Wednesday, September 26, 2012

දර්ශනීය මන්න පාර.....



 මාස දෙක හමාරකට විතර පස්සේ ගෙදර ආවා,කාලෙකට පස්සේ බඩට සහ හිතට සැප හම්බ වෙනවා,අම්මගේ කෑම කන්න වෙන්නෙත් කාලෙකින් නේ.කොහොම උනත් මං ගෙදර ආවහම දවසේ කෑම වේල් ගණන කොහොමත් 5ක් හරි 4ක් හරි වෙනවා.ඉන්න දවස් තුන හතරට බඩට පුළුවන් තරම් සැපක් දෙන්න එපැයි.ගෙදර ඇවිත් වත්තේ ඇවිද ඇවිද ඉද්දි මට පරණ සිද්ධි ගොඩක් මතක් උනා,පුංචි කාලේ සුන්දර මතක ආයේ හොල්මන් කරන්න පටන් ගත්තා හිත ඇතුලේ.ඉතින් එක නිසාම ඒකාලේ උන සිද්ධියක් අද පොස්ට් එකට දානවා කියලා හිතුනා.

මේ අලුත් පුවක් ගහ 

අපේ ගේ ලගම තිබ්බා ලොකු පුවක් ගහක්.ඒක ගොඩාක් ලොකුයි.එකේ වැටෙන පුවක් කොළපත් අපි ගන්නවා සෙල්ලම් කරන්න.කට්ටිය දන්නවා ඇතිනේ පුවක් කොලපොත කියන්නේ මොකද්ද කියලා.කමක් නෑ නොදන්න උන්ට දැනගන්නත් එක්ක කියන්නම්.පුවක් කොළ පොත කියන්නේ පුවක් ඇත්ත වේලුනාම බිමට වැටෙන ඇත්තට,ඇත්තටම ඒ අත්තේ පිටිපස්සේ තියෙන අත්ත ගහට සම්බන්ද වෙලා තියෙන කුල්ල වගේ කෑල්ලට තමා එහෙම කියන්නේ.ගහේ තියෙද්දී ගහට හොදට බදලා තියෙනවා වෙලෙද්දී ටික ටික මේ කොටස වෙන් වෙලා බිමට වැටෙනවා අන්තිමට කට්ටිය අනිවා දැකලා ඇති,ඔය පැණි මුල් ඔතන්න ගන්නේ ඒවා.තව වැඩ වලට ගන්නවා ඇති මං දන්නේ ඔය දෙක විතරයි.ඒක සාමාන්‍යයෙන් ටිකක් ශක්තිමත්.
මෙන්න මේක තමා පුවක් කොලපොත 
කට්ටිය ඕවගෙන් සෙල්ලම් කරලා ඇති නේද? අත්ත සුද්ධ කරලා කොළපත උඩ මොකෙක් හරි තියන් යන සෙල්ලම මතකයි නේ?මාත් අත්තක් වේලිලා වැටෙන කාලෙට ඔය සෙල්ලම කරනවා එකත් සිරා ෆන් වැඩේ.ගෙදර ලොක්කා මං නිසා ඉතින් මං කලේ නංගිව ඕක උඩ තියන් ඇදන් යන එක.පුවක් කොළපත ටිකක් හයිය නිසා කොච්චර පොලවේ ඇදන් ගියත් පස්ස පැත්තට අමාරුවක් දැනෙන්නේ නෑ.හැබැයි ලොකු ගලක් උඩින් ගියොත් වගේ නම් දැනෙනවා ඉතින්.අපේ මල්ලි ඒ දවස් වල හිටියත් ඔය සෙල්ලමට මල්ලිව තියන් යන්න අම්මා දුන්නේ නෑ.ඌව තියලා ඇදන් යන්න මට තිබ්බේ පුදුම ආසාවක්.අම්මා එපා කියන නිසාම වෙන්න ඇති මට ආසාව වැඩිවෙන්න ඇත්තේ.මං ගැන අම්මා දන්නා නිසා ඔය වැඩේ කරන දාට අම්මා මල්ලි ගැන හොදට ඇහැ ගහන් ඉන්නවා ඒක නිසා ඒ ආසාව මට කවදාවත් ඉෂ්ඨ කරගන්න බැරි උනා.ඌ ලොකු වෙද්දී මං ගමෙන් ඇවිත්.

