Sunday, April 7, 2013

පාළු ළිඳේ කාන්තා මළසිරුර සහ තැඹිලි හොරු..........!!!!

කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක් ආව ගමන් අනිත් බ්ලොග් ටිකත් කියවනවා.සමහර බ්ලොග් වලට කමෙන්ට් නොකලත් මං පුළුවන් වෙලාවට කියවනවා.කමෙන්ට් කරන්නේ නැත්තේ ෆෝන් එකෙන් ඒක කරන එක වාත නිසයි.හරි කියෙව්වා ඇති අද කතාවට යන්.:)


මං  කලින් ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!! කියන පොස්ට් එකෙන් අපේ ඉඩම ගැන සහ වගා ළිඳ ගැන කිව්වා නෙ.තාත්තා හේන් ගොවිතැන් ඔක්කොම නවත්තලා ප්‍රධාන ආදායම් මාර්ගය වුන කඩේට මුල් තැන දුන්නේ කඩේ වැඩයි හේන් වල වැඩයි ඔක්කොම තාත්තට බලන්න අමාරු උන නිසා.ඒ කාලේ තාත්තට උදවුවක් කරන්න මට පුළුවන් කමක් තිබ්බේ නෑ මොකද මං ඒ කාලේ පොඩි එකා නිසා.

හේන් ගොවිතැන් නවත්තුවට පස්සේ තාත්තා කලේ මුළු ඉඩමේම තේක්ක දාන එක.ඉඩමේම තේක්ක දැම්මට ඉඩමේ එක පැත්තක වැට කිට්ටුව දිගටම මුරුංගා ගස් හිටෙව්වා.වගා ළිඳ කිට්ටුව හරියේ අක්කර බාගෙක විතර තැඹිලි ගස් ටිකක් සහ දොඩම් ගස් ටිකක් හිටෙව්වා.ඒ හරියේ මේ ගස් හිටව්වේ ලිඳ කිට්ටුව හරියේ පොලව හොද නිසා .ළිඳ තිබ්බේ ඉඩමේ කොනටම වෙන්න.ඒ වැටෙන් එහා පැත්තේ තිබ්බේ පොඩි දොළ පාරක් එක නිසා ඒ හරියේ තිබ්බ ගස් ටිකත් හොදට හැදුනා.ඒ ඔක්කොම කලේ මං පොඩි කාලේ.

කාලයක් යද්දී ගස් ඔක්කොම හොදට හැදිලා ලොකු උනා.තැඹිලි ගස් ටිකත් ඔක්කොම පීදිලා ගෙඩි එහෙමත් හැදෙන්න ගත්තා.ඉඩම ගෙදර ඉදන් කිලෝමීටරයක් විතර තියෙන නිසා අපි වැඩිය ඉඩමට යන්නේ නෑ.දවසක් ඉඩම ගැන හොයලා බලන්න තාත්තා ගියා වත්ත වටේ ගිහින් ඇවිත් ළිඳටත් එබිලා බලලා තිබබා.ඒ දැක්ක දෙයින් තාත්තට හොදට තරහා ගියා.ඇත්තට ඒක දැක්කාම ඕනෙ එකෙක්ට තරහා යනවා සහ කළකිරෙනවා.වෙන මොනවත් නෙමේ ළිඳේ තිබ්බේ තැඹිලි කොම්බ.ඒවත් ලොකු ඒවා නම් කමක් නෑ පොඩි කුරුම්බැට්ටි කඩලා ඒවා උලා කාලා තියෙන වතුර පොඩ්ඩත් බීලා.හරි කමක් නෑ හොරෙන් බිව්වට මොකද ඒවගේ පවු පිං උන්ට නෙ ඒත් හත්දෙයියනේ මුංට තිබ්බා නෙ ගෙඩි තව ලොකු වෙනකන් ඉදලා බොන්නා.අපේ තාත්තා තව බනින්නේ මුන් කුරුම්බැට්ටි බිලා ගුණමකු කමට ඒවා ළිඳට දාලා ගිහින් කියලා.ඉඩම වටේට තියෙන අනිත් ඉඩමුත් ලොකු ඒවා සහ ඒ කිට්ටුව ගෙවල් අඩු නිසා එන හොරෙක්ට ඕනෙ දෙයක් කරන් යන්න නිදහස තියෙනවා.ළිඳ තියෙන හරිය තමා ඉඩමේ තියෙන පාළුම හරිය.

