Monday, January 14, 2013

ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!

අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ
කිලෝමීටර් තුන හතර විතර දුර ඉදන් අපේ කඩේට සෙනග ඇවිත් තියෙනවා.අනිත් එක ඒ කාලේ වැඩිය බස් තිබිලත් නෑ ඒ වගේම අතුරු පාර වල් වල ඒ කියන්නේ ඉස්සර තිබුන ගුරු පාරවල් දිගේ ඇතුලට වෙන්න ඉන්න අය ගොඩ දුර පයින් එනවා බඩු ගන්න.වෙන එකක් තියා ප්‍රේමදාස ජනාධිපති තුමත් බඩු ගෙනිච්චේ අපේ කඩෙන්.සර්කිට් බංගලාවට යන්න තියෙන්නේ අපේ කඩේ ලගින් ඒ කියන්නේ සර්කිට් හංදියෙන් හැරිලා සර්කිට් පාර දිගේ.ඉතින් සර්කිට් බංගලාවට බඩු ගෙනිච්චේත් අපේ කඩෙන් ප්‍රේමදාස ජනාධිපති තුමා එකෙත් ඇවිත් නවතිනවා නේ එකයි මං කිව්වේ එයත් අපේ කඩෙන් බඩු ගත්තා කියලා.

 කඩේ කරන අතරේ අපේ තාත්තා ගොවිතැනුත් කරා.ඒ කියන්නේ 90 දශකේ තමා එයා හොදටම ගොවිතැන් කලේ.ගොඩක් වෙලාවට වගා කලේ කෙසෙල් එහෙම තමා මොකද ඉස්සර ඇඹිලිපිටිය කෙසෙල් වලට ජනප්‍රියයි නේ.තව වට්ටක්කා,බඩ ඉරිඟු,තල,කුරක්කන්,මුංඇට වගේ එක එක ජාති වගා කළා.පලදාව නෙලන කාලේ මාර සිරා.මට මතකයි ඒ කාලේ වට්ටක්කා තිබ්බ කාලේ කාමරේ වහල ගාවට එනකං වට්ටක්කා පුරෝලා  තිබ්බා.මුංඇට තිබ්බ කාලේ කාමරේ පිරෙන්න මුංඇට  මං මාර ආසයි වට්ටක්කා ගොඩවල් උඩ මුංඇට ගොඩවල් උඩ නැගලා වහල අල්ලන්න මොකද පොඩි කාලේ එච්චර ලේසියෙන් එච්චර උඩ නගින්න චාන්ස් තිබ්බේ නැති නිසා.මුං කරල් ඇට ගන්න සුද්ධ කරන එකත් පට්ට ආතල් වැඩක් ඒ කාලේ පොඩි නිසා ඒවා දිහා බලන් ඉන්න එක ඇරෙන්න ඒ වැඩේට සම්බන්ද වෙන්න දුන්නේ නෑ.

අනිත් ආතල් වැඩේ තමා  තල වවපු කාලේ.හේනේ තල කපලා මිටි බැදලා ගෙදර ගෙනත්  තමා වේලන්නේ.ඒ කාලෙට ගෙදර මිදුල පුරා ගොම ගානවා ඒ ඇයි කියන්න දන්නේ නෑ.ඒත් අවුල තමා නයි කුඹි එන එක මොකක් නිසාද මන්දා අම්බානෙට කුඹි එනවා.තව එකක් තමා තල මිටි අස්සේ ඇවිත් සර්පයෝ රිංගනවා,ඒ කාලෙට වැරදිලාවත් ගෙදර දොරවල් ඇරලා තියන්නේ නෑ.මොකද සර්පයෝ ගෙට එයි කියලා.අනිත් එක අම්මා යන්න දෙන්නෙත් නෑ තල මිටි ගාවට මොකද ඒවගේ බූව ගෑ වුනාට පස්සේ හොද කැසිල්ලක් එන නිසා.

