"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"
සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට දැනුනේ එයාගේ ආදරේ නෙමේ.
අවුරුද්දකට විතර කලින් තිබ්බ ඒ මූසල අඳුරු අතීතෙට මගෙ හිත දුවලා ගියා.මට මතක් උනේ මං ප්‍රියා එක්ක ගත කල ඒ සුන්දර කාලේ,හනේ ඒ දවස් වල අපි කොච්චර සංතෝසෙන් හිටියද අපි මුහුදු වෙරළේ ඇවිද්දා,සත්තු වත්තේ ගියා,කටුගේ බලන්න ගියා කොච්චර සුන්දරද ඒ ජිවිතේ.මං වැඩිපුරම ආස ඇස් දිහා කෙලින් බලන් ඉන්න සෙල්ලමට මුලින්ම ඇස් පිල්ලන් ගහන එක්කෙනා පරාදයි ඔව් ප්‍රියා මං හැමදාම ඔයාට පරාදයි පරාද උනාම ඔයා පරාදයි කියලා හිනා වේවි බලන බැල්මටත් මං හරි ආස කළා.මං හරි ආස කලේ ඔයාගේ අතේ එල්ලිලා හුරතල් වේවි ඉන්න අපි කිය කියා හිටියේ අපි තමා ලෝකේ ඉන්න වාසනාවන්තම ජෝඩුව කියලයි ඒ තරම් සංතෝසෙන් අපි හිටියා
මතකද අපි එදා කෝච්චි පාරෙ යද්දී වැටෙන්න ගිහිං ඔයා අල්ලාගෙන කිව්වේ කවදාවත් ඔයාව මගෙන් ඈතට යන්න දෙන්නේ නෑ රත්තරං කියලා නේද.ඒ දවස් වල ඔයා තමා මගෙ ජිවිතේ උනේ ප්‍රියා.ඔය දිග පුංචි ඇස් වලින් බෙල්ල පැත්තකට කරලා අහිංසක විදිහට බලද්දී කවදාවත් මාව තනි කරලා දාවි කියල මට හීනෙකින් වත් හිතුනේ නෑ මං මගෙ යාලුවෝ සෙට් එක මැද්දේ හරි ආඩම්බරෙන් කියෙව්වේ ඔයා ගැන.අපේ එක කොල්ලෙක්ට ඔයා දිහා හැරිලා බලන්න ඉඩ දුන්නේ නෑ.උන් හරි ඉරිසියා කළා අපේ ආදරේට.
සමහරු ඔයා එක්ක යාලු වෙද්දී,ඔයා යාලු වෙන්න ඇවිත් අහද්දී කිව්වේ ඕකි එක්ක යාලු වෙන්න එපා ඕකි එච්චර හොද එකියක් නෙමේ කිව්වහම මං ඔයාගේ පිටින් පෙනුන ඒ අහිංසකකමට,නිල් ඇස් වලට,රෝස කම්මුල් වලට මගෙ හිත ගියා යාලුවෝ කිව්වා අනිත් දේවල් ඔක්කොම යට ගියා මං ඔයාට ආදරේ කලා.