කාලයක් තිස්සේ ඔය වැඩේ සිද්ධ උනා ඒත් තාත්තා ඔව්ව හොය හොයා පස්සෙන් පන්නන්න ගියේ නෑ.අනික අපේ තාත්තලාට පුරුද්දක් නෑ කා එක්ක වත් රණ්ඩු වෙන්න.ඔහොම කාලයක් ඉද්දි එක දවසක් මහා මුසල ආරංචියක් ලැබුණා අපට උදේ පාන්දර.ඒ ඉඩම කිට්ටුව කෙල්ලෙක්ගෙ මිනිය ළිඳේ තිබිලා හම්බ උනා කියලා තමා ආරංචිය උනේ.කෙල්ල ඊට කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා ගෙදර ලියුමක් තියලා අතුරුදහන් වෙලා ඉදලා තියෙන්නෙ.ඒ කෙල්ලගේ ආච්චි ඒක ඒක වැඩිය ගණන් ගෙන නෑ මොකද කලින් පාරකුත් කෙල්ල ඔය වගේ ගිහිලා දවස් 6 හතකින් ආව නිසා.ඒත් කෙල්ල මේ පාර ගෙදර ආවේ නෑ.තමාටත් දන්නේ නෑ කෙල්ල ළිඳට පැන්නද නැත්නම් මරලා ළිඳට දැම්මද කියලා.

අපේ පැත්තේ කොල්ලෝ සැට් එකක් ඉන්නවා උන්ගේ වැඩේ උනේ මී හරක් පට්ටිය බලාගන්න එක තමා.ඒක හරි ලොකු හරක් පට්ටියක් එක නිසා එකෙක් මදි කොල්ලෝ සෙට් එකක්ම ඕනෙ.ඉස්කෝලෙන් කට්ටි පන්න මුන් සෙට් එක තමා ඒ හරක් පට්ටිය බලන්නේ.මුන්ගෙ වැඩේ උනේ උදෙන්ම මේ හරක් පට්ටිය දක්කාගෙන් ගිහින් උන්ව කන්න ලන්දකට දාන එක.මුන් දවසට කිලෝමීටර් 10 ක් විතර පයින් යනවා.ඔය මිනිය හම්බ උන දවසේ උන් හරක් පට්ටිය දැක්කා ගෙන ඇවිත් තියෙන්නෙ අපේ ඉඩමට අල්ලපු ඉඩමට එකේ හොදට තණකොළ තිබ්බ නිසා හරක්ට හොදට කෑම තියෙනවා නෙ.එකයි උන් හරක් පට්ටිය ඒකට දක්කලා තියෙන්නෙ.මේ කොල්ලෝ සෙට් එක තමා මුලින්ම අර මිනිය දැකලා තියෙන්නෙ ඒකත් මරු විදිහට තමා.මුන් හරක් ටික ගාල් කරලා ඊට පස්සේ වැට පැනලා අපේ ඉඩමට ඇවිත්.මුන් ඇවිත් තැඹිලි කඩන් බිලා ඒක ළිඳට දාන්න යද්දී තමා මිනිය ළිඳේ තියෙනවා දැකලා තියෙන්නෙ.ඒක දැකලා බයවුන උන් ටික තමා වටේ ගෙවල් වලට කියලා තියෙන්නෙ.ඔහොම ඔහොම ආරංචිය ගිහින් තමා  තාත්තටත් ආරංචිය ආවේ.කෙල්ලගේ මිනිය නිසා තැඹිලි හොරුත් හොයා ගත්තා.ඔය සිද්දි ඔක්කොම ඉවර වෙලා ටික දවසකින් තාත්තා අර කොල්ලෝ සෙට් එකට කියලා තිබ්බා  තැඹිලි බිව්වට කමක් නෑ ඒවා හැදෙනකන් ඉදලා බොන්න ඒවා ගහටත් නෑ වෙන කාටවත් නෑ අපරාධ වැඩ කරන්නෙපා කියලා සහ තැඹිලි බිලා ළිඳට දාන එපා කියලා.කොහොම කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ මට තනියම ඒ හේනට යන්න මොකද්ද මොකද්ද වගේ.ගියත් ළිඳ තියෙන හරියට යන්නේ නෑ ඒ හරිය නිකන් පාළු බංගලාව වගේ ;)

