Tuesday, October 9, 2012

ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා..!!


අපේ පොඩි එකා මට වඩා අවුරුදු පහක් බාලයි.වෙලාවකට ඒකා මහා වාතයක් ඒත් වෙලාවකට හිතෙනවා එහෙම නෑ කියලත්.නංගි මා එක්ක ෆිට් නිසා මං  නංගි එක්ක ඕනේ එකක් කියනවා ඒත් මල්ලි එක්ක කියන්න පුළුවන් දේවල් අඩුයි.ඌට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඒත් අනේ මන්දා ඌ හරි අමුතුයි තේරුම් ගන්න අමාරුයි.පොඩි කාලේ ඌට බැන්නොත් සමහර වෙලාවට අඩාගෙන දුවනවා ඒත් සමහර වෙලාවට කැති මන්න උස්සන් ගේමට එනවා.ඌත් නිකන් නුවර කාලගුණේ වගේ


ඌට මොකක් හරි වැඩක් කරගන්න ඕනේ උනොත් උදේ හවස කෝල් කර කර මං ගැන විස්තර හොයලා අන්තිමට උගේ වැඩේ ගැන අහනවා උදේට කෝල් කරන්නෙත් පට්ට උදෙන් දෙයියනේ ඒ වෙලාවට මං නැගිටලත් නෑ ඌ මුලින්ම අහන්නේ අයියේ කොහොමද කියලා නේ ඉතින් බනින්න හිතෙන්නෙත් නෑ  ඌ එහෙව් එකා.පොල් කඩන කාලෙට පොල් ගොඩෙන් පොල් උස්සලා ඒවා වේලලා කොප්පර කරලා තාත්තටම විකුණලා සල්ලි ගන්නවා.ඌ හෙන කට්ටයා.ඒත් ඌ ගැන මං හිතන් හිටියා වැරදි.එකගේ මට නොපෙනෙන හොද පැත්තක් තියෙනවා.

මං දෙයියනේ කියලා මගේ කුළුදුල් ප්‍රේමය පටන් ගත්තට පස්සේ නංගිට විස්තරේ කිව්වා ඒත් මල්ලිට ඕව කියන්න ගියේ නෑ මොකද ඕකට තරහ ගිය වෙලාවක ගෙදර මිනිස්සු ඉන්න තැන ඕක කියලා කෑගැහුවොත් අනාථයි නේ.මං ගෙදර ගියාම මගේ පෝන් එක වැඩියෙන් තියෙන්නේ පොඩි එකාගේ අතේ.මැසේජ් එකක් ආවත් අයියේ මැසේජ් එකක් ආව කියලා ගෙනත් දෙනවා මං එකට රිප්ලයි කරලා ආයේ පොඩි එකාට පෝන් එක දෙනවා ඩිලිවරි රිපෝට් එක එද්දී පෝන් එක එද්දී පෝන් එක උගේ අතේ ඒත් ඌට කාටද යැව්වේ කියලා බලාගන්න වෙන්නේ නෑ ඌ හැමදාම දකින්නේ මඩවතිගේ නමේ මුල් අකුර විතරයි.කොහොම කොහොම හරි ඕක දැකලා දැකලා මල්ලි දවසක් නංගිට කියනවාලු.

"අක්කේ දන්නවද අයියා කෙල්ලෙක් යාලු කරන් කියලා?"

"නෑ මල්ලි මට කිව්වේ නෑ "

"බබා වෙන්න එපා, අක්කට අයියා ඔක්කොම කියනවා නේ මට නොකිව්වට"

"නෑ නෑ මට කිව්වේ නෑ"

"කොහොම හරි "*" අකුරෙන් පටන් ගන්න කවුරු එක්ක හරි යාලු වෙලා ඉන්නේ" 
"ඔයත් අයියා මැසේජ් කරන වෙලාවක ෆෝන් එක අරන් බලන්න ඩිලිවරි රිපෝර්ට් එක එද්දී නම වැටෙනවා" 

"මං අයියගෙන්  අහලා බලන්නද ?"

