Sunday, September 2, 2012

"අර බලන්න සයිකෝ කෙස් එකක් "



දුරකථනය අතට ගත් ඔහු ඔහු තම පෙම්වතියට ඇමතුමක් ගත්තේ තම රැකියා ස්ථානය ඇයට පෙන්වීමට විය යුතුය,එම සංවාදය විශේෂ එකක් විය ඔවුන් අදහස් විදිහට මාරු කරගත්තේ වචන නොව සංඥාය,මක් නිසාද යත් ඔවුන් දෙදෙනාම අබාධිතයන් වීමය,ඔව් ඒ දෙන්නම ගොළුයි එත් ඔවුන් ඒ නොලැබීම අසරණ කමක් කරගයත්තේ නැත කතා කරන්න බැරිවීම හිතින් දුක් විදීමට කරුණක් උනත් ඔවුන් හිතින් විදවීම පසෙකලා ඔවුන්ට ගැලපෙන විසදුමක් සොයා ගෙන ඇත ඒ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමය.


මේ ඇමතුම සැහෙන වෙලාවක් තිබිණ.ඔහුගේ මෙම ඇමතුම දෙස බලා සිටි එකියක ඔහුට සිනාසුනේ ඔහු කරන වැඩේ පිළිබද අංශුමාත්‍රයක හෝ දැනීමක් නැතිවය  ඒ විතරක් නම් කම් නැත ඈට එහා පැත්තේ සිටි අනෙක් එකියටද මේ සංවාදය පෙන්වා ඔවුන් ඔහුට නොසෑහෙන ලෙස සරදමට සිනාසුනහ,ඔහු ඇමතුමේ සිටි බැවින් මේවා දුටුවේ නැත දුටුවා නම් ඔහු සිතින් තැවෙනවා සහතිකය.අනතුරුව අප දෙසද බලා අපිත් ඔහුට සිනාසෙන්නේ දැයි ඔවුන් දෙපල සොයා බැලුවේ අධික සන්තොසයෙනි.නමුත් ඔවුන් දෙදෙනා දන්නේ නැත  අපි ඔවුන්ට සිනා සුන වග,ඔවුන් මේ දෙස බැලුවේ විකාරයක් ලෙසටය එත් මේ තවත් අසරණ මනුස්සයෙක් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගන්න උත්සහයක් ලෙසට ඔවුන් දෙදෙනාගෙන් එකියකටවත් නොතෙරුනේ,ඔවුන්ගේ නොදන්නා කමට වියයුතුය.

මට දස දහස් වාරයක් විස්වාසයි ඒ ගෑනු දරුවන් වීඩියෝ ඇමතුම් පිලිබඳ දශමයක් හෝ දන්නේ නැති වගට,තමන් අනුන්ට සිනාසීමට පෙර තමන් ඒ සිනාසෙන්නේ හරි දේටමද කියලා හොයලා බැලුවේ නැත්නම් ලෝකයම අපිට සිනාසෙනවා ඒ අපි වෙන එකෙක්ට හිනා වෙන නිසා නෙමේ අපේ නොදන්නා කමට.ගොළු මනුස්සයෙක් කතා කරන්න බැරුව කතාකරන මිනිස්සු දිහා බල බල කොච්චර දුක් විදිනවද,කතාකරන මිනිස්සුන්ට හිතින් කොච්චර ඉරිසියා කරනවද  කියලා දන්නවා නම් අර නංගිලා ඔහුට හිනා වෙනවා වෙනුවට ඔහුත් එක්ක ඔහුගේ දුක වෙනුවෙන් ඔහුත් එක්ක හිතින් තැවෙනවා දුක් වෙනවා සත්තයි......!



ප.ලි: -පන්නල කුලියාපිටිය බස් එකකදී දැක්ක සිද්දියක් ඔහේ ලියලා දැම්මා හදිසියට,හිතට ආව අවුලටමයි ලිව්වේ.කවදාවත් මනුස්සයෙක්ගේ නොලැබීම් වෙනුවෙන් හිනාවෙන්න හොද නෑ,

26 comments:

  1. හරියට හරි මඩයෝ මසුරන් වටිනා කතාව ගොඩ කාලෙකින් වටිනා කියන අවවාදාත්මක පොස්ට් එහෙකට දැක්කේ මේකයි සයිබරයේ. සමහරක් උන් දන්නේ නැහැ හිතන්නේ නැහැ උන්ට ඒ දේ උනාම කොහොම වෙයිද කියල.ඔතන මම හිටියනම් තත්වේ ඔයිට වඩා වෙනස්වෙන්න තිබුනා ඔයවගේ උන්ට කියන්නේ කාලකන්නි කියල සිරාවටම

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට හිනාවෙන්න ඕනේ වැරදි වලට මිසක් උන්ගේ නොහැකියාවන් වලට නෙමේ,එහෙම හිනාවෙනවා වෙනවා නම් ඇත්තටම ඒ කාලකන්නි කම තමා....

