Monday, September 10, 2012

"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා"



පෙර කලෙක පටන් පිස්සු බල්ලන් සේ අහුවෙන ඕනෑම තැනකින් පාර  පැනීමට පුරුදු වී සිටි මඩයාත්,ධබාත්,නෝටියාත් දැන් පාර පනින්නේ කහ ඉරි වලින්ම පමණි.පෙරදා වීරයන් සේ පාර හරහා ඇවිදන් ගිය අප දැන්කොයි ලෝකෙන් හෝ කහ ඉරක් සොයමින් ඒ මතින්ම පාර පනිනුයේ රටට ඇති දේශ හිතෛෂී භාවය නිසාමය.
පොලිස් මාමලා ඒ සදහා නීති යොදා ඇති නිසා ඔවුන්ට ඇති ගෞරවයටමය,නීතියට ගරු කරන තරුණ පරම්පරාවේ එවුන් නිසාය,නැතහොත් රුපියල් පන්සියකට,දාහකට  ඇති ලෝභ කමවත්,උසාවියේ නඩු දාන නිසාවත්,දඩේ ගෙවන කන් කුඩුවේ ලගින්න වේ යයි බියකින්ද නොවේ.අපි දැන් කොළඹ ඇති සෑම කහ ඉරක්ම දන්නෙමු.අපිට අපි ගැන ආඩම්බරය.අපි දේශ ප්‍රේමින් වන්නෙමු

මහනුවර වැනි ප්‍රදේශ වල දැඩි ලෙස ක්‍රියාත්මක වූ නීතිය හදිසියේ හීනෙන් බය වුවා සේ කොළඹද ක්‍රියාත්මක කලේ අපිට ඇති ආදරයටය,අපි පාරේ වාහනයකට යටවී කුරියා ගහවි යයි බියෙනි.මෙව්වා අහන්නේ නැතිව අපේ බෝඩිමේ ඉසුරුවටද හොද වැඩක් සිද්ධ වී තිබුනාහ,ඒකා බස් රථයෙන් පැන  සුපුරුදු පරිදි ගොනා පාර පනින්නා ලෙස පාර පනින විට එහා පැත්තේ සිටි පොලිස් මාමා මූ දෙස දැඩි අනුකම්පාවෙන් බලා

"මෙහෙ එන්න මල්ලි "
"බලන්න ඔයාලා ඔහොම වගක් නැතුව පාර පනිනවද?"
"ඔයාලට මොනවා හරි උනොත් අපිට කොච්චර පාඩුද දෙයියනේ..!"
"ඇයි අනේ ඔයාලට අපිට තරම් වත් ඔයාලගේ ජීවිත ගැන උවමනාවක් නැත්තේ?"
"ඔයාලා මෙච්චර නෝටි වෙන්න එපා"
"අපිට කොච්චර වේදනයිද හඃ "
"මේකට ඔයාට මං පොඩි දඩුවමක් දෙනවා"
"මේ දවසට ඔය උසාවි එන්න හොදේ"
"එදාට තවත් මං වගේ ඔයාලට ආදරේ අයියා කෙනෙක් එවි"
"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා"
"ඔයාලට තියෙන ආදරේට නෙ මේවා කරන්නේ"

