Wednesday, September 19, 2012

"අම්මේ,තාත්තා ආයේ එන්නේ නැද්ද?"



උඹ 
ඒ හඬට පෙම් කලා
ඒ ආදරේ හොයන් ගියා
ඒක නොලැබුන තැන
උඹට මතක් උන
එකම 
උත්තරේ තමා මරණේ,
ඔව් 
උඹ මැරුණා 
ඒ අසරණ බිරිදක් සහ
දරුවෝ දෙන්නෙක් ලෝකේ තනිකරලා,
මැරෙද්දි
හිතෙන්න ඇති ඒකෙන්
ප්‍රශ්නේ විසදුනා කියලා,
උඹේ ප්‍රශ්න ඔක්කොම නම් විසදෙන්න ඇති
ඒත් උඹ ගියේ 
අනිත් උන්ට ප්‍රශ්න ගොඩාක්
ඉතුරු කරලා
අර අසරණ අම්මගෙන් 
පොඩි උන් දෙන්නා 
තාත්ත කොහෙද ගියේ කියලා අහද්දී 
එකීට දෙන්න තියෙන උත්තරේ මොකද්ද?
පොඩි උන්
ලොකු උන කාලෙක
උන්ගේ යාලුවෝ තාත්ත ගැන අහද්දී 
උන් දෙන උත්තරේ මොකද්ද?
තාත්තා අහවල් සිද්ධිය නිසා
මලා කියලා කියන්නද?
උඹ 
මහා ආර්ත්මාර්ථකාමී නිවටයෙක් බං 
කොහෙවත් යන වෙන
ගෑනියෙක් ගැන හිතන්න කලින් 
අඩුම  තරමේ අර පොඩි උන් දෙන්න 
ගැනවත් හිතන්න තිබුනා ..............


ප.ලි :- http://www.lankadeepa.lk/index.php/articles/65270  මෙන්න මේ news එක දැක්කම මට හිතුන දේ ලිව්වේ මෙහම.අද ලංකාදීප පත්තරේ තව විස්තර තියෙනවා මේ ගැන .

39 comments:

  1. අයියෝ ගොඩක් දුකයි නේ.ඇත්ත කතාවක්නේ අප්පා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත කතාවක් දුකදත් අහනවා පොඩි උන ගැන තමා දුක....

      Delete
  2. හ්ම්ම්...නිවටයෙක් තමයි.

    මම ඇත්ත කතාවක් ඇහුවා පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙලා තාත්තා මහණ වෙන්න ගිහිල්ලා. අම්මයි ළමයිනුයි තවත් අසරණ වෙලා.

    ReplyDelete
    Replies
    1. මහණ වෙන්න ගිය එක ලමයින්ටවත් කාටවත් ලැජ්ජා වෙන වැඩක් නෙමේ නේ.එත් මේජර් කලේ පවුලටම ලජ්ජා හිතෙන වැඩක් නේ :/

      Delete
  3. ළමයි හදන්න කලින් හිතන්න ඕන හදල මග දාල යනවද,දිගටම බලාගන්නවද කියල.

    ReplyDelete
    Replies
    1. හිරු නම් ළමයි හදන විදිය කලින්ම ප්ලෑන් කරලනෙ තියෙන්නේ. එහෙම පෝස්ට් එකක් තිබුණා මතකයි. එකවරම දෙන්නෙක්...:) :)

      Delete
    2. @ හිරු නගා:- සහතික ඇත්ත බලාගන්න බැරි නම් නොහද ඉන්න ඕනේ :/

      @ නලීන් :- මං හිතන්නේ මං ඔය පොස්ට් එක කියෙව්වද කොහෙද ;)

      Delete
  4. දැන් නම් මේ වගේ කතා සාමාන්‍යකරණය වෙලාද මන්දා. අහන තරමක් අහන්ඩ ලැබෙන්නේ මේ වගේ කතා

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකත් වාරණය වේද මන්දා...හික්ස්:)

      Delete
    2. oya ithin baa ne :/
      perala peralaa pahara denavaa ne :(
      eda athvaradeemak une ada ehema venne nathooo :)

      Delete
    3. සාමාන්‍යකරණය උන එකම තමා අවුල.මට පුදුම මේජර් ලොක්ක පුදුමයි කෙල්ලට කරදරයක් නොකලා..

      Delete
  5. පව් අහිංසක ළමයි..මහා මිනිස්සු දුර දිග නොබලා තීන්දු තීරණ ගන්නවා..ළමයි දුකට වැටෙනවා..

    ReplyDelete
    Replies
    1. මහ මිනිස්සු ඔක්කොටම කලින් බොළඳ වැඩ කරන්න ගියාම ඉතින් පොඩි උන්ට යන කල මොකද්ද :/

      Delete
  6. මෝඩ බූරුවෙක් බං ඒ. තරුණ කෙල්ලෙක්නේ. ආසාව ඉහවහ යන්න ඇති ඒක දැක්කම.

    ReplyDelete
    Replies
    1. මෝඩයෙක් නේන්නම්.මේ යකා ඔක්කොම හිතේ මවන් ඒ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ ඒකිගේ කටහඩට.මරුන දවසේ තමා කෙල්ලව දැකලා තියෙන්නේ

      Delete
  7. මේකට කියන්න තියෙන්නේ මෝඩකමද,කුප්පකමද,නූගත්කමද,රටතට ගිය කල.

