Sunday, December 30, 2012

දැනගෙන ගිය කතරගම....02



මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ තව කට්ටියක් කිරි වෙහෙර දාන ශාලාවේ ස්වාමින් වහන්සේලාට දානේ පිළිගන්වන්න ඕනේ වැඩකටයුතු කළා.කාන්තා පාර්ශවයේ තව සෙට් එකක් දයා ගමගේ ශාලාව පිළියෙළ කළා මෙහෙණින් වහන්සේලාට දානේ පිළිගන්වන්න.


ඔය වැඩ වෙන අතරේ වෙලාව හෙමින් හෙමින් ගෙවිලා දානේ වෙලාව ලං උනා.ස්වාමීන් වහන්සේලා එකසියපස් නමක් පෙරහැරින් දාන ශාලාවට වැඩමවාගෙන ගියා,මෙහෙණින්වහන්සේලා විසිපස් නමක් අනෙක් ශාලාවට වැඩමවාගෙන ගිහින් දානේ පිළිගැන්නුවා.සියලුම ස්වාමින්වහන්සේලාට අටපිරිකර පූජා කරලා පිංඅනුමෝදනාව කරන අතරේ කුස්සියේ දවල් දන්සලට ලෑස්ති වෙලා කෑම බෙදන්න සුදානම් කළා.දානේ වැඩ ඉවර වෙලා කට්ටිය දන්සලට එකතු උනා.ඔක්කොම හොදයි සෙනග පාලනය තමා අවුල උනේ.උදේ වගේම ධබයි තව අයියා කෙනෙකුයි ඒ වැඩේට සෙට් උනා.තව අපේ ගමෙන් කොල්ලෝ ගොඩාක් ඇවිත් හිටිය නිසා උන් සෙට් එක බස බස ගාලා වැඩ කළා.කට්ටියට කෑමට පස්සේ අතුරුපස විදිහට කිරි කන්න දුන්නා.ඒක පටන් ගත්තාට පස්සේ කෑම පෝලිමට වඩා අමාරු උනා ඒ පෝලිම හසුරවාගන්න.කොහොම කොහොම හරි මඩයා කලේ මදි වෙන දේවල් බල බල ඒ අඩුපාඩු සම්පුර්ණ කල එක.

දන්සලේ වැඩ ඔක්කොම ඉවර උනත් කිරි පෝලිම ඉවර වෙන්න ගොඩක් වෙලා ගියා.ඒ එක්කම මට සෙට් වෙලා තිබ්බ වැඩක් තමා හේවිසි කණ්ඩායමට ආහාර පාන සපයන එක සහ උන් ගැන හොයලා බලන එක,උන් සෙට් එකට කෑමත් සෙට් කරලා හවස පුජාවට ලෑස්ති වෙන්න ඕනේ වෙලාවත් කියලා ආවා .ඒ වැඩ ඔක්කොම ඉවර වෙලා අපේ සෙට් එකත් දවල්ට කෑවා.කෑවට සෙට් එක හොදට කිරි කෑවා කෑවා නෙමේ කට්ටිය කිරි මැරුවා.අපි කන අතරේ තවත් වැඩක් සිද්ධ උනා ඒ තමා එළදෙනක් සහ පැටියෙක්ට අභය දානය දෙන එක.ඒ දෙන්නා භාර දෙන මනුස්සයට ඒ සත්තු භාර දීලා ලියුමක් ගත්තා.මට හිතෙනවා ඒ සත්තු දෙන්නට ඇත්තටම අභය දානය ලැබුනා කියලා.අනිත් එක තමා ඒ වගේ පොඩි පැටව් හිටන් මස් කඩේට දක්කන එවුන්ට වැහි නැති හෙන පාත් වෙන්න ඕනේ.


කාලා ඉවර වෙලා අපිට තිබ්බ වැඩේ තමා හවස පහන් පුජාවට පහන් වට සුදානම් කරන එක.සෙට් එකම ගිහින් පහන් වලට තෙල් දාලා තිර දාලා එතන ලෑස්ති කළා,අපිට එතන අමුතුවෙන් සුද්ධ කරන්න දෙයක් තිබ්බේ නෑ මොකද එතන භාර මනුස්සයා එතන හොදට එතන පිරිසිදු කරලා පවත්වාගෙන යනවා.ඒ වැඩේ අහවර වෙලා අපේ සෙට් එක ඇවිත් හවස පුජාවට යන්න සුදු ඇදලා පේඋනා .දවල් කෑමට පස්සේ තිබ්බේ කප්රුක් චීවර පූජාව.ඒක පෙරහැරින් වඩම්මවාගෙන ගිහින් පූජා කරන්න තමා ලෑස්ති උනේ.වැස්ස නිසා පෙරහැර පොඩ්ඩක් ප්‍රමාද උනා,වැස්ස අඩු උනාට පස්සේ කට්ටිය පෙරහැර යන්න සෙට් උනා.දේවාලේ පැත්තේ ඉදන් කිරිවෙහෙරට එන වැලි පාරේ දේවාලේ කිට්ටුව හරියෙන් තමා පෙරහැර පටන් ගත්තේ.

