Monday, July 9, 2012

නංගිගේ ලොකු උපන්දිනේ......!


අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්නවා පොඩි එකෙක්,මං හිතන්නේ දැන් 6 වසරේද කොහෙද,ඌ පොඩි කාලේදී මං වඩාගෙන ඉදලත් තියෙනවා,ඌ පොඩි කාලේදී නම් හරි හුරතල් එකා දැන් නම් උගෙන් ගන්න දෙයක් නෑ මළ ඇට්ටරයා,උගේ කට හරි සද්දයි මළ කන්කරච්චලයක් තියෙන්නේ කතා කරන්න ගත්තාම,ඌ කොච්චර හොදද කියලා අපේ ගෙදර එන මගේ යාලුවෝ සෙට් එක හොදට  හොදට දන්නවා,කොහොම හරි මඩයා ගෙදර එන්නේ කලාතුරකින් නිසා පොඩි එකාගෙන් කරදරයක් නෑ,මං කොළඹ ඉදන් ගෙදර යන දවසටත් අරුගේ ගේ ඉස්සරහින් පැනලා දුවනවා ඌට නොපෙනෙන්න ;) මොකෝ ඒකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම උණ්ඩුක පුච්චේට වෙනකන් හිරිවැටෙනවා.ඒ පොඩි එකාට එකපාරක් එපා කිව්වට අහන්නේ නෑ,පුදුම වදයක් තියෙන්නේ.මං වැඩිපුර  ගෙදර වැඩිය නැති නිසා අපේ පොඩි එකා එක්ක මේකා හරි යාලුයි,ඒත් අපේ පොඩි එකත් මුට කැමති නෑ මුගේ කන්කරච්චලේ නිසාම.


කොහොමද අපේ වන්ඩියට පුදුම ඉල්ලුමක් තියෙන්නේ ;)



අපේ ගෙදර තියෙනවා පොඩි ත්‍රිවිල් කට්ටක්,ඒක අපේ පොඩි එකාගේ ගෑනි වගේ,පුදුම ආදරයක් තියෙන්නේ එකට,තාත්ත සල්ලි වියදම් කරනවා ඌ එකට එක එක එව්වා හයි කරනවා ඒක හැඩ කරනවා,එකේ ඩ්‍රයිවරයත් ඌ තමා,තාත්ත ඉතිං කොහේ ගියත් ඌත් එක්ක ත්‍රිවිල් එකේ තමා යන්නේ,කොහොම හරි එකා සල්ලි සල්ලි එකතු කරලා තත්තගෙනුත් ඉල්ලගෙන එකට හයි කළා හොද හයි ෆයි සවුන්ඩ් සිස්ටම් එකක්,ආව් අප්පා එක හයි කලට පස්සේ ත්‍රිවිල් එකට පුදුම සිරියාවක් ආවේ ;) අපේ එකා ඕකත් අරන් පාරේ යද්දී එක ඇවිදින රෙකෝඩ් බාර් එකක් වගේ,තාත්ත එක්ක යද්දී විතරයි එකේ සද්දේ ටිකක් හරි අඩු,ඔව්ව මෙව්වා නිසාම තම ඉස්සරහ ගෙදර පොඩි එකා අපේ මල්ලි එක්ක තව ෆිට්.




දවසක් මූ අපේ ගෙදර ආව දවසක මල්ලිට කියනවලු

  "_ _ _ අයියේ අපේ නංගිගේ ලොකු උපන්දිනේට අයියගේ ත්‍රිවිල් එක අරන් ගිහින් සින්දු දාමු අපේ ගෙදර"
"මඩයා අයියට(පොඩි එකා මට මඩයා නමැති ගෞරව නාමයක් තියනවා කියලා දන්නෙ නෑ)කියලා හොද සින්දු ටිකකුත් පෙන් එකට දාගමු"
අපේ පොඩි එකා අහනවා අරුගෙන්
"මොකද්ද මල්ලි නංගිගේ ලොකු උපන්දිනේ කියන්නේ කියල?"
"ඇයි අනේ අර හැමෝම ඇවිත් දාහේ පන්සියේ කොළ දීලා යන්නේ
  අර සුදු අක්කාගේත් තිබ්බේ ඒ වගේ එකක්"
"සල්ලි අරන් හැමෝටම වදින්නේ ඔයාට මතක නැද්ද?"

පස්සෙ අපේ පොඩි එකාට මීටර් වෙලා මු කියන්නේ කොටහළු මගුල ගැන කියලා

16 comments:

  1. Replies
    1. හිකිස්‌ තමා ;)
      ධබාගෙන් අහලා බලන්නකෝ ඔය පොඩි එකා ගැන :)

      Delete
  2. හී හී හී ....................... :)

    ReplyDelete
    Replies
    1. පොඩි එකත් දන්න දේවල් නේද...?

      Delete
  3. ඒ පොඩි එකාට දැනුම පිපාසයක්‌ ඇති.ඒකයි එක එක දේවල් ගැන අහනවා ඇත්තේ... :P:P

    ReplyDelete
    Replies
    1. උඹ අපේ ගෙදර ආව දවසක ඔය පොඩි එකාව සෙට් කරලා දෙන්නම්,උඹ උගේ පිපාසෙ සංසිදවපන් ;):P

      Delete
  4. මට පෙනෙන හැටියට උට පිපාසයක් තියෙනවා,හැබැයි දැනුම නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම එව්වා නෝටියා සංසිදවාවී අයියේ ;)

      Delete
  5. Replies
    1. පොඩි එකාගේ නොදන්න කම නොවැ ;)

      Delete
  6. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මලු පොඩි එකා හෆ්ෆා...:D

    ReplyDelete
    Replies
    1. පවු පොඩි එකා ඌට තිබ්බේ අහිංසක බලාපොරොත්තුවක් ;)

      Delete
  7. මං වගේම පොඩි එකෙක්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපෝ ඌ හෙන අලුගුත්තේරු වැඩ තමා කරන්නේ ඉතිං රජාත් ඌ වගේ ඇති :පී

      Delete
  8. podi ewun ekkanam berenna be thama ban un ahana purasnawalata uththara denna wenama digriyak karala enna ona

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මචං උන් එක්ක කතා කරලා අපිට දින්නන්න බෑ උන් පණ්ඩිත බාප්පලා :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......