Saturday, September 22, 2012

කතා කලාට කවුද කියලා නිච්චියක් නෑ


මේ දවස් ටිකේ වැඩිපුර කලේ අපේ ෆීල්ඩ් එකේ ඉගෙන ගෙන රස්සා කරන උන් ගැන හොයලා උන් එතනට ගියේ කොහොමද,කොච්චර කල් ට්‍රේනින් හිටියද?දැන් තත්වේ කොහොමද?අපිත් උන්ගේ ගානටම ඉගෙන ගත්තම අපිටත් කොයි වගේ රස්සාවක් හම්බවෙයිද කියන එක.ඉතින් එව්වා ගැන අහද්දී වැඩ කරන්න තියෙන ආසාව වැඩි වෙනවා,හිතට අමුතුම හයියක් එනවා.
අපිත් කවදා හරි ඒ ඉංජිනේරුවන්ගේ තත්වෙට එනවා කියද්දී මගේ හිත මොකද්දෝ වෙනවා.විභාහගේත් එන්න එන්න ලංවෙන නිසා මේවා හොයද්දි ටිකක් මොරාල් අප් වෙනවා.තව ලිහිණි අක්කා ලිව්ව ඕව් මං දිනුම් පොස්ට් ඒකෙන තව ටිකක් වැඩි උනා.පිස්සු කෙලින්නේ නැතුව  වැඩ කරලා ඉක්මනට ශිෂ්‍යභාවයෙන් අයින් වෙන්න ඕනේ කියන හැගීම් හිතේ උඩම තැනකට ආව.හැමදාම පිස්සු නටන්නත් බෑ නේ.ඉතින් අපිත් ගොඩ යන්න එපයි.එහෙම වෙන්න ඕනේ නිසා දෙසැම්බර් තියෙන විභාහගෙට දැන්ම හිත හදා ගන්නවා වැඩ කරන්න.ඉතින් එක නිසා සමහර වෙලාවට සමහර බ්ලොග් මට මිස් වෙයි ඒත් පුළු පුළුවන් වෙලාවට ඇවිත් කියවනවා.

අද කියන්න ආවේ මගේ යාලුවෙකුගේ තාත්තට උන පොඩි සිද්දියක්.උන්ගේ අක්කාගේ යාලුවෙක්ගෙ වෙඩින් එකට අක්කටයි තාත්තටයි ආරාධනා කලාලු.අක්කගේ යාලුවා ඩොක්ටර් කෙනෙක්,බදින අයියත් ඩොක්ටර් කෙනෙක්.ඉතින් ඔය කිව්ව දවසට අරුන්ගේ අක්කයි තාත්තයි ගියාලු මගුල් ගෙදර.දෙන්නම දොස්තර වරු නිසා මගුල ජයටම තිබුන ලු, අඃ මේක මගුල තිබ්බේ දැන් අවුරුදු 8කට 9 කට විතර ඉස්සර.ඉතින් අක්කයි තාත්තයි පෝරුවේ චාරිත්‍ර වලට එහෙම ඉදලා දවල්ට කෑවාලු  අක්කා පරණ යාලුවෝ සෙට් එකක් සෙට් වෙලා එයාල එක්ක පොඩි ඕපාදුපයක් කිය කියා ඉස්කෝලේ කාලේ මතක් කර කර හිටියාලු

තාත්ත ඉතින් තාත්තගේ වයසේ සෙට් එකක් එක්ක පොඩි කතාවක්.ගම් වල මිනිස්සු ඉතින් ඔය වගේ තැනක සෙට් උනාම අඳුරන්නේ නැති උනත් මනුස්සකමට හිනා වෙලා කතා කරනවා නේ.ඔය සෙට් එක අතරේ ටිකක් විතර මිටි,නැෂනල් එක ඇදගත්ත (නැෂනල් කිව්වට එකට නැෂනල් එක කියලම කියන්න බෑ නැෂනල් එක වගේ එකක්) වයස 70ක් විතර වෙන මනුස්සයෙක් ඉන්නවා පැත්තකින් වාඩිවෙලා.තාත්තට මේ මනුස්සයව හොදට දැකලා පුරුදුයි වගේ.ඒ නිසා ලගට ගිහින් කතා කලාලු.ඒ මිනිස්සු දැන් කාලේ මිනිස්සු වගේ කුහක නෑ අදුරන කෙනෙක් දැක්කොත් ගිහින් කතා කරනවා ඒත් දැන් හැදෙන පරම්පරාව හොඳට  අඳුරන උන් දැක්කත් සමහර වෙලාවට නොදැක්ක වගේ යනවා,උන් එක්ක බලද්දී මේ මිනිස්සු රත්තරන්.අනේ අර වයසක මනුස්සයත් හොදට මුන්ගේ තාත්ත එක්ක කතා කරලා.දෙන්න ඉතින් වාඩිවෙලා බර කතාවලු.රටේ තොටේ දේවල් ගැන කතා කර කර ඉදලා,අන්තිමට අරුන්ගේ තාත්ත අර වයසක මහත්තයට කියනවා 


"මහත්තයා එක්ක මං මෙච්චර වෙලා කතා කලාට කවුද කියලා නිච්චියක් නෑ "

"මං ඇවිත්  කතා කලේ මට මහත්තයව හොදට දැකලා පුරුදුයි නිසා" 


අර වයසක මනුස්සයා නිහතමානීව හිනා වෙලා කිව්වලු 

"මහත්තයෝ මං අමරදේව " කියලා.......