අපේ පැත්තේ පැණි ගන්න රා මදින්නේ නැති නිසා කොලපත් වලින් වැඩක් උනේ නෑ.වැඩක් විදිහට කලේ කුස්සියේ එකතු වෙන අළු අයින් කරන්න උපකරණයක් විදිහට ඒක පාවිච්චි කල එක විතරයි.ඒකටත් අම්මා ගත්තේ අපි සෙල්ලම් කරලා ඇති වෙලා අයින් කරපු එකක් තමා.ඉතින් අත්තක් අහු උන ගමන් මං කරන්නේ එකේ කොළ කපලා සුද්ධ කරගන්න එක.මං ලොක්කා නිසාමද මන්ද මං ගෙදර සමහර වැඩ තනියෙක් කරගන්න පුළුවන් උනා.වෙන එකක් තියා ඉස්සර මං උදේ 5.30ට ඇහැරෙන්නෙත් කවුරුවත් ඇහැරවලා නෙමේ.ඉතින් එහෙම එකේ අත්තක් තනියෙන් සුද්ධ කරගන්න එක මට නුහුරු වැඩක් උනේ නෑ.

ඒක වෙද්දී මං තුන වසරේ විතර ඇති.හවස ඉස්කෝලේ ගිහින් ඇවිත් කාලා වත්ත වටේ ගහන රවුමත් ගහලා එද්දී මං දැක්කා පුවක් කොලපතක් වැටිලා තියෙනවා.ඉතින් මං දෙයියනේ කියලා අත්ත සුද්ධ කරන්න කියලා පිහියත් අරන් කුස්සියෙන් ආව.මිදුලේ සුද්ධ කරලා දැම්මොත් අම්මා කෑගහන නිසා මං පුවක් ගහ කිට්ටුවම තියෙන කොකෝවා ගහ යටට අරන් ගියා සුද්ධ කරන්න.මං ඊට කලින් නංගිටත් එන්න කියලා පණිවිඩේ දීලයි තිබ්බේ.කොහොම හරි ලොකු අයියගේ වැඩ බලන්න මගේ මලයත් ඇවිත් හිටියා නංගිගේ පස්සේ.මං ඉතින් මන්නෙන් ටික ටික කොළ කප කපා සුද්ධ කර කර ඉද්දි පොඩි එකා ඉස්සරහා පැත්තට ආවා මං පොඩි උනාට තේරුනා මූ ඉස්සරහට ආවොත් උගේ ඇගේ පිහිය වැඩියි කියලා අනේ ඉතින් මං ඌව බේරලා දෙයියනේ කියලා ගහපු පළවෙනිම පිහි පාර මගේ පොඩි කකුලේ දනහිස ලගට වැදුනා.නංගි කෑගහගෙන දිව්වා.මටත් දැනුනා වැඩේ හරි කියලා.

ලෝභ නැතුව ගහපු පිහි පාරට කකුල ජයටම කැපිලා තිබ්බා.නංගිගේ සද්දෙට දුවලා ආවා අම්මා මගේ කකුල සෝදලා කපු රෙද්දකින් ගැට ගහලා මාවත් උස්සන් කඩේට දිව්වා.ඒ කාලේ දැන් වගේ ඕනේ ඕනේ වෙලාවට වාහන තිබ්බේ නෑ අපේ ගමේඉතින් බස් එනකන් බලන් ඉන්නත් බැරි නිසා මාව කඩේ වැඩ කරන මාමගේ බයිසිකලෙන් ටවුන් එකේ තිබ්බ ඩිස්පැන්සරියට අරන් ගියා.තාත්තයි අම්මයි ඊට පස්සේ ආව බස් එකක ආවා.බස් කිව්වට ඒවා ලොරියක පිටිපස්සට තට්ටුව ගහලා හැදුව අමුතු තාලේ වාහනයක්.කොහොම හරි අර මාම මාව තියන් කිලෝමීටර 4 බයිසිකලේ බඩගාලා ඩිස්පැන්සරියට ඇවිත් ටික වෙලාවක් යද්දී අම්මලත් ආවා.

