Thursday, September 13, 2012

හතර හන්දි හිරි වැටෙන බල්ටිය




මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං මාස දෙකකින් ගෙදර ගිහින් නෑ,
මේ මාසේ ඉවර වෙනකන් යන්න වෙන්නෙත් නෑ.හොස්ටල් ඉද්දි හිතුවේ ලොකු උනාම වැඩිපුර ගෙදර යන්න පුළුවන් වෙයි කියලා ඒත් දැන් හිතෙනවා ලොකු වෙන්නේ නැතුව හොස්ටල් එකේම හිටියා නම් හරි කියලා.මොකද එතකොට අනිවා මාසෙකට සැරයක් හරි යන්න පුලුවන් නේ.මං ගමේදී ගතකල ඒ අවුරුදු 11 දී කරපු කියපුවට මං හරි ආසයි ඒ මතකෙට මං පට්ට කැමතියි.ඒ අතින් මට ලස්සන පොඩි කාලයක් තිබ්බා.පොඩි කාලේ ජීවිතේ වින්දා.

මෙච්චර වටයක් ගියේ මට පොඩි කාලේ උන සිද්ධියක් කියන්න එක කියන්න යද්දී මට පොඩි කාලෙ මතක් උනා ආයේ එකයි එච්චර විස්තර කිව්වේ.අපේ තාත්තා ගෙදර හදලා තියෙන ඉඩමට මං හරි ආසයි.ගෙදර වත්තේ තාත්තා ගොඩාක් ගස් ඉන්දවලා තියෙනවා,වැඩියම තියෙන්නේ අඹ,කොස්,පොල් තමා.ඔය අතරේ පේර ගස් කීපයකුත් තිබ්බා.පේර ගස් ගොඩාක් තිබ්බට තිබුනා පේර ජාති 3ක්.රතු පේර වල ප්‍රභේද දෙකකුයි,තව ටිකක් ලොකු වෙන සුදු පේර ජාතියකුයි තමා තිබ්බේ.හැබැයි එහෙමයි කියලා ජාති 3 එකට එකක් රසයි.ඉස්කෝලේ ගිහින් ඇවිත් මං කරන එක වැඩක් තමා ඉඩම වටේ රවුම් ගහනවා.ඒ අතරේ පේර තියෙන කාලෙට ඉතින් පේර ගස් ටිකට වග කියන්නේ මං තමා.මට ඔය ගස් හැම එකේම බඩගාන්න පුළුවන්.

ඔය ගස් සෙට් එකේ සුදු පේර තිබ්බ ගහ තමා ලොකුම,අනිත් ඒවා නම් එච්චර විසාල නෑ.පොඩි කාලේ කාලා ඉවර වෙලා ගහට නැගලා පේර දෙක තුනකට වග කියලා තමා බහින්නේ.ලොකු ගහ අඩි 12 ක් 13 ක් විතර උසයි.පොඩි කාලේ එක ලොකු උසක්‌ උනාට අවුලක් නෑ පේර ගහ හැදිලා තිබ්බේ මට නගින්න පුළුවන් විදිහට.බිම ඉදන් යන ගහ අඩි 4 ක් විතර උසින් අතු බෙදෙනවා අතු දෙකකට ඒ දෙක ගොඩක් ලොකුයි.එක අත්තක් පැත්තට යනවා අනිත් එක උඩට යනවා.ඒ උඩට යන ඇත්තේ තමා වැඩිපුර පේර හැදෙන්නේ.ඒ ලොකු අත්තත් අඩි 4 කින් විතර දෙකට බෙදෙනවා.ඔය අතු දෙකෙන් එකක් උඩට යනවා අනිත් එක පොලවට සමාන්තරව යනවා.ඒ අත්තකට මගේ බර හොදට දරාගන්න පුළුවන්.ඒවා ලොකුයි ගොඩාක්.මං පේරයක් කඩාගෙන වාඩි වෙන්නේ අර පොලවට සමාන්තර ඇත්තේ.එකට පොලවේ ඉදන් අඩි 8 ක් විතර උස ඇති.

