Tuesday, January 8, 2013

තංගල්ල බැංකු ශාඛාවක් මඩයාගේ ජීවිතය බේරයි.........!!

උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට තමා,අපි සාමාන්‍යයෙන් කන්න යන්නේ රොටරියේ වල පැත්තෙන් ගිහින් පොළ මැද්දෙන් ගිහින් පහලට බැහැලා 15 කඩේට.

එදා කාගේ පන්තිද තිබ්බේ කියලා මතක නෑ,අපි සෙට් එක කන්න යන්න පල්ලම් බැස්සා එදත් වෙනදා වගේ කොහොමත් පන්ති ගියාම මායි මයිලයි තමා ඉස්සරහින් යන්නේ අපි දෙන්නට කතා කරන්න ඕනේ තරම් පච තිබ්බා සහ අපි වැඩිපුර විවාදයට බදුන් කලේ ඒ කාලේ ගෑණු දරුවන්ගේ ඇදුම් පැළදුම් ගැන සහ අපිට සිරික්කිය නොදැමීම ගැන සහ අපේ සෙට් එකට ඇර අනිත් හැම එකාටම කෙල්ලෝ සිටීම ගැන.ඕව ගැන කොච්චර කතා කලත් අපිට තාම ඒවා කතා කරලා ඉවර කරගන්න බැරි උනා.

රොටරිය ප්‍රධාන වැසිකිලිය පහු කරන් යද්දී වලට බහින පඩි පෙලේ නෙමේ උඩට යන එකේ යන්න ආවත් ආව වේගෙට අපිට යන්න උනේ නෑ මොකද ඒ වෙලාවේ තවත් පන්තියකට ළමයි ගොඩාක් පොළ පැත්තෙන් රොටරිය ඇතුලට එන්න අරන් තිබ්බා ඉතින් එතන නිකන් අනේ මන්දා කොහොම හරි අපි කට්ටියගේ බෙලි බඩවල් පාගාගෙන සුපුරුදු පුරුද්ද ඒ කියන්නේ වට පිට ඇහැලෑම සහ ඒ පිලිබඳ ගැඹුරට විමසීම,

ඔය පඩිපෙළ නැගගෙන නැගගෙන යද්දී මං දන්නේ නෑ මට මොකක් උනාද කියන්න දන්නේ නෑ කවුරු හරි කකුලෙන් ඇද්දද ,නැත්නම් පය පැටලුනාද කියන්න දන්නේ නෑ මට එක පාරටම මැවුනේ මාව ඊලගට උඩින් ගිහිල්ලා දෙපාරක් බම්ප් වෙලා බිම වැටෙන සිං එකක්,ඔය සිද්දි හිතේ මැවෙන අතරේ මට ඇහෙනවා  මගේ හිත මුමුණනවා  එක පාරට " **තෝ  වැටෙනවා නම් ළග ඉන්න එකෙක් අල්ලා ගනින් වැටෙන්න යන ඕනේ එකෙක් කරන්නේ ඔය වැඩේ තමා "කියලා.අනේ ඉතින් මගේ හිත කියන දේ නාහ මං කවුරු කියන දේ අහන්නද

ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවයි කියලා නේ  කියන්නේ ඉතින් ඒක නිසාම තව මොහොතකින් බඹර පිනුම් ගසා හොම්බ තලා ගැනීමට යන මගේ හොම්බ ගැන ඇතිවූ අවංක අකලංක පිවිතුරු ආදරය නිසා මං ලගින්ම තිබ්බ එක අහු වෙයන් කියලා තනි අතින් ලගම තිබ්බ එක දෝත බදලා අල්ලා ගත්තේ තවත් දරදඩු උරහිසකින් මාගේ ජීවිතය බේරාවී යැයි යන පරම පිවිතුරු අවංක කුළුඳුල් අකලංක බලාපොරොත්තු හිතේ පෙරදැරිවය.

