නට

      Delete
  24. ඔන්න profile picture එක බැලුවනම් තේරෙයි.

    ReplyDelete
  25. බොලාගෙ කථාවත් ඇත්ත වගෙයි... මෙච්චර කාලෙකට හිතුනෙ නෑනෙ ඔහොම කථාවක්...

    ReplyDelete
    Replies
    1. සර් හිතලා තමා කිව්වේ
      සර් ලා ඉතින් ඔය වගේ තැනක ඉන්නේ ඒ නිසාම වෙන්න ඇති ;)

      Delete
  26. හෙහ් හෙහ් මරු බං...! විග්‍රහය.

    ReplyDelete
    Replies
    1. :)

      හි හි සර් තමා මග පෙන්නුවේ :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......