Thursday, July 19, 2012

ධර්ම දානය බෙදීම සහ පජාත වීම.......!


                                                පහුගිය දවස් ටිකේ පොඩි රවුම් පාරක් එහෙම දාල ආවේ.රවුම් කිව්වට එක පින්කමක්,මඩයා වගේ නෙමේ මඩයාගේ තාත්තා,පිං වැඩ වලට ටිකක් ලැදියි.ඉතිං එකේ ප්‍රතිපලයක් විදිහටද මන්ද තාත්තා පිංකම් සෙට් එකක් කරන් ආවා ඒවගෙන් එකක් තමා මේ තිබ්බේ,රුවන්වැලිසෑයට කප්රුක් පූජාවක් තියලා ශ්‍රී මහා බෝධියට කිරිපිඬු පූජාවක් තියන එක තමා පිංකම උනේ,ඉතින් දෙයියනේ කියලා අපේ සෙට් එකත් සෙට් කරගෙනමාත් ගමනයන් ලැස්ති උනා,ගමනට ධබා,නුවන්(නෝටි),චතුර,මාධව,තිවා,කට්ටියටම අඩ ගහගෙන සෙට් උනා.අපේ ගමින් බස් 3කුත් ඇඹිලිපිටිය ටවුන් එකෙන් එක බස් එකකුත් වීරකැටියෙන් එක බස් එකකුත් එක්ක ඔක්කොම බස් 5ක් අපේ බස් 3 උදේ පාන්දරම දෙයියනේ කියලා ගමන පිටත් උනා,අපි ඉතිං සුපුරුදු පරිදි හිටගෙන ගමනේ පිටත් උනා,තාත්තලා ගිය බස් එකේ ඉඩ නැති නිසා අපි වෙන බස් එකකට නැග්ගා.බස් රියදුරු මහත්වරුන්ගේ දැඩි කැපවීම මත පැය 8 ගමන පැය 10කින් එන්න පුළුවන් උනා,ඒ එද්දී පූජාවට පරක්කු වෙලා ඒ උනාට කට්ටියගේ උනන්දුව,කැපවීම නිසා විශ්‍රාම ශාලාවට ඇවිත් කට්ටිය පෙරහරේ යන්න ලෑස්ති උනා.

කප්රුක් පූජාව කියන්නේ චෛත්‍යට චීවරයක් පූජා කරන එක සහ අටපිරිකර පූජා කරන එකයි.විශ්‍රාම ශාලාවේ ඉදන් ටික දුරක් බස් එකේ ඇවිත් එතන ඉදන් අපි පෙරහැරකින් චීවරේ  චෛත්‍ය ලගට අරන් ගියා,චෛත්‍ය වටේටම චීවරේ පළඳන්න ඕනේ එක නිසා චීවරේ දිගයි,ආව ඔක්කොම චීවරෙ අරන් තමන් ගෙනාව අටපිරිකරත් අරන් පෙරහරේ ගියා.කොච්චර ජෝගි නට නටා ගියත් වැඩේට සෙට් උනාම හිතට දැනෙම හැගීම මාර පුදුම එකක් එක මං හිතන්නේ ශ්‍රද්ධව වෙන්න ඇති.චෛත්‍ය වටේ චීවරේ අරන් පැදකුණු කරලා පේසාවළලු වලට උඩින් චෛත්‍ය බඳේ චීවරේ පළඳනවා,එකට වෙනම හාමුදුරුවරු කීපනමක් රුවන්වැලිසෑය පන්සලෙන්ම පත් කරලා හිටියා,මඩයා හරි අසාවෙන් හිටියේ චෛත්‍ය උඩට ගිහින් චීවරේ පළඳන්න උදවු කරන්න ඒත් ඒ හීනේ හැබෑකරගන්න උනේ නෑ එතන උඩට යන්න දුන්නේ අපි එක්ක ගිය හමුදුරුදෙනමටයි,තාත්තටයි,තව අනිත් සංවිධායක මණ්ඩලේ 3 දෙනෙක්ටයි විතරයි,මට හුලං :/ චෛත්‍යට චීවරේ පලන්දලා ඉවර වෙලා පූජාව තියලා කට්ටිය විශ්‍රාම ශාලාවට ඇවිත් කාලා ආයේ ගියා රෑ එළිවෙනකන් රුවන්වැලිසෑය ලග පිරිත් කියන්න,අනේ කියන්න කිසි වරදක් නෑ ආව සෙනග ඔක්කොම 300කින් 280ක් විතර ගියා පිරිත් කියන්න.මඩය දැඩි සෙම්ප්‍රතිශ්‍යා තත්වයෙන් පෙළුන නිසා තාත්තගේ නිත්‍යානුකුල අවසර ලැබුනා නවතින්න,අපි සෙට් 1 උන් 7 දෙනයි උදේට කිරිපිඬු දානේ උයන අයයි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ පිරිත් කියන්න ගියා.අපි සෙට් එක විශ්‍රාම ශාලාවෙන් පැනලා ඇවිත් බස් එක නිදා ගත්තා,කට්ටියට පුදුම ආසාවක් තිබ්බේ බස් එක නිදා ගන්න කොහොම හරි ඒ අසාවත් උන් ඉෂ්ට කරගත්තා.