42 comments:

  1. කව්ද බන් අමරදේව කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඉන්නේ හිනාවිගෙනම ;)

      Delete
  2. හිකිස්..! ඉතින් ඊට පස්සේ..?

    ReplyDelete
    Replies
    1. අරුන්ගේ තාත්තා කිව්වලු අනේ මහත්තයෝ මට අදුරගන්න බැරි උනා නේ කියලා :)

      Delete
  3. ඉගෙන ගන්න හිතට ගත්තු එක නම් ලොකු දෙයක් මල්ලී. අනික අපේ ෆීල්ඩ් වල හැටියට අපිට කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න බෑ. මේ ෆීල්ඩ් එක දවසින් දවස අලුත් වෙන නිසා අපි හැම තිස්සේම ටච් එකේ ඉන්නත් ඕනෙනෙ. අපිත් ඉතින් මාස හත අටක් " බෙන්ච් " වල ඉදලා තමා මේ තැනට ටික ටික ලං උනේ. ඒ නිසා අරමුණක් තියා ගන්න එක හොඳයි. ඒක වටිනවා.(කොල්ලෙක්ට වඩා අපේ ෆීල්ඩ් එකේ කෙල්ලක්ට අමාරුයි. කොල්ලො එක්ක කරට කර ඉන්න වෙනවනෙ )

    මගෙ පෝස්ටුව කියවලා හරි ගත්ත " කික් " එක හොඳයි :)

    මනුස්ස කමට කතා බහ කරන අය අද ඇත්තටම අඩුයි. මේක විහිළුවකට වඩා හොඳ කතාවක් කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. උනන්දුවෙන් බැහැලාම ඉගෙන ගන්න ඕනේ කියන සිතුවිල්ල දැන් අවුරුද්දක ඉදන් හිතට ඇවිත් තියෙනවා කියලා මං දන්නවා.ඒ උන මහන්සියේ ප්‍රතිපල ලැබුනා,ඊට පස්සේ ලිව්ව හැම එක්සැම් එකකම මගේ රිසාල්ට් හොදයි,අර ඉදලා හිටලා පිස්සු නටලා අයාලේ යන හිත එක තැනකට ගෙන්න තමා ඔයාගේ වගේ පොස්ට් මට වැදගත් වෙන්නේ අක්කේ.බොහොම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට :)

      ඕව් අක්කේ ඇත්තට මේක අපිට හොද ආදර්ශයක්,ඒත් අපි හැමෝටම එක පාර පෙන්නේ ඒකෙ තියෙන විහිළුව නේ :)

      Delete
  4. ඉතා හොඳ යටි අරුතක් ඇති පෝස්ට් එකක්.ළිහිණිගේ පෝස්ට් එකෙන් ඔයා උකහාගත් අදහසත් නියමයි. වාසනාවන්ත අනාගතයක් මලයාට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ උඩින් පේන දේට වඩා ගොඩක් දේවල් යටින් පේනවා.

      බොහොම ස්තුති අයියේ....!

      Delete
  5. එල!! එල!! ඉලෙනීමට 1 තමා ඈ
    අනිත් ඒවා ඊළඟට

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකෙන්ම මචං :)

      Delete
  6. Replies
    1. යකෝ මට සිමන් කියලා කෑල්ලක් නෑ නමේ.මඩයා කියලා විතරයි තියෙන්නේ :p






      THANK YOU MACHAN....!

      Delete
  7. දැන් කාලේ ඉන්න අතින් වියදං කරං ඇල්බම් එකක් ගහලා අතින් ගෙවලා ටීවී වල දාලා මූණත් තහඩුව පෙන්න ගත්ත ගායක මල්ලි කෙනෙක්ට එහෙම ඕක උනානං ඌ ජම්මාංතර වෛර බඳිනවා...:D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත අයියේ....
      උන් එක්ක බලද්දී මේ මිනිස්සු රත්තරන්..

      Delete
  8. ඉගෙන ගන්න ඒව විතරඉ අන්ත්මට ඉතුරු වෙන්ණේ

    ReplyDelete
    Replies
    1. සිරාවට රොබින් එකනම් හොදටෝම ඇත්ත :)

      Delete
  9. අමරදේව කියන මනුස්සයා බොහොම නිහතමානී කෙනෙක් කියලා ගොඩක් අය කියනවා.. ක්ෂේත්‍රයේ අය වගේම අසල්වැසියොත්... මොකද මම ඉන්නේ එතුමාගේ ගෙවල් පැත්තේ මේ ළඟදි ඉදන්...