"අඃ මේ  අක්කා පැත්තකට වෙලා ඉන්න ඒ කට්ටියට ඒක කරගන්න දීලා "
"අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව අක්කට ඉන්නම බෑ නේ "

මේ සිද්ධියෙන් පස්සේ පොඩි ඒකා ගැන මගේ හිතේ පැහැදීමක් ඇති උනා ඌ සිද්ධිය දැනගෙනත් නංගිටත් කියලා අහන්න එපා කියලා.නංගි උනත් සිරා එයත් සීන් එක දැනගෙන මල්ලි අහද්දී කියලා තිබ්බෙත් නෑ කොහොම කොහොම හරි දෙන්නා මාව ශේප් කළා.අනිත් සිද්ධිය උනේ ඊයේ පෙරදා.

මගේ තුන් අවුරුදු simbian ප්‍රේමයට කෙල උන නිසා අම්මගෙන් ලෝන් එකක් දාලා Android ප්‍රේමයක් කැන්දන් ආවා.ඒත් මං ඒක කැන්දන් ආවේ සිම්බියන් එකී ඉද්දීමයි,ඒක අබලන් උනත් පාවිච්චි කරන්න පුළුවන් තත්වේ තිබ්බා ඒත් මං ඒක පොඩි එකාට දුන්නේ නෑ මොකද එහෙම දුන්නා නම් ඌ අනිවා අහනවා කාගෙන්ද සල්ලි ?කොහෙන්ද?අම්මා අයියට සල්ලි දෙනවා නම් මටත් ඕනේ .ඔය වගේ කේස් නිසා මං ඌට නොදුන්නේ.කොහොම හරි මං මේ ලගදි ගෙදර ගිය වෙලාවක ඌට මගේ ලග පෝන් එක තියෙන වග මාට්ටු වෙලා.ඒකා මට මොකුත් කිව්වේ නෑ .නංගිට කියලා

"අයියා අර පෝන් එක විකුණලා නෑ අක්කේ "

"කොහොමද දන්නේ?"

"මං දැක්කා අයියගේ බෑග් එකේ තියෙනවා"
"මං ඉතින් පොර ගෙන් ඇහුවේ නෑ ඇහුවා නම් කට උත්තර නැති වෙනවා නේ"
"කොහෙන්ද දන්නේ නෑ  නේ අක්කේ අලුත් එක ගන්න සල්ලි"
"මං හිතන්නේ අක්කේ අර අක්කා අරන් දෙන්න ඇත්තේ"
"අයියා යාලු කරන් තියෙන්නේ හොද සල්ලි තියෙන අක්කා කෙනෙක්ද කෙහෙද "
"අක්කා අයියට ඕක කියන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!"


මෙහෙම වෙද්දී ඉතින් ඌ වාතයක් කියලා අතඇරලා දාන්න බෑ නේ.ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා.මට මෙච්චර කල් උගේ අගේ තේරිලා නෑ නේ.මෙවන් මල්ලිලා සදා වාසනා.....!!!!!!!!!!!!!!

61 comments:

  1. අනේ මගේ ෆෝන් එක මල්ලි දැක්කා නං වහාම කියපුවා ඉල්ලා අස් කරගන්නවා :D :D :D

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඩෙෆා....
      අනික ඌ කැමති ටච් ෆෝන් එකක් තියන නෑනා කෙනකුට විතරයි..... :D

      Delete
    2. එහෙනම් ධබා ව නෑනා විදියට හොදයි කියයි ද දන්නේ නෑ...

