Friday, July 27, 2012

තිසරපටි සහ ආදරය.......!


                         අපේ ජීවිතේ හොදම කාල වලින් එකක් තමා උසස් පෙළ කෙරුව කාලේ,ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙන උත්තරේ ඕක තමා.ඒ කාලේ මතක් වෙද්දී තාමත් දුකයි ඒ දවස් ගෙවිලා ගිය එක ගැන.නහුතයක් තරම් ආතල් ගන්න ඇති ඒ කාලේ.උදේ හවස යාලුවෝ සෙට් එක සතියට අඩුම දවස් 5ක් වත් සෙට් වෙනවා.උදේ පාන්දර ඇවිත් පිටිපස්සෙම පෝලිම අල්ලගෙන එක එකාව බයිට් කරගෙන ඒ ගත්ත සොමිය.

අනේ......!

                          කට්ටියගේ අතේ මහලොකුවට සල්ලිත් නෑ ඒත් 15ක් විතර සෙට් එක කන්න යන්නෙත් හොද චයිනීස් වලට.නුගේගොඩ ඒ චයිනීස් එක දියුණු උනේ අපි කන්න ගිහිල්ලම කියල පොඩි රාවයක් තිබ්බා රොටරිය පුරාම.ඒ ගිහිල්ල කාල එකේ සර්විස් චාර්ජ් වැඩි උනාම ටූත් පික් උස්සලා පන්තියට ගෙනත් කෙල්ලොන්ට අහ් මෙන්න දත් හාරන්න කියල බෙදපුවා,සර්ට සපෝර්ට් එකට කෑගහන්න ගිහින් සර්ගෙන් බැනුම් අහපුවා මතක් වෙද්දී හිත වාවන්නේ නෑ.ඒ කාලේ කරපු පිස්සු වැඩ ගැන වෙනම බ්ලොග් එකක් ලියතහැකි.ඒ සොදුරු අතීතේ මතක් වෙද්දී අයෙත් පැනලා දුවන්න හිතෙනවා ඒ කාලෙට.

මේක ඇන්දේ ලොලා...
                                             මා ලග ඒ කාලේ කරපු පිස්සු වැඩ,එක එකාට ගැහුව මඩ,කම්මැලි වෙලාටව සින්දු ලියලා පුරවපු කොල,එක එක ඇදපු චිත්‍ර කාටුන් ඔක්කොම එකතු කරන් ඇවිත් දාපු ෆයිල් එකක් තිබ්බා.එකට අපේ එවුන් නම දාල තියෙන්නේ මඩ ෆයිල් එක කියලයි.මට හදිස්සියේ අද අපේ උසස් පෙළ කාලේ මතක් වෙලා ඔය ෆයිල් එක ඇද්ද පරණ මතකේ අලුත් කරගෙන හිත ජුන්ඩක් පාර ගන්න.එකේ තියෙන කවි කතන්දර වැඩි එව්වා මේකේ දාන්න බෑ සදාචාරසම්පන්න නැති එව්වා තමා තියෙන්නේ.ඒත් ඒ සෙට් එකේ තිබිලා මට හම්බ උනා අපේ එවුන් ආදරේ අර්ථ දක්වලා ලියලා තිබ්බ කියමන් ටිකක්.ඉතිං මට හිතුනා ඒ ටික දාන්න.මේව්වා අතිශය සම්භාව්‍ය එව්වා නෙමේ ඒත් අපේ එවුන්ගේ අදහස් ටික වෙනස්ම මේව්වා එකක් තියෙන නිසා දාන්නේ...