ඇතුලට ගියාම දොස්තර මහත්තයා කියනවා තුවාලේ ලොකු නිසා මැහුම් දාන්න වෙනවා කියලා.මැහුම් දාන්න වෙනවා කිව්වට චූටි මඩයා දන්නේ නෑ මැහුම් දානවා කියන්නේ මොකද්ද කියලා.එදායින් පස්සේ නම් දන්නවා .ඉතින් ඔක්කොම ලෑස්ති කරලා දොස්තර මහත්තයා වැඩේට ලෑස්ති උනා.අම්මයි තාත්තයි අත්දෙකෙන් අල්ලන් හිටියා කඩේ වැඩ කරන මාමා කකුල් වලින් අල්ලන් හිටියා.කොච්චර රිදුනත් දැගලුවා ඇරෙන්න කෑගැහුවේ  නෑ.කෑගැහුවේ නැත්තේ තිබ්බ ලැජ්ජාවට.අදටත් මගේ කකුලේ ඒ කැපුම් පාර තියෙනවා.මැහුම් පාරත් තියෙනවා.ඒ දෙකේම කැළැල් වල එකතුව එකතු කිරීමේ ලකුණක් හැටියට දණහිස ලග විරාජමානව වැඩ ඉන්නවා.ඉස්සර තිබ්බ පුවක් ගහ නෑ ඒක නාකි වෙලා මැරිලා ගියා.ඒත් එතන තව අලුතෙන් පුවක් ගහක් ඉඳලා තියෙනවා.ඒකෙ අත්තක් බිම වැටිලා තියෙනවා දැකලයි මට සිද්ධිය මතක් උනේ ...

49 comments:

  1. අද කාලෙ බොහෝ අයට මෙහෙම සුන්දර ළමාකාලයක් ලැබිලා නෑ.බොහොම ආසාවෙන් බලපු ලිපියක් සහෝ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නලින් අයියේ.උන්ට දැන් මෙව්වට වඩා වැඩ තියෙනවා කරන්න

      Delete
  2. මඩයගේ ළමා කාළය මරු !
    අපි ඉස්සර පුවක් කොලපත් පදිනවට අමතරව සෙරෙප්පු හදනවා. පවන් ගහන්න අවාන් හදනවා :)

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මතක් වෙද්දීත් සිරා
      අපි ඕකෙන් කරපු එකම වැඩේ ඇදන් යන එක විතරමයි :)

      Delete
  3. පුවක් කොළපත කිව්වම මතක් උනේ...

    මේ ඊයේ පෙරේදා... ( ඒ කිව්වට ඉතිං මාසෙකට හමාරකට කලින් වගේ...) අපේ අම්මලා පොඩි ට්‍රිප් එකක් ලෑස්ති කරන් තිබුනා... දැන් ගේම්ස් එහෙම ලෑස්ති කරගෙන අපි ගියේ.. එක ගේම් එකක් තමයි කොලපත් ඇදිල්ල.. මාර ෆන්..

    තව ගේම් එකක් තමයි අර පොල් කටු දෙකක් උඩ ඇවිදින එක... ඒකත් ඉතිං කාලෙකට පස්සේ නිසා මරු...

    අපි කොලපත් අදිනවා දැකලා එදා ඒ හොටෙල් එකට ඇවිල්ලා හිටපු හනිමුන් කපල්සුයි තව කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකුයි මෙන්න තව කොලපත් ගොඩක් ඇදගෙන ඇවිත්.. උන් ටික ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා කොලපත් ඇද්දා... මාර ජොලි... බඩවල් අල්ලන් හිනා උනා..

    ඒවයේ තියෙන ජොලිය පොඩි එවුන්ට කියලා දෙන්න තමයි අපි එදා ඒක ලෑස්ති කලේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක හොද වැඩක් අක්කේ.ඔව්වා අමතක වෙලාම යන්න දෙන්න නරකයි.ශිහ් එදා අපිටත් ඉන්න තිබ්බේ නාකි සෙල්ලම් බලන්න :P

      Delete
  4. මටත් ඔය වගෙ සීන් එකක් උනා කෙහෙල් ගහක් කපන්න ගිහින්

    ReplyDelete
    Replies
    1. පුදුම සැපක් දැනෙන්න ඇති නේ මචං :)

      Delete
  5. අනේ අපරාදෙ මඩයගෙ බෙල්ල පුංචි කාලෙ දණහිස ගාව තිබුන නම් කියල හිතෙනවා.......
    එහෙනම් මම සුරංගනා කතාවක් ලියනවා......