ගේ ඉස්සරහා තියෙන පොඩි අඹ ගහේ අතු වල එල්ලිලා බල්ටි ගනහ පුරුදාක් තිබ්බ මට ඒ ගහ පොඩි නිසා අත්තේ ඉදන් මට බිමට පනින්නත් පුළුවන්.ඔය පොඩි කාලේ බල්ටි ගහපු උන් දන්නවා ඇති නේ අතු බල්ටි.අත්තේ එල්ලිලා ගහන එක.මං කොච්චර කලත් ඔය බල්ටි ගැහිල්ල කලේ අඹ ගහේ විතරමයි.දවසක් පේර ගහට නැගලා පේරයක් කකා ඉද්දි මගේ පුංචි මඩ මොලේට කම්පනාවක් ආව පේර ගහේ අර පොලවට සමාන්තර අත්තේ බල්ටියක් ගහලා බලන්න.

ඉතින් දෙයියනේ කියලා පේරේ කාලා ඉවර කරපු මම අර ලොකු අත්තේ එල්ලුනා පහලට  එල්ලිලා බල්ටි දෙක තුනක් ගහ ගත්තා.දැන් ඔක්කොම හරි උඩ ඇත්තට යන්න තමා ඕනේ.අඹ ගහේ නම් බිමට පනින්න පුළුවන් ඒත් දෙයියනේ මේ ඇත්තෙන් කොහොම බිමට පනින්නද එක පොලවේ ඉදන් ගොඩක් උසත් එක්ක අනික අත්ත යට‍ තිබ්බෙත් කොන්ක්‍රීට් තට්ටුවක්.පොඩි එකා උනත් මට තේරුනා එතන බිමට පැන්නොත් නම් සොරි තමා කියලා.එල්ලුනාට පස්සේ නේ මීටර් උනේ උඩට යන්න අමාරු වගේ.පොඩි එකා නිසා ගැම්ම අරන් එක පාර උඩට යන්නත් බෑ මගේ චූටි අත් සිදෙනවා.මං එල්ලිලා ඉන්නවා දැන් බැබුනා වගේ.

අත් දෙකේ වැල මිට ලගින් ඇදිලා ඒවා රිදෙනවා අනික මං පොඩි එකා නේ.වෙව්ලනවා රිදෙන තරමට හැබැයි රජෝ බයට නෙමේ.පොඩි අත් වලට අත්ත අල්ලන් ඉන්නත් බෑ.අල්ලත් රිදෙනවා.දණහිස් කිරි කිරි ගානවා.හිරිවැටෙන්න පුළුවන් මගේ හැම තැනම හිරිවටුනා සීතල උනා දැන් මට හොදටම තේරෙනවා වැඩේ අල කියලා.උඩට යන්නත් බෑ බිමට පනින්නත් බෑ කරන්න ඉතින් මං තියෙන තරම් වීරිය අරන්  අම්මේ.........................................................! කියලා. මං මොකද බෙරිහන් දෙන්නේ කියලා බලන්න අම්ම දුවගෙන ආව.අම්මට දැන් වැඩේ මීටර් ඒත් අම්මට කරන්න දේකුත් නෑ මේකට මොකෝ අම්ම ගස් නගින්න යැයි.

අපේ අම්මා වැඩිය උස නැති නිසා බිම ඉදන් ගන්නත් බෑ දැන් අම්මත් මාර අසරණයි.තාත්තත් හිටියේ නෑ ගෙදර.මටත් නිකන් ඉන්න බෑ නේ.අනේ ඉතින් අපේ අසරණ අම්මා  පුටුවක්‌ ගෙනහල්ල තියලා පුටුව උඩට නැගලා අම්මගේ කර උඩට අරගෙන  අමාරුවෙන් මාව බිමට ගත්තා.එදයි පස්සේ මං උස යනකන් බල්ටි ගැහුවේ නෑ පේර ගහේ.උස උනාට පස්සේ නම් අත්තේ එල්ලුනාම මගේ කකුල් බිම ගෑවෙනවා.ඒත් පස්සේ කාලෙක මොකද්දෝ හේතුවකට ඒ පේර ගහ කපලා දාලා තිබ්බා ඒ ඇයිද කියලා මං දන්නේ නෑ
මං තාමත් ඒ පොඩි කාලේ මතකෙට ආදරෙයි.............

43 comments:

  1. ගමේ ගිහින් එද්දි මටත් පේර ගෙඩි 2,3ක් ගේන්න හොදේ..

