"ඕයි මොකද මල් ගෙන්න පරක්කු?"
"අපෝ මේ මොකද මේවා පොඩි කරලා,මේවා ගෙන්න කියන්නේ මල් මාල ගොතන්න නෙමේ බුදු හාමුදුරුවන්ට පූජා කරන්න."
"ඒවා පිළිවෙලකට කරන්න ඕනේ වැඩ"
"තමුසෙලාට මේවා තේරෙන්නේ නෑ කාලකන්නි"
"දන්නේ බිඩිය කටේ ගහගෙන හන්දි ගානේ කරක්ගහන්න විතරනේ"
දිනපතා සෝමසිංහට වතුසුද්ද මල් නෙලා ඔහුගේ නිවසට ගෙනවිත් දුන්නේ ඇන්ටන් සෝමේ සමග තිබු හිතවත් කමට මිස ඔහු කෙරේ ඇති බයපක්ෂපාති කමකට නම් නොවේ,නමුත් සෝමසිංහ සිතනුයේ ඔහු අතින් පයින් ශක්තිමත් නැති බැවින් ඇන්ටන් මේ දේවල් සිදුකලයුත්තේ ඔහුට සපයන සේවයක් විදිහටය.මේ ගතිය සෑම අහිංසක මිනිසෙකු ලගදීම සෝමේ විසින් එලියට ඇදගනු ලබයි,ඒ මිනිසා ඔහු ඉදිරියේදී ඉතා පහත් තත්වයේ තබා කතාකිරීම ඔහුට හැගෙන්නේ වීර කමක් ලෙසටය.
මල් බැගය අතට ගත් සෝමසිංහ එය රැගෙන ගොස් කුස්සියේ සින්ක් එක තුලට දමා සිගරුට්ටුවක් දල්වාගෙන ඔහු දවසේ වැඩිම වෙලාවක් ගතකරන්නාවූ පුටුව මත වාඩි වුයේ සිත කල්පනා සාගරයක ගිල්වමින්ය.ඔහුගේ සිත දිවගියේ ප්‍රිය බිරිඳ ජීවත්ව සිටියදී ගතකල සොඳුරු අතීතය වෙතය.දරුමල්ලන් නැති සොමසිංහට තනිකම කරුමක්කාර ලෙස උරුම වී තිබේ.පවුලේ වැඩිමලා වූ ඔහු සිය සොයුරු සොහොයුරියන්ගෙන් ඈත්ව සිගරුට්ටුව ඔහුගේ එකම ඥාතිය ලෙස ජීවිතයට ලංකරගෙන කාලයේ ගතකළේය.
කල්පනා ලෝකයේ පිනුම් ගැසූ ඔහු ඔහුගේ ඒකාකාරී ජීවිතයේ දවසේ කටයුතු පෙළගැස්ම අනුව ඔහුට ඇත්තේ ස්නානය කිරීම බැවින් ඔහු නාන කාමරයට රිංගා ගත්තේ බෝඩිමේ අනිත් එකෙක් නානකමරයට රිංගා ගැනීමට පෙරය.මක් නිසාද මේ නිවස ඔහුගේ වුවත් බෝඩිමේ අනිත් බෝඩින් කාරයෝ සැලකුවේ ඔහුත් බෝඩින්කාරයෙක් ලෙසටමය,මේ බැවින් මෙවැනි කටයුතු වලදී ඔහුට විශේෂ ස්ථානයක් හිමි වුයේ නොමැත.
බුදු කුටිය අසලට ගිය සෝමසිංහ මල් පීරිසිය අරන් කුස්සියට ගියේ හවස බුදුන් පිදීමට මල් සුදානම් කිරීමටය.දමිදුට මල් ටිකක් බැගය තුලම ඉතුරු කල ඔහු ඉතුරු මල් සියල්ල සියලු වලං පිගන්,කෝප්ප සෝදන එපමණක් නොවැ ඔහු උදේ මුන සෝදන සින්ක් එකට හැලුවේ පිරිසිය මත මල් පිළිවෙලට ඇතිරිමටය.පිරිසිතට්ටුව මත මල් අසුරා පැන් ඉස බු දුකුටිය තුලින් තබා ගිනිපෙට්ටිය සියතට ගත්තේ තවත් සිගරට්ටුවක් දැල්වීමටය.
සිගරට්ටුවක් දල්වාගත් ඔහු කුස්සිය තුලට ගමන් කලේ සාලයේ සිට දුම්බීමට බෝඩිමේ පිරිසක් අකමැති නිසාවෙනි.කුස්සියට ගිය ඔහු කෙලින්ම ගියේ ඔහුගේ උගුලකට අසුව දිනදෙකක් තිස්සේ සිරවී සිටි මීයා සිටි කුඩුව අසලටය.මරණ බයේ ගැහෙන මීයාව බිය කර අමුතුම සතුටක් ලැබීම පහුගිය දින දෙක පුරාම ඔහුගේ පුරුද්දක්ව තිබිණ.කුඩුවට පොඩි තට්ටුවක් දැමු පසු මීයා උඩ පනින එක ඔහුට පුදුම ආතල් එකක්ම විය,
"අඃ උඹ මොනවාද කන්න ආවේ"
"කෝ දැන් කෑවද"
"උඹට මස් හම්බ උනාද ?රසද ඒවා ?"