ඔන්න ඔය විදිහට කියලා අපේ එකාව උසාවි දැම්මලු බලන්න පොලිස් මාමල කොච්චර ජනතාවට ආදරේද කියලා.මම නම් කියන්නේ ඉසුරුවට ඔහොම වෙලා මදිය,ඕකට හොද වැඩෙය සාදුය,කියන නාහන ඒකා දඩුමොනරේ ගියත් එකයි පුට් බයිසිකලේ ගියත් එකයි,පට්ට පට පටය මට පුල් හැපිය දන්න කියන එකෙක්ට නඩුවක් වැටුනා කියන්නේ මාර ආතල්ය යාලුවෝ ගැන සන්තොසය මඩයාට කලින් නඩුවක් වැටෙන්න ගිහින් බේරුනා හැටි කලින් පොස්ට් එකක කිව්වෝය ,මුන් අපිව ආදර්ශෙට අරන් හැදෙන්නේද නැත.උන්ගේ අම්මලා කියලා දීලා නැතුව ඇති හොද යාලුවෝ දිහා බලලා හැදියන් කියලා කියලා දුන්නා නම් ඌ හොද තැනකය එක මහින්ද ලොක්කා දිනනවා සේම රනිල් අංකල් පරදිනවා සේම සුවර්ය අපි වගේ කහ ඉරෙන් පැන්න නම් හරි නෙ අර පොලිස්  අයියගේ හිත රිදෙන්නෙද  නැත ,අපි මේ කහ ඉරවල් වලින් පනින්න ගත්තේ ඉසුරුවා පොලොසියට අහු උනාට පස්සේ නෙමේ නො.

උසාවි නියම වූ දිනයේ ඉසුරුවා කළු කලිසමකින් හා සුදු අත්දිග ෂර්ටයකින් සුදානම් වුයේ එය උසාවියට පැමිණෙන මන් පහරන්නන්,ස්ත්‍රී දුෂකයින් ,මිනීමරුවන් ඇතුළු සියලු වරද කරුවන්ගේ අලුත්ම උසාවි ෆැෂන් එක නිසාය,ඌ උගේ අයියටද උසාවි යාමට ආරාධනා කර තිබුනේ දඩගැසූ පසු එය ගෙවා ඌව කුඩුවෙන් එලියට ගැනීමටය,ඉසුරුවා උසාවි යනවා දැකීම මට පට්ට සන්තෝසෙට කරුණකි,ඒ විතරක් නම් කම් නැත ඌව කුඩුවෙහිද දාන්නේය.මං ඉසුරුවට දුක මුණක් පෙන්නවා පරිස්සමට ගිහින් වරෙන් කිව්වේ හිතේ පට්ට සතුටකින්ය,මොකද ඌ මගෙ යාලුවා වුවද වැරැද්දට දඩුවම් විදිය යුතුය,එත් මාව ඒ වැරැද්දට අසු වුවා නම් මාව නිදහස් කල යුතු පරම පිවිතුරු පරාර්ථකාමී චේතනාවෙන්ය

ගියාටත් වඩා ඉක්මනින් ඉසුරුවා බෝඩිමට පැමිණි අතර මං ඉතාදුක්බර ලෙස අඩෝ කියක් දඩ ගැහුවද මචං,උඹව හිරේ දැම්මද,නඩු කාර උන්නැහේ මක්කද කිව්වේ යනාදී ප්‍රශ්න කිහිපයක් එක පෙලට යොමු කරන ලදී.

"ආහ් උන් මට නඩු දාල නෑ බං"

"උන්ට අමතක වෙලා නඩු පොතේ ලියන්න"

අහෝ මාගේ මුළු ගතම සෝකයෙන් වේලි ගියේය,උගුර වේලි ගියේය,හන්දි වෙව්ලන්නට වූහ,කතරක අතරමං වී මං පහරන්නන්ගෙන් අතවරයට ලක්වුවකු සේ දැනෙන්න විය,ලෝකයම එකතු වී මාගේ බලාපොරොත්තු එක පොදියකට බැද ඒවා සියල්ල එක වර පොලවේ ගසා සුන් කර දැන්මාක් ලෙස දැනෙන්නට විය.
කොයිතරම් බලාපොරොත්තුවෙන්ද හිටියේ අරු හිරේ ලැගලා දඩ ගෙවලා මුණ කළු කරන් එනවා බලන්න ,අහෝ දෛවය ඇයි නුඹ මෙතරම් කුරිරු,......!