මෙන්න මේ වගේ තමා අපේ ෆැෂන් වැල් තිබ්බ මැස්සත් හදලා තිබ්බේ හැබැයි ඒක නම් මීටර් 200කට කිට්ටු වෙන්න දිගට තිබ්බා 
තාත්තට ඉඩම් කීපයක් තිබ්බට මට හොදට මතක එක ඉඩමක කල වගා ගැන අනිත් ඒවා ගැන එච්චර මතකයක් නෑ,මට මතක එක තමා අපිට තිබ්බ ලොකුම එක.ඒක අක්කර 5 විතර ඇති මයේ හිතේ.ඉඩම තිබ්බේ අපේ ගෙදර ඉදන් කිලෝමීටර් 1ක් එකහමාරක් විතර දුරින්.ඉඩම වටේම වැට ගහලා ඇතුල් වෙන්න ඉදිකඩක් හදලා තිබ්බා.ඉඩම මැද හරියට වෙන්න පොඩි පැලක් හදලා තිබ්බා.ඉදිකඩ ළග ඉදං පැල ලගට එනකං දිගට පාර දෙපැත්තේ ෆැෂන් පෘට් වැල් ඉන්දලා තිබ්බා ඒවා යන්න මැස්සක් හදලා තිබ්බා ඒ කියන්නේ අපි යන පාරට උඩින් ෆැෂන් වල ගිහිල්ලා පාරට හෙවන වැටිලා වැල් මැස්ස පිරෙන්න වැවුනට පස්සේ පුදුම ලස්සනක් තිබ්බේ.මං එකයි තාමත් ඒ කාලෙට ආස.අනිත් පැත්තේ අක්කර භාගයක් විතර ගස් කජු ඒ කියන්නේ කජු පුහුලන් ඉන්දවලා තිබ්බා ඉතුරු ටිකේ තමා වගා කලේ.

ඉඩම අයිනෙන් පොඩි ආරක් ගලාගෙන ගියා.එකේ වතුර විතරක් මදි ගොවිතැන් වලට මොකද ආරේ වතුර හැමදාම ඇත්තෙත් නෑ.ඉතින් ඒක නිසාම තාත්තා ඉඩම කොනේම ලොකු වගා ළිදක් කැපුවා.ඒක කොහොම හරි ඒ කාලේ ඒ වගා ලිඳ ඇඹිලිපිටියෙන්ම හරි රත්නපුර දිස්ත්‍රික්කේන්ම හරි හොදම ලිඳ වෙලා තිබ්බා.ඉතින් ඒක නිසා ජාතික රුපවාහිනියේ කෘෂිකර්ම වැඩසටහනකින් එනවා කිව්වා ඒක වීඩියෝ කරන් යන්න සහ විස්තර දැනගන්න කියලා,මාත් ටීවී එකට මුණ දාගන්න පුළුවන් නේ කියලා හරි සන්තෝසෙන් හිටියේ.ඉතින් ජාතික රුපවාහිනියේ කට්ටිය හේනට යන පාර එහෙමත් කලින් අහගෙන තිබ්බේ.අපි ඒ ගොල්ලෝ එනවා කිව්ව වෙලාව කිට්ටු කරන් ඒ අයට තේ බොන්න දෙන්න ජාතිත් අරං ෂෝර්ට් කට් එකකින් ඉඩමට යන්න ගියේ ඉක්මනට යන්න ඕනේ කියලා,

අනේ..... මගේ හීන ඔක්කොම වතුරේ,එයාලා එනවා කිව්ව වෙලාවට කලින් ඇවිත් වීඩියෝ ෂූට් එක කරගෙන හේනේ වැඩට හිටිය අයගෙන් ලිඳ ගැන විස්තර අරගෙන අපි එන්න කලින් ගිහිල්ලා තවත් මොකක්දෝ වීඩියෝ ෂූට් එකකට යන්න ඕනේ කියලා.මං පොඩි එකාගේ හිත ගොඩාක් සිදුනා එදා නම් මොකෝ බලාපොරොත්තු ගොඩාක් වතුරේ ගිය නිසා.හරි කමක් නෑ මුණ දාගන්න බැරි උනාට අපේ ළිඳ හරි ටීවී එකේ පෙන්නනවා නේ කියලා හිටියා ඒ ගොල්ලෝ කිව්වා දවසට බලන්න.ඒත් කොහෙන්ද අප්පා මට එච්චර වාසනාවක් පෙන්නනවා කිව්ව දවසේ උදේ ඉදං රෑ වෙනකන් කරන්ට් තිබ්බේ නෑ ගෙදරට.ඔන්න ඔහොම තමා මගේ ටීවී එකට මුණ දීමේ සිහිනය බිදුණේ.


පහු පහු වෙද්දී කඩේට තරගකාරිත්වය වැඩි වෙද්දී හන්දියේ කඩ එක දෙක අලුතින් වැටෙද්දී කඩේ වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න තාත්තගේ කළමනාකාරිත්වය ඕනේ උනා,මොකද කඩේ වැඩ කරන පිට මිනිස්සුන්ට කඩේ දියුණුවට අවශ්‍ය තීරණ ගන්න තෙරුම්ක් නෑ නේ.ඉතින් එක නිසා තාත්තගේ සම්පුර්න අවදානය  කඩේ වෙනුවෙන් යෙදුනා ගොවිතැන් නැවතුනා.මොකද තාත්තා ළග හිටියේ නැත්නම් හේනේ වැඩ කරන මිනිස්සුන්ගේ උපරිම කාර්යක්ෂමතාව නැති වෙනවා.උන් එතකොට වැඩියෙන කරන්නේ කයිය ගහ ගහ ඉන්න එක.මේ කාර්යබහුලත්වය නිසා පස්සේ තාත්තා ඔක්කොම ඉඩම් වල දීර්ඝ කාලීන භෝග වගා කළා.