දෙවෙනි දවසේ තිබ්බේ කිරිපිඬු දානේ.අපි නැගිටිද්දී දානේ නම් උයල තිබ්බ ඒත් දන්නා විදිහට කියන්නම් එක හදන විදිහ.එක කිරිබත් වගේ හදන්නේ ඒ උනාට උඩට උඩුවියන් බැඳලා තමා උයන්නේ.උයන්න ගන්නේ සඳුන් දර.කිරිබත් හදන්න කලින් බත් ලිපේ තියෙන්නේ තැඹිලි පොල් වතුර වලින්.ඊට පස්සේ මුකවාඩම් බැඳලා පොල්ගාලා කිරි ගන්නවා.ඊට පස්සේ කිරිබත හදාගන්නවා,එකට ගස් කජු,වියලි මිදී,රට ඉඳි,මීපැණි,එළගිතෙල් වගේ ජාති ටිකක් දානවා,මට මතක ඔච්චරයි.කිරි ආහාර ලෑස්ති කරලා අපි විශ්‍රාම ශාලාව ලග ඉදන් ශ්‍රී මහා බෝධිය ලගට පෙරහරෙන් කිරි ආහාර සහ අටපිරිකර අරන් ගියා.ගොඩක් කට්ටිය හිටිය නිසා පෙරහැර ලස්සනට තිබ්බා,මං හිතන්නේ ඒක කිලෝමීටරයක් විතර දිගට තිබ්බා.මායි,ධබයි,නුවනයයි,තිවයි,අපේ පොඩි එකයි පෙරහරේ ඉස්සරහටම වෙන්න ගියා ;) .ශ්‍රී මහ බෝධිය ලග පූජාව ඉවර කරලා අපි ගෙදර එන්න පිටත් උනා.


එද්දිත් ඉතිං සුපුරුදු ලෙස ෆුට් බෝඩ් එකට වදදෙමින් සිටගෙන ආවෙමු,තිවා සහ අපේ පොඩි එකාට රථ ගාය ඇති බැවින් උන් ඩ්‍රයිවර් මහතාගේ තනි රැකිම පිණිස ඉදිරිපස ෆුට්බෝඩයට යන ලදී.අපේ බස් එකේ හිටියා අපිට දුරින් සීයා වෙන කෙනෙක් එකාට සීයා කියන්න බෑ,වයසින් බාලයි,ඉන්න ළමයි දෙන්න කෙල්ලෝ දෙන්නෙක් උනුත් මට වඩා බාලයි,උන් දෙන්න මං හිතන්නේ මට නැන්දද කොහෙද වෙන්නේ ;);/ මේ මනුස්සයා ගෙනත් තිබ්බා ධර්ම කාරණා තිබ්බ කොලයක් කට්ටියට බෙදන්න.මේකට ඕක මතක් වෙලා තියෙන්නේ ගෙදර යන්න පටන් ගත්තට පස්සේ,ඔක්කොටම ඇතිවෙන්න ගෙනත් තිබ්බා.මේකා කොළ ටිකක් මට දීල කියපි පුතේ මේ ටික බස් එකට බෙදලා දෙන්නකෝ කියලා,කමක් නෑ ධර්ම දානයක් නේ කියලා මාත්  බෙදන්න ගත්තා.මං කොළ ටික බෙදන් එද්දී අපේ අවලං මිතුරු ජනතාව පිටිපස්සේ ඉදන් උන්ගේ අවලං කතා ටික කියන්න ගත්තා උන්ගේ හැටි දන්නා නිසා මං ගණන් ගන්නේ නැතුව කොළ බෙදාගෙන ආවා ඒ එද්දී  එක ආච්චි කෙනෙක් කට කපලා දොයි,අනේ පවු නේ කියලා මං ඒ මනුස්සයව ඇහැරවලා කොලයක් දුන්න ඒ මනුස්සයත් හීනෙන් බයවෙලා වගේ කොලේ ගත්තා,ඒ අරගෙන ටික වෙලාවෙකින් පිටි පස්සට මෙහෙම කතාවක් ආරංචි වෙනවා.
"මං හිතුවේ අර බස් වල කොළ බෙදලා සල්ලි එකතු කරන ළමයෙක් කියලා එකයි කොලේ ගත්තේ නැත්තේ "

යකෝ මේක අහගන්නද මං උඩ දාගෙන ගිහින් කොළ ටික බෙදුවේ,අපරාදේ ඒ අවලං ආච්චිව ඇහැරවලා කොලේ දුන්නේ,අපේ උන්ගේ කුප්ප කතා ටික හොදයි මේ උන නව නින්ගිරාවට වඩා.

