Sunday, January 6, 2013

ජොකා පිටින් මල් පෙරහැරේ......



ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ඒක දැක්කාම තමා මේක ලියන්න හිතුනේ .එකාට අපි ආදරේට කිව්වේ ජෝලා කියලා.පස්සේ ලොකු වෙද්දී ජෝලා "ජ_ගී ජෝලා" කියලා උසස් උනා.


 අපිට  ඒලෙවල් කිට්ටු කරලා දුෂ්‍යන්ත සර් අපිවත් රිවිෂන් ක්ලාස් එකට දාලා ඉගැන්නුවා.අපි සෙට් එකට හැමදාම වාඩි වෙන්න සෙට් උනේ අක්කලාට පිටිපස්සේ පෝලිමේ.එක දවසක් අපි පොඩි විෂය කරුණු වගයක් බරටම කතාකර කර ඉද්දි(අපි පන්තියට ඇතුල් උන වෙලේ ඉදන් වැඩ ඒ අපේ හැටි :p ) ජෝලාට හතර මහා නිධානෙ පහල උනා වගේ සන්තෝසෙන් උඩ පැන පැන සෙට් එකට ඌ හොයාගත්ත දේ පෙන්නුවා කට්ටියත් අකමැත්තෙන් බලනවා වගේ ඒ දිහා බැලුව මං දන්නේ නැද්ද අපේ හැත්ත ගැන උන් එක දිහා බැලුවේ කට ඇරගෙන.කොහෙද මේ අක්කලා පිළිවෙලට ඇදලා එන්නේ නෑ නෙ ඉතිං එහෙන් මෙහෙන් දැක්කාම අපේ උන් චුන් වෙනවා.ඉතිං ඒ අක්කා හදාගන්න පාටකුත් නෑ අනිත් එක ඕක දිහා බලන් ඉන්නවා කියලා ඇහේ පොට යනකන් බලන් ඉන්නැයි.ටික වෙලාවකින් කට්ටිය ආයේ තාම තමන් හොයන් ආපු පච ටික ඇදබාන්න ගත්තා.

අනේ මං දන්නේ නෑ ඒක ජෝලාගේ කරුමෙද එහෙම නැත්නම් අර අක්කගෙ කරුමෙද කියලා ඊට පස්සේ සතියෙත් කලින් සතියෙම උන  වැඩේම වෙනවා.අක්කට ගානකුත් නෑ ඕක එදා දකින්නෙත් ජෝලා.අනේ ඉතිං ඌ සැදැහැ සිතින් සෙට් එකට ඒක පෙන්නනවා එකා සැමට සැම එකාට කියලා.ඒත් අපේ උන් ඕක පෙන්නුවා ගමන් කට්ටියම අපෝ ජෝලා කියලා පන්තියටම ඇහෙන්න හෙමින් කෑගැහුවා.ලග ඉන්න උන් දන්නවා ඇයි මේ කියලා දුර ඉන්න එවුන් බලනවා මුන්ට පිස්සුද කියලා.හැමෝම ෆන් එකට ජෝලාට බනිනවා
"අඩෝ උඹේ අක්කා වගේ නේද ?"

"එහෙම බලන එක හරි නෑ නේද?"

"උඹ එහෙම වැරදි දෙයක් දැක්කා නම් ඒ අක්කට තට්ටු කරලා අක්කේ  ටීක් පේනවා කියලා එයාට වැරැද්ද පෙන්නන්න එපැයි"

කියලා සෙට් එකම ඌව  බයිට් කරන්න ගත්තා.ඔය සිං එකට පස්සේ කවුදෝ මන්දා එකෙක් උට ජංගි ජෝලා කියලා නම උසස් කරලා එකට හොද පබ්ලිසිටියකුත් දීලා තිබ්බා අපි නම් ඔන් දන්නේ නෑ