    මඩවතී

    ReplyDelete
    Replies
    1. හා හා ගෙනත් දෙන්නම් කො :)

      Delete
  2. ෂහ්, අම්ම මඩයාව බේරා ගත්ත හැටි නම් නියමයි. මාත් ඉස්සර අතු වල එල්ලිලා අනන්ත බල්ටි ගහනවා. ළමා කාලෙ සුන්දර මතක! :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලේ අම්මට ගණදෙවි නුවණ පහල උන එක හොදට ගියා.
      ඔව එක නම් ඇත්තේ පොඩි කාලේ මතක මාර ලස්සනයි..:)

      Delete
  3. Replies
    1. පොඩි කමට කරපුව නේ :)

      Delete
  4. උබ ඉස්කොලෙ gate එකෙ ගහපු බල්ටිය???

    ReplyDelete
    Replies
    1. අන්න නියම බල්ටිය.අඩු කඩා ගත් ඒ බල්ටිය ගැනත් ලියන්න මඩයා..

      Delete
    2. අම්මෝ එක අමතක වෙන්නේ නෑ මචං ලහිරු :/

      Delete
    3. @තේජි :- එල එල මං ලියන්නම් එක ගැන පස්සේ වෙලාවක :)

      Delete
  5. අපි නම් පුංචි කාලේ ගමේ හැදුන නිසා ඇති වෙන්න දඟ වැඩ කලා. මටත් කොල්ලට වගේ ගස් නගින්න පුළුවන්.ඔය පේර ගැන කියද්දී මතක් උනේ පේර කඩන්න ගහකට නැගලා ඒකෙ තිබ්බ දිමියො ගොට්ටකට පැටලිලා මුළු සරුවාංගෙම දිමියො කද්දී කෑ ගහගෙන හෙම උස අත්තක ඉදලා මම බිමට පැන්නා. ඒ වෙලාවෙදිම මගේ කකුල කැඩුනා. ඒක බෙහෙත් කලා අවුරුදු දෙකක් විතර. ඒ මම පේර කාපු හැටි..
    පොඩි කාලේ දඟ වැඩ මතක් කරද්දිත් සතුටුයි

    ReplyDelete
    Replies
    1. ගස් ලිහිණි ;)
      අපෝ දිමියෝ කන එකත් ඉවසන්න පුළුවන් ඒත් ඇග පුරා දුවන එක තමා ඉවසන්න බැරි.අම්මට සිරි හිතට දිරි අරන්ද පැන්නේ නැත්නම් බයටමද?
      කකුල කැඩුනා කියන්නේ හොදට සැපට බිම වැටෙන්න ඇති ;)
      කවදාවත් අමතක නොවෙන කාලයක් තමා ගෙදර හිටිය කාලේ

      Delete
  6. madayage mada wada.... Watenna thibbe oya podi eka.. Oka maha naaheta ahanne nathi eka..

    ReplyDelete
    Replies
    1. apo madaya ahinsakayaa.daga vada karanne naa man :)

      Delete
  7. අපෙ අප්පේ..මේකා කරන වැඩ! බල්ටි රජෙක් නේ බලං ගියාම!

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ තමා දැන් ඔය බල්ටි වැඩ නෑ

      Delete
  8. මඩයා කියන්නේ නිකන්ද නේද :)

    ReplyDelete
    Replies
    1. මේක මඩ කතාවක් නෙමේ මට උන එකක් :)

      Delete
  9. :) මතක නම් හැමදාටම සුන්දරයි.....................:)

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත නගෝ ඒවා හැමදාටම සුන්දරයි...!

      Delete
  10. මඩයගේ මඩ ගොඩක් ! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අපොයි ...!මේක මට උන අකරතැබ්බයක් මඩ ප්‍රහාරයක් නෙමේ කාටවත් එල්ල කරපු