උඩ බලන් ඉන්නේ නුවන් නොවන බව කරුණාවෙන් සලකන්න ;)
මේ කුජීත වැඩත් එක්ක අපි ජෝගි දාගෙන බස් එකේ එනවා.අපිට සිට් එකක් දෙන්නවත් හිටියේ එක්කෙනයි දෙන්නයි,අනිත් උන් ගුරුවරු වගේ අය නිසා වෙන්න ඇති අපිට් සිට් එක නොදුන්නේ,බැරි වෙලා හරි තාත්තා බස් එකේ හිටිය නම් අපිට සිට් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉදිවී.අපි කට්ටිය මාරුවෙන් මාරුවට වගේ ෆුට් බෝඩ් එකේ ආවේ මොකෝ ධබා,චතුර අලි සයිස් නේ ;)
බස් එකේ හිටියා කෙල්ලෝ සෙට් එකක් ඔය සෙට් එක අපේ නුවනයා අදුරනවා.උන් මඩයව දන්නවා උනාට මඩයා උන්ව දන්නෙ නැති නිසා වැඩි බජනෙට ගියේ නෑ.අපේ නුවනයට ඒ එක කෙල්ලෙක් මරු ලයින් එකක් දීල තිබ්බා.
"අයියා hospitl හන්දියෙන් බහිනවද?"
"ඔව් නංගි මාත් බහිනවා"
"අයියා කොහොමද උදේ ආවේ?"
"මං ඊයේ රෑ මඩයාලගේ ගෙදර හිටියේ නංගි"
"ඔයාල කොහොමද නංගි උදේ ආවේ?"
"අපි ත්‍රිවිල් එකක ආවේ අයියා,මොකද කාර් එකේ ආව නම් නවත්තන්න තැනක් නෑ නේ කියලා"



ප.ලි:-ඕක මට නුවනයා කිව්වහම මතක් උනේ අපේ මධවයා ඔය බොරු පොශ් කාරයන්ව බයිට් කරන්න කියන කතාවක්
"මචං මගේ කාර් එකේ Key එක lost වෙලා
මක්ක කොරන්නද කියලා මට හිතා ගන්න බෑ"

14 comments:

  1. එහෙනම් මඩයත් පින් අතේ වැඩ කරනවා ඈ
    අවතාර්ටත් රුවැන්වැලි සෑය ගාව පූජාවකට ඉන්න ලැබුනා.එලිවෙනකම් සෑය මලුවේ පිරිත් කිය කිය. ආය එහෙම චාන්ස් එකක් හම්බෙන්න කියලා තමා අවතාර්ගේ ප්‍රාර්ථනය

    ReplyDelete
    Replies
    1. තාත්තගේ අඩි පාරේ පුතත් යන්න එපැයි ;)
      හෙම්බා තිබ්බේ නැත්නම් මාත් යනවා මචං පිරිත් කියන්න,අයෙත් ඒ වගේ චාන්ස් එකක් හම්බ වෙනවා නම් හොදයි තමා
      ඒ වගේම අවතාර්ගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා...!

      Delete
  2. අපූරු ගමන හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගමන නම් සිරා ආතල් පිං ඔක්කොම තිබ්බා....:)

      Delete
  3. මඩයත් පින් අතේ වැඩකට දායක වෙලා...මටත් ඔය වගේ දේකට සම්බන්ධ වෙන්න ලැබුණා කැළණි පන්සලේ.අපිත් ඔය විදියෙම වැඩ සටහනක් කලා හැබැයි ඒක දවස් 3ක්.පළමු දවසෙ චීවර පූජාව දෙවනි දවස චෛත්‍යම මල්වලින් පිරෙව්වා.තුන්වෙනි දවසෙ සිල් ගත්තා අහම්බෙන් ලැබුන අවස්ථාවක් මටත් සෙනග 3000ක් විතර හිටියා.

    කියල නිම කරන්න බැරි පිනක්..

    යාළුවගේ පොෂ් කථාවනම් නියමයි. මචං මගේ කාර් එකේ Key එක lost වෙලා මක්ක කොරන්නද කියලා මට හිතා ගන්න බෑ" හි හි හී..