මේ තව ජෝලාට උන සිද්දියක්.අපේ හොස්ටල් එකේ කෑමෙන් පස්සේ විනාඩි 30 ක් වගේ වෙලාවක් තියෙනවා රූම් ටයිම් කියලා.ඒ වෙලාවේ හැමෝම රුම් එකට වෙලා ඇදට වෙලා ඉන්න ඕනෙ.ඒ වේලාවෙන් පස්සේ නාලා තේ බිලා මල් පුජා කරන්න ඉස්කෝලේ විහාර ගෙට යනවා.පලවෙනි බෙල් එක ගැහුවම කට්ටිය පෝලිම හැදෙන්න ඕනෙ පෙරහැර යන්න.ඊට පස්සේ යන්න තව බෙල් එකක් ගහනවා.ඔන්න අපි දහය වසරේදී මේක උනේ.මල් පුජාවට පෙරහරේ යන්න පෝලිම හැදෙන්න බෙල් එක ගැහුවා,කට්ටිය ඔක්කොම ගිහිලා පෝලිමට රුම් එකේ මායි කුෂානයයි ජොලයි විතරයි ඉතුරු වෙලා හිටියේ.මායි කුෂානුයි බාගෙට ලෑස්ති වෙලා හිටියේ ජෝලා හිටියේ නිදාගෙන.මල් පුජාව නොගිහින් රූම් එකේ හිටියොත් පෝරියල් එක සෙට් වෙන නිසා ජොලාට ඇහැරෙව්වා ඒයි ජෝලා නැගිටපන් මල් පුජාවට බෙල් එක ගැහුවා කියලා ඒ කිව්වා විතරයි මු ඇදන්හිටිය සරම ගලෝලා දාලා ජොකා පිටින් දුවන්න පටන් ගත්තා.මටයි කුෂාන්ටයි තේරුණා මු තාම නිදි මතේ කියලා.මායි අරුයි පැනලා මුව නවත්තා ගත්තා නැත්නම් මු ජොකා පිටින් කොරිඩෝවේ දුවලා පඩිපෙළේ බැහැලා මල් පුජාවත් යනවා එහෙම ගියානම් එහෙම ඌට හොස්ටල් එකේ ලැජ්ජාව අතින් අරන් තමා යන්න වෙන්නේ


ප.ලි :මේකේ අර එහෙන් මෙහෙන් පෙන සිං බැලුවා කියලා අනිවා හිරු අක්කා කේස් එක අදින බව දන්නවා,ඒත් අක්කේ පොඩි උන්ට ඕව මැජික් එකයි උන් ඇස් ගෙඩි ලොකු කරගන්නේ ඒවා දැක්කාම.
හත්දෙයියනේ මේක මගේ පනස් වැනි පොස්ට් එක.පබ්ලිෂ් කරලා ඉවර උනාටත් පස්සේ තමා දැක්කෙ මේක 50 කියලා.මේ චුටි දුර හරි එන්න මට දශමෙකින් හරි උදවු කල හැමෝටම  ස්තුතියි.....!!!

46 comments:

  1. adoo kauda bn jolaa kiyanne?? :D :D... nyc one Madaya.. :P

    ReplyDelete
    Replies
    1. උඹ වැඩිය ඌව අදුරන්නේ නෑ බං :)
      Thank u Thank u machan....!!

      Delete
  2. හික්ස්! මොනවා උනත් ඌ උඹලට සෑහෙන්න උදව් කරලා තියෙන එකෙක් නේ! මෙහෙම චාටර් කරන එක වැරදියි!

    ReplyDelete
    Replies
    1. ඌව අදුරන එවුන් ඔක්කොම වගේ සිද්දිය දන්නවා
      අනික මේ කතාවෙන් මන් හිතන්නේ නෑ උගේ පතිවත කෙලෙසෙන්න තරම් දෙයක් වෙයි කියලා ;)

      Delete
  3. ඝාතනය ජොලාද?? ජොල් චරිතයද??
    උගේම බත් නේද උඹල කෑවේ????????