    මේකට දැන්වත් ඔය කික් එක ආව එක නම් ලොකු දෙයක්.... හි හි.. බ්ලොග් වල කියවන දේවල් වලින් ලොකු කික් එකක් එන බව නම් මටත් මේ ටිකේ හොදට තේරිලා තියෙන්නේ....

    කරපන් කරපන්... ඔය මොනවා කොලත් අන්තිමට ඉතුරු වෙන්නේ ඔලුවට දාගන්න ටික තමා...

    ReplyDelete
    Replies
    1. ඒක ඒ මනුස්සයාගේ මුණ බැලුවම උනත් පේනවා අක්කේ.

      කික් එක ඇවිත් ගොඩක් කල් ඒත් හිත හිටපු ගමන් එහෙමෙහෙ දුවන වෙලාවට ආයේ ට්‍රැක් එකට ගන්න පාවිච්චි කරන කෙමක්‌ තමා මං කිව්වේ ;)

      Delete
  10. ඉංජිනේරු බෑනෙක් ට නම් අපේ අම්මා අකමැති වෙන 1ක් නෑ :ඩී

    __මඩවතී__

    ReplyDelete
    Replies
    1. අකමැති උනත් දැන් කොරන්න දෙයක් නෑ මඩවති.මොකෝ මං කැමති වෙලා ඉවර නේ ;)

      Delete
  11. ඔහ් මාර සීන් එක.

    මේවාට වඩා ඉගෙන ගන්න එක වැදගත් මචන් ඒ ගැන හිතපන් මේවා පස්සේ හිතුවහැකි.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත මචං මේ මාස දෙක විදිපුර ඉගෙනීමට තමා ඉතින්.විභාහගෙන් පස්සේ බැරියැ පිස්සු කෙලින්න ;)

      Delete
  12. ෂහ්!!! මඩයත් ඉංජෙක්ද?

    එල කොල්ලෙක්නේ ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් හැබැයි රජෝ වෙන්ඩ ඉංජා :)
      හැබැයි උඹලගේ field එක නෙමේ :)

      Delete
  13. අන්න මිනිස්සු!
    ජය!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම :)
      හිරුටත් ජය...!

      Delete
  14. හික්ස්!!! දුක හිතුනද මන්ද... මේක මෙච්චර නිල්පාට ඇයි ඈ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඒත් ඒ මනුස්සයට පොඩ්ඩක් වත් තරහ ගියේ නෑ කියලා සුවර් :)
      මං ආසම පාට නිල් :)

      Delete
  15. මඩයට ඉගෙනීම ගැන තියෙන මෝටිවේෂන් එක අපි ඉහලින් අගය කරනවා. සැර බාල කර නොගෙන දිගටම යන්න ගමන.
    දෙවෙනි සිදධිය ගැන නම්: අන්න මිනිස්සු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකෙන්ම එක නම් පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නෑ
      බොහොම ස්තුති ඩුඩ්.....!!!!

      Delete
  16. අනේ දෙවියනේ :) අන්න මිනිස්සු...

    ReplyDelete
  17. එල එල! මේ උඹත් IT කොල්ලෙක්ද???? එහෙනම් තවත් එල!

    ReplyDelete
  18. අනේ..කිව්වත් වගේ අන්න මිනිස්සු

    පලවෙනි වතාවට මාත් ආවා., මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා...!
      දිගටම එන්න හොදේ :)

      Delete
  19. අමරදේව!! ඇයි ඒ උත්තමය මට හමු නොවුනේ!! පොඩ්ඩක් කතා කරන්න.. වචනයක් හරි...

    ලස්සන කතාවක් සහෝ!!

    ReplyDelete
    Replies
    1. අමරදේව මහත්තයාගේ හොද fan කෙනෙක් වගේ :)

      Delete
  20. නිහතමානිකම ආබරණයක්.. :)
    ජය වේවා සහෝ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රෙඩ්
      ඔයාටත් ජය වේවා....!

      Delete
  21. හෆ්ෆට සිරි.... ඔච්චර ලොකු ප්‍රසිද්ධ මනුස්සයෙක් වෙලත් තියෙන නිහතමානි කම කියන්නේ ඕක තමයි. අද කාලේ ඉන්න උන් අනුන්ගේ සින්දු කියල ස්ටාර් වෙලත් තියෙන ගෑස්. මේ ලෝක පූජිත කලාකරුවෙක් වෙලත් ඒ මනුස්සය හැසිරුණ හැටි. නියමයි මඩයෝ

    ReplyDelete
    Replies
    1. කොච්චර ප්‍රසිද්ධ උනත් උපතින්ම අරන් ආව දේවල් වෙන්න ඇති නිහතමානිකම ඒක නිසාම වෙන්න ඇති ඒ මිනිස්සු මෙච්චර මිනිස්සු ආදරේ කරන්නේ...

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......