      Delete
    3. ඔය ඉතිං මඩවතී මගෙන් සිංහල කුණුහපර දෙක තුනක් අහගන්ට තමා දඟලන්නෙ..... :ලොල්

      Delete
    4. මෙන්න මඩයෝ උබේ ඒරියා එකේ මඩවතීට බනිනවා මූ

      Delete
    5. @ මඩවති :- අම්මපා ඔය ෆෝන් එක දැක්කොත් අනිවා ඉල්ලා අස් කරනවා.ඒ මදිවට මට නඩුවකුත් දාවි ඔයාව හරියට නඩත්තු කරන්නේ නෑ කියලා :)

      @ධබා:-අවුලක් නෑ ඒ කාලේ වෙද්දී ටච් එකක් තියේවි :)

      Delete
    6. @ ඇනෝ :- එව්වා කොහෙද මා එක්ක ;)

      Delete
    7. ඔන්න ඉතිං මඩයගෙයි ධබාගෙයි පිට් එක නිසා මඩවතී බේරුණා......
      අනේ ඉතින් දෙයියනේ කියල මටත් අනාගතේදි වෙන්න නෑනනෙ.....
      අපි ඔය තරහ මරහ අමතක කරල දාමු.....

      මේ ඔය ඇනෝල කෑ ගහන නිසා නෙවෙයි හරී.....

      ""වෙස් මුහුණු බැඳන් ආවට නෑ අපි රැවටෙන්නේ.....""

      Delete
  2. සිරා සිරා ඩයල් එක මං වගේ අහිංසක කොල්ලෙක් :p

    ReplyDelete
    Replies
    1. හි හි ඌ සමහර වෙලාවට අහිංසකයි ;)

      Delete
  3. මට උන්නෙ නෑනෙ ඔහොම මල්ලියෙක්...බලාගෙන ගියාම මඩයෝ ඔයාට ඉන්නෙ නම් සිරාම සිරා මල්ලි කෙනෙක්....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අක්කේ.ඌ සමහර වෙලාවට වාතයි තමා ඒත් ඌ සිරා පොර :)

      Delete
  4. එහෙමද එහෙමත් නැත්තන් අයියට මල්ලි වගේ මල්ලිටත් අයියව වාතයක්ද දන්නෑ...

    :ඩී...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකත් එහෙමද දන්නේ නෑ o_0

      Delete
  5. හනේ මෙවන් මල්ලිලා වාසනාවන් ඈ!!! :)

    ReplyDelete
  6. එතකොට නඟා සේරම වන කරලනේ බන්

    ReplyDelete
    Replies
    1. අම්මෝ මඩයගෙ නංගි තමා ඔය ඔක්කොම ගානට බැලන්ස් කරල තියන්නෙ මොකද එයා රඟපාන්න එහෙම දන්නෙම නෑ.......... දන්නව නොදන්නව වගෙ ඉන්න .... ඇයි මඩ ගහන්නත් උපන් හපනි මඩය වගේම තමා.... ආඃ තව මඩයගෙ වීර ක්‍රියා ගොඩකට අනුග්‍රහ කරල තියනවා... මඩයගෙ මලය පව් ඌ රැවටිලා ඉන්නේ අක්කගෙ රංගන කුසලතාවට..... අන්න අදහන්න වටින නංගිලා.....

      Delete
    2. මෙයා මඩයගේ නංගි ගැන නම් හොදට ඇන්ටනාව දාගෙන වගේ නේද ඉන්නේ..... මඩයට නංගිව පරිස්සම් කරගන්න වෙන්‌ෙන් එයාගේ අතිජාත මිත්තරයගෙන්මද දන් නෑ... හි හි....

      Delete
    3. හිරු අක්කේ සිරා කතාව!!
      අනේ මගේ නෑනා පොඩ්ඩ මොනා උනත් හොද කෙලි පොඩ්ඩ.අමාරුවෙ වැටෙන්න දෙන්න බෑ..

      Delete
    4. ඔන්න ඔන්න ඉතිං රෝන්ග් ටෝක්ස් දානවනෙ මේ ධබා ඔය අනං මනං නෑ අරී......