අපි ආදරේ පටන් ගත්ත දවස් වල හැමතිස්සෙම ඔයා මා එක්ක කතාව,හැම වෙලේම මං ගැන හොයලා බැලුවා මටත් නොදැනීම ඔයා මගෙ ජිවිතේ උනා.ඒ විදිහට ආදරේ කරද්දී මට දරාගන්න බැරි උනා රත්තරං සත්තයි මං හිතුවේ හැමදාමත් ඔයා මගෙ කියලා ඔයාගේ ආදරෙන් මං උමතු වෙලා හිටියේ අපි අපෙන් තොර ලෝකයක් මට හිතා ගන්න බැරුව ගියා.අපි කවද හරි මැරෙයි කියන එකවත් මගෙ හිතට ඇවිත් තිබ්බේ නෑ මං හැමදාම හිතන් හිටියේ අපි අමරණිය පෙම්වතුන් වෙලා හැමදාම ලෝකේ ජිවත් වෙලා ඉදිවී කියලා ඒ තරම් ඔයා මුල් දවස් වල ආදරේ කළා
ඔයා කලක් යද්දී අමුතු යෝජනා ගෙනාවත් මං ඒවට අකමැති උනේ අම්ම කියපු කතාවක් නිසා ප්‍රියා.මං හොදට හිතේ තියන් හිටියා පුළුනුයි ගින්දරයි එකට තිව්වම ඇවිලෙන වග,ඒත් ප්‍රියා මං ඔයාගේ ආදරෙන් මං අන්ධ වෙලා හිටියේ ඔයා සැරින් සැරේ ගෙනාපු ඒ යෝජනාවට මං කැමති උනා.මං ඒ අඳුරු කාමරේදී කසිකබල් ඇදක් උඩ කොල්ලෙක්ට තියෙන වටිනාම දේ ඔයාට දුන්නා ඔව් ප්‍රියා ඔයා එදා මගෙ කුමර බඹසර බින්දා ඒත් එක මං ගනන් ගත්තේ නෑ මොකද ඔයා මගෙම විතරක් කියලා හිතාගෙන හිටිය නිසා.ඒත් ඔයාට මගෙ ආදරේ නෙමේ ඕනේ උනේ මගෙ වෙන වෙන දේවල් ඔයා බලාපොරොත්තු උනේ ඔයාට ඒ ඕනේ උන දේ අරන් ඔයා ගියා මං තනි උනා.ගමේ කෙල්ලෝ ටික මං යද්දී දැන් මගෙ දිහා බලන්නේ හරි අමුතු විදිහට,ගම වටේ මට කතා හැදිලා කඩේට වත් යන්න බෑ ටවුන් එකේ කෙල්ලෙක් අතින් සල්ලන් උන ප්‍රියලාල් කියලා මට කතා හැදිලා.මට මේවට කොහොමද මුණ දෙන්නේ අසරණ අම්මයි තාත්තයි නැත්නම් මං මෙලහකටත් ගඟේ මුදේ පැනලා ජිවිතේ නැති කරගන්නවා.
සසිකලා ඇවිත් ආදරේ කිව්වම මං මේවා කොහොම එයාට කියන්නද.මං කොහොමද කියන්නේ මං දැන් කොල්ලෙක් නෙමේ මහ මිනිහෙක් කියලා.කවුද කැමති වෙන කෙල්ලෙක් අතින් සල්ලන් වෙච්ච කොල්ලෙක්ට.මේවා ඔයා දන්නවා නම් මගෙන් කැමතිද අහන්නේ නෑ.මං ඔයාට කොහොම උත්තරයක් දෙන්නද සසි???මං මේවා ඔක්කොම ඔයාගෙන් හංගලා ඔයාට කැමැත්ත දුන්නත් කවදා හරි ඇත්ත එලි වෙනවා මට එතකොට වෙන්නේ මංගල රෑ එළිවෙනකන් ඔයාගෙන් සමාව යදින එක විතරයි මං අසරණයි සසිකලා මං අසරණයි දෙයියනේ මං අසරණයි.........!
ප.ලි :- මඩගැසීමක් නොවේ.සත්‍ය සිද්ධියක් ඇසුරෙන් ගොතන ලදී.නම් ගම් සහ සිද්ධි මනඃකල්පිතයි.
අහෝ අනේ අපොයි........
ReplyDeleteමඩයාගේ කෙලසුණු පතිවත........
මලකි තිතකි මල් වඩමකි කොමාවකි ඇල ඉරකි......
ධබාගේ කොමෙන්ටුවට මම ලයික් :D
Deleteටැන්Q ටැන්Q ළිහිණි......
Deleteමං කෙලසුනේ නැතෝ :/
Deleteහයියූ...අනෝ ඔයාගේ කුමර බඹසර...පව් අෆ්ෆා ඔයා....ගමේ ගෑණු මිනිස්සු මොනවා නොකියයිද නේද...
ReplyDeleteඇත්තම කියන්නම්...අන්තිම ටික කියොනකොටනම් හිනා ගියාට මොකද මුල් ටික නම් සිරාවටම මට මේක ඇත්තම එකක්ද කියලා හිතනා..පට්ට...
රැවටුනා නේ ;)
Deleteමං නෙමේ බොල කෙලසුනේ :/
ඔව් බං ප්‍රියලාල් අම්බානට මානසිකව වැටිලා ඉන්නේ :P
මේක මුලින් කියවන් එද්දි - කුතුහලය
ReplyDeleteමැදදි - අම්මපා මෙහෙම ගෑල්ලමයිනුත් ඉන්නවා නේද
අන්තිම ටිකේදි - ඇස් දෙක කුරුම්බැට්ටි සයිස් විය.. :O :O
හූඌඌඌඌඌඌ..... :)
Deleteලොවෙත් කමෙන්ටුව ඈ...