ඉසුරු මේවා දන්නේ නැත ඌ දන්නවා නම් තියෙන හැම තැනකින්ම හිනා වෙනවා සුවර්ය,මාගේ බලාපොරොත්තු බිද වැටුන බව ඌ දන්නෙහි නම් මා කොමඩ් එකට බැස මා විසින්ම ප්ලෂ් කරගන්නෙමි.මන්ද යත් ඌට මුණ දෙනවාට වඩා වැසිකිලි වල සැපය.මා දැන් බලන් සිටිනුයේ උන්දලා මේ සිද්ධිය මතක් වී නැවත පැමිණ ඉසුරුවා කුදලා ගෙන යන තුරුය මට දැන් රෑට නින්ද යන්නේද නැත හිත සොවින් තැවිලාය,දුකින් මිරිකිලාය,වෛරයෙන් අන්ධ වෙලාය බඩ කොර වෙලාය තව එක එක එව්වා වෙලාය

හුහ් ඉසුරුවා දන්නේ නෑ පොලිස් අයියා මුට තියෙන ආදරේට උගේ වැරැද්ද නඩු පොතේ ලියලා නෑ.නැතුව මේ ඒ උන්දලාට අමතක වෙලා නෙමේ(හිතේ දුකට කියන කතා )


අපි උඹලාටද කියන්නේ නියම දේශ ප්‍රේමින් නම් කහ ඉරකින්ම පාර පනිනු මැනවි,පොලිස් ජනතාවට ගරු  දුටු තැන ගෞරව කරනු මැනවි,උන් අපගේ දෙවියෝය.එමෙන්ම උන් හැමෝටම අනුකම්පා කරන්නේද නැත



ප.ලි: මට ඇත්තටම පුදුමයි ඒ උන්දලාට නඩුවක් පොතක ලියන්න අමතක උනා කියන එක.

37 comments:

  1. මෙවැනි ආදරුසමත් මඩයෙක් හිමිවී ඇති බව සිහි වන විට මා සිත කිලිපොලා යන්නේය .ඩී..

    මඩවතී

    ReplyDelete
    Replies
    1. සන්තෝස වෙන්න සන්තෝස වෙන්න :)

      Delete
  2. හප්පෝ ඔයා හෙන නරකයි මඩයෝ..:/

    ReplyDelete
    Replies
    1. අයියෝඅයියෝ මෙව්වා ආතල් එකට :)
      සිරාවට අවුල් නෑ ඌ එක්ක

      Delete
  3. මඩයා..,
    ඔබගේ කුරිරු අරමුණු ඉතා උත්කෘෂ්ඨවත්, අභිමානවත් ලෙස පාඨකයාට ලබාදීමට ඔබ සමත්වී තිබේ.

    ප.ලි. අම්මපා ඉසුරු අයියා හිරේ ගිහින් අඬාගෙන ආවනම් අපිට මාර ආත්ල්මු... :p

    ReplyDelete
    Replies
    1. තැන්ක යු තැන්ක යු :)
      එකෙන්ම ආතල් ය ;)
      පට්ට පට පටය :P

      Delete
  4. අනේ යාකෝ තොපිටත් දන්න කියන එකෙක්ට කෙල වෙනවා නම් ආයෙ තව මොනාද ඉතිං........


    අඩෝ මේහ්ඃ පොඩි වැඩක් තියනව කරනව නම්........ මොකද කියන්නේ.... අපි අර පොලිස් මාමට ඉසුරුවගෙ නම ගම කියවල දීල එමුද නඩුව ආයෙ ලියන්න කියල....... ;)

    ReplyDelete
    Replies
    1. එකෙන්ම දැන් ආයේ බලන් ඉන්නේ තොට හරි නොටියට හරි කෙලවෙනකන්

      අඩෝ ඇත්තට දීලා යවමුද කිව්වත් වගේ ;)

      Delete
  5. e bn meka isuruwata pennana widihak kiyahanko

    ReplyDelete
  6. මම නම් ඔවා ක්‍රියාත්මක කරන්නත් ඉස්සෙල්ල ඔය නීතීය අකුරටම පිලිපදින කෙනෙක්. සමහර උන් මට හිනා වෙවී පාර මාරුවෙනවා අර රතු පාට මිනිහා ඉන්න වෙලාවට. මම නම් පනින්නේ කොලපාට මහත්තයා ගමන් කරන්න පටන් ගත්තම විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාතලන් අයියේ එක නම පට්ට හොද පුරුද්දක්,ඒත් සමහර තැන් වලදී කහ ඉරි හොයන් පාර පනින්න ගියොත් වැඩ පාඩු වෙනවා ඒ වගේ වෙලාවට නම් ඉතින් ශේප් එකේ පනිනවා :)

