Saturday, June 30, 2012

"තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?"

                                   මුලින්ම සමාවෙන්ඩ ඕනේ...!!!!විභාහගේ ඉවර නිසා මඩයා ගෙදර ගිය නිසයි දෙවෙනි පොස්ට් 1 දාන්න පරක්කු උනේ.අම්මලාව බලලා එන්නත් එපැයි අනික මේ වගේ ලොකු නිවාඩුවක් එන්නෙත් කලාතුරකින් නේ.කලින් පොස්ට් 1 කිව්වනේ මදුනාගල වඳුරු ප්‍රහාරය ගැන.අද කියන්න යන්නෙ ඒ කතාවේ ඉතුරු ටික.කලින් කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්න.
                               අපි එදා මදුනගලින් එන්න පිටත් උනා ඒ ආවෙත් හිතේ අමාරුවෙන්.මොකද උන් අපේ වාහනේට අලාභ හානි කලා නේ.එතනින් එද්දී හිතන් ආවේ හතුරෙටවත් පොසොන් වලට ඇරෙන්න මදුනාගල යන්න දෙන්නේ නෑ කියල.අපි එතනින් පිටත් වෙද්දී 12 පහුවෙලා.ඒ ආපු පාරේ යන්නත් අමාරුයි මොකද සුදු බොරළු පාරට අව්ව වැටුනම පාර දිහා බලන් ත්‍රිවිල් ඒක අරන් යන්නත් අමාරුයි අනික අව්වේ ගිහින් ඇවිත් කට්ටියට පට්ට අමාරුයි.
                               තිබ්බ අමරුවත් එක්ක කට්ටියට ඕනේ උනේ ඉක්මනට ගෙදර ගිහින් කාලා හවස් වෙලා වැවට බහින්න.ඉතින් ඒක නිසාම මයිලා දිගටම ත්‍රීවීල් ඒක අරගෙන ආවා.අමාරුවෙන් අපි ඇඹිලිපිටිය-හම්බන්තොට ප්‍රධාන පාරට ආවා.ධබා,අමිල,අපේ පොඩි ඒකා මේ තුන්දෙනාම නිදාගෙන හිටියේ අව්වේ ගිහින් ඔලු රත්වෙලා තිබ්බ නිසාද මන්ද කට්ටිය නිදි.මං නිදාගත්තේ නෑ මොකද මයිලා තනියෙන් නේ එතකොට කියලා.ඉක්මනට යන්න ඕනේ නිසා මයිලත් ඇරලා තියල ආව.
                              අපි ඔහොම යද්දී අනිත් පැත්තට ගිය ලොරියක් හෙඩ් ලයිට් ගහගෙන ගියා.අව්වේ ගිහින් මොලේ කරවෙලා තිබ්බ නිසාද මන්ද මට මීටර් උනේ නෑ මේ මොකටද කියලා.ඕක කල්පනා කර කර වැඩි දුරක් යන්න උනේ නෑ මට ඇහෙනවා විසිල් පාරක් ඒ එක්කම ඇහෙනවා *කනවා දාලා මචං පොලිසියෙන් කියලා.දැන් ඉතින් කාපන්කෝ කොරන්න දෙයක් නෑ ඉතින් අපි අයිනකට කරලා නැවැත්තුවා.ධබා උගේ ලයිසනුත් අරගෙන පොලිස් කාරයා ලගට යන්න ගියා ඌ ත්‍රීවීල් ඒක අරන් ආව වගේ.ඒකා පාර පනින්න හදද්දී පොලිස් මාමා (:P) මොකද්ද කිව්වා,අරූ හිතුවේ ත්‍රීවීල් එකේ ලයිසන් ඉන්ෂුවරන්ස් අරන් එන්න කිව්වා කියලා.ඉතින් ඒවත් අරගෙන අයේ මාත් උ එක්ක පොලිස් මාමලා ලගට ගියා,ලගට එනකන් ඉදල ඒකා කියනවා ගිහින් වාහනේ එළවන් ආපු ඒකා එක්කන් වරෙන් කියලා.අපි උන්ව රවට්ටන්න හැදුවට වැඩක් නෑ කට්ට කෛරාටික පොලිස් කාරයා  අපිට වඩා අන්ඩයි ඌ රැවටිලා නෑ අපියි රැවටිලා තියෙන්නෙ.
                           දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ මයිලා වාහනේ අරන් ආව කියල උන් දැකල තිබ්බ නිසා ඌ වත් එක්ක ගියා පොලිස් කාරයා ලගට.මයිලා උගේ ලගට ආවා විතරයි ඌ මයිලගෙන් අහනවා "තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?" කට්ටියටම ඔව් කියල කියන්න හිතුනත් කවුරුත් ඒක කිව්වේ නෑ එකට ඔව් කිව්වා නම් හොද මාමයිට් බාල්දියක්ම අපි ගාගන්නවා.මයිලා දැන් හොදටම අවුලෙන් ඉන්නේ.ඌ කියනවා 
"නෑ සර් එහෙම හිතුවේ නෑ "
"එහෙනම් ඇයි තමුසේ මුලින්ම ආවේ නැත්තේ?
"තමුසෙට ලයිසන් තියෙනවද?"
"ඔව් සර්"
"එහෙනම් දෙනවා මෙහෙට"
"තමුසේ දන්නවද ත්‍රීවීල් එකක යන්න පුළුවන් උපරිම වේගේ?"
"බලනවා තමුසේ ඇවිත් තියෙන්නෙ 70වට"
"සාජන් මොකුත් බලන්න එපා කෙලින්ම නඩු දාන්න"
"මෙතන වැරදි ගොඩයි"
"අනික මුන් වගේ උන්ව නලවලා හරියන්නේ නෑ"
"මුන් හිතන් ඉන්නේ පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා"