පෙරහැරින් කප්රුක් චීවරේ සහ අටපිරිකර දහසක් සහ සෙසු පිරිකර දහසක් වැඩමවාගෙන ගියා.පෙරහැර මගක්‌ යද්දී ආයේ වැස්ස පටන් ගත්තා එහෙමයි කියලා කට්ටිය නැවතුනේ නෑ වැස්සේම චීවරේ වැඩමවාගෙන ගියා.අපි පෙරහරේ මග දුරක් ඇවිත් ආයේ පහන් වැට ලගට ගියා මොකද චීවරේ චෛත්‍යට පැලැන්දුවට පස්සේ පුජාව පටන් ගන්න නිසා ඊට කලින් පහන් පත්තු කරන්න ඕනේ කියලා.අපි පහන් ඔක්කොම පත්තු කරලා දයා ගමගේ දාන ශාලාවට ගියා මොකද චීවර පූජාව වැස්ස නිසා එතන පැවැත්වෙන නිසා.මුළු ශාලාව පිරෙන්න සෙනග,තව සමහරු එලියේත් එක්ක හිටගෙන පුජාවට සහභාගී උනා.ඒ අතරේ මැද තිබ්බ පුටු එහෙමම තියෙද්දී කට්ටිය වාඩි වෙලා තිබ්බා බිම ඉතින් ඒක නිසා එතන ඉඩ ඇහිරිලා තිබ්බ නිසා අපේ සෙට් ඒක සෙනග මැද්දේ අමාරුවෙන් ගිහින් පුටු සෙට් එක අයින් කරන්න හැදුවා මොකද එතන ඉඩ ආවට පස්සේ හිටගෙන ඉන්න අයට වාඩි වෙන්න පුළුවන් නිසා.එහෙම ගිය අයට සමහරු කුණුහර්පෙනුත් බැනලා තිබ්බා ඒ අයට අමතක වෙලා ඒ අය ඇවිත් ඉන්නේ පින්කමකට කියලා,අනිත් එක ඒ අයට ප්‍රශ්නයක් නෑ නේ මොකද එයාලා වාඩි වෙලා නේ අනිත් අයට හෙන ගැහුවත් මොකද.කොහොම කොහොම හරි ඉඩ හදලා කට්ටිය වාඩි කෙරෙව්වත් තව සෑහෙන පිරිසක් හිටගෙන එළියේ ඉදන් පුජාවට ලෑස්ති උනා.

කප්රුක් චීවර පුජාවෙන් පස්සේ තිබ්බේ සුමධුර ධර්ම දේශනාව.දේශකයාණන් වහන්සේ උනේ මාලිම්බඩ පඥ්ඥාසාර හිමි.පිංකමට TNL රූපවාහිනී සේවයෙන් පැයක විකාශන කාලයක් ලබා දීලා තිබ්බා,ඉතින් ඒ ගොල්ලෝ ටෙලිකාස්ට් කලේ බණ.ඒ ගොල්ලෝ ඇවිත් බණ පටන් ගන්න කලින් ඒ ගොල්ලොන්ගේ කැමරා ලයිට් සෙට් කරගන්න ඉඩක් ඕනේ කියලා කිව්වා,ඒ ගොල්ලෝ ඉඩ ඉල්ලුවා කියලා කොහෙන් දෙන්නද සෙනග හාමුදුරුවන්ගේ දෙපා ලගටම.එතන හිටිය අන්කල් කෙනෙක් මයික් එක අරන් අපිට මෙහෙම ඉඩ ඕනේ කට්ටිය පොඩ්ඩක් පස්සට යන්න අපි බලමු මෙතන ශ්‍රද්ධාවෙන්ම පිංකමට සහභාගී උනේ කවුද කියලා නියම බෞද්ධ පින්වතුන් අර්ත්මාර්ථකාමී නෑ කියලා කිව්වා විතරයි සෙනග අම්බානට පස්සේට ගිහින් ඕනෙවටත් වඩා ඉඩ දුන්නා.ස්වාමින් වහන්සේ කාලෝචිත ධර්ම දේශනාවක් කළා.