හැමදාම රවට්ටන්නේ නෑ නේ :)
Deleteඅනේ මාත් රැවටුනේ මෙහෙම එකෙක්ටද!!
ReplyDeleteකෙලෙසුණු මඩයෙකුට පෙම් බැඳි
Deleteමඩවතියකගේ සැබෑ ආදර අන්දරය.......
කොහොම එකෙක්ටද බොල ?
Deleteමඩයා දුෂණයට ලක් වූ වගයි! අනේ පවු අසරණ මඩවති!!
ReplyDeleteමඩවති නෙමේ මං පවු
Deleteඅනික මේක ප්‍රියලාල්ගේ කතාව මගෙ නෙමේ :(
මේ ටික කමෙන්ට් කරපු ටිකට....
ReplyDeleteඉතිං ඕක හිනාවෙන්න ඕනේ දෙයක්ද යකුනේ.....
කෙල්ලෙක්ට ඔය ටික උනා කිව්වනම් ඔක්කොම වටවෙලා විස්සෝප වෙනවා.... අරුන් දෙන්නට බනිනවා... කොල්ලෙක්ට ඔය ටික උනාම හිනාවෙනවා....
කෙල්ලෙක්ට වගේ මංගල රාත්‍රීයෙදි පිරිසිදුකම ඔප්පු කරන්න ඕනේ කමක් නැති හින්ද වෙන්නැති නේ....
උඹලා දන්නැති උනාට කුමර බඹසර රැකගන්න එකේ වටිනාකම දන්න, ඒක රැකගන්න දඟලන කොල්ලොත් ඉන්නවා හොඳේ....
මීගොඩය වගේ නේද හිරූ ....
Deleteඔන්න ඇහුවා...
Deleteමම කොහොමද ඒක දන්නේ....
හි හි.....
(එහෙම නම් හොඳයි..... හි හි)
නෑ මී මලේ අපේ මහත්තයා....
Deleteහැබෑට හිරු අක්කෙ මොකක්ද ඔය කුමර බඹසර කියන්නෙ ....? :ඇ
Deleteඅන්න හරි නලීන් අයියේ.... හි හි
Deleteධබෝ..... මේකා මේ ඕකවත් දන්නැතුවද මෙතන කොට කොට ඉඳලා තියෙන්නේ.. දුවලා ගිහින් අර මඩයාගෙන් අහගත්තොත් හොඳයි ඔය මොකද්ද කියලා.. නැත්තම් ඕක නැති උනාට පස්සේ දුක් වෙන්න තමා වෙන්නේ... හි හි...
අම්මට සිරි හිරු අක්කේ මාර සීන් කෝන් එකනෙ
Deleteමම මඩයගෙන් ඇහුවා ..... ඌත් ඒක හරියට දන්නෙ නෑ.....
ප්‍රියා අක්ක තමා කියල තියෙන්නෙ දවසක්
" ප්‍රියලාල් මගේ 'අතින්' එදා ඔයගෙ කුමර බඹසර නැති උනා....."
"මට නම් නාල ගෙට ගියාම අවුලක් නෑ...."
"ඒත් ඔයාට එහෙම බෑනෙ කොහොම හරි ලෝකයාට මූණ දෙන්න විදියක් හොයා ගන්න ....."
ඉතිං ඔන්න ඔහොමයි වෙලා තියෙන්නෙ.....
දැන් අපි මොකද කරන්නෙ....?
අනේ මඩයාගෙ නැති උනු "එක" හොයාගන්න පොඩි උදව්වක් කරන්න......
පව්නෙ අපේ මඩයා.....
ප.ලි: හිරු අක්කෙ මේක විහිළුවක් හොඳේ......