    මමත් මෙ පැත්තෙ ආවෙ අදමයි.ආයෙමත් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මඩයා ඉතිං කවදත් පිං අතේ වැඩ වලට දායක වෙනවා නොවැ සිත්තමි :)
      අපි දුර ඉදන් නේ ගියේ ඉතිං වැඩිය සෙනග අරන් යන්නත් බෑ නේ,
      දෙසැම්බර් වල ඔයා කිව්වා වගේ ලොකු පින්කමක් කරන්න පිඹුරු පත් සකසනවා අපෙ තාත්තා.එකේ ඔය වගේ ලොකු මල් පූජාවක් තියෙනවා තව පහන් 84000 පූජාවක් ඔය වගේ එව්වා ගොඩාක් තියෙනවා එක කලාට පස්සේ එක ගැන බ්ලොග් 1 දාන්නම් කෝ කට්ටියටම බලන්න :)

      හි හි ඕක අපෙ මධවයාගේ කතාවක් :)

      එළ එළ ජය වේවා...!
      දිගටම මේ පැත්තට ඇවිත් යන්න....

      Delete
  4. කවුද යකෝ Akonගේ සින්දු අහ අහ කප්රුක පූජාවට ගියේ..??කතා ගොඩයි අප්පා.කොහෙන් පටන් ගන්නද මන්දා..
    ඒ මදිවට චතුරයා අපිට හොරෙන් මුළු අනුරාධපුරේම පයින් ගිහින් ඇවිත් මට කියාපි 'මචෝ මම අවුවේ ගිහින් skin tone එක change වෙලා,මක්ක කරන්නද කියල තේරෙන්නේ නෑ' කියලා.

    ප.ලි. "අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගි මල්ලී ආච්චියේ සීයේ මම පොකට් ගහන්න මාල කඩන්න හොරකම් කරන්න පුරුදු උනේ නෑ.ඉගන ගත්ත තරමට මට දෙන්න රස්සාවක් ලංකාවේ නෑ.මේ විදියට ඔයාල කරන උපකාරෙකින් තමයි එදා වේල කාලා ජීවත් වෙන්නේ.මම බල කරන්නේ නෑ.තියනවනම් පුළුවන් විදියට මටත් පොඩි උදව්වක් කරන්න"
    මෙන්න මෙහෙම කිය කියාලු මඩයා කොළ බෙදුවේ.

    ReplyDelete
    Replies
    1. "අපි සිරිමත් වගේ කොන්ඩේ රැවුල් නොකැපුවට සිංදුවක් කියලා පොඩි ආතල් එකක් දැම්මට නැෂනල් එක නොඇන්දට අපේ හිතෙත් ශ්‍රද්ධාව තියෙනවා හරිය......!"කට්ටිය කියන කතාවලට මඩයා දුන්න උත්තරේ තමා මේක මේ මඩයා බුකියේ status දැම්මත් එක්ක.

      අපි අපෙ පාඩුවේ පිනක් කරන් ආව නේද බං නෝටි.
      අපෝ ගලේ ගහල ගත්තත් චතුරගේ කළු මකන්න බෑ ;)

      අනේ මේ උඹ බස් වල නැගල කියවන ටික මාත් කිව්වා කියලද දැන් උඹ මේ කියලා තියෙන්නේ :පි

      Delete
  5. madaya ayya loku pinak tama karagena thiyenne.hmm...matath asai oyawage deyakata sahabai wenna.ayyata habe karaganna bari unu hine habe karaganna puluwan wenna kiyala prarthana karanawa hode..... :)

    ReplyDelete
    Replies
    1. hmmm ow nangi eka nam loku pinak thama.mehe kochchara jogi daala natala uda panala full somiye hitiyath ethanata gihin pinkamata sahabagi veddi hithata puduma hageemak enne hari nidahas bavak danenava.ow nangi e heene haba venakan balan innava eth ekata man thaththage thanata yanakan innama venava ;)

      Delete
  6. හෆ්ෆා..මඩයා වුනාට ඉදලා ඉදලා පිනුත් කරනවා නේද? හොද දෙයක්!!! මෙහ එව්වා අපි අගය කරනන් එපැයි!!! :D

    පොශ් කතාව නම් නියමයි!!! හික්ස්ස්ස්...:D

    ReplyDelete
    Replies
    1. ආහ් ඉදල ඉදල නෙමේ මඩයා මඩයා පින්කරන්නේ හරිය...:)
      ඔව් ඔව් හොද වැඩ අගය කරන්න ඕනේ.

      Delete
  7. ඔය වැඩේට මාත් ගියා මඩයෝ..මොනවා උනත් විශාල පුණ්‍ය කර්මයක්!ඊට කලින් දවසේ මන්නම් නිදා ගත්තේ විශ්‍රාම ශාලාවක එළියේ ගහක් යට!

    ReplyDelete
    Replies
    1. නාඩියා කොයි දවස් වලද ගියේ?
      අපෙ සෙට් 1ට බස් එකේ නිදාගැනීමේ දැඩි උණක් ආව නේ

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......