50 comments:

  1. උබට ලස්සන ළමා කාලයක් තිබිල තියෙනවා බං..... මටත් යන්තන් යන්තන් ඔය අත්දැකීම් තියනවා ,, ඒත් උබට තරම් නෑ

    පව් හැබැයි පොඩි එකාගේ හීනේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මතක් වෙද්දී ආයේ යන්න හිතෙනවා

      පවුද කියලත් අහනවා :/

      Delete
  2. හ්මි ඇත්තටම සංවෙදී කතාවක්.... පුංචිකමට ඔවා කොහොම දරාගත්තද ඒ කාලේ නේ..
    අදමයි මතක විදියට ගොඩවුණේ...

    ReplyDelete
    Replies
    1. මගේ හිත හයියයි නේ :P
      මේ පැත්තට සාදරෙන් පිලිගන්නවා.....!!

      Delete
  3. කතාවටත් වඩා මට ආසම හිතුනේ වගාවන් ගැන කියවන්න. මම හරිම ආසයි වගාවන් කරන්න. ඒත් ඉතින් අපිට කෝ ඉඩ..ඉස්සර ගේ වටේම මිරිස් පැලයි කොච්චි පැලයි හිටෙව්වා..මම ඇත්තටම තල දන්නවා උනාට ගහක් දැකලාවත් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි අප්පා ඒ කාලෙට.මට මතකයි කාලයක් මිරිසුත් වගා කළා,එකේ මං ආසම කලේ ගෙදර තවන් දාන වැඩේට,තවන් දාලා පැල හැදුනට පස්සේ තමා මිරිස් පැල හේනේ ඉන්දවන්නේ
      පොඩි කාලේ දැක්කට පස්සේ මාත් දැකලා නෑ අක්කේ :/

      Delete
  4. හරි ආස හිතුනු කතාවක් අයියණෟඩියේ.. ඔච්චර ඔහොම පරිසරය විදින්න ලැබුණු එකත් ලොකු දෙයක්, ම්ම් මේ?? //ඉඩම අයිනෙන් පොඩි ආරක් ගලාගෙන ගියා.එකේ වතුර විතරක් මදි ගොවිතැන් වලට මොකද ආරේ වතුර හැමදාම ඇත්තෙත් නෑ.// ආරක් කියන්නෙ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නෙ? තරා නැතුව කියන්නකෝ..?

    ReplyDelete
    Replies
    1. අවුරුදු 10 වෙනකන් යන්තම් ගමේ හිටිය නිසා මෙව්වා හම්බ උනා නැත්නම් මේ ටිකත් නෑ :)
      මං ආර ගැන ඔයාට මැසේජ් එකක් දාලා ඇති.

      Delete
  5. කොල්ලා තාත්ත තරම් ශූරයෙක් නෙමෙයිද...දැන් බොට පුලුවන්නෙ වගා සංග්‍රාමයට කර තියන්න...

    ReplyDelete
    Replies
    1. මං ඒ ඔක්කොම අතැරලා පොඩි කාලේ ගමෙන් ආවා,ඒක නිසා මට ගොවිතැන පිහිටලා නෑ :(

      Delete
  6. උබ දන්නවද මම වත්ෙත තවානක් දාලා ගස්වල ෙගඩි අාවහම ලැබුව සතුට?

    මම දන්නව ඒ් සතුට උබ අපිට වඩා විදල අැති

    ජය !

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒක නම් ඇත්ත
      මායි තාත්තයි මං පොඩි කාලේ ඉන්දවපු අඹ ගහේ නැගලා අඹ කද්දී හිතට පට්ට ෆිට් බං

      සැමටත් ජය.....!!!!