"උඹට කෑමත් නෑ බං දැන් දවස් ගානකින්"
"මේක මතකේ තියෙනකන් උඹ එන්නේ නෑ මේ පැත්තේ "
"ගිහින් කියපන් උඹේ අනිත් එවුන්ටත් "
මෙලෙස මීයාගේ කුඩුව ලග මීයාගේ බියත් සමග සෙල්ලම් කල සෝමසිංහ බිත්තියේ සිටි කැරපොත්තන් දෙදෙනා පිහිතුඩින් ඇන මරාදමා සිගරට් කොටය කුනුකුඩයට දමා සාලය වෙත පිය මැන්නේ බුදුන් වැදීමටය.
"ළමයි මට වදින්න ඕනේ "
"එතකන් ටීවී එක වහලා දාන්න වැදලා ඉවර උනාම දාන්න"
"අඃ හරි අංකල්"
දමිදුලා උඩට ගිය පසු මල් හා පැන් බුදු කුටිය තුල තැබූ ඔහු සිගරට්ටුව පත්තු කරගෙන ඉනේ ගසාගත් ගිනිපෙට්ටිය ගෙන බුදු පහන දල්වා සුවද දුම් පුජාව සඳහා හදුන්කුරුද දල්වා පන්සිල් ගැනීම ආරම්භ කළේය.සුපුරුදු ලෙසම ශබ්ද නගා ගාථා පාඨයන් කියූ පූජාව අවසන් කලේ පන්සිල් ගැනීමේදී භාවිතා කලයුතු ගාථා රත්නයන්ට වඩා වැඩි ගාථා ප්‍රමාණයක්ද භාවිතකරමිනි.
පුජාව අවසානයේ තවත් සිගරැට්ටුවක් දල්වාගත් සෝමසිංහ රුපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක කර නාලිකා මාරු කරන අතරදී කැලෑ සතුන් පිළිබඳ වැඩසටහනක් වුයෙන් නාලිකා මාරුකිරීම ඔහු නවතා දමන ලද්දේ මෙවැනි වැඩසටහන් ඔහුගේ ප්‍රියතම ඒවා වූ බැවිනි.
"බලන්න ළමයි මේ වගේ අහිංසක සත්තු නේ අර කෝවිලේ බිලි දෙනන්න හදන්නේ"
"අර අහිංසක එළුවන්ගේ මුණු දකිද්දී කොහොමද උන්ගේ බෙලි කපන්නේ "
"තිරිසන් හැත්ත මේවා ලොක්කොන්ටත් පෙන්නේ නැති හැටි"
"නෑ අංකල් මහින්ද මාමා ඕකට මැදිහත්වෙලයි කියල කතාවක් තියෙන්නෙ"
"කවුරු හරි කමක් නෑ ඔය සත්තුන්ගේ ජීවිත බේරනවා නම්"
"එක ඇත්ත අංකල් ගිය සැරේ මර්වින් අංකල්ට පින් සිද්ද වෙන්න උන් බේරුනා "
"මෙදා සැරේ නම් එයා එන්නේ නෑ වගේ"
"කාලකන්නි හැත්ත අහිංසක තිරිසන් සත්තු මරනවා "
"මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා පවන් "
"උනුත් අපි වගේ ජීවත් වෙන්න ආසයි කියල ඇයි මේ කෝවිලේ මිනිස්සුන්ට නොතේරෙන්නේ?"
"අංකල්......"
"ඇයි මනුෂ ?"
"අපි අද රෑට පොඩි පාටියක් දාන්න කියලා හැදුවේ අංකල්"
"අඃ මොකෝ හදිස්සියේ"
"නෑ නිකන් අංකල් ජොලියට"
"ළමයෝ ඔහොම බොන්න හොද නෑ නේ ඔයාලට ඕවා පහුවෙලා තමා බලපාන්නේ "
"ම්හ්හ් හොදයි හොදයි කමක් නෑ අපි එහෙනම් අදට මොනවා හරි කරමුකෝ"
"හැබැයි මනුෂ බයිට් එකට ඌරෙක් වත් හිටියා නම් තමා හොද "
"එත් මේ රෑ කොහෙන් හොයන්නද නේද "
"ඔව් අංකල් රෑට ඒවා හොයන්න බෑ "
"මස් ටිකක් වත් නැතුව වැඩක් නෑ බයිට් එකට "
"කමක් නෑ එහෙනම් ෆූඩ් සිටියෙන් කුකුලෙක් වත් ගේමු කරකරලා ගන්න"
ප.ලි: කෙටි කතාවක් වගේ එකක් ලියන්න ට්‍රයි කළා.පොස්ට් එක ටයිප් කරලා ගොඩ වෙලා ලග ඉන්න තුන් හතරදෙනාගෙන් හොදද අහලා දැම්මේ,කියවලා ගල් මුල් සහ මල් ප්‍රහාර එල්ලකරනු මැනවි.
