Friday, March 1, 2013
හා පුළුවන් නම් කියන්න බලන්න.....
කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ සයිට් එකක මොබිටෙල් එකේ වැඩක්.හැමදාම උදේ යද්දී හිතෙන්නේ ඒක හවස ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඒත් එහම අපේ හිත රැවට්ටි රැවටී සතියක් වැඩ කළා.වැඩ ඉවර කරන්න ඉවර කරන්න උල්පතෙන් වගේ තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා.
ඒක මහා සාප ලත් සයිට් එකක් 12 ක ටීම් එකක් ගිහිල්ලත් වැඩේ ඉවර කරන්න සතියකට වඩා ගියා එකට යන උන් අන්තිම වෙද්දී මානසිකව වැටිලා.මට සෙට් උන දෙවෙනි සාප ලත් සයිට් එක තමා මේක.සයිට් එකට සාප වැදුනා කියන්නේ වැඩේ ඉක්මනට ඉවර වෙන්නේ නෑ රබර් ගුලිය වගේ ඇදී ඇදී තියෙනවා.ඊයේ වැඩ ඔක්කොම ඉවරයි කියලා යන්න ඔක්කොම ලෑස්ති වෙලා මොබිටෙල් එකට සයිට් එක බාර දෙන්න අන්තිම ටෙස්ට් එක කරද්දී අහු වුනා ෆයිබර් එක අවුල් කියලා.කාපන්කෝ පරිප්පු ආයේ මුල ඉදන් ෆයිබර් එක රූට් කරන්න වෙනවා.අපිට නම් අවුලක් නෑ රිගර්ස්ලා තමා ඒක කරන්නේ ඒත් ඉතින් වැඩේ ඉවර නෑ කියලා දැනෙද්දී හිතට පට්ට බරක්.කොහොම හරි දෙයියනේ කියලා මං අද ඒ සාපෙන් මිදුණා,පහුගිය දවස් වලට පරක්කු උන ඒවටත් හරියන්න එක්ක මං අද දවල් 2 වෙද්දී බෝඩිමේ.
වේලාසන ආව නිසා තමා බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න හිතුනේ.අමාරුවෙන් අටවගත්ත එක පාලුවට යන්න දෙන්න ලෝබයි.පොස්ට් නම් ගොඩාක් තියෙනවා දාන්න ඒත් වෙලාවක් නෑ නේ පුළුවන් විදිහට දානවා.
දැන් ලොකු පොස්ට් එකක් දාන්න වෙලා මදි පහුගිය සතිය පුරා පාඩම් කරන්න බැරි උන ඒවා අද කරන්න ඕනේ.මං බ්ලොග් පොස්ට් එකක් දාන්න හිටපු දෙයක් ගැන ප්‍රශ්නයක් අහනවා දන්නා අය උත්තර දෙන්න ප්‍රශ්නෙට උත්තරේ පොස්ට් එකක් විදිහට අනිවා දානවා........
ප්‍රශ්නේ :ධ්‍රැවකාසන්න රටවල් වල මිනිස්සු ටීවී බලන්න සැටලයිට් ඇන්ටනාව හරවන්නේ කොහාටද???
ප.ලි : ඉන්න ධ්‍රැවය අනුව සන්නිවේදන සැටලයිට් වලින් සිග්නල් ගන්න ඩිෂ් එක හරවන්න ඕනේ පැත්ත වෙනස් වෙනවා.
Labels:
අනං මනං
Subscribe to:
Post Comments (Atom)
ඇන්ටනාව කරකවන්නේ සැටලයිට් එක තියන පැත්තට බං
ReplyDeleteහරි මචං ඒක ඇත්ත ඒත් ධ්‍රැවකාසන්න රටවල් වල ඉන්න අය ඩිෂ් එක හරවන්න ඕනේ පැත්තක්(උඩට,පහලට,දකුණට,වමට )තියෙනවා :)
Deleteඅපෝ... මේ ප්‍රශ්නේ කියවන්න හරි අමාරුයිනේ. මගේ ඇස් නිලංකාර වුනා. ප්‍රශ්නේ පාට මාරු කරන්න, උත්තරේ ඊට පස්සේ ඇවිත් දෙන්නම්.... :)
ReplyDeleteපාට මාරු කළා උත්තරේ දෙන්න ;)
Deleteහ්ම්ම්....project එකක් ඉවර කරපුවහම නම් පුදුම සැපක් තමා තියෙන්නේ!