      Delete
  7. ඒ මටත් ආසයි බං වගාවක් කරං පාඩුවේ ඉන්න...
    කොයිද ඉතිං....
    කුනුහබ්බ තමා මතක් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. වගා සංග්‍රාමේ කරන් ඉන්න එක අතකට හොදයි බං තරියා.කිසි කරදරයක් නෑ කාගේවත් යටතේ නෑ ඔක්කොම අපිට ඕනේ විදිහට

      Delete
  8. අඩේ!!!! දැන් ඉතිං හේනක් කොටාගෙන ඉන්න තමා තියෙන්නේ..... :)

    ReplyDelete
    Replies
    1. මෙහෙ එන්නේ නැතුව ගමේ හිටියා නම් මං ගොවිතැනුත් ටිකක් ඉගෙන ගන්නවා :)

      Delete
  9. වගා ගැන ඇහුවම ආස හිතුනා

    ReplyDelete
    Replies
    1. එව්වා දැක්කම ඊට වඩා ආසයි :)

      Delete
  10. අපිත් පුළු පුළුවන් කාල වලදී ගෙදර වැව්වා. දැනුත් මිරිස් පැල ටිකක් වවාගෙන ඉන්නේ. සුන්දර ළමා කාලයක්. මේවා ඇහුවාම මටත් මතකෙට ආවේ වී ගෝනි උඩ නැගල හිටිය කාලේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපිට සුන්දර කාලයක් තිබුනා කියලා මතක් වෙද්දී හිතට හරි සන්තෝසයි..මං ලොකු වෙලා මනමාලියෙක් කැන්දන් ආවට පස්සේ ගෙදර පුළුවන් විදිහට වගා කරනවා, :)

      Delete
  11. පොඩි එකාගේ හීන බිඳිච්ච එක නම් පවු හැබැයි.

    ReplyDelete
    Replies
    1. පවු නේන්නම්
      අඩුම තරමේ ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න වත් ලැබුනා නම් :/

      Delete
  12. අඩේ පට්ට ෆන් ඇති ඒ දවස් වල

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා පට්ට පට පට :)

      Delete
  13. වවන්නෝ දිනන්නෝය මඩේ..අපි ගොඩේ විතරක් නොවේ මඩේත් වවමු.

    ReplyDelete
    Replies
    1. වවන්නෝ දිනන්නෝ කියලා මං කොන්ඩේ වවනවා ;)
      අපිට ගොඩ ඉඩම් විතරයි තිබ්බේ....

      Delete
  14. එහෙනම් උබල ප්‍රේමදාස මහත්තයටත් බඩු
    වික්ක ඈ ?
    හනේ මචන් ඔක්කොම අත ඇරලා දාල ඔය ඉඩම්
    වල වගාවක් කරපන්..එක එකාට නැවෙන්නේ
    නැතිව මාසෙකට 1ක් විතර හොයාගන්න පුළුවන්..
    පිරිසුදු සල්ලි ..මඩවති කැමති වේවිනෙ ගෙවිලියක් වෙන්න ?

    කෙසෙල් , කරවිල , මුකුණු වැන්න , සාරණ ,
    ගොටු කොළ වගේ දේවල් කරපන් පර් . 2 වගේ පාත්ති
    වල ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා දන්නෝ නේඉතින් අපි ගැන
      මං ගමේ හිටියා නම් ඕවා ඉගෙන ගන්නවා ඒත් දැන් මං දැන් ගොවිතැන් කරන්න පුළුවන් තැනක නෙමේ ඉන්නේ.මං ආස කරන දෙයක් පස්සේ දුවනවා.

      Delete
  15. අදමද කොහෙද මේ පැත්තෙ ආවෙ.

    ලස්සන ළමා කාලයක්නෙ ගතකරල තියෙන්නෙ.
    අපරාදෙ ටීවී එකට මූන දාගන්න බැරිඋනේ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරෙන් පිලිගන්නවා....!!
      අපි වාසනාවන්තයි එකයි එහෙම ළමා කාලයක් අපිට ලැබුනේ..
      ඒකනේ අප්පා පොඩි කාලෙම මුණ දෙන්න තිබ්බ එක මිස් උනා :(

      Delete
  16. අතින් හදපු ගහක ගෙඩියක් දකිනකොට හිතන දැනෙන සන්තෝසේ...හම්බේ වචන වලින් බෑ

    ReplyDelete
    Replies
    1. ඒවා විදින්න පිං කරලා තියෙන්න ඕනේ බං

      Delete
  17. වගාවන් ගැන කියද්දි ආසාවේ බෑ.. ෆැෂන් වැල් ටික ලස්සනට තියෙන්න ඇති. මට නං ආසාවෙ බෑ බන්. දැන් ඔය දේවල් වල නශ්ඨාවශේෂ වත් නැද්ද??