    ReplyDelete
    Replies
    1. ජෝලා මැරුණේ නැත ඌ යහතින් සිටි
      අපි කෑවේ උගේ අම්මගේ බත් හරිය :)

      Delete
  4. දෙවෙනි කතාව නම් පට්ට මචන්.යකො ඌට එ.සි වදිද්දි වත් දෑනිල නෑද්ද.

    ReplyDelete
    Replies
    1. ඌ නිදිමතේ බං දිව්වේ අනික වැඩි දුර යන්න කලින් අපි ඌව නවත්ත ගත්තා

      Delete
  5. අනේ මඩේ ජොලාට කෙල්ලක් සෙට් වෙච්ච සතුටට ඇදබැව නේද සුපිරි මඩයක්. මේ ක කියවපු ගමන් ඒ කොල්ලට ඒ කෙල්ලත් නැතුව යයි ද දන්නේ නෑ.


    අයියෝ මූ හිරුවට බයේ මැරෙන්න හදනවානේ.. බය වෙන්න එපා බං ඒකි හොඳ එකී.අනිත් කාරනාව 50 වැනි පෝස්ටුවට මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඌට සෙට් වෙලා ඉන්න කෙල්ල හරි හොද එකී මේක කියවලා අපේ ජෝලාට මක්කවත් කරන එකක් නැති වෙයි ;)

      අහ් ඔයා නම් කියයි අයියේ හිරු අක්කා කෑගහන්න කලින්ම මං වැඩේ ගොඩ දාගත්තා මෙහෙම කිව්වට පස්සේ බනින්න ආවත් බනින්න හිතෙන්නේ නෑ නේ :)

      බොහොම ස්තුති අයියේ....!

      Delete
  6. පොඩි කොල්ලොකාලෙ වැඩනෙ..ඕව ඔහොම තමා..එහෙම නැත්තන් ලෙඩෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ඒලෙවල් කාලේ සුන්දර අත්දැකීම් නේ මෙව්වා
      අපෝ අපේ සෙට් එකේ එකෙක්ටවත් කිසිම ලෙඩක් තිබ්බේ නෑ පෙන්නන එව්වා හොදට බැලුවා :)

      Delete
  7. 50ට සුබු පැතුම් අයියණ්ඩියා... තවත් ඉදිරියට 100,150,200 ඔහොම ඔහොම 1000ත් ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ශම්මි නංගියෝ.....!!!

      Delete
  8. පනස් වැනි ලිපියට උණුසුම් සුබ පැතුම් මඩයා. බලාපංකො ඉතින් පනස්වැනි එක ජොක් පෝස්ට් එකක් වෙච්ච හැටි! :D දෛවයේ සරදමක්ද මන්දා! :o
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ් අයියේ.....!!
      ලියල පබ්ලිෂ් කළාටත් පස්සේ තමා දැක්කේ මේක 50 කියලා

      Delete
  9. පොඩි උනාට වැඩ...හි හි හී

    50 වෙනි පෝස්ටුවට සුබ පැතුම් මලයෝ...

    ReplyDelete
    Replies
    1. :)

      ස්තුතියි ලිහිණි අක්කියෝ.......!!!!!!!

      Delete
  10. 50 ට සුභ පැතුම් මචං...

    පවු යකෝ ජොලා... ථෝ මේකේ උගේ ජොකත් ගලවල දාලනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මී ගොඩයා......!!!
      අනේ ඉතින් මං ඌට එච්චර හානියක් කරන්න හිතුවේ නෑ .අනිත් එක මේ පොස්ට් එක මුලින්ම දැක්කේ ජොලා :)

      Delete
  11. මං පරක්කුයිනේ අද.. හි හි....