ReplyDeleteඅර සැටලයිට් ප්‍රශ්නේ නම් මට ටියුබ් ලයිට්!
සිරාවට project එකක් ඉවර උනාම හිත මාර නිදහස් :)
Deleteපොඩ්ඩක් කල්පනා කරහන් ලංකාවේ උන් කොහොමද කරන්නේ කියලා ;)
ධ්‍රවේ කියල වෙනසක් නෑනෙ අර පැතුම කියල තියෙනව වගේ හැටලයිට් එක තියෙන පැත්තට තමයි ඇන්ටනාව කරකවනව ඇත්තෙ.
ReplyDeleteසැටලයිට් එක පැත්තට තමා ඒත් පැතුමට දාපු කමෙන්ට් එක බැලුවා නම් හරි යාවි අවුල :)
Deleteඕක මං ඉන්න පැත්තට හරවන්න කියහන් :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එතකොට පේන චැනල් ඔක්කොම බ්ලූ ඒවා :)
Deleteවැල පෙනේවි හොදට ;)
Deleteඅනේ මම ඒ පැත්තකට ගිය කාලෙට ඕකට උත්තර දෙන්නම්,,දැන් මේ ඊකොමර්ස් වැඩක් කරනෝ :(
ReplyDeleteනෑ නෑ ඊට කලින් මං උත්තරේ දෙන්නම් ;)
Deleteපහලට
ReplyDeleteඅනොගේ උත්තරේ මං පිළිගන්නේ නෑ ;)
Deleteඋඩ පැත්තට වෙන්න ඇති බන් නැත්තම් යට පැත්තට එහෙමත් නැත්තම් දකුණට හරි වමට හරි.මම හරිනේ?
ReplyDeleteකනා පාරවල් ඔට්ටු නෑ :P
Deleteඅත්තනගල්ල දිහාට....
ReplyDeleteඒකත් හරි හැබැයි වෙන චන්ද්‍රිකා සිග්නල් තමා අහු වෙන්නේ ;)
Deleteපහතට හරවන්න කියාපං මම කිව්වා කියලා. සමකයට උඩින් තියෙන සැට් සිග්නල් එකකට නම්
ReplyDeleteඅලුත් පොස්ට් එකේ විස්තර බලන්න :)
Deleteයටට නේ
ReplyDeleteඅලුත් පොස්ට් එකේ විස්තර බලන්න
Deleteunta koi paththata harewwath ekai mama hithanne.
ReplyDeleteවැරදි ;)
Deleteඅලුත් පොස්ට් එකේ විස්තර බලන්න
කැරකෙන පැත්තකට වෙන්න ඇති :/
ReplyDeleteනෑ නෑ නෑ....................:)
Deleteඅලුත් පොස්ට් එකේ විස්තර බලන්න
සමකට පිහිටි දිසාවට හරවාපන් කොල්ලෝ..
ReplyDeleteඅයියත් අලුත් පොස්ට් එකේ විස්තර බලන්න කෝ :)
Deleteඅහසට හරෝපන්...
ReplyDeleteඑතකොට සිග්නල් එන්නේ කාලගුණ චන්ද්‍රිකා වලින් බං උන්ට :);)
Deleteසිග්නල් එන පැත්තට හැරෙව්වනම් ඉවරයි. මමත් මේ සාප ලත් ප්‍රොජෙක්ට් දෙකතුනක් එකට පටලන් ඉන්නේ.
ReplyDeleteඅපෝ ඔය සාපලත් ප්‍රොජෙක්ට් ඉක්මනට ඉවර කරලා දාන්ඩ
Deleteඔය කාලේ ඇතුලත බෝධි පුජා දෙකතුනකුත් තියන්න :)