Wednesday, February 6, 2013

සෝමාවතී පුදබිමේ අසිරිමත් සිදුවීම සහ කප්රුක් පූජාව

විශේෂ සටහන.......!!





මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N  බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් උනේ නෑ.
අනිත් එක ෆොටෝ එක ගත්ත මනුස්සයා ෆොටෝෂොප් දන්නවා තියා ඒ ගැන අහලවත් නැතුව ඇති.අනිත් එක දවස් ගානක් නිදිමරලා පිංකම් කරලා ඇවිත් කාටවත් බොරු කරන්න ඕනෙ නෑ.විස්වාස කරන අය විස්වාස කරන්න.මං දන්නේ නෑ මේක කොහොමද උනේ කියන්න.ඒත් මං ඕනෙ තැනක කියනවා මේක බොරුවක් කරලා හැදුව එකක් නෙමේ කියලා.කැමති අය පිළිගන්න.විස්වාස නොකරන අය විස්වාස කරන්න එපා ඒක තමන්ගේ අයිතිය නෙ.
මං මේ විශේෂ සටහන දැම්මේ ගොසිප් ලංකා සයිට් එකේ මේ ගැන පල වෙලා තිබ්බ නිසා නැත්නම් මං දාන්නේ පිංකම ගැන විස්තර විතරයි.මේ සිද්ධිය අපි පත්තරේට වත් වෙබ් සයිට් වලටවත් දුන්නේ නෑ.අනිත් එක ගොසිප් ලංකා සයිට් එකේ තියෙන කාරණා ඔක්කොම නිවැරදි නෑ.සෝමාවතී පන්සලේ හාමුදුරුවෝ ඒක මවුබිම පත්තරේට දුන්න නිසා තමා මේක ටිකක් ප්‍රසිද්ධ වෙන්න ගත්තේ.මවුබිම පත්තරෙන් තමා ගොසිප් ලංකා එක විස්තර අරන් තියෙන්නෙ.තීරණය ඔබ අතේ...............................මං දන්නා දේවල් කිව්වා...

ගොසිප් ලංකා එකේ නිවුස් එක තිබ්බේ මෙහෙම.



ඕන් දැන් තමා අද පොස්ට් එක පටන් ගන්නේ.



මං කලින් පොස්ට් එකකින් විස්තර කිව්වා අපේ කතරගම කප්රුක් පූජාව ගැන මං මඩයා ඉතිං පිං කම් වලට ගොඩාක් සහභාගී වෙනවා නෙ.කතරගම පූජාව ගැන විස්තර බැලුවේ නැති අය ගිහින් බලලා එන්න හොදේ.

                                                    දැනගෙන ගිය කතරගම 01

                                                    දැනගෙන ගිය කතරගම 02

ඒ පුජාවට අන්තුරියම් මල් සහ තවත් මල් ගොඩාක් අරන් ගියා,අන්තුරියම් හොයාගන්න දෙනියාය,ගින්නලිය,ඌරුබොක්ක වගේ ප්‍රදේශ වල මිනිස්සු ගොඩාක් උදවු කළා.ඒ පූජාව ගොඩාක් ලොකුවට කළ නිසා මාස කීපයක ඉදන් පූජාව සැලසුම් කළා.ඒ සැලසුමේ තිබ්බ එක කොටසක් විදිහට  අපි දාස් මල් වවන්න හිතාගත්තා කතරගම පුජාවට.අපි ඉඩමක අක්කර භාගයක දාස් මල් වැව්වා.ගෙදර ඉඩමේත් ඉඩ තියෙන තැන් වල මල් හිටෙව්වා.ඒත් කරුමෙටම ඉඩමේ ඉඳපු මල් පැල වල දෙසැම්බර් වෙද්දී මල් පිපුනේ නෑ.

ඉතිං කොම හරි ජනවාරි මාසෙ ඉඩම පුරාම මල් ගස් වල මල් පිපුනා ආසාවේ බෑ මාර ලස්සනයි.ඉතිං ඒ මල් නිකන් පරවෙලා යන්න දෙන්න හොද නෑ නෙ.ඒ මල් නෙලලා ලොකු පෙට්ටි 9 ක් පුරවලා කැලණිය පැත්තේ තිබ්බ පුජාවකට මල් දුන්නා/ඒත් මල් ඉවර උනේ නෑ ඉතුරු මලුත් නෙලලා අරන් සිරිපාදේ ගියා සිරිපාදේ මළුවේ දාස් මල් අතුරලා මල් පුජාවක් කළා.මට නම් ඒකට යන්න උනේ නෑ