ප.ලි :මගේ හුරතලි ලෙඩ වෙලා එක නිසා මට පොස්ට් එකක් කොටන්න එකක් තිබ්බේ නෑ සුසානය ලියන අපේ නොටියා තමා මට උගේ හුරතලි දුන්නේ මේක කොටන්න.ඌ කිව්වා උගේ හුරතලි මට දුන්නා කියලා පොස්ට් එකේ දාන්න කියලා ;)

26 comments:

  1. අපෝ,, මේක හොල්මන් කතාවක්නේ,, :( ඒ මදිවට හුරතලී දුන්නු නොටියා අයියා ලියන්නෙත් සුසානය කියලා බ්ලොගයක්ලු,, @නූලක් බැදගන්න යමින්

    ReplyDelete
    Replies
    1. තාම කවුරුත් හොල්මන් දැක්කේ නෑ ;)
      බය වෙන්න එපා ඔයාට වඩා තව හොල්මන් නංගි ;)

      Delete
  2. ඇත්ත කියපන් කවුද ඒ කෙල්ලව මැරුවේ?ඇයි මිනීමරුවා උඹලයි ළිඳම තෝරගත්තේ?අනික කොහොමද හරියටම ළිඳ තියන තැන මිනීමරුවා හොයාගත්තේ?

    ප.ලි. මාවත් මාත් කොලාට ඉස්තුතියි හොඳේ... :)

    ReplyDelete
    Replies
    1. පලයන් මිනිහෝ යන්න
      මට වෙන වැඩ නෑ නේ
      ඒක ඉතිං මාරුව මිනිහගෙන් අහන්න වෙනවා :P
      තෝව මතක් කලේ තොගෙන් තිබ්බ මල කරදරේ නිසා ;)

      Delete
  3. නිකන් මැවිලා පෙනවා

    ReplyDelete
    Replies
    1. මං ඔය සිද්ධිය දැක්කේ නෑ මොකද මන් කොළඹ හිටියේ සිද්දිය වෙද්දී :)

      Delete
  4. අර කොල්ලො ටික කොහොම බය වෙන්න ඇද්ද කියලා මං කල්පනා කරන්නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. සිරාවට උන් එදා පට්ටෙට බය වෙලා ඉදලා තියෙන්නේ :)

      Delete
  5. මඩයටත් ඊට පස්සෙ නූලක් බඳින්න උනාය කියල ආරංචියි.

    ReplyDelete
    Replies
    1. මං නම් බය උනේ නෑ හොදේ :)

      Delete
  6. මගේ අම්මෝ!!! ආයේ නිකම් තියෙන ලිදකටවත් එබිලා බලන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ලිදවල් වලට එබියන් එත් පාළු ඒවාට එබෙන්නෙපා :)

      Delete
  7. ප්‍රබන්ධයක්ද එහෙම නැත්තං ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ ඇත්තට උන සිද්ධියක් ......

      Delete
  8. කොහොමත් උඹ ඒ පැත්තේ තනියෙන් නොයන එක හොඳයි කියලා මමත් හිතනවා, ඔච්චර හිතේ සැකෙන්. :)

    ReplyDelete
    Replies
    1. :)
      මොකටද නිකන් බය වෙලා ගමට චාටර් වෙන්නේ නේද ඩුඩ් අයියේ :)

      Delete
  9. උඹේ හුරතලිට මොකද්ද අසනිපෙ මාසෙට සැරයක් එන ලෙඩේ ද?

    ReplyDelete
    Replies
    1. එයාට ඒ ලෙඩේ හැදෙන්නේ නෑ නේ අයියේ ........:D

      Delete
  10. මේක ඇත්ත සීන් එකක් නම්.. මෙලහකට උබලගෙ තාත්ත හිරේ... අත්තටම මොකද්ද බොලේ සීන් කෝන් එක...

    ReplyDelete
    Replies
    1. සිද්ධිය ඇත්තටම උන එකක්
      ඒත් අපේ තාත්තා හිරේ ගියේ නම් නෑ :)

      Delete
  11. :O

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. අම්මොඅපේ පැත්තේ එහෙම ඔය ලිඳ තිබ්බා නම් මම ජීවිතේටවත් ඔය ඉඩමේ පස්වත් පාන්නේ නැහැ.

    ReplyDelete
  13. එකෙන් මේකෙන් තැඹිලි හොරුත් අහුඋනා :)

    ReplyDelete
  14. ඇයි බං ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. මඩයා බොහොම කාර්යබහුල වෙලා..
      අධ්යාපනෙයි ඔපීසියයි මඩයව සිර භාරයට අරන් තියෙන්නෙ..
      ඇප තියපු ගමන් ඒවි

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......