      Delete
    5. @ අවතාර් :- නෑ බං නංගි තමා දෙපැත්ත බැලන්ස් කරන්නේ.එයා ගානට වැඩේ කරනවා :)

      @ ධබා,හිරු අක්කා,මඩවති:- මං හිතන්නේ නෑ ඔය කියන විදිහේ අවුලක් එවි කියලා

      Delete
    6. ආං අහපල්ලා ධබා ගැන මඩයගෙන්....... :p

      Delete
  7. අදහන්න වටිනවා තමා

    ReplyDelete
  8. Replies
    1. ;) උඹ දන්නවා නේ ඉතින්

      Delete
  9. නියම මල්ලි කෙනෙක්නේ! :)

    ReplyDelete
    Replies
    1. සිරාවට ඌ අයියා වගේම නියමයි :)

      Delete
  10. මට නම් මල්ලි නෑ.ඒත් අපේ අයියා කරන හැම දෙයක්ම කියන්නේ මට.අපේ අක්කට මෙලොවදෙයක් කියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මං පොඩි එකාට නොකිව්වට ඌ දන්නා දේවල් ටික හොදට රකිනවා :)

      Delete
  11. හොද මලයෙක් බං. මගේනම් හැම මගුලම දන්නේ මල්ලි.උගේ ඒවා දන්නෙත් මං විතරයි.. :)

    ReplyDelete
    Replies
    1. මං ගෙදරින් පිට ඉන්න නිසා ඌයි මායි සෙට් වෙන්නේ කලාතුරකින් නේ ඉතින් ඒක නිසා වෙන්න ඇති හැම දේම මල්ලිට නොකියන්නේ :)

      Delete
  12. හි හි... මල්ලි නරක නෑ... මිනිහට අයියට වඩා මොලේ තියෙනවා.. ඌ කවදහරි අල්ලගන්නේ සල්ලි තියෙන කෙල්ලෙක්.. අයියා වගේම කරන්න ගිහින්.. ඒකත් නරක නෑ ඉතිං... හි හි...

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මටත් හිතෙනවා ඒකට මට වඩා මොලේ තියෙනවා කියලා :P

      Delete
  13. හනේ ශෝක් අනේ..ෂෝයි පැන්චෙක් වෙන්න ඇති..:)

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් පැන්චා.දැන් නම් මහා දන්ඩේක් :)

      Delete
  14. අලේ...මට කවුරුත් නෑ :( අපරාදේ..
    ජය වේවා!!!

    ReplyDelete
  15. හිකිස්‌!!! මරු මල්ලියෙක් අනේ.. :)
    මට නෑ නේ ඔහොම එක්කෙනෙක්.. :(
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම එවුන් ලබන්න මං වගේ පින් කරලා තියෙන්න ඕනේ ;)
      ඔයාටත් ජය වේවා අක්කේ....!

      Delete
  16. මගෙ කාපාපු පලුවක්ද කොහෙද? :P

    ReplyDelete
    Replies
    1. හි හි මං හිතන්නේ උඹ ටිකක් හොදයි ඌට වඩා ;)

      Delete
  17. අයියට වඩා හොඳ ඩයල් එකක් වගේ.. හික්ස්.. :) ජය වේවා..
    කොහොම වුනත් අන්තිමට ඉතුරු වෙන්නේ ලේ වලින් බැඳුනු අය තමා.

    ReplyDelete
    Replies
    1. අයියත් හොදයි හොදේ :/
      අම්මපා ඒක නම් ඇත්ත :)

      Delete
  18. සිත්තමීටත් ඉන්නේ ඔය පණ වගේ සහෝ කෙනෙක්....ඔය වගේ සහෝලට දෙන්න බැරි දෙයක් නෑනේ මඩයා....චුට්ටක් ඒ වගේ අයට අපි ගොඩක් ලං වෙන්න ඕනා...