    "ඉතින් එදයින් පස්සෙ ධබා , නෝටිය..... ඇතුලු මඩයගෙ යාලුවො ටික බොහොම සන්තෝසයෙන් ගොඩක් කල් ජීවත් වුනා......"

    ප.ලි: අපේ මඩයත් ඔය ගස් කැපිල්ලට දස්සයා ඒකත් පෝස්ටුවකට හරි වටිනවා.... කී වර්ඩ් එක: "දුවපල්ලා....."

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹලට එච්චර පිනක් නෑ බොලන් :P
      හී හී මං ඔය සීන් ඒක පොස්ට් එකකින් කියන්නම් කෝ :)

      Delete
  6. දැන් ඉතිං පුවක් ගස්තිබුනාට කොල නැද්ද මන්දා දැක්කෙ නෑ ගොඩ කාලෙකින් පුවක් කොලයක්.....

    ReplyDelete
    Replies
    1. ගෙදර ගහක් තියෙන නිසා මං නම් ඔන්න දකිනවා :)

      Delete
  7. මමත් ඉස්සර අපේ වත්තේ කොලපත් ඇදලා තියනවා. කැළණි ගඟ පේන මානේ ඉවුරක අපිට පොඩි ඉඩමක් තියනවා. ඕකේ නාන්න යන පාරේ මමයි මල්ලියි කොලපත් අදිනවා යාලුවොත් එක්ක. මම නම් ආසම ඕෆ් රෝඩ් (off road) යන්න.. කිවත් වගේ පුතෝ කොළපත ගලක් උඩින් හරි බාගෙට කපපු ගහක උලට හිටපු කොටුවක ඇනුනොත් නම් කතාකරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. off road ගියා වගේ නෙමේ රජෝ ගලක් උඩින් ගියාම පස්සට දැනෙන සැප ;)

      Delete
  8. මතක් උනා ලස්සන අතීතය...ඒ කාලේ කොලපත් පැද්දා ඇති වෙන්න...අන්තිමට කොලපත ඉරිලා හිල් වෙනකංම පදිනවා..ගේ වටේ කානුවක් වගේ හෑරිලා අන්තිමට වට ගහලා..කොලපත හිල් කරලා හැඳි එල්ලන්න ගත්තා අපේ අම්මා ඉස්සර. කුස්සියේ එල්ලලා තිබ්බා..

    ReplyDelete
    Replies
    1. අහ ඔය හැදී එල්ලන සීන් එක අයියලාගේ ගෙවල් පැත්තේ වැඩිපුර තියෙනවා.මොකද මං දැකලා තියෙනවා ආච්චි එයාගේ ගෙදර ඔය වගේ එකක් පාවිච්චි කරනවා.අපේ අම්ම ඒක හැදී එල්ලන වැඩකට ගන්නවා දැකලා තියෙන්නේ හරි අඩුවෙන්

      Delete
  9. මං ආවා ඈ.. මම එකම එක සැරයක් කොලපතක් උඩ වාඩි වෙලා ගිහින් තියනවා තාත්තගේ ගමේ ගියාම..හැබැයි බාගයක් දුර යද්දි කොලපත යනවා මම බිම.. :(

    ReplyDelete
    Replies
    1. එල එල දිගටම එන්න :)

      අහ ඔය වැඩේ මටත් වෙලා තියෙනවා :)

      Delete
  10. අදමයි මෙ පැත්තට ආවෙ ආපු ගමන් අපුරු කතවක් නොවැ....... එල එල ජය වෙවා.......... මඩයො එකත් මරු නම...

    ReplyDelete
    Replies
    1. එන්න දිගටම එන්න
      සාදරෙන් පිලිගන්නවා මඩයාගේ ලෝකයට ...!