                   ඔහොම කියලා එතන හිටිය ලොකු පොලිස්කාරය අපිට දෝෂාරෝපණය කරලා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් සහ නීත්‍යනුකුල රියදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම යන කාරණා යටතේ අපිට නඩු දාල උසාවි දවසට උසාවි එන්න කිව්වා.අපි කොච්චර කථා කලත් වැඩක් නෑ උන්ගෙ හිත වෙනස් උනෙම නෑ.අපිට ඌ කියනවා තමුසෙලා බොරු නොකර ආව නම් දඩයක් දීලා යවනවා විතරයි දැන් ඉතින් කථා කරලා වැඩක් නෑ ගෙදර ගිහින් උසාවි දවසට එන්න කියලා.අපි සෙට් එකම ඉදන් කියනවා 

"සර් මේ පලවෙනි වතාව නිසා සලකලා බලන්න"
"මු දුර ඉදන් ආවේ ඔය කියන දවසට උසාවි එන්න බෑ"
"ලයිසන් අරගෙන වැඩි දවසක් නෑ"
"දඩයක් දීල අපිව යවන්න"
             
                අපි මොන මොන බයිලා කිව්වත් වැඩක් උනේ නෑ ඒ කාලකන්නි පොලිස් මාමා තීරණේ වෙනස් කලේම නෑ.එතකොට නම් අර පාහර වඳුරෝ ටික මූට වඩා හොදයි කියලා හිතුනා.ඔය ටික අපි කතා කරන අතරේ එතන හිටිය අනිත් ඒකා අපේ පොඩි එකත එක්ක ත්‍රීවීල් එක ලගට ගිහින් එක ඇතුල බලල පොඩි එකාගෙන් විස්තර එහෙම අහලා කට්ටිය බීලද ආවේ එහෙම කියල අහලා.මොකුත් ඇතුලේ හොයාගන්න හම්බ උනේ නැති නිසා අපි හැම එකාගෙම ලගට ඇවිත් සාක්කු බැලුව.සාක්කු වල මොනවා හරි තියේද කියලා හොයා ගන්න.මොකුත්ම නෑ නේ අන්තිමට ඌ මගෙන් අහනවා මොකද ඇස් රතු වෙලා කියලා.මං කිව්වා අව්වේ ගියාම කොහොමත් මගේ ඇස් එහෙම තමා කියලා.(ඌ හිතුවේ මගේ ඇස රතු වෙලා තිබ්බ නිසා අපි සෙට් එක බීල වෙන්න ඇති කියලා,සාක්කු බැලුවේ ගංජා වත් ගහලද මුන් නැත්නම් ලග ගංජා තියේද බලන්න එහෙම තිබ්බා  නම් උන්ට තව වැරැද්දක්  අහුවෙනවා නේ )