@ හිරු අක්කේ :- මේක ආතල් එක්ක නේ අක්කේ :/ ,ඔය කියන එව්වා රැකගන්න දගලන කොල්ලෝ අතරේ මඩයත් ඉන්නෝ හොදේ ;)
Delete@ ධබා:- ගොතයෝ මේක මට උන එකක් නෙමේ කියලා තෝ දන්නවා නේ :)
ලෑ මල් ලල්ලෑ අලේ ඔවා..... :P
Deleteකුමර බඹසර සමාජයේ අඩුවෙන් කථා බහට ලක්වෙන මාතෘකාවක්... මඩයා ලස්සනට මේ කථාව ලියලා තියෙනවා...පන්තියේ ඉන්න ලස්සනම කෙල්ල සසිකලා නම් ඒකි ඩිමාන්ඩ් නොවැ... ඉතිං ඒකිම ඇවිත් කොල්ලෙක්ට ආදරෙයි කියාවිද... අන්න එතැන විතරක් ලියවිල්ලෙ විශ්වාසය බිද වැටිලා කියලයි මට හිතෙන්නෙ....
ReplyDeleteපණ්ඩිත් අමරදේවයන්ගේ මේ ගීතයත් අහලා ඇති නොවැ....
කුමරියක පා සලඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බබසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිදුනා
කුමරියක පා.....සලඹ සැලුනා
...............
උකුල ලැමහස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සලුතිර
විවර කෙරුවා මනස් සලෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අභියස මැවෙන තුසිතය
සුරන් නැලවූ..........සුයාමය
කුමරියක පා සලඹ සැලුනා
...............
නිසල ජීවන තපෝවන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල්පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවූ...........සුයාමය
කුමරියක පා සලඹ සැලුනා
මම ආසම සින්දුවක් බං....
Deleteඅපිට මේ මෑතක් එනකං තිබ්බ ප්‍රශ්නයක් තමා ඔය “මලවිකරලිය“ :)
ඒ මටත් මේ සිංදුව මතක් උනා හික් හික්
Delete@ සිරා :- මට කියන්න ඕනේ උනේ ප්‍රියලාල් කාවවත් රවට්ටන්නේ නැතුව ඉන්නවා ඒ අතරේ සසිකලා ආදරේ හොයන් එනවා කියලා.මං ඒ සින්දුව කලින් අහලා තිබ්බේ නෑ හොයලා ඇහුවා :)
Delete@ රජෝ :- මටත් හෙන අවුල ඔය මලවිකරලිය මොකද්ද කියන එක.තාමටත් දන්නේ නෑ :/
එතකොට මඩයත්???? ආපූ.....ඊයා
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පිස්සුද රජෝ එහෙම නෑ
Deleteආයේ හරියට කියවපිය :/
මඩේ නියමයි ඈ....
ReplyDeleteතෑන්ක් යු අයියේ ...!
Deleteසම්පූර්ණ වැරැද්ද ප්‍රියලාල්ගේ, කොල්ලෙක් විදියට තේරුම් ගන්න තිබ්බ පිරිසිදු කම කියන එක කොච්චර වටිනවද කියලා.. කෙල්ලන්ගේ චාටු වලට රැවටෙන්න ඉස්සෙල්ල.. උන්ටනම් මොකො නාල ගෙට ගිහාම ඔක්කොම අහවරයි.. ඒවගේද අපිට . ජීවිතකාලෙම මකන්න බැරි කිළුටක් තුරුළුකරගෙන ලෝක නව නිංගිරා විඳගෙන ජීවත් වෙන්න වෙනවා..
ReplyDeleteඒත් හැම කෙල්ලම එහෙම නෑ, උඹව තේරුම් ගත්ත වරදට සමාව දෙන කෙල්ලෙක් උඹට හම්බවෙයි
ඔන්න ධබා මේකට එකෙන්ම ලයික් ඈඃ.......
Deleteඇත්ත ප්‍රියලාල්ගේ නොසැලකිල්ල.කොල්ලෙක් උනාම තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕනේ.අපි මොනවා කලත් සමාජෙට වැරදි.කෙල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නෑ.එයාලගේ මොකුත් හොයන්නේ නෑ නේ.බුද්ධියෙන් වැඩ කළා නම් ප්‍රියලාල් දුක් විදින්නේ නෑ නේ :)
Deleteඅහෝඕ කෙදවචකයකි........!!!