      Delete
  11. මගෙත් ළමාකාලය මතක් උනා ආච්චිලගේ ගෙදර ගෙවපු

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. පුංචි දවස් වල ඒව නම් කොහොම කියලා ඉවර කරන්නද නේද මඩයො..
    මටත් ඒ කාලෙ වෙච්ච පොඩි පොඩි ඇබැද්දි මතක් උනා,

    ReplyDelete
    Replies
    1. ඒවා ලේසියෙන් අමතක කරවන්න බෑ නිෂි :)
      ඉතින් ඒවා පොස්ට් එකක් දාන්නකෝ

      Delete
  14. මමත් කොලපත් පැදලා තියෙනවා.හැබැයි ඊට වඩා ඇදලා තමා තියෙන්නේ.කොහෙද මට ඉන්නේ මල්ලියෙක් නේ.ඉතින් හැමදාම මට වෙන්නේ අදින්නමයි.පොර නම් චූන් එකේ ඉදගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය බෝට්ටුවෙම තමා.මට හැමදාම උනේ අදින්න.ගෙදර වෙන කවුරු හරි ලොක්කෙක් හිටියොත් කියනවා මාව තියලා ඇදන් යන්න කියලා :)

      Delete
  15. ඔය වගේ කැපුම් පාරවල් මගේ ඇඟේත් තියෙනවා සදාකාලික මතක සටහන් ලෙස :)

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඒවා රිදුනට දැන් ඒවගේ අමුතුම සුන්දරත්වයක් තියෙනවා.ඒ සිද්දි මතක් වෙද්දී හිතට අමුතුම හැගීමක් එන්නේ :)

      Delete
  16. කොලපත් පදින එක නම් මරු වැඩේ.

    ReplyDelete
    Replies
    1. සිතු ත් පැදලා තියෙනවා වගේ :)
      ඒවා හරි සුන්දර වැඩ :)

      Delete
  17. හයියෝ!!!මේවා මතක් කරන්න එපා බං!!දුක හිතෙනවා! ආයේ කවදා පුවක් කොලපතක් උඩ යන්නද..?

    ReplyDelete
    Replies
    1. සතුටයි දුකයි දෙකම දැනෙනවා මචං ....

      Delete
  18. කොලපතේනං මාත් ගිහිං තීනවා...
    පට්ට ආතල් නේ...
    කොලපතේ බත් දාගෙන කනවත් එක්ක නේද????????

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල් වැඩේ.ඒත් මං වැඩිය කර ඇදන් යන එක තමා :)
      බත් දාගෙන කන සීන් එක නම් දන්නේ නෑ තරියෝ :/

      Delete
  19. අඩේ මරු බං...මටත් ගෙදර යන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මටත් ගෙදර ඉද්දි තමා ඔව්ව ටික මතක් උනේ

      Delete
  20. // මං උදේ 5.30ට ඇහැරෙන්නෙත් කවුරුවත් ඇහැරවලා නෙමේ.//
    බුදු අම්මේ...සම්මානයක් දෙන්න වටිනවා මේකට.

    ReplyDelete
    Replies
    1. බය වෙන්ඩ කාරී නෑ මං ඔය නරක පුරුද්ද පහ වසරෙන් පස්සේ අතැරලා දැම්මා ;)

      Delete
    2. පිස්සුද!!! ඔය පුරුද්ද ආයේ ඇතිකරගන්න වහාම..

      Delete
  21. ලස්සන ඝමා කාලෙ මමත් පැදල තියෙනවා...දැන් ළමයින්ට ඕව නෑ ටියුෂන් විතරයි.පුවක් කොල අදිනව දැන් දැකල නෑ අම්මල ටියුෂන් අදිනවනම් දැකල තියෙනවා

    ReplyDelete
    Replies
    1. අපොයි ඒක නම් ඇත්ත
      මොනවා වුනත් අපේ ඒ ජිවිතේ ගැන අපිට හොදටෝම සන්තෝස වෙන්න පුළුවන් සිත්තමි

      Delete
  22. හප්පේ ඕකේ ගිහින් තලාගත්ත කාලේ මතක් වෙනකොට....

    ReplyDelete
  23. අම්මෝ..පිස්සු හැදෙයි ............

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......