      Delete
  11. අපෙ ගෙදරත් පේර ගස් තුනක් තිබ්බා.. මම ඉස්කෝලෙ ඇරිලා ආවම වැඩි හරියක් ඉන්නේ ඔය ගහක් උඩ.... බල්ටියක් ගහලා තමා බිමට පනින්නේ... පේර ගස් වලට නගින්න ලේසියි නේ... පස්‌ෙස් ඔංචිල්ලාවක් බැදලා ගහ හෙලවිලාද කොහෙද මැරිලා ගියා.... අනිත් ඒවා කැපුවා... තාමත් පේර වලට පුදුම පෙරේතයි... අපෙ මහත්තයගේ ගෙදර පේර ගහක් තිබුනා.. ඉස්සර ඒකෙ ඔක්කොම වගේ මට ගෙනත් දුන්නා... අලුත් ගේ හදන්න පටන් ගත්තම මම මුලින්ම ඇහුවේ පේර ගහ බේරුවා නේද කියලා.. නෑ නේ.. ඒක කපලා.. ඒ වෙලාවෙ මගේ මූනෙ හැටි දැකපු මාමාණ්ඩි කොහෙදි හරි පේර දැක්කොත් මට ගෙඩියක් අරන් එවනවා තාම.. හි හි.. හැබැයි ඉතිං අර ගහ උඩට වෙලා කන ජොලිය නෑ...

    ReplyDelete
    Replies
    1. වඳුරු හිරු ;)
      එක නම් ඇත්ත අක්කේ ගහේ නැගල පෙර කන එක තරම් නිකන් කලා කන එක ආතල් නෑ අනික පෙර දෙකතුනක් කාල තව තුන හතරක් සාක්කුවෙත් දාගෙන නේ බහින්නේ.මාත් තම ආසයි පෙර වලට හැබැයි අපේ ගෙදර තියෙන ඒවාට
      ෂා ඔයාට හොද මාමන්ඩියෙක් ඉන්නවා නේ......

      Delete
    2. හිරු ඔයා පේර ගහෙන් නෙමේ ජම්බු ගහකින් වැටිල හිටිය නේද කාලයක්

      Delete
    3. හප්පා අපේ මාමන්ඩි ඒ ව‌ෙග් දේවල් වලට නම් මල් හතයි... ඉතිං ඉන්න ලොකුම පෙරේතයෝ දෙන්නා අපි දෙන්නා නේ... මට වදුරා කිව්වා නේද මඩකරියා..... හි හි...

      අයියෝ නලින් අයියේ... ඒ කොයි කාලෙද අප්පා.... ආදි කාලෙ නොවැ.. හි හි....ඒ මඟුලෙන් වැටෙන්නම වෙන නිසා වැටුනා මිසක් මම පේර ගහෙන් නම් වැටිලා නෑ කවදාවත්... ඒ තරමට බල්ටිය පුරුදුයි....

      Delete
    4. ආහ් වැරදුණා වැඳිරි ;)

      Delete
  12. මඩයාගේ බල්ටි මතක...
    හික්ස්...

    ReplyDelete
    Replies
    1. මිට වඩා ලොකු බල්ටියක් තියෙනවා එක ගැන හිමිහිට කියන්නම් කෝ :)

      Delete
  13. මඩයා අදයි මේ පැත්තට ආවෙ.දැක්කහම ආස හිතුනා. දැන් හැමදාම එනවා.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. එල එල දිගටම
      එන්න මේ පැත්තට සාදරෙන් පිලිගන්නවා....!

      Delete
  14. තනියම කන්න ගියාම ඔහොම වෙනවා......

    ReplyDelete
    Replies
    1. තොපි හිටියා නම් නොදී කන්නේ නෑ නේ බොලව් :/

      Delete
  15. හිහි.... වෙලාවට අම්මා ගෙදර හිටියේ..

    ReplyDelete
    Replies
    1. ඔව්
      නැත්නම් අතපය වෙව්ලලාම මන් වැටෙනවා බිම :)

      Delete
  16. oin giya madai...........
    madaya ayyath koraganna wada.... :)

    ReplyDelete
  17. මටත් ඔහොමයි බං.......සමහර දාට මාස දෙක තුනක් යනකන් ගෙදර නෑ බොඩිමේමයි...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙද්දී මොනවා තිබ්බත් වැඩක් නෑ මචන් :/

      Delete
  18. අනේ මදය මහත්තයෝ...මටත් ගෙනත් දෙන්නකෝ පේර...කාලෙකින් කන්න බරු උනා.....මේවා බලද්දී පොඩි කාලේ මතක වෙනවා...මතක වෙද්දී ඇඩෙනවා තනි ඇහැට

    ReplyDelete
    Replies
    1. කොහේ ගේන්නද සහෝදරයා
      ගෙදර යන්නෙත් හරි කලාතුරකින්
      පහුගිය කාලේ මතක් කරලා හූල්ල හූල්ල ඉන්නවා :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......