Wednesday, August 15, 2012

උසස් රැකියාවකට ඉල්ලුම් කලෙමි................:)

                                                           
                                                                              
                                    
             මඩිස්සලේ නිශාන්ගේ සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.පොස්ට් එක දැක්කට පස්සේ මට මතක් උනා මටයි ධබාටයි සෙට් උන ජොබ් එකක්.මේක අපිට සෙට් කලේ ඉනෝලි කියලා අක්කා කෙනෙක්.
                                                                     
    දවසක් ඉනෝලි අක්කා මැසේජ් එකක් එවනවා මල්ලි ඔයාල දෙන්නට හරියන ජොබ් එකක් තියෙනවා.
ඔයාලගේ field එකේමයි ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් අවුලක් නෑ කියලා.ඒ දවස් වල අපිට ජොබ් එකකට යන්න තරම් හොදට Qalification තිබ්බේ නෑ.අක්කා කිව්වා එකත් අවුලක් නෑ මල්ලි කියලා.අනේ එහෙනම් කමක් නෑ ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් නේ අනික අපිට experiance එක හරි තියෙනවා නේ කියලා ඇහුවා අක්කාගෙන් මොකද්ද ජොබ් එක කියලා.
                                                            
                අක්කාගෙන් අහන්න කලින් හිතුනා අක්කට කොහෙන්ද එත් telecommunication field  එකේ ජොබ් vacancies සෙට් වෙන්නේ කියලා.අනික ජොබ් එක Airtel එකේ එකක් කිව්වා.ඒක ටිකක් ලොකු හොද කම්පැනි එකක් නිසා ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇහුවා.


"මල්ලි ඔයාලට වැඩි දෙයක් කරන්න නෑ.එත් ඔයාලට ටිකක් උස තැනක තමා ඉන්න වෙන්නේ"

"අනික out station යන්න වෙයි "


මේ බෝඩින් වල ඉන්න අපිට තව දවසක් දෙකක් පිට හිටියත් මොකෝ කියලා ආයේ ආයේ තව විස්තර ඇහුවා.


"ඔයාලට ජොබ් එක කරන ගමන් පාඩම් වැඩත් කරන්න පුළුවන්"

"ඔයාල කැමති නම් ජොබ් එක ෂුවර්"

"අඃ අක්කේ අපි කැමතියි"


"ඔයාලට කරන්න තියෙන්නෙ මල්ලි Airtel  tower එක මුදුනටම නැගලා එතතින් යන Dialog,Mobitel සිග්නල් ෂෝ ෂෝ ගාල එලවන්න"

28 comments:

  1. හිකිස්!
    ඉතින් ජොබ් 1ට ගියාද?

    ReplyDelete
  2. හිහි.. මරු ජොබ් එකේනේ මඩයෝ.. යන්න තිබ්බේ.. :D

    ReplyDelete
  3. ඔය අක්කගේ තට්ටේ පලන්න තිබ්බේ. බැරි වෙලාවත් ඔය දෙන්නා මනෝ පාරවල් ගහන දෙන්නෙක් උනානම් එහෙම මේ වෙනකොට සියදිවි නසාගෙනනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්පා :(
      වෙලාවට අපි මනෝ ගහන්නේ නැත්තේ.ඔය පිස්සු අක්කගේ තට්ටේ පලලා මදි ;)

      Delete
  4. :) hikiz....maru job eka ayya... :D

    ReplyDelete
    Replies
    1. kattiyata oya vage byt set kalata man hithuve naa apitath oya vage ekak set veyi kiyala :/

      Delete
  5. ජොබ් සීන් එක නැගලා යනවනේ බං.ඉනෝලි අක්කට ඇත්තටම පිස්සුද නැත්තම් හැටිද :D

    ReplyDelete
    Replies
    1. E inoli akkage upan gei hati ban......
      Balapanko ithin karumeka mahatha....

      Delete
    2. එයාගේ හැටි බං,එදා ඉදන් පොඩි පිස්සුවක් තියෙනවා :)

      Delete
  6. එළනේ.. ඕකට ෂෝ ෂෝ ගාන්නම ඕනෙද දන්නේ නෑනේ.
    දුප්... සිප්... කීවට හරියන එකක් නැද්ද....?