ReplyDeleteඅවාසනාවට ඇත්ත කතාවක්.හැගීම වලට යටවී ජීවිතය වරද්දාගත් තරුණයෙක් :)
Deleteහපොයි මදයව රේප් කරලා කෙල්ලෙක් කෝ ඔය කෙල්ල අල්ලලා ගහනවා දඬු කඳේ
ReplyDeleteමඩයා මෙව්වට අදාළ නැත මඩයා ජීවිතය වරද්දා නොගත් පිරිසිදු කොල්ලෙකි :)
Deleteකථාවට නොනැගෙන මාතෘකාවක්...කියන්න දෙයක් නොතේරෙයි...
ReplyDeleteකමක් නෑ ඕනේ දෙයක් කියන්න අප්පා :)
Deleteඈ බොල මඩයො, උඹේ ඇස් බොර පාට වුනේ මඩයා හන්දාද?
ReplyDeleteඅරකිගෙ අතින් සල්ලං වෙච්ච අහිංසක මඩයව බාරගත්ත මඩවතීටයි මේ උපහාරය.
මම කියවලා තියෙන හොඳම නිර්මාණාත්මක පෝස්ට් වලින් එකක් මේ මඩයා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හනේ......මට උන සිද්දියක් නෙමේ
Deleteඅනික මගෙ ඇස් බොර පාට නෑ කිරි සුදට තියෙනවා
තෑන්ක් යු ඩුඩ් අයියේ....!
තැන්කූ වුඩ් අයියේ!!
Deleteඒ උනාට මේ මගේ මඩයා අපේ අම්මට බයේ ඔපරේෂන් 1ක් කරගන්න ඕන ලු
අනේ ඉතිං පුලුවන් නං පොඩි උපකාරයක් කරන්න
ඔපරේෂන් නොකලත් කමක් නෑ සල්ලි වලින් උපකාර කරනවා නම් ;)
Deleteමචන් මේක ඇත්ත කතාවක් කියල මට විශ්වාස කරන්න තත්වෙට එන්න ටිකක් අමාරුයි. මොකද මේවගේ කතාවක් මම ඇහුවමයි, කොල්ලෙක් පසුතැවිලි වෙන එක ගැන මේ විදිහට.
ReplyDeleteමේක උඹ ගොතපු කතාවක් නම් ඒක සුපිරි අදහසක් මචන්...කෙල්ලෙක්ට වෙන දේ කෙල්ල හිතන විදිහට කොල්ල හිතනවා. මේ සංකල්පේ පට්ට මචන්.
අඩේ විස්වාස කරන්න බැරි එක සාධාරණයි මොකෝ මේක ගොතපු එකක්
Deleteතෑන්ක් යු හොදේ මචං...!
හුටා මඩයා කෙලෙසුනාද?
ReplyDeleteතාම නෑ නිශානයෝ :)
Deleteහෆ්ෆටසිලි බොල... මේකා කෙලසිලා.. හෆ්ෆුච්චියේ..මඩයෝ...... :D
ReplyDeleteබොල බං හිතුවක්කාරී මං ප්‍රියලාල් නෙමේ මං මඩයා :)
Deleteමඩයට උන දෙයක්. මාව කරකොල අතැරිය වගේ උන අන්තිම හරියට එද්දී.
ReplyDeleteහි හි මට ඕනේ උනෙත් කට්ටියගේ ඇස් ලොකු වෙන ජාතියේ පොස්ට් එකක් ලියන්න තමා :)
Deleteහච්චෝ මාර කතාවක් :)
ReplyDeleteපිස්සු හැදෙනවා නේ ;)
Deleteහයියෝ!
ReplyDeleteමඩයටත් වුන දෙයක්!
මඩයා යහතින් සිටි ප්‍රියලාල් දුකින් සිටි :)
Deleteමේව අහල පණ පළයන් ලබන පෙරේදා...
ReplyDeleteපිස්සුද එහෙම එපා :)
Deleteහැපෝ... කරකෝලා කරකෝලා ආයේ කරකෙව්වා ඈ... :O
ReplyDeleteමඤ්ඤන්ද පති ඔෆ් වත o.O
හි හි අවුලක් නෑ අන්තිමට තේරුනා නේ :)
Deleteඑකෙන්ම මඤ්ඤන්ද පති ඔෆ් වත ;)
හිකිස්..
ReplyDeleteහරිම ලොල් සහගත සිද්ධියක් මචන්.නියම පෝස්ට් එක.. එළ..!
මේක නම් පට්ටයි
ReplyDelete