රෑට කට්ටියට කන්න දීලා ඔක්කොම කරලා අපි සෙට් එකත් කාලා නිදාගන්න තැනක් හොයන් පොඩ්ඩක් නිදාගන්න සෙට් උනා,මොකද කලින් දවසෙත් පැයක් විතර නිදාගත්තා නිසා,අපි උදේ නැගිටිද්දී හොදටම වහිනවා ඒත් වැස්ස කියලා නෑ කට්ටිය උදේ පාන්දර නැගිටලා පිරිත් සජ්ජායනා මැද්දේ නියමිත පිළිවෙත් සමග කිරිආහාර සුදානම් කරලා පූජාව පටන් ගෙන තිබ්බා.කිරිආහාර පුජාවෙන් පස්සේ කට්ටිය කාලා ගෙදර යන්න ලෑස්ති උනා

අපේ සෙට් එකත් උදේට කාලා තව ලොකු වැඩක් පටන් ගත්තා ඒ තමා වටේ අපිරිසිදු වෙලා තිබ්බ ඔක්කොම සුද්ද කරන එක.පන්සලට කියල ට්‍රැක්ටරයක් ගෙන්නවා ගෙන තියෙන ඔක්කොම කුණු එකට පටවලා වටේ ඔක්කොම කුණු ගොඩවල් ඇදලා.සුද්ද කරලා අතු ගාලා පිරිසිදු කළා ඇත්තටම කියනවා නම් නගර සභාවේ වැඩේ අපි කළා,හිර උන කාණු ඔක්කොම සුද්ද කරලා ශාලාවේ තිබ්බ ඔක්කොම පුටු හෝදලා පිහදාලා එතන තිබ්බටත් වඩා පිළිවෙලට අස් කළා.ඔක්කොම පිළිවෙලක් කරලා අපේ බඩු මුට්ටු අස් කරන් දින දෙකතුනක තෙහෙට්ටුවත් මහා පින්කමක් කිරීම නිසා සිත තුල ජනිත වූ ප්‍රීතියත් සමග ගෙදර ආවා.ඒ ඇවිත් ඒ ගැම්මටම එදා රෑ අපි කොළඹ ආවා.එන්න කලින් අම්මගේ පොල් සම්බලයි බතුයි බඩ පැලෙන්න කාලා ආවේ.

ප.ලි: මං මඩයා කිලිනොච්චි ගිහින් ආවා,එහෙ උන දේවල් ගැනත් පොස්ට් එකක් හෙමිහිට ලියන්නම්.අඩේ සැට් එක මා එක්ක තරහා වෙන්න එපා ජොබ් එකට ගියාට පස්සේ ඉදන් මගේ බ්ලොග්පට්ටෙට අඩු උනා.මන් ආයේ ඉක්මනටම හැමෝගෙම බ්ලොග් වලට එන්නම් .අඃ අමතක උනා පින්කමෙන් පස්සේ ගොඩාක් අය අපේ සෙට් එකට ගොඩාක් හොද කියලා තිබ්බා.ඒ වගේම පින්කමට ගොඩක් උදවු කරපු හැමෝටම සහ සෑම අයුරින්ම දායක උන සැමට පිං......!

24 comments:

  1. හොඳ වැඩ ගොඩක් කරලා ඇවිත්.... විශේෂයෙන්ම අස්පස් කරලා සුද්ධ පවිත්‍රකරලා ආපු එක.. හැමදාම ඔහොම අය ගිහින් ඕවා සුද්ධ කළාට එච්චර කුණු එකතු වෙන්නේ අහසින් ඇවිල්ලා නෙවෙයිනේ.. මේ රටේ මිනිස්සුම තමයි ඉතිං...

    බොහොම පිං මේ විස්තරේ දැම්මට අපිටත් කියවන්න... හොද සෙට් එකකට හොද කියන්න එපායැ... ( ‌කෝ අර කමෙන්ට් දාන අණ්ඩපාලලා දෙන්නා... හි හි)

    ජොබ් එක පළමුව.. බ්ලොග් දෙවනුව...

    ReplyDelete
    Replies
    1. ඕව් අක්කේ අපි පිංකම කරලා ඉවර වෙලා ආවට වැඩක් නෑ නේ අපි එතන පිළිවෙලට අස් කරලා එන්න එපැයි.
      උන් දෙන්නා ඔය තව ටිකකින් කොහේ හරි ඉදලා මතුවෙයි අක්කේ
      ඕව් ඒක ඇත්ත අක්කේ මොකෙටත් කලින් ජොබ හරියට කරන්න එපැයි නේද අක්කේ

      Delete
    2. ඇත්තටම කෝ අක්කේ ඒ දෙන්නා...????
      හරි හොඳ ළමයි දෙන්නෙක් නේද????