මල් ඉඩමේ තවත් මල් තියෙන නිසා අපේ තාත්තා සහ පිරිස තීරණය කරලා තිබ්බා සෝමාවතී යන්න.අපි සෝමාවතී ගමන සැලසුම් කරද්දී ආරංචි උනා එහෙ යට වෙලා යන්න බෑ කියලා ගොඩාක් මිනිස්සු කිව්වෙම යන්න බෑ කියලා.ඒත් සති අන්තේ කිට්ටු වෙද්දී ගංවතුර අඩු වෙලා බැහැලා ගිහිං තිබ්බා.ඉතිං අපි සැලසුම් කළ විදිහට තුන් වෙනිදා ගමන යන්න පිටත් උනා.

වෙනදා වගේම අපේ සෙට් එක මේ පාරත් ආවා අපේ ගෙදර.දෙවෙනිදා රෑ ගෙදරට අපි සැපත් උනේ.ඒ ඇවිත් පැය දෙකක් වත් නිදා ගත්තේ නෑ අපි යන්න ලෑස්ති උනා.ඇඹිලිපිටියෙන් බස් 3 ලැස්ති කරලා තිබ්බා.කොහොම හරි මෙදා පාර නම් අපි සෙට් එකට සිට් ලැබුනා.කාලෙකට පස්සේ තමා පින්කමකට යද්දී වාඩි වෙලා ගියේ.අපි එහාට යද්දී ගොඩාක් රෑ වුනා එකට හේතු උනේ රෑටත් උයන් කට්ටියවම ඇළක බස්සලා නාවපු නිසා.මේ පාරත් ඔක්කොම සෙනගට ආහාර දෙන එක අපේ තාත්තා කලේ.තවත් කැලණිය පැත්තෙනුත් 125ක් විතර සෙනග ඇවිත් හිටියා අපි එයාලටත් එක්ක තමා උයන් ගියේ.ඔක්කොම හාරසිය ගානකට විතර ඉව්වා.සුපුරුදු පරිදි ඔක්කොම කාලා ඉවර වෙලා සංවිධායක මණ්ඩලේ කන්න බලද්දි උන්ට කෑම නෑ.ඉතිං දෙයියනේ කියලා අපිට කන්න ආයේ ඉව්වා.

අපි රෑ 9.30 විතර වෙද්දී මං හිතන්නේ සොමවතියට ගියා.ඒ යද්දී වට පිටේ ටිකක් කලබලකාරී ගතියක් තිබ්බා.ඒකට හේතු වෙලා තිබ්බේ අලින් එනවට දාල තිබ්බ විදුලි වැට අක්‍රිය වෙලා නිසා අලි බය නැතුව
එනවා චෛත්‍ය ලගටම.ඒක නිසා හමුදාවේ සහ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් ගොඩක් මහන්සි උනා ලගට ඇවිත් හිටිය අලි එලවන්න.අපේ බස් වලට අඩි 100 ක් කිට්ටුවටම එනකන් වගේ අලි ඇවිත් හිටියා.මේ සිද්ධි නිසා අපිට අවසර ලැබුනේ නෑ චෛත්‍ය ලගට යන්න.ඒත් දාස් මල් ලක්ෂයක් අතුරන්න තියෙන නිසා කීපදෙනෙක්ට විතරක් අවසර ලැබුනා,අපි සෙට් එක සහ තවත් පිරිසක් මල් ගේනවා පෙට්ටි අරන් චෛත්‍ය ලගට ගිහින් වටේම මල් ආසන වල සහ තවත් බංකු උඩ මල් ලස්සනට ඇතිරුවේ උදේට කට්ටියට පූජාව පවත්තවන්න ලේසි වෙන්න.

ටික ටික රෑ වෙද්දී බස් වල හිටිය අයටත් අවසර ලැබුනා චෛත්‍ය ලගට යන්න.මල් අතුරලා ඔක්කොම සිද්ධ උනාට පස්සේ ඔක්කොම ලෑස්ති උනා පිරිත් කියන්න.කට්ටිය පිරිත් කියන අතරේ අපි සැට් එක ගියා කට්ටියට කොපි හදන්න මොකද නැත්නම් කට්ටිය පිරිත් කියද්දී නිදි කිරනවා නෙ.අපි කුස්සියට ගිහින් ඉන්න ඔක්කොටම කොපි බෙදලා දුන්නා.ඊට පස්සේ කට්ටිය එලි වෙනකන් පිරිත් කිව්වා.