    ඕවට බැනලා මක්කොරන්නද බොල...ඉස්කෝලෙ යන කොල්ලො උනාම බ්ලවුස් එකක් අස්සෙන් බ්‍රා පටියක් දැක්කමත් හෙන ආතල් නේ...එහෙම නැත්තම් ඌට ලෙඩක්.. ඔය අක්කලා පොඩි එවුන්යැ... තමන් දැනගන්න ඕනේ එහෙම නොපෙනේනන ඇඳුම හදාගන ඉඳගන්න... අනිත් එක එක දවසක් නම් අවුලක් නෑ.. දවස් දෙකක් කියන්නේ මැන්ටල් කේස් එකක්... අපේ පන්තිවලත් හිටියා ඔහොම අය...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ පරක්කු වෙලා ආවා නේ
      ඒ අක්කා අපිට වඩා අවුරුද්දයි වැඩිමල්
      එයාට මැන්ටලේ කියන්න එපා එයා ෂෝයි ලස්සන කියුට් අක්කියෙක් ;)

      Delete
  12. 50 ට සුභ පැතුම් මරු ඩයල් එකක් නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මචං......!!!

      Delete
  13. මඩයගෙන් තව මඩ පාරක්
    අර්ධ ශතකෙට ජය!!

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද ඉදලා හිටලා පොඩි එකක් තියෙන්නත් එපැයි ;)
      ස්තුතියි මචං අවතාර්......!!!

      Delete
  14. ජෝලා තමයි ජෝලා :D. ඔන්න එහෙනම් 50 ට මමත් සුබ පැතුවා ලු..!!

    ReplyDelete
    Replies
    1. අසරණ ජොලා
      ස්තුතියි චන්දන ......!!!

      Delete
  15. මොකක්ද බන් Rox කියන්නෙ... මම දැකලා තියෙනවා තැන් තැන් වල තාප්ප වල ඔය කෙහෙල්මල ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මගේ 50 එකක් උදාවුනු ඔබේ 50 ටත් මගේ උණුසුම් සුභ පැතුම්...

      Delete
    2. අනේ මාත් දන්නේ නෑ බං සිරා හැම තැනම තියෙන නිසා මාත් ඉස්සරහට වචනයක් දාලා ලිව්වා :)
      ස්තුතියි සිරා ,,,,,,,!!!!

      Delete
  16. mata mathaka widiyata nam oya seen eka une samitha sir ge clz eke

    ReplyDelete
    Replies
    1. naa ban mailaa dushyantha sir ge eke.man hamba unaama kavuda akkaa kiyala ubata mathak karalaa dennam :)

      Delete
    2. Samithage neve bn Dushayanthage Class eke.....

      Delete
    3. ubata mathaka nadda mailooo api denna ekatane baluwe.......... JOLA

      Delete
  17. අඩෝ 50ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  18. 50ට සුභ පැතුම් !හි හි මාරු ජෝලෙක් තමයි ..මල් පුජාවට ගියානම් හම්බුවෙයි ගල් පුජාවක් ..හික්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි .....!!!
      ගල් ගැහුවා නම් රිදිලා ඒක එතනින් ඉවරයි එත් බයිට හැමදාම තියෙනවා නේ.ඕක හොස්ටල් එකේ පොඩි උන් දැනගත්තා නම් එහෙම ඉවරයි :)

      Delete
  19. නොමිලේ දැකගන්න ලැබෙන දර්ශන වාරයක් මිස් කරගන්න එක කරුමයක්,හා නැද්ද මං අහන්නේ...? හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අම්මපා කවදත් අපි නොමිලේ පෙන්නන ඒවා මිස් කරගන්න තරම් මෝඩ උනේ නෑ :)

      Delete
  20. ජොකා කතා රැල්ලක්ද ආයි එන්න යන්නේ :P

    ReplyDelete
    Replies
    1. ඔන්න මං නම් දන්නේ නැතෝ....;)

      Delete
  21. Me ara l. Jola gena neda liyala thyenne ban

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......