    හැමෝටම අපිට වගේ සහෝල හම්බවෙන්නෙ නෑ...මම දැකපු ගොඩක් සහෝල මරා ගන්නවා.ඉරිසියා කරනවා එ‍ක්කෙනෙකුට එක්කෙනෙක්...

    ඒ අතින්නම් මම හරි වාසනාවන්තයි.මගේ ජීවිතේ පණ මගේ මල්ලි...ඒ වගේමයි එයත් මට...

    ReplyDelete
    Replies
    1. මන්දා මූ තව ටිකක් ලොකු වෙද්දී තියෙන පොඩි පොඩි අවුල් ටිකත් හරි යාවි.එතකොට පට්ටම පට්ට ඩයල් එකක් වේවි.දැනුත් අවුලක් නෑ.මං අවුරුදු ගානක් තිස්සේ ගෙදරින් පිට ඉන්න නිසා මට මල්ලි වැඩිය සෙට් වෙන්නේ නෑ.ගෙදර හිටියානම් අනිවා අපි දෙන්න මිට වඩා ගොඩාක් ෆිට් වෙනවා :)

      Delete
  19. පරන පෝන් එක දිපං පොඩි එකාට!

    ReplyDelete
    Replies
    1. ඌට මං අලුත් හොද එකක් අරන් දෙනවා ;)

      Delete
  20. මරු මල්ලි කෙනෙක්නේ ඔයාගේ මල්ලි...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.මං හිතුවේ පොඩි එකා නිසා වැඩ දෙල් කරාවි කියලා :)

      Delete
  21. අන්න අපේ යුවරාජ්ගේ බෝට්ටුවේ එකෙක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආහ් ඔව් මයි උඹේ යුව රජා වගේ තමා මු
      :)

      Delete
  22. අනේ වාසනාවන් ඔහොම මල්ලියෙක් ඉන්න ඒක ..:)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඌ පොඩි එකා උනාට නාගත්තේ නෑ වැඩේ :)

      Delete
  23. අනේ අප්පේ මටත් ඉන්නවා ඔය වගෙ සීදේවි මල්ලි කෙනෙක්.මලයට අවුරුදු 11 ක් 12ක් කාලෙ තමා මරු අපරාදෙ කියන්න හොද නෑ ඒ කාලෙ මායි නංගයි(නංග කිව්වට මගෙම වයස) පාරෙ යද්දි කොලුවෙක් මොනා හරි කියාගෙන ආවොත් අපේ මලයා කොලුවන්ට කනේ ඇගිලිගහ ගන්න දෙසනවා..බලන්න කොච්චර වාසනාවක්ද නේ.. අක්කලාව පණ වගේ රකින්නෙ අපෙ මලයා.

    ReplyDelete
    Replies
    1. ඔයාට නිවුන් සහෝදරියක් ඉන්නවද?
      ෂඃ මරු කොලු ගැටයෙක් නේ ඒකා :)
      එකෙන්ම එකෙන්ම එවන් මල්ලිලා සදා වාසනා ...!

      Delete
  24. අපේ අයියා කාරයත් මම ගැන ඔහොම කියනවා ඇති.කොහොමත් අයියලා හිතන් ඉන්නේ උං හෙන ඩයල් කියලනේ.පොඩි එවන්ව ගණන් ගන්නේ නෑ.උන්ට අපේ හොඳ තේරුම් ගන්න ඉතිං කල් යනවා.පිස්සෝ..

    ජය!!!

    ReplyDelete
    Replies
    1. හි හි
      අපෝ මගේ ලොකු සීන් නෑ නේ
      මං ඌ ගැන එහෙම හිතන් හිටියේ ඌ මෙතුවක් කාලයක් කලේ ගොබ්බ වැඩ
      මේ වැඩෙන් පස්සේ මට තේරුනා ඌ හිතපු තරම් ගොබ්බ නෑ කියලා ;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......