      Delete
  7. හික් හික් හික්

    ReplyDelete
  8. දඩ වලට බයේ නීතී රැකලා කුමකටද කිව්වලු. ... මට නම් ඔය කහ ඉරෙන් පාර මාරුවෙන දේ ඇඟේම තියෙන දෙයක්ද කොහෙද..අනික ඉතින් මේ කොළඹ කහ ඉරි අඟලෙන් අඟලට තියෙනවත් එක්කනේ....
    මොනා උනත් මඩයා හරි නරකයි වගේ..මේ මම නෙමේ එහෙම කියන්නෙ...මඩයාගේ යාලුවෝයි...:P

    ReplyDelete
    Replies
    1. කොළඹ අවුලක් නෑ කහ ඉරි තියෙනවා නම් තමා
      ඒත් කහ ඉරි දෙකක් මැද්දේ හරියට පාර පනින්න ඕනේ වුනොත් ඉතින් කහ ඉර හොයන් යන්නේ නෑ
      ඔය කිව්වට අපි පිස්සු බල්ලෝ වගේ පනින්නේ නෑ යම් කිසි චාරයක්‌ ඇතුව පනිනවා හොදේ
      අයියෝ අක්කේ මං කියන තරම් අවුල් නෑ මං හොද එකා
      ඉසුරුවා එක්ක තරහක් නෑ

      Delete
  9. මමනම් පාර මාරු වෙන්නේ කකුල් දෙකෙන්!කහ ඉරෙන් නෙවෙයි!හූ හූ!!! :පි

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒවා හොද පුරුදු දිගටම තියා ගනින් ඈ :P

      Delete
  10. මඩවතීගේ කමෙන්ට් එකත් පට්ට.... හික් හික් හික් :)

    ReplyDelete
    Replies
    1. මඩවති සතුට ඉහවහා ගිහින් නොවැ ඉන්නේ ;)

      Delete
  11. මඩයාට පොලිස් කතා වැඩියිද මංදා... ;)

    //කොයිතරම් බලාපොරොත්තුවෙන්ද හිටියේ අරු හිරේ ලැගලා දඩ ගෙවලා මුණ කළු කරන් එනවා බලන්න ,අහෝ දෛවය ඇයි නුඹ මෙතරම් කුරිරු,......!//

    මහම මහ දුෂ්ඨයෙක්නෙ බොලෙ!!!! :/

    -හිතුවක්කාරී(හිතූ) -

    ReplyDelete
    Replies
    1. අම්මප මට මේක ලියන්න පටන් ගද්දි ඕක හිතුනා

      අයියෝ......මං දුෂ්ඨ නැතෝ
      ආතල් එකට ලිව්වේ,පොඩි මඩක් වගේ එකක් ;)

      Delete
  12. යාළුවට කෙල වෙනකං බලන් ඉන්නවා නේද?
    හිවලා :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ රජෝ පිස්සුද මඩයා යාලුවොන්ට කෙළවන්නේ නෑ මෙව්වා ආතල් බොල :(

      Delete
  13. ඈ බොල කහ ඉරි තියෙන්නේ ලස්සනට කියලා හිතුවද...? පාර මාරු වෙන්න තමයි.... කොහෙද.... ඌරන්ට මොන සෞඛ්‍යද කිව්වා වගේ.... මේ ගොන්නුන්ව කහ ඉරි වලින් පාර පන්නන්න පොලිසියෙන් දාන්නම වෙනවානේ... හි හි...

    ඇත්තටම පොලිස් මාම‌ට දුක හිතිලද පොතේ ලියලා නැත්තේ දන් නෑ නේද....? යාලුවා කියන්න බැරි විදියේ පගාවක් දුන්නද දන් නෑ... හි හි....