    ReplyDelete
    Replies
    1. ෆැෂන් සිං එක පට්ටෙට තිබ්බා මට තේරෙන පොඩි කාලේ උනත් ඒක මාරම ගති
      දැන් නෑ බං,එව්වා නවත්තලා දැන් අවුරුදු 10 විතර වෙනවා.දැන් හැම ඉඩමකම දීර්ඝ කාලීන භෝග දාලා තියෙන්නේ

      Delete
  18. පැල හිටෝල ඒවායෙ දලු දාල දිලිහෙනකොට මාර සතුටක් එන්නෙ..දවසක් බලා ඉතෑකි.
    කුඹුරු වලදි අපිත් ඕය වගේ අත්දැකීම් ලබලතියෙනව.

    ReplyDelete
    Replies
    1. අඩේ ආපේ තාත්තා මං ඉපදෙන්න කලින් කුඹුරු කරලා තියෙනවා,ඒත් පස්සේ ඒවා දුර වැඩි කියලා කාටද දීලා,අපරාදේ තිබ්බා නම් සිරා :/

      Delete
  19. ශාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.. ලෝබෙ බෑ මේක කියවගෙන යද්දි.. වගාවන් ගැන ටික කියවද්දි ආස හිතුනා හේනක දුවලා පැනලා ඇවිදින්න. :)

    අපරාදෙ බොල ඒ කාලෙවත් දැනගෙන උන්නානම් එන්න තිබ්බා උඹලාගෙ ගමේ ට්‍රිප් එකක් දාගෙන :D

    ReplyDelete
    Replies
    1. දැන් වරෙන් අවුලක් නෑ මං හේනකට ගිහින් දාන්නම් ඇති වෙනකන් දුවලා පැනලා නටපන් :)

      Delete
  20. මරුනෙ මඩයා. අපිට නම් ඔහොම ලොකු ඉඩම් තිබිලා නෑ කවදාවත්. ආසාවේ බෑ. විශේෂයෙන්ම අර පැෂන් ෆෲට් හෙවන.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තාත්තා ඔක්කොම තාත්තගේ මහන්සියේ හම්බ කරගත්තා ඒවා තමා ඒ ඉඩම් ඔක්කොම.මාත් මාර ආසයි ඒ ෆැෂන් හෙනවට අපරාදේ ඒක අයින් කලේ :(

      Delete
  21. අපිට වවන්න තරම් ඉඩක් තිබුනේ නෑ අපේ ගෙදර. එත් පොඩි කාලේ සුන්දර මතක නම් ඕන තරම් තියනවා. දැන් ඉන්න ළමයින්ට ඒවගේ ළමා කාලයක් නැති වෙලා තියන එක ගැන නම් හරියට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිට ඒ කාලේ හම්බ උන ඒ අත්දැකීම් දැන් උන්ට නෑ බං
      අපි ඒ අතින් බලද්දී පට්ට වාසනාවන්තයි...
      ඒක ඇත්ත බං අපේ තාත්තලා අපිට වඩා සුන්දර ළමා කාලයක් ගෙව්වා.අපි දැන් ඉන්න පොඩි උන්ට වඩා සුන්දර එකක් ගෙව්වා

      Delete
  22. ඉඩම් හා වැවිලි කරුවෙක් ගේ පුතෙක් නේද?සන්තෝසයි.. මම ඉස්සර වැඩියෙන් ආස නිවිති වවන්න.සති දෙකකින් වගේ ඵලදාව ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුළුවන්
      අපේ අම්මා නම් ගෙදර නිවිති ඉන්දනවා තමා මං ඉන්දන්නේ මිරිස් තක්කාලි වගේ එව්වා තමා :)

      Delete
  23. වගාවන් ගැන අහන්නත් සතුටුයි. ලස්සන සුන්දර ළමා කාලයක් වෙන්නැති මයේ හිතේ ඔයාට තියෙන්න ඇත්තේ........

    කොහොම වුනත් පව් අප්පා පොඩි එකාගේ හීනෙ.....

    ReplyDelete
    Replies
    1. ගමේ හිටපු කාලේ ජිවිතේ විදින්න පුළුවන් තරම් වින්දා මං මගේ පුංචි කාලේ ගැන දුක වෙන්නේ නෑ ඒක මාර ලස්සනට ගෙවුනා

      ඕව් අප්පා ඒක ගැන තාමත් දුක් වෙනවා මම ;)

      Delete
  24. අය්යෝ ..TV එකට මුණ දාගන්න බැරි වුණා නේ? වගාවන් ගැන නම් අහනකොටත් ආස හිතෙනවා ..අපි නම් ඔහොම වගා බිමකට පය ගහලවත් නෑ අප්පා ..ඒ අතින් ඔයා මාර වාසනාවන්තයි .
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා
      කමක් නෑ මං මේ ලගදී ආසාව ඉෂ්ට කරගත්තා :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......