හතර වෙනිදා උදේ පාන්දර කුස්සියේ පිරිත් කියන අතරේ සුපුරුදු වත් පිළිවෙත් මැද්දේ කිරි ආහාර සකස් කළා.ඒවා ඔක්කොම අටපිරිකර,සහිතව සියළු දෙනා කප් රුක් චිවරෙත් වඩම්මවා ගෙන පෙරහැරේ චෛත්‍ය වටේ පැදකුණු කරලා කප්රුක් චීවරේ චෛත්‍යට පැළඳුවා.සෝමාවතියේ ලොකු හාමුදුරුවන්ගේ දීර්ඝ අනුසාසනාවෙන් අනතුරුව ජානක සේනාධිපති මහතා විසින් කප් රුක් පූජාව,දාස් මල් ලක්ෂයක් පූජාව සහ කිරි ආහාර පූජාව පැවැත්තුවා.පිංකම ඔක්කොම ඉවර වෙලා අපි ඇඹිලිපිටි එන්න පිටත් වුනා.ඇඹිලිපිටියට එද්දී 11 විතර උනා ටවුන් එකෙන් බැහැලා එහෙමම කොළඹ එන්න බස් බල බල හිටියා ආව හැම බස් එකකම අම්බානෙට සෙනග.පාන්දර දෙක වෙනකන් බලලා තිබ්බ බස් එකක නැගලා හිට ගෙන සීතලේ ගැහි ගැහි ආවා.ඒ ඇවිත් නිදිමත බේරී බේරී ඔෆිසුත් ගියා.


මොකද්ද අවුලක් වෙලා ෆොටෝ එකක් වත් අප්ලෝඩ් වෙන්නේ නෑ.ඉතිං බුකියේ ඇල්බම් එකවත්
මෙතනින් බලන්න

48 comments:

  1. හරිම ආශ්චර්යක් බං මඩයෝ! මෙවැනි පින්කම් කරන්න තවත් ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නාඩි....!!!

      Delete
  2. මටනම් පේන්නේ හඳුන්කූරු දුම පොඩ්ඩක් එහාට මෙහාට වෙලා වගේ....

    ReplyDelete
    Replies
    1. කවුද බං චෛත්‍ය උඩට නැගලා හඳුන්කුරු ගහන්නේ??කොහෙද ඉස්කෝලේ ගියේ??

      Delete
    2. හඳුන්කූරු පත්තු කරන්නෙ චෛත්‍යයෙ පහළ... හොඳට බලන්න හඳුන්කූරු දුම තියෙන්නෙ චෛත්‍යයයි කැමරාවයි අතරෙ නෙවෙයිද කියලා.. ඔබ හිතාගෙන ඉන්නෙ ඔය රූපය චෛත්‍යයට උඩින් තියෙනවා කියලා.. උසස් පෙළට භෞතික විද්‍යාව කළා නම් ඔහොම වෙන්නෙ නෑ...
      මම බෞද්ධයෙක්... නමුත් මේ වගේ දේවල් කියලා මිනිස්සු මුලා කරනවට මම විරුද්ධයි...
      හාස්කම් තියෙනවා නම් අර එක පාරක් බුදුරැස් බලන්න ගිහින් මිනිස්සු ඔතැන ගංවතුරෙ හිරවෙලා හිටියේ ඇයි ? මිනිස්සු දෙන්නෙක්ම තෙරපිලා මැරුණෙ ඇයි ?

      Delete
    3. යාළු මම එතන පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකන්ම එතන හිටපු නිසා වගකීමෙන් කියන්නේ.මොකද මේ පුජාව කළේ අපි.එතන ඒ වෙලාවේ හඳුන්කුරු පත්තු කරල තිබුනේ නෑ.එකම එක පහනක් පත්තු කරල තිබුණේ.ඔබතුමාගේ විරුද්ධත්වය ගැන මම මොනවත් කියන්නේ නෑ.ඒක ඔබතුමාගේ සිතිවිලි.මොකද මනුස්සයො උනාම එහෙම සිතිවිලි තියෙන්න ඕන.නැත්නම් ඒකත් ලෙඩක්.ඔබතුමා භෞතික විද්‍යාව කරල තියනවනම ගංවතුර ගැනයි, මිනිස්සු මැරෙන්න හේතුව ඇයි කියලත් ඔබතුමාම දන්නව ඇතිනේ.
      *අනික මෙතන ඔබතුමාගේ උගත්කම් ගැන පම්පෝරි කියන්වනන එපා.මමත් උසස් පෙළ කළේ ජීව විද්‍යාවෙන්.ඒත් මම ඒවා කළා කියලා තැන තැන කියවන්නේ නෑ.