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ මං හිතුවේ ඉස්සර මාර්ග අලංකරණ කිරීමේ ව්‍යාපෘතියේ වැඩක් වෙන්න ඇති මේ හැමතැනම කහ පාටෙන් ඉරි ඇදලා ඇත්තේ කියලා :P
      අපි ගොන් නෑ හරිය :)
      අපෝ ඉසුරුවා ලෝභයා ඕකා පගාව දෙන්නේ නෑ මං දන්නේ නැද්ද එකාගේ හැටි ;) පොලිස් අයියට දුක හිතිලමයි පොතේ ලියල නැත්තේ :P

      Delete
  14. දුෂ්ටය...... ඉන්නවකෝ මම හැමෝන්ටම කියනවා..

    ReplyDelete
  15. මඩයා හරිම නෝටිය

    ReplyDelete
  16. හොදම යාලුවෙක්ට එහෙම දෙයක් වෙනවනම් අවුල්ය.. හැබැයි අපිට චුට්ටි හරි වැරද්දක් කර ඇති එකෙකුට එහෙම වෙනවට කිසිම අවුලක් නැත..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සමහර වෙලාවට
      ඒත් මේක ලිව්වේ ආතල් එකට ඉසුරු එක්ක අවුලක් නෑ :)

      Delete
  17. එම්බා මඩය....... පොස්ටුවනම් එලය. පංකාදු පසීයකි. හිනැහ වී ඉල ඇටත් රිදෙන්නේහිය. හිනහවේ සද්දය වැඩි කමට අපේ ලොක්කා ඔලුව දමා බැලුවෙන් හිනහවට සයිලන්ට් මොඩ් දැමුවෙමි. හිනහ වී තුනටිය රිදෙන බැවින් මෙවැනි අපරාදයක් කල තා දඬු කඳේ ගැසුවත් මදි බව දැනගනුව. :D

    ReplyDelete
    Replies
    1. ස්තුති ස්තුති කෝරලේ මහත්තයා :)
      අයියූ මං අහිංසකයි හොදේ :/

      Delete
  18. හායි මඩයා... :)

    මෙහෙම නීතියක් ගැන මම නම් ඇහුවේ අදමය...අපිව දැනුවත් කළ එක හොඳය..නැත්නම් මමත් කවදාහරි ඕකට අහුවෙනවා නියතය...මොකද කිව්වොත් කහ ඉරකින් පාර පනින්නට ගොස් බයිසිකලයකට යට වෙන්නට ගිය දවසේ පටන් (බයිසිකල් කාරයා මට රැව්වත් ඒකකය) කහ ඉරෙන් පැනීම අත හැර දැමූ නිසාය...

    ReplyDelete
  19. හායි හායි සයුරි.....!

    අපොයි ඇති යන්තම් එකෙක් හරි දෙයක් ඉගෙන ගත්ත නම් :)
    පිස්සුද පිස්සුද දිගටම කහ ඉරෙන් පනින්න නැත්නම් පොලිස් අයියලා ඔයාට නඩු දාවි :)

    ReplyDelete
  20. හප්පට සිරි, දැන් කහ ඉරෙන් පැන්නෙ නැත්නම් දඩ ගහන සීන් එකකුත් තියෙනවද? ඒකත් හොඳයි. ඔය කොළම විතරද, නැතිනම් (පොලිස් කාරයෙක් ඉන්න) හැමතැනමද? ඉස්සර නම් කහ ඉර තමා භයානකම තැන.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් නඩු දාලා දඩයක් නියම කරනවා.කොළඹට වඩා කලින් ඉදන් නුවර පැත්තේ නම් එක හොදට ක්‍රියත්මක උනා.දැන් නම් කොළඹත් අල්ලනවා.ඒත් කොච්චර දවස් තියේද දන්නේ නෑ :)

      සාදරෙන් පිලිගන්නවා මඩයගේ ලෝකයට.....!

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......