කැම්පස් වහල හන්ද
කැන්දන් ගියා ඈ ගෙදර නැන්දා
අනේ මේ හින්දා
ඈ සිටින විට ගෙදර
කතා බෑ අපිට නිතර
අනේ ඒ හන්ද මිතුර
සිහිවේ බණ්ඩාගේ මව නිතර
අයියෝ මේ මගුල් හින්දා
අපේ මගුල් කල් යයිද මන්ද
සුදු බන්ඩේ බැදලා හන්දා
අපි ගැන ගානක් නැතිද මන්දා
සුදු බන්ඩෝ මේ අහන්න
අපේ ප්රශ්න හිතට ගන්න
ඉක්මනටම ඩිග්රි ගන්න
සරසවි ටික ඇරලා දෙන්න
බොරු වියදම් අඩු කරන්න
වේතන ටික වැඩි කරන්න
අපේ අධ්යාපනේ රකින්න
ඇමති තුමනි දිරිය ගන්න
ප.ලි:- හිතේ අමරුවටම ලියන ලද්දකි,මක් නිසාද යත් සරසවි වසා ඇති බැවින් මඩවතිය නිවසට ගොස් ඇත ;)
අඩු පාඩු ඇතොත් නොසලකා හරින්න.
එල!
ReplyDeleteමොන එල ද අප්පා :/
Deleteඇයි අයියෝ.. අපි වෙනුවෙන් (2011 z අවුලෙන් අසහනයට පත් වුවන්) දිරිමත් කිරීමේ වැඩසටහනක් තියෙනවා කියලා ගෙන්න ගන්ටකෝ
ReplyDeleteමඩවති අඬනවද අයියා බන්...?
මාස 2ක් තිස්සෙ එක එක එව්ව කියල ගෙන්න ගත්ත දැන් කියන්න දෙවල් නැතුව ඉන්නෙ මචං.
Deleteනෑ එයා නෙමෙ මං වලහෙක් වගෙ අඩන්නෙ සුදා මල්ලි :p
අඩේ..මටත් එමමයි එසේමයි බං.... ;)
ReplyDeleteඋන්ට මේව තෙරෙන්නෙ නෑ මචං නාඩි :/
Deleteම්ම්ම්..ඒක තමා අප්පා.. ඉක්මනට කැම්පස් අරිනවා නම්..
ReplyDeleteඉක්මනට ඉවර උනොත් හොදයි.....
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅනේ බං රජෝ සුභ වේවා නෙමෙ මේකට මැදිහත් වෙයන්කෝ
Deleteසුදු බන්ඩේට ඕවා ගාණක් නෑ බං.ලියපං මහ රජ්ජුරුවන්ට
ReplyDeleteමහ රජාටනෙ මේ රටේ හැම මගුලම කරන්න වෙලා තියෙන්නෙ.වටෙ ඉන්න ඔක්කොම ගොන් හරක් නෙ.මහ රජාට වැඩ වැඩි නිසා මං අපේ අඩවි රජාට සීන් එක බාර දුන්නා;)
Deleteඑඋන් දෙන්නගේ එඋව්වන් බැදලා වගේ හන්ද,තොපිලගේ දුක දැනෙන්නේ කොහෙද රෙදි නැතිව කඩේයන හන්ද,ගහමු අපි සැවොම එකතුවෙලා පොල් [අරක්කු නෙමේ] මුන්ගේ පවුල් පිටින් හැදී ගැවිලා යන්ට.
ReplyDeleteඔව් අප්පා මුන් අවසිහියෙන් කඩෙ යන නිසාද කොහෙද මෙහෙම වෙලා තියෙන්නෙ.ගොන් හරක් ටික ඔක්කොම අල්ලලා නැවක පටවලා පාලු දූපතකට පා කරලා අරින්න ඕනෙ.
Deleteබුදු සංතෝ
ReplyDeleteදුකේ බැහැ අෆ්ෆා
මඩවතිය උස්සන් වරෙන්කො
ලගදීම උස්සනවා බං :P
Deleteiwasanna madaya ayye iwasanna......... :):)
ReplyDeletemaaasa 2k hitiya eke thava tika davasak innava :)
Deleteපව්. කාගෙ උනත් දරුවෙක්නේ.
ReplyDeleteසුදු බන්ඩෝ මේ අහන්න
මුගේ ප්රශ්නෙ හිතට ගන්න
කෙල්ල එක්ක රවුං ගහන්න
මුගෙඑක වත් ඇරලා දෙන්න
patta
Deleteඑකනේ මඩවතිගේ කැම්පස් එකවත් ඇරලා දෙනවා නම් ;)
Deleteමඩවතිය නැති දුකට අඬලා
ReplyDeleteතිබේ "කයි පද" රසට ගොතලා
පිකට් කරපන් මගට බැහැලා
පද්දතිය ඇරපියව් කියලා
සුදු බංඩා මාමා
පිකට් පැත්තකින් තියල සුදු බන්ඩේව උස්සල ගහන්න ඕනේ පොලවේ :)
Deleteබන්ඩා මාමේ මේ අහන්න
ReplyDeleteමූ අඩනවා බැහැ අහන්න
මඩයා අයියා හම්බ වෙන්න
ජපුරේ වත් ඇරලා දෙන්න
(මූ කිව්වට තලහ වෙන්නෙපා හලිද.තාලේ එන්න ඕන නිසා දැම්මේ මෙයා ;) )
මඩවතී <3
අඃ මෙයා කියන එකේ ජපුර වත් අරින්නකෝ බංඩො :?
Deleteහවස මම ඔයාගෙ පෝස්ට් එක බලන්න යනකොටම යාළුවෙක් කෝල් කලා හරිද.මං අර පින්තුරේ දැක්ක ගමන් කිව්ව මේ,කැම්පස් පටන් ගන්නවලු හලෝ කියල.කොහොමද දන්නෙ ඇහුවම මං කිව්ව බ්ලොග් එකක දැක්කා.තවම පෝස්ට් එක කියෙව්වේ නැහැ.කියවල විස්තර කියන්නම් කියල.අච්චෝ..අන්තිමටයි දැක්කේ පින්තුරේ 'නෑ තාම' කියන කෑල්ල.. :)
ReplyDeleteමාත් ඕක මුලින්ම දැක්කම රැවටුනා නොවැ :/
Deleteපස්සේ තමා හරියට දැක්කේ :)
ඒක නිසාම තමා මේ ෆොටෝ 1 දැම්මේ :P
බන්ඩගේ ගොං වැඩ නිසා බැනුං අහන්නේ අහිංසක අම්මා....
ReplyDeleteඑකත් ඇත්ත අපි ඒ අසරණ අම්මව මතක් කරලා බනින ඒක හොද නෑ.ඒ මනුස්සයා මෙව්වට පලි නෑ නොවැ :)
Deleteසාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත..
ReplyDeleteදින නියමයක් නොමැත සරසවි වැසී ඇත..
ප.ලි. මේ පිළිබඳව වග කිවයුත්තන් කොටියම කාපිය. අනික මේ විදියට කැම්පස් වහල තියන්න උන්ට තියන සුදුසුකම මොකක්ද?
කොටියා කාල මදි බං තව මොනවා හරි වෙන්න ඕනේ :/
Deleteකවි ටික හොඳය. කැම්පස් ඉක්මනින් පටන් ගනීවා..
ReplyDeleteස්තුතියි සහෝ....!
Deleteඒක හොදයි...