අහෝ .....මට මේ දැනෙන්නේ කුමක්ද ????දැන් උරහිස් දරදඩු නැද්ද????ඒවා මෘදු මොලොක් වී ඇද්ද?මාගේ අතට දැනුනේ තනිකර අමුතුම මෙව්වා එකකි මගේ හිත මේ අමුතු හැගීම මොකද්ද මේ අමුතු දැනිම මොකද්ද කියලා විපරම් කරද්දී තමා මගේ ඇස් දැක්කේ ඒ මොකද්ද කියලා.මට හිතාගන්න බෑ මං ඒ තත්පර 10 ඇතුලේ  ඒ උන සිද්දි ටික,ඕව් ඇත්තමයි එතන උනේ මොකද්ද කියලා ඒ ළමයා දැක්ක නිසා ලජ්ජාවෙන් උනත් මොකුත් නොකියා එතනින් ගියා,ඒ ගෑණු ළමයා සිද්දිය දකින්නේ නැතුව ඒ උන දේවල් උනා නම් මගේ හොම්බ බිම නොඇනුනත් කන පුරා කාන්තා පිය සටහන් හිටින්න තිබ්බා.වැඩේ මටත් මීටර් නිසා මාත් ක්ෂණිකව වාෂ්ප උනා.අපේ උන් මං වැටෙන්න යනවා උනාට බේරුන විදිහ දැකලා තිබ්බේ නෑ මං සිද්ධිය කිව්වට පස්සේ නම් කට්ටියගෙන් මං හොද කුණු කතා ටිකක් අහගත්තා මොකෝ උන්ට තියෙන්නේ හොද කටවල් යෑ

53 comments:

  1. Replies
    1. අපොයි නෑ ඒ කාලේ මං මඩවති වැඩිය අදුනන්නේ නෑ :)

      Delete
    2. හරි මෘදු ඇති නේ බං?
      සැහ් මට තාම චෑන්ස් එකක් සෙට් උන්නෑනේ..
      බෝසත් කම අතෑරලා මාත් වැඩ පටං ගන්න ඕනා..

      Delete
    3. පටන් ගනින් පටන් ගනින්
      හැබැයි රජෝ පරිස්සමට ;)

      Delete
  2. මළලසේකර...
    අම්මප දැන් හරි කමක් නෑ උඹට ගහනවනම්...

    ReplyDelete
    Replies
    1. අඃ බලන් හිටහන් මට ගහනකන් :p

      Delete
  3. "මඩවති මඩයා සමූල ඝාතනය කරති!" - පුවතක්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒක සංදේශයක් බාර දීලා ශේප් කරගත්තා ;)

      Delete
  4. වෙලාවට ඒ ළමයා සිද්ධිය සම්පුර්ණයෙන්ම දැක්කේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. නැත්නම් කන කීන් ගාන්න හොද කනේ පාරක් කන්න තිබුණා.

      Delete
  5. ඕව ප්ලෑන්කරල කරන වැඩ..!

    ReplyDelete
    Replies
    1. ප්ලෑන් කළා නම් අත් දෙකම පාවිච්චි කරනවා ;)

      Delete
  6. අඩේ.. මම උඹ පිටිපස්සෙන් ආවත් මම ඒ අසභ්‍ය දර්ශනය දැකගන්න බැරි උනා නේ...මම හිතන්නේ ඒ වෙලේ මම වෙන සරුංගලයක් දිහා බලාගෙන ඉන්න ඇත්තේ..
    ඕක උනේ දුෂ්‍යන්ත මහබදුගේ ගේ පන්තියේ...

    ReplyDelete
    Replies
    1. අපෝ තොපි නොදැක්ක එකම හොදයි
      තොපි නොදැක මං කියපු ටික අහලා මට කොච්චර නම් කතා හැදුවද
      තෝ අනිවා කොහේ හරි පා වේවි ඉන්න ඇත්තේ

      Delete
  7. මොනවද දැකපු අසභ්‍ය දර්ශණය ? අනේ අපිටත් කියන්නකෝ....හිහි හී

    ReplyDelete
    Replies
    1. මේකිටත් ඕන්නැති දෙයක් නෑ...

      Delete
    2. දකින්න වෙලාවක් තිබ්බේ නෑ අක්කේ :)

      Delete
  8. හෙලා දකිනවා. වැදගත් කොටස් කතාවට එකතු තරලා නැ.

    ReplyDelete
  9. කෝ කථාව බලධාරියා විසින් කපා හැරලාද?ඒකත් හොදා මඩවතීට බයේද කොහෙද?හික්ස්..........නැත්තම් ගුටිනෙ

    ReplyDelete
    Replies
    1. කිසිම කපාහැරීමක් නැත
      මඩවති ශේප් කරගත්තා :)

      Delete
  10. machan sirawatama mata kisima deyak therune nah.

    ReplyDelete
    Replies
    1. ආයේ පාරක් හෙමිහිට කියවහන් මචං

      Delete
  11. හොඳ වෙලාවට ඒ ළමයා දැක්කේ මෙයාට වෙච්ච වැඩේ... නැත්තං අද මඩයෙක් හොයන්න වෙනවා.. හි හි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්
      මඩයා යහතින් ආවේ ඒක නිසා තමා...