    ReplyDelete
    Replies
    1. මෝඩ කම.වැඩිහිටියෝ උනාම ටිකක් හිතලා බලලා වැඩ කරන්න ඕනේ

      Delete
  8. ඊයේ රෑ අපේ මහත්තයා මේ කතාවයි අවුරුදු 60 ගානක මිනිහෙක් 20 ගාණක ගෑනියෙක්ව බැදගත්ත කතාවකුයි කිව්වා...
    මම කිව්වේ එක දෙයයි... මී හරක් හොදයි තව... එච්චරයි...

    ReplyDelete
    Replies
    1. 60 මිනිහ නම් ගෑණිමයි මරලා තියෙන්නේ.ඒ මනුස්සයාගේ ළමයිනුත් ඒ ගෑනු ළමයට වඩා වයසයි .අම්මපා අක්කේ මි හරක් හොදයි මුන්ට වඩා....

      Delete
  9. Replies
    1. පවු මචං පොඩි උන් දෙන්නා :/

      Delete
  10. බත්කන හරකෙක් බං.හමුදාවට නෙමෙයි මුං හොඳයි අල්ලන මාළු වට්ටියට දාන්න. නෑ නෑ එකටත් හොඳ නෑ.....
    තාවකාලික සැප හොයන් ගිහින් ඉතුරු උන්ව සදාකාලික දුකේ තිව්වම සේරම හරි.මොකද එයා බේරිලානේ එතකොට

    ReplyDelete
    Replies
    1. අම්මපා මුන් වගේ උන් ඒවගේ එකකට වත් ගැලපෙන්නේ නෑ මචං.
      අර්ත්මාර්තකාමි කම මචං එකට කියන්නේ.ඌ උගේ ආතල් එක හෙව්වා මිසක් අනිත් දේවල් හිතුවේ නෑ

      Delete
  11. ඔය වගේ ඈයෝ නම් මැරිලා යන්න ඕනේ..
    ඒත් ඉතින් මැරෙන්න යොදා ගනිපු ක්‍රමෙයි වැරදි.
    පව් ඉතින් අර අසරණ දරුවොයි අම්මයි.

    ReplyDelete
    Replies
    1. උන් ඉතින් දැන් විදව විදව ඉන්න එපැයි

      Delete
  12. සිය දිවි නසා ගන්නේ නිවටයෝ.. මිනිය වත් හොයා ගන්න බැරි වෙන්න සිය දිවි නසා ගන්නේ !@#$

    ReplyDelete
    Replies
    1. කාලකණ්නි බං.උන් ක්ෂණික ආතල් පතා මැරෙනවා.ජීවත් වෙන උන් මැරිච්ච උන් ගැන කල්පනා කරලා මැරී මැරී ඉපදෙනවා

      Delete
  13. බලපන් ඉතිං රටකට ගිහිං තියෙන කල..උදේ නැගිටින්නේ..රෑට නිදා ගන්නේ බණ අහගෙන....ඒත්.....

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං නාඩි දැන් අහන්න වෙන ඒවා මහ අජූත දේවල් නේ

      Delete
  14. මැරනවා කියලා මටනම් ඔයවගේ දෙයක් හිතා ගන්නවත් බෑ. සිය දිවි නසාගන්නත් හිතේ කොචර ශක්තියක් තියෙන්න ඕනේද. ඔය සිය දිවි නසා ගන්න හැම ඒකාම හොදට විදවලා මැරෙන්නේ. (විශේෂයෙන් වහ බොන උන්)

    ReplyDelete
    Replies
    1. සියදිවි නසා ගන්න එවුන්ට හිතේ ශක්තියක් නෑ බං.එහෙම ශක්තියක් තියේ නම් උන් මැරෙන්නේ නෑ ප්‍රශ්නෙට උත්තර හොයන් ජීවත් වෙනවා මිසක්

      Delete
  15. ඉහළින් හොඳ කමෙන්ට් ටිකක් දැක්කා.මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ලස්සනට නිසදැස නිර්මාණය කරලා තියනවා.ජය!!!

    ReplyDelete

  16. නියමයි මඩයා. ඇත්තෙන්ම අර උඩ කමෙන්ට් එකක කිව්වා වගෙ සමහරු මහණ වෙන්නත් යනවා ගෙදර උන්ට ඕනෙ එකක් වෙලා යන්න කියලා. එහෙම විමුම්තියක් හොයාගන්න පුලුවන්වෙයිද කියලා මටත් සැකයි. henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි dude මහත්තයා....!
      ඒක ඇත්ත.ඒත් පොඩි උන් ලොකුමහත් උනාට පස්සේ මහණ උනාට ඒකෙන අවුලක් වෙන්නේ නෑ නේ :)

      Delete
    2. මම කොහොමද මඩයො මහත්තයෙක් වුනේ. නිකම්ම ඩූඩ් කියාපං. :D
      විලි ලැජ්ජා සන්තෝසෙ බෑ.
      දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
      මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
      බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
      හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. එල එල නිකන්ම ඩුඩ් කියන්නම් කෝ :)
      ආහ් එක නම් හොදයි,wordpress ටිකක් වාතයි,අරකෙම බැකප් එකක් නම් දිගටම ඩෙනිමට තමා මං එන්නේ :)

      Delete
  17. ඔක්කොම හරි. කාටවත් වරදින්නේ නැහැ. පොඩි උන්ට මිස.

    ReplyDelete
    Replies
    1. ඕව් බං පොඩි උන් කොයි තරම් කාලයක් නම් විදවන්නද :/

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......