      Delete
  2. හෆ්ෆා.. අපේ මිනිස්සු ඉතින් හැමදාම කලේ තමන්ගෙ පොල් පරාලෙ වහගෙන අනුන්ගෙ රොඩ්ඩ හොයපු එකනෙ... කියල වැඩක් නෑ... :?

    හොද අවවාදාතමක ලිපියක් සහෝ!!

    ReplyDelete
    Replies
    1. ස්තුති හිතුවක්කාරී...!
      අම්මපා එක නම් ඇත්ත තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ වැරදි හොයන්න යන එක අපේ එවුන්ගේ තියෙන ලොකු අඩුපාඩුවක්

      Delete
  3. සහතික ඇත්ත මඩයියේ... ඕක ගැන මම මුකුත්ම නොකිය ලින්කුවක් දැන්නම් ගිහින් බලන්න...
    ලින්කුවට යන්න මෙතන කොටන්න

    ReplyDelete
    Replies
    1. මං එක කියෙව්වා මල්ලි
      ඔයාට මං එතන කමෙන්ට් කරලා ආව :)

      Delete
  4. අපෝ.. ම්ම්..කියන්න ලැජ්ජයි තමා..ඒත් ඔය ගොඩාක් වෙලාවට අනුන්ගේ දේවල් හොයාගෙන හිනා වෙන්නේ ගෑනු උදවිය.. මට නම් පේන්න බැ ඔහොම තව කෙනෙක්ට හිනා වෙනවට.. ඇඳුම් වලට.. කතා කරන විලාසයට.. නොයෙකුත් දේවල් වලට හිනා වෙනවා..

    ReplyDelete
    Replies
    1. සිරාවට අනුන්ට හිනා වෙන්න කලින් තමන් සර්ව සම්පුර්නද කියල තේරුම් ගන්න ඕනේ,නැත්නම් අපි අනුන්ට හිනා වෙද්දී මුළු ලෝකෙම අපිට හිනා වෙනවා :)

      Delete
  5. හරියටම හරි.මම ඔබට එකඟයි! :)

    ReplyDelete
  6. godak minissu balan inne anunta hinawenna tama ayya.ane manda?

    ReplyDelete
    Replies
    1. thamange varadi penne naa ne nangi ekayi me avula :)

      Delete
  7. ඕව මහා පව් වැඩ..තුවාලේ තියන මනුස්සයාලු වේදනාව දන්නේ..

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත රෙහානි
      ඒ තත්වේ ඉන්න මනුස්සයටයි ඒකෙ වේදනාව තේරෙන්නේ

      Delete
  8. අඩේ මමත් ඔය සිද්දිය දැකල තියෙනවා බං! ඒක නෙවෙයි!!උඹ කොහෙද පන්නල කුලියාපිටි බස් වල යන්නේ?????මමත් ඒ ළඟ පාතනේ???

    ReplyDelete
    Replies
    1. මං ආවේ ඇලබඩගමට,අයියා කෙනෙක්ගේ ගෙදර තිබ්බ දානෙකට මචං :)

      Delete
    2. ආයේ ආවොත් වරෙන්!මම නම් පන්නල ටවුමේ ම තමා!

      Delete
    3. එල එල මචං නාඩියෝ :)

      Delete
  9. සම්පූර්ණ ඇත්ත.ඔහොම දේකට කවදාවත් හිනා වෙන්න හොද නෑ.මාත් දවසක් හිනා වෙලා තියෙනවා.බොහෝ කාලයක් ඒ නිසාම මං හිතින් දුක් වින්දා...

    ReplyDelete
    Replies
    1. ඒ හිනා වුන එක වැරදි කියලා පස්සේ හරි තේරුනානම් ගොඩාක් හොදයි මචං :)

      Delete
  10. සහතික ඇත්ත
    කෙන්ක්ගේ දුර්වල කමකට සිනාසෙන්න කලින් හිතලා බලන්න ඕන අපිට ඒ තත්වය උදා වුනොත් කොහොමද මුහුණ දෙන්න වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා නිශාන් අපි හිටියනම් ඔය තත්වෙන් අපිට තේරේවි ඒකෙ අමාරුව :/

      Delete
  11. අපි හිනා උනේ උන්ට කියලවත් තේරුණේ නෑ මයි හිතේ..

    ReplyDelete
  12. උන් ටික වාඩි වෙලා ඉන්න ඇත්තේ ‍මොලේ උඩ වෙන්ඩ ඇති..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචං එක නම් .....

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......