              හහ් එව්වා කෙහෙද අපිත් එක්ක,උන් කොච්චර දැගලුවත් අපි බීල ඉන්නවා නම් අල්ලන්න බෑ මොකද අපි ඇල් වතුර නිවල  බිව්වට ඇල්කොහොල් බොන්නේ නෑ නොවැ.කොහොම හරි මේ කාලකන්නි එක්ක කොච්චර කතා කලත් තේරුමක් නැති බව තේරුන නිසා අපි ගෙදර ගියා.ගෙදර ගිහින් තාත්තට වෙච්ච අතවර ඔක්කොම කිව්වා.අම්මෝ ඇති යන්තම් තාත්ත බං ඒ වෙලේ අපේ පැත්තට හිටියා පොඩ්ඩක් වත් බැන්නේ නෑ,ඇහුවේ පොලිසියෙන් නවත්තන්න ඇත්තේ ඇත්තටම මොකක් හරි වැරැද්දක් නිසා වෙන්න ඇති නේ කියලා.කමක් නෑ දැන් උන දේ උනා මං මොනවා හරි කරන්නම.ඔයගොල්ලෝ දැන් දවල්ට කන්න කියලා,ඒත් තාත්ත මොනවා කිව්වත් අපිට ඒ වෙද්දීත් අවුල් කට්ටිය වැටුන වැටුන විදිහට ඇදෙ තැන් තැන් වල හිටියාවැවේ යනගමනත් අතහැරිය මොකද දවසෙම සිද්ද උන දේවල් හොද නැති නිසා.
                අපේ තාත්ත මොනවා කිව්වත් මයිලා බයේ හිටියේ උන්ගේ තාත්ත මොනවා කියයිද කියල.ඌ තාත්ත ත්‍රීවීල් එකටත් ලයිසන් ගන්න කියද්දී පණ්ඩිත කමට අරගෙන නෑ එක නිසා තවත් අවුල්.කොහොම හරි මයිල උන්ගේ තාත්තට කථා කරලා විස්තර කිව්වා අපේ තාත්තත් උන්ගේ තාත්ත එක්ක කතාකලට පස්සේ එහෙනුත් යන්තම් හොද වාතාවරණයක්‌ ඇති උනා.තාත්ත කොහෝම හරි උසාවි නොගිහින් මයිලගේ ලයිසන් එක අරන් දුන්නා.කොහොම හරි තාත්ත ඒ පොලිස් කාරය හම්බ වෙන්න ගියාම ඌ තාත්තට කියල තියෙනවා වැරැද්ද තමන් කලා කියල අපි තුන්දෙනෙක් ඉදිරිපත් උනා කියලා ඒත් අපිනේ දන්නේ මොකද උනේ කියලා :P ඒ සිද්දිය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ මොකද එදා තමා හැමෝම මුලින්ම වැරැද්දකට පොලිසියට අහු උනේ.සිද්දිය වෙලේ මයිලා හොදට බය වෙලා හිටියේ ;).තාමත් ටවුන් එකේදී අර පොලිස් කාරයා දැක්කම අපේ පොඩි ඒකාපෙන්නනවා "අන්න අයියේ මංගල පොලිස් ඉන්නවා කියලා."
           

18 comments:

  1. පොලිස් මාමා කොච්චර බලාපොරොත්තු තියාගෙනද බං උඹලව නවත්තන්න ඇත්තේ..පව් ;)

    ReplyDelete
    Replies
    1. කොහොම වෙතත් උන් අපේ ආතල් නම් කුඩු කළා :/

      Delete
  2. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මොනවා කරන්නද ඉතින්. set එකේ වෙලාව හොඳයි :)

    ReplyDelete
    Replies
    1. වෙලාව ටිකක් විතර හොදයි මචං නැත්නම් ඕක ගොඩින් බේරගන්න වෙන්නේ නෑ නේ :)

      Delete
  3. පවු ඈ පොලිස් මාමා... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අපි පව් නැද්ද රජෝ :/
      බැරි වෙලාවත් වැඩේ ගොඩ දාගන්න බැරි උනා නම් මයිලා උසාවි ගෙනියනවා නේ ;)

      Delete
  4. උඹ බොරුනේ බං කියල තියෙන්නේ???අපි බෝතලයි මල් පැකට් ය් උන්ට අහුවෙන්න බැරි තැනක්නේ හංගල තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. ඒ ඌරුබොක්කේදී නේ බං :P
      අනික ඇඹිලිපිටියේ මල් නෑ නේ කොහෙන් ගෙනියන්නද ඒක නිසා :/

      Delete
  5. පොලීසියට ඇත්තම කියල බේරෙන්න පුළුවන් තැනුත් තියනව. මට හිතෙන්නෙ මෙතනත් ඒවගේ ඕනවට වඩා බයවෙන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. පලවෙනි වතාවටනේ පොලිස්කාරයෙක්ට අහු උනේ ඒකයි එහෙම උනේ :)

      Delete
  6. බය නැතුව කතා කරල ඇත්ත කිවුවනං වැඩේ ගොඩදාගන්න තිබුණා :)

    ReplyDelete
    Replies
    1. අපි උන්ව රවට්ටන්න හැදුව නිසයි උන්ට අවුල් උනේ ;)

      Delete
  7. හෆ්ෆටතිලි මට මේක මග ඇරිලානෙ.. අදයි දැක්කෙ..:O

    හික්ස්ස්ස්... ඇල්වතුරත් නිවලා බොන කොල්ලො ටික පවු වැඩේ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හොද අහිංසක කොල්ලෝ ටිකක් හරිය ;)

      Delete
  8. ඒ පොලිස් මාමා හරි හොඳයි තිත්ත උනත් ඇත්තම කියලා අර පොලිසියේ ඉන්නේ කියන එක

    ReplyDelete
    Replies
    1. හි හි අපි ඒ වෙලේ ඔව් කිව්වනම් උන් අපිව කොහෙට අරන් ගිහින් වෙඩි තියලා දානවා :P

      Delete
  9. මටත් පෙන්නන්න බැරි දෙවැනි කොට්ටසේ තමා ඕකුන්. පොලිසියත් එක්ක වෙච්ච හොඳ හොඳ සීන් තියෙනවා ලියන්න මටත් පස්සේ ලියන්නම්කො ඒවත්

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මහා එපා කරපු ජාතියක් එත් හොද අයත් ඉන්නවා ඒ අතරේ

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......