    ReplyDelete
    Replies
    1. අපිට කිව්වේ ෂෝ ෂෝ ගන්න කියලා.ජොබ් එක සෙට් උනා නම් කුණුහරප කියලා හරි එලවනවා ;)

      Delete
  7. හූ ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. Replies
    1. උඹට උඩ තියෙන Qualification තියේනම් අනිවා වරෙන් :P

      Delete
  9. හී හී..නියම කතාව :)

    ReplyDelete
    Replies
    1. අපිට උන එකක් හිරු නංගි මේක

      Delete
  10. මගෙ බෝඩිමේ යාලුවෙක් දවසක් දා ඔයවගේ ඉන්ටර්වීව් එකකට ගියා. වැඩේ කියන්නෙ මූට තියෙන ‍කනෙක්ෂන් කොච්චරද කිව්වොත් මූ සරණ ගුණවර්ධනයට කියල ලියුමකුත් අරන් තිබ්බ. දන්න තරම් පොරටෝක් ඔක්කෝම අපිට දාල තමයි මූ ඉන්ටර්වීව් ගියේ. සපත්තු දාල, ටයි එක දාල ස්පෝට් මීට් එකේ සහතිකත් අරන් මෑන් ගියා.
    හැබැයි පොඩි අවුලක්, ඉන්ටර්වීව් එකේ උන්නු අනිත් උන් ඔක්කෝම හිටියෙ රබර් සෙරෙප්පු හරි කරච්චි හරි දාල. වැඩේ නිකං නෝන්ඩි වෙන්ඩ වගේ එන්නෙ ඒ හින්ද අපි යමු කිව්වට මූ කැමති නෑ. මම හොඳට ඇඳලත් ඉන්න හින්ද ජොබ සුවර්ම තමයි. මෑන් දැන් ෆුල් සුවර් පිට ඉන්නේ.

    ඔන්න ටිකකින් මුගේ වාරෙ ඇවිත් ඇතුලට ගියා. විනාඩි 5ක් යන්ඩ කලින් මූ ආව අප්සට් එකෙන්. සරණයගෙ ලියුම එතන හිටපු ලොකු මහත්තයෙක් කියවලා. කරුමෙ කියන්නේ ඒක මෙන්න මෙහෙම එකක් ලු "මේ ලිපිය රැගෙන එන පුද්ගලයාට ඔබේ ආයතනයේ සහකාර කා.කා.ස. (කාර්යාල කාර්ය සහායක) තනතුරක් ලබා දෙනමෙන් ඉල්ලාසිටිමි."
    ඉතින් මූට ජොබ ලැබුණ. කා.කා.ස ගෙත් සහායකයා. ඒ කිව්වේ මූට සිද්ධ උනේ තේ හදන එකාගෙ වැඩේ කරන්නයි.මූ ඉතින් කා.කා.ස ගෙනුත් බැනුම් අහ අහ කාලයක් උන්න. දැන් නම් ගෙදර.

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඔය වගේ කැත සිද්දියක් වෙලා කොහොමද මචං ඌ උඹලට මුන දුන්නේ?අනික ඌ උඹලට ලොකු සීන් දීලා නෙ ගියේ :)ඔය සරණ ගුණවර්ධන එච්චර හොද එකෙක් නෙමේ කියල මං අහලා තියෙනවා.
      අපෝ අපි නම් වෙලාවට interview යන්න තරම් දුර ගියේ නෑ :)

      Delete
  11. අනේ පවු බං ______ අයියා....ජීවිත කාලෙම මේ වගේ කතා අහ අහ ඉන්න එපයි...

    ReplyDelete
    Replies
    1. සිරාවට ඕයි
      පවු අසරණයා ;)

      Delete
  12. හත් ඉලව්වයි ගියේ නැත්තේ මොකද? මටවත් කියන්න තිබ්බනේ දැන් නේ කෝරලේ කමෙනුත් හම්බ වෙන්නේ පිච්චියිනේ වලව්වේ හුණු ගාන්නවත් මදියි ඒ ගාන. ලොල් නියම පොස්ට් එක

    ReplyDelete
    Replies
    1. අයියෝ දන්නවා නම් කෝරලේ මහත්තයට සෙට් කරනවා නේ ;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......