"අවංක නැති ආදරය ඉලාස්ටික් නැති පෑ*ටිය වැනිය "


"පිවිතුරු ආදරය 
පටි තද බෙ*යර් එකක් වැනිය
කිසිදා වෙන් නොවෙන සේ එකට බැදී ඇත
තිසරපටින් පයෝධරයන් ඔසවා තබන්නා සේ
සෑම විටම එය ඔබව ඔසවා තබයි"



"ආලය මුලාවකි ආලය මුලාවකි
කාලය කාදමනා මළ හත්තිලව්වකි
කවුරුන් කෙසේ කීවත් අනාවැකි 
ආලය මිනී වල හාරන උදැල්ලකි"









ප.ලි :-ගෑණු දරුවන්ට ලැජ්ජා හිතෙයිදෝ කියලා තරු ටිකක් දැම්මා.මඩ ෆයිල් එකේ තියෙන හොද එව්වා ටිකක් පස්සේ දාන්නම් 

25 comments:

  1. නෑ ලැජ්ජා හිතෙන්නේ නෑ බබාලනේ :)
    කියලා තියෙන සේරම ඇත්තනේ බං

    ReplyDelete
    Replies
    1. හි හි එක නම් ඇත්ත බං .....:)

      Delete
  2. හිත වාවන්නේම නෑ..
    අපිට ආයිමත් යන්න බෑ..

    මුන් කවදාහරි දවසක අපේ රටට ලොකු සේවයක් කරයි.පුදුම සාහිත්‍යධරයෝ ටිකක් නොවැ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයි එක නම් ඇත්ත අපිට ආයේ යන්න බෑ නොවැ..

      අපොයි ඔව් උන් ලොකු සේවයක් කොරයි :පි

      Delete
  3. අනික් ටිකත් දාන්ඩ.... පට්ටනේ බං.. හිනා කාලා මැරෙනවා...

    ReplyDelete
    Replies
    1. :D එල එල දාන්නම් මචං......

      Delete
  4. "ආලය මුලාවකි ආලය මුලාවකි
    කාලය කාදමනා මළ හත්තිලව්වකි
    කවුරුන් කෙසේ කීවත් අනාවැකි
    ආලය මිනී වල හාරන උදැල්ලකි" - ඇත්ත.


    මොකද්ද ඔය චයිනිස් එකේ නම ආ................. :)

    ReplyDelete
    Replies
    1. හැමතිස්සෙම එහෙම වෙන්නෙත් නෑ නගෝ.....!
      මං නම් හිතෙන්නේ ඔය කවිය මට කවදාවත් කියන්න නොලැබේවා කියලා


      හි හි ඒ චයිනීස් එක අපි ක්ලාස් යන එක නැවත්තුවට පස්සේ වහන්න සිද්ධ උනා :)

      Delete
  5. මාරයි ඕයි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ගේ අදහස්.....
      පන්තියේ ඉගනගද්දී හිතට ආපු එව්වා නොවැ....

      Delete
  6. මචං ඔකේ තියෙන කවි සංකල්පනා දාපං..අපි ලියපුවත් ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා සභ්‍ය එව්වා විතරක් දාන්නම් :පී

      Delete
  7. //"අවංක නැති ආදරය ඉලාස්ටික් නැති පෑ*ටිය වැනිය "//
    ඒ කියන්නෙ කොයි වෙලේ කඩන්වැටේවිද දන්නෑ නේ...හිකිස්..!

    ReplyDelete
  8. පට්ට ටෝක් ටික මචන්

    ReplyDelete
    Replies
    1. මෙව්වට සමාජේ තැන නෑ බං :පී

      Delete
  9. එළ එළ දාන්නකො බලන්න ඉතුරු ටිකත් මඩ ෆයිල් එකේ.....

    ReplyDelete
    Replies
    1. එල එල දාන්නම් සභ්‍ය එව්වා ටික දාන්නම් අයියේ...:)

      Delete
  10. අසභයම නැහැ ඉතින් කතාව ඇත්තනේ

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව ඇත්ත එත් කට්ටියට ලජ්ජා හිතෙයි කියල කිව්වේ :)

      Delete
  11. අම්ම ගහය් කිව්වලු..... මම ඇදපු බස් 1 නෙ??????

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......