      Delete
    4. අසාරේ සාර මතිනෝ
      සාරේ චා සාරදස්සිනෝ
      තේ සාරං නාධිගච්චන්ති
      මිච්ජාසංකප්පගෝචරා

      අල්කෙමි, කල්ට් එහෙම නැත්තම් ආගමික කල්ලි ගැන ටැබූ යම් සටහනක් තැබුවා යම් දිනක... මිත්‍යා දෘශ්ඨිකයින් සමග ගැටෙන්න එපා....

      Delete
    5. නෝටි ටිකක් ගරු සරු ඇතිව කතා කරන්න, ඇල්කෙමියා කියන්නෙ බොහොම බැලන්ස් මයින්ඩඩ් කෙනෙක්.... ඔහු ඔහුගෙ අධ්‍යාපනය ගැන පම්පෝරි ගසන්නෙක් නෙවෙයි... ඔහු ආචාර්ය උපාධියක් තියන ලෝකයේ බොහොම ඉහල තැන් වල පර්යේෂණ වලට සහභාගී වූ පුද්ගලයෙක්.....
      බුදු දහමේ ආශ්චර්ය්‍ය කතා කරන ඔබට පිදිය යුත්තන් පිදීම ගැන මදක් සිහිපත් කරන්නයි මෙහෙම ලියුවෙ...

      Delete
    6. ගරු ඇනෝනිමස්තුමනි,
      ඔබතුමා ඇනෝ කෙනෙක් විදියට නැතුව නාමිකව කියනවට මම බොහොම කැමතියි.
      අවවාදයට ස්තුතියි නමුත් ඇල්කෙමිතුමා අනිත් අය නුගතුන් විදියට කියපු නිසයි මම උගත්කම්ගැන කතාව කිව්වේ.

      Delete
    7. Alchemist : එදා හදුන්කුරු කලේ නෑ ඒකත් වගකීමෙන් කියනවා මං
      ඇනෝ:- මෙතන ආගම් කල්ලි සීන් එකක් නෑ නෙ නේද

      Delete
  3. ඒක හරි පුදුම දෙයක්, මමත් ඇත්තටම දෙයක් දැක්කා,, ම්ම්ම්,, ඔය වගේ පොටෝ හුගක් තියනවා නේද සෝමාවතියේ පැත්තක ප්‍ර‍ර්ශනය කරලා..ඔකත් එතනට දැම්මා නම් හරි, අමුතු දෙයක් වෙනවා ඇති,නිකම් වෙන්න බෑනේ..හැමෝටම එකම දේ පෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි සෝමාවතියේ ඔය වගේ දේවල් ගොඩාක් වෙනවා
      ඕක හාමුදුරුවන්ට දුන්න නිසා තමා මෙච්චර ප්‍රසිද්ධ උනේ නැත්නම් ඕක අපි ටික දෙනා විතරක් දැනගෙන සද්ද නැතුව ඉන්නවා

      Delete
  4. සෝමාවතී චෛත්‍ය ආශ්‍රිතව මේ වගේ හාස්කම් කිහිපයක් අහල තියෙනවා,,,
    1. කොත් කැරැල්ලෙන් කිරි වැගිරෙනවා දැකපු ය ඉන්නවා
    2. චෛතයට වන්දනාකරන්න එන සුදු ඇත් පැටියෙක් ගැන අහල තියනවා

    මේ සියලු කාරනා විශ්වයට අයිති දේවල්... ඒ දේවල්වලට මැදිහත්වෙන්නේ නැතුව .. අපි අපේ යුතුකම් වගකීම් හරියට කරනවානම්... මේ දේවල් වලින් ලැබෙන්න නියමිත ශක්තියක් , වාසනාවක් තියෙනවනම් ඉබේම ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ අපි ඒ දේවල් දැකලා අපි අපිට කරගන්න දෙයක් කරගෙන පැත්තකට වෙලා හිටියා නම් හරි
      හමුදුරුවොන්ට දුන්න එකෙන් තමා මේකට ලොකු ප්‍රසිද්ධියක් ලැබුනේ

      Delete
  5. විශ්වෙය් අපට ෙනාහැෙගන ශක්තීන් තිෙයනවා. ඉන් ඒකක් බුද්ධ ශක්තිය.

    ජය ෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සෑම් අයියේ.....

      Delete
  6. මේ කැමරා ඈන්ගල් එකෙන් ෆොටෝ එක ගන්න හිතුනේ ඇයි, ගන්න කලින එයා මේක දැකලද මල්ලි

    ReplyDelete
    Replies
    1. එක නම් ඇයිද කියන්න දන්නේ නෑ අයියේ....