      Delete
  12. ඒ පඩිපෙල ආයෙ නැග්ගෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඊට පස්සේ හැමදාම නැග්ගා. ;)

      Delete
  13. මඩවතිට ඇති බිය මේ පෝස්ටුවෙන් පෙනේ

    ReplyDelete
    Replies
    1. බය??? ඒ මොකද්ද ඒ??මං දන්නෙවත් නැති දෙයක් තමා ඕක

      Delete
  14. කෙලියා තාප්පෙටම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් කනටම කෙලිනවා :)

      Delete
  15. අපෝ රොටරියේ වල.. අපේ එකෙක් වැස්ස දවසක රෑටලා ඇවිත් වලේ පන්තියේ ඩෙස් අස්සේ හිටියා. කෙල්ලන්ගෙ කකුල් අස්සේ..

    පහලවේ කඩේ කෑමද උබල කෑවේ?
    අපිත් කැවෙ එහෙන් :)

    ReplyDelete
    Replies
    1. සෑම් අයියා යන කාලෙත් ඒක 15 කඩේද හෆ්ෆා/?

      Delete
    2. අම්මට සිරි ඌ පට්ට පිනුමක් නෙ ගහලා තියෙන්නෙ
      අපේ එකෙක්ට ඔය වැඩේ උනා නම් මට මතක් උනා ඌට දාන්න හොද නමක් ;)
      ඔව් අපි කාවේ 15 කඩෙන්

      Delete
  16. හපොයි.... මදැයි ඔයින් ගියා.... ඒ ළමය වෙච්චි වැඩේ දැක්කේ නැත්තම් ඉතිං මඩයට සොරිම තමා.....

    අපෝ ඔය පඩිපෙළ හෙන භයානක පඩිපෙලක්.......

    ReplyDelete
    Replies
    1. මං වැටෙන්න ගිය පඩිපෙළ හොදයි අර පොළ පැත්තේ එක තමා අවුල එකෙන් වැටුනොත් උගේ කෑලි තමා ගෙනියන්න වෙන්නේ :)

      Delete
  17. Replies
    1. පස්සේ මටත් අපරාදේ කියලා හිතුනා ;)

      Delete
  18. සෑහෙන්න සොෆ්ට් ඇති නේද බං අයියේ..... අල්ලගෙනම ඉන්න එපැයි. මොකටද අත ඇරියේ.

    ReplyDelete
    Replies
    1. කන්න යන්න තිබ්බ හදිස්සිය නිසා අත්හැරිය නැතුව මේ ලැජ්ජාවට එහෙම නෙමේ :p

      Delete
  19. හික්ස්ස්.. මේක කියෝලා මාව ආයෙත් අතීතෙට ගියා.. 15 කඩේ පස්සෙ 16 කඩේ වුනා නේද? ;) මට මතක එහෙම. ඔය ඉතින් පිස්සුම පිස්සු ආතල්ම පන්තියෙ වුනු සීන් එකක් නොවැ අර උඩ කමෙන්ට් එහෙකින් කියලා තියෙන්නෙ හික්ස්ස්...:D

    මඩයාත් නිකන් බබා වගේ ඉදලා කොරගෙන තියෙන්නෙ එසේ මෙසේ වින්නැහියක්ද බොල :p

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක පස්සේ 16 කඩේ උනා තමා
      අපොයි මේ සිද්ධිය වෙද්දී උඹලා රොටරියේ හිටියා
      ඒ පන්තියේ මතකේ කවදාවත් හිතෙන් යන්නේ නෑ පට්ට ආතල් පන්තිය

      හිතලා කරේ නෑ බං,හිතලා කරා නම් ඔයිට වඩා වින්නැහියක් කරගන්නවා ;)

      Delete
  20. තාත්ත්වික විදියට කරපු රඟපෑමට ඒ ළමයත් අහු උණා නේද? ඒ ළමයට හූ! හූ!!

    ReplyDelete
    Replies
    1. එර්ර්ර් ඔව්වා හයියෙන් කියන්නෙපා ;)

      Delete
  21. නරක බයවෙන දෙයක් දැක්කද බං.

    ReplyDelete
  22. උඹට තිස්තුන්දාහ වැදුනද.... ;)

    ReplyDelete
    Replies
    1. 33දාහ වැදුනට වඩා සැපයි :P

      Delete
  23. මල්ලි ලිංගික අසහනයට වැස්සියෙක්වත් බැද ගනිං.

    ReplyDelete
    Replies
    1. ලිංගික අසහනේ තිබ්බා නම් වැස්සියෝ හොය හොයා ඉන්නේ නෑ අයියේ :p

      Delete
  24. හංසයෝ දෙන්නගේ නේද එල්ලුනේ ... .අනේ පවු

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......