      Delete
    3. හිරු අක්කේ අණ්ඩපාලයෝ කොහොමෙයි කොමෙන්ට් කොරන්නේ මේ මඩය පොස්ටු දාල සද්ද නැතුව හොර ගෙඩිය වගේ ඉන්න කොට....

      Delete
  2. මෙවන් සද් ක්‍රියා නිරන්තර කරන්නට මඩයට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. පියාගේ අඩිපාරේ නේ මඩයා යන්නේ අයියේ...!

      Delete
    2. කතාව එච්චරම හොඳ නෑ නේද අයියේ??
      මඩයට වාසනාව ලැබුණම මඩවතී දැරිවියි, *** දරුවයි අතරමං වෙනවනේ..

      Delete
    3. පිස්සු හැදෙයි...!!!! මෙන්න මෙයා බය වෙලා මට ඔය වාසනාව ඕනේ නෑ ඕයි
      මට මගේ මඩවති ඉන්නවා නේ ;)

      Delete
    4. අර මක්කටෙයි මං බය වෙන්නේ??
      ඕයි කියන්න එපා ඕයි..මෙහෙම තැනක වැදගත් විදියට හැසිරියන්..මඩයා....

      Delete
  3. ඔන්න පිං අතේ වැඩ කරලා. පිරිමි දරුවො ඔහොම ඉන්නවා නම් මොන තරම් හොඳද...

    හිරු කිව්වා වගේ මොනදේටත් කලින් ජොබ් එකට තැන දෙන්න. යමක් කමක් හොයා ගන්නවා වගේම අත්දැකීමුත් එකතු කර ගන්න තැනනේ...

    ReplyDelete
    Replies
    1. අඃ අපි එහෙම තමා අපි ගල් වගේ පෙනුනට මල් වගේ කොල්ලෝ හරිය

      ඕව් ඒක ඇත්ත ජොබ් එකට මුල් තැන දෙනගමන් අනිත් ඒවා කරගන්න ඕනේ

      Delete
  4. සෑහෙන්න ලොකු පින්කමක් කරන තියෙනවා වගේ සෙට් එක අනේ හොඳයි කිව්වා. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියන්ඩි.....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම උඹලා හැමෝටමත් එක්ක අපි පිං කළා.
      සුභ අලුත් අවුරුද්දක් වේවා කෝරලේ මහත්තයා....!!!!

      Delete
  5. නියමයි..ඕය වගේ වැඩකට සෙට්වෙන්න ආසා හිතුන.
    ගවයින් නිදහස් කරන එක නම් අපිත් කරනව වෙසක් එකට.

    ReplyDelete
    Replies
    1. ලබන පාර කරන්න කලින් කියන්නම් පුළුවන් නම් සෙට් වෙන්න.ඒක හොද වැඩක් මචං පවු බං ඒ සත්තු....

      Delete
  6. මචං මඩයෝ,
    අපි ඉස්සරහට කරන පිංකම් වලට කලින් ඒ ගැන දැනුවත් කරලා පෝස්ටුවක් දාමු.එතකොට මෙතන ඉන්න අදාළ පළාතට ළඟ කස්ටියත් පිංකමට සෙට් වේවිනේ....
    ධර්ම දානය පුළුවන් තරම් දෙන්නත් එපැයි අපි.. :)

    ReplyDelete
    Replies
    1. ඒක හොද අදහස මචං අපි ඊලග පාර ඉදන් කරමු

      Delete
  7. කතරගම අවුරුදු ගානකින් ගියේ නෑ සූටි කාලේ අවුරුද්දට සැරයක් ගියා තාම යන්න ආසයි
    පිං අතේ වැඩක්

    ReplyDelete
    Replies
    1. මට මතකයි පොඩි කාලේ කතරගම ගිහින් සිද්ද වුන ඇබැද්දියක් ගැන ලියලා තිබ්බ පොස්ට් එකක් :)

      Delete
  8. නියම වැඩක් මඩයෝ !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග.....!!!

      Delete
  9. Hello would you mind stating which blog platform you're working
    with? I'm going to start my own blog in the near future but I'm having a tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs and
    I'm looking for something completely unique.

    P.S My apologies for being off-topic but I had to ask!

    Feel free to visit my weblog: great home ideas (http://www.homeimprovementdaily.com)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......