ම්ම්ම්... කෙටි කතාවකට වඩා මේකේ තියෙන්නේ නාට්‍ය පිටපත් ස්වරූපයක්.. හොඳ තේමාවක් සහෝ.. හැබැයි දෙබස් අඩු කරලා විස්තර විදිහට කතාව ඉදිරිපත් කලා නම් කෙටි කතාවක් විදිහට සාර්ථක වෙන්න තිබුනා.. ඒත් මේක නාට්‍ය පිටපත් විදිහට හොඳටම සාර්ථකයි.. :) තව එකක් ලියන්න..
ReplyDeleteජය වේවා...
ස්තුතියි Red Riding Hood....!
Deleteපලවෙනි උත්සාහය නේ ඉස්සරහට හදාගන්න ට්‍රයි දෙකක් දෙන්නම් :)
අඩේ අප්පා.. කතාවක් නේ..
ReplyDeleteමම දන්නේ නෑනේ ඔහේට හින්ට් පාස් කොරන්නත් ඇහැකි කියලා.. කතාව නම් ඇත්ත.. නියමයි හොඳේ.. නාමික බෞද්ධයෝන්ටනේ... මේවා කොහෙන් ඉගෙන ගත්තද මන්ද...?
මේක දන්නවද..?
දකින විට පන්සලක් පල්ලියක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා......
හදේ නැති භක්තියක් හිත පුරා තවරා ගෙන
අඩවන්ව නෙත් බරව බලනවා....
අහලා නැති අයට අහන්න
ඔව ඔව කතාවක්
Deleteකවද ලියපුවද,මුලින්ම එකක් ලියන්න උත්සහ කළා,හින්ට් කතාව තේරුනේ නෑ
එදිනෙදා මෙව්වා දකිද්දී ආයේ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ මල්ලි
පට්ට සින්දුව මේ කතාවට පට්ටෙට ගැලපෙනවා :)
kathawa nam supiri....elazzz
ReplyDeletesthuthiyi ano...!
Deletehoda kathawak ayya.....ane mehemath minissu innawane me lokaye.
ReplyDeletesthuthiyi araliya nangi...!
Deletehmm me vage boru upasakayo one naa
මගේ කමෙන්ට් එක කෝ..... :/
ReplyDeletespam vela thibbe onna dan hari :-)
Deleteහික් හික්..... තිත්ත ඇත්ත!!!
ReplyDeleteඅම්මප :)
Deleteමඩයා එහෙනං තවත් මඩක් ගැහුවා ඈ....!!
ReplyDeleteමඩක් නෙමේ මෙව්වා තමා ඇත්ත :)
Deleteහොඳ කතාවක්!හිතන්න දෙයක් සමගින්ම..
ReplyDeleteස්තුති හිරු නංගි.....!
Deleteපොස්ට් එක හොඳයි. අපේ චන්ඩිය ගැනත් ලියල තියෙන්නේ
ReplyDeleteහි හි තෑනක් යු මචං....!
Deleteඔය කියන්නේ මහින්ද ලොක්ක ගැන වෙන්ටැ :)
නැහැ නැහැ මැරවින් ඇමති තුමා hikizzz
Deleteඅනේ මේ අපේ උපාසක මහත්තය ගැන නේ මේ කෝරලේ උන්නැහේ කියලා තියෙන්නේ ;)
Deleteමම දකින විදියට උඹට දැනෙන හැඟීම ඒ විදියටම තව කෙනෙක්ට දනවන්න පුළුවන් නම් උඹ ලියන දේ සාර්ථකයි. නවකතාවක්ද කෙටි කතාවක්ද කියන එක එච්චර වැදගත් නෑ. උඹට දැනුන දේ මට දැනුනා,අනිත් අයටත් දැනිල තියෙනවා. ඒ කියන්නේ උඹ සාර්ථකයි. සුබපැතුම් !
ReplyDeleteස්තුති අයියේ....!
Deleteමට ඕනේ උනේ මගෙ හිතේ තියෙන දේවල් කියලා දාන්න.මං ලියද්දි හිතුවේ නෑ මගෙ හිතේ තියෙන දේවල් අනිත් එවුන්ට දැනෙන්න ලියන්න පුළුවන් වෙයි කියලා.එකයි මේක දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා දැම්මේ.මං හිතපු දෙයින් භාගයක් හරි කට්ටියට දැනිලා කියන්නේ මං සාර්ථකයි,එක මට සන්තෝසෙට කාරණයක් :)
මේවා මෙහෙම කතාකරලා මදි මචං...
ReplyDeleteනියම කතාව.. :)
ස්තුති මචං :)
ReplyDelete