      Delete
  7. මචං විස්වාශය කියන දේ රටට පෙන්නගෙන ඉන්න මිනිස්සුන්ට වඩා අනිත් මිනිස්සුන්ට විස්වාශය ඇතිවෙන විදියට වැඩ කරන එකයි උතුම්... :)

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත මචං
      අපි කරන දෙයක් විතරයි අපිට ඉතුරු වෙන්නේ

      Delete
  8. හ්ම්ම්ම් මාත් මුලින්ම ගොසිපෙන් තමා දැක්කේ..මේ විශ්වයේ අපි නොදන්න කොච්චර දේවල් ඇතිද...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං
      අපිට පෙන දේට වඩා දෙයක් මේ ලෝකෙ තියෙනවා

      Delete
  9. මම ගොසිප් සයිට් එකේ දාපු කමෙන්ට් එක මෙතනටත් අදාළයි කියලා හිතෙන නිසා...ඒ අයුරින්ම මෙතනටත් දානවා...

    බුද්ධාගම කියන්නෙ මැජික් පෙන්වන දහමක් නොව...මිනිස්කමේ අරුත ලොවට කියා දෙන වටිනා දර්ශනයක්...මේ වගේ දේවල් ෆොටෝෂොප් වලින් හදන්න යන්නෙ විනාඩි කීපයයි. මේ ලින්ක් එකේ තියෙන ඡායාරූපය මගේ සහෝදරයා විසින් වෘත්තීය මට්ටමේ කැමරාවකින් සෝමාවතී පුදබිමේදී ගන්න ලද්දක්. ඡායාරූපය ගත් පසු කැමරාව තුලින් ලද පෙරදැක්මෙන් (Preview) මෙහි නිල් පැහැති එළියක් දුටු හෙයින් අපි එය සෝමාවතියේ නේවාසික ස්වාමීන් වහන්සේ නමක් වෙත පෙන්වූවා...එවිට උන් වහන්සේ කිව්වේ පෙනෙන විදියට නම් ඒ දෙවියෙකු විය යුතුයි කියලා.

    එහෙත් ඡායාරූප කලාවේ ආලෝකකරණය පිළිබද විශේෂඤ දැනුමක් සහිත ලංකාවේ ප්‍ර‍මුඛපෙලේ ඡායාරූප ශිල්පියෙකුට පෙන්නුවාම කිව්වෙ කැමරා ලෙන්සය තුලින් ආලෝකය ගලා යාමේදී ඇති වූ විකෘතියක් නිසා මෙසේ වී ඇති බවයි.... තමාට අවශ්‍ය නම් ඇති තරම් දෙවිවරු ඡායාරූප තුලින් මවන්නට හැකි බවත් ඔහු කිව්වා.... තීරණය ඔබ අතේ...බුදුදහම යනු ලෝකයේ ඇති සත්‍ය පිළිබද ඉගැන්වූ දහමක් මිස මිත්‍යාව පිළිබද ඉගැන්වූ දහමක් නොවේය.
    http://i1269.photobucket.com/albums/jj593/sjeewa82/207941_2218596390262_2052268_n_zps0f05ddb4.jpg

    ReplyDelete
    Replies
    1. මං වගකීමෙන් කියන්නේ මේක ෆොටෝ ෂොප් නෙමේ කියලා.මේක සිද්ධ උනේ කොහොමද කියන්න දන්නේ නෑ .මං කියන්නේ නෑ මේක මැජික් එකක් කියලත්,මට ඕනෙ උනේ එතන උණ හරිම සිද්ධිය විස්තර කරන්න විතරයි අයියේ.....

      Delete
  10. ඔය රූප ගැනනං මං මොකුත් කියන්න යන්නෙ නෑ.

    හැබැයි කරපු පිංකමනං ලොකු දෙයක් මල්ලියෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ප්‍රසන්න අයියේ.....!!!

      Delete
  11. අහම්බෙන් ගන්න සමහර වල පින්තුරවලත් ගන්න පින්තුරවලත් ඔය වගේ දේවල් පේන්න බැරි කමක් නෑ..එහෙමයි කියල අවිශ්වාස කරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ මේවගේ පොඩි හරි දෙයක් ඇති එකයි මෙහෙම විශේෂ දේවල් වෙන්නේ.

      Delete
  12. අර ෆොටෝ එකනම් පුදුමසහගත එකක් බන්

    ReplyDelete
  13. එතකොට මේ සිද්ධිය වෙද්දී මඩයාත් එතන ඉඳලා නේද?

    මොනවා උනත් මේවා නිකන්ම අවිශ්වාස කරන්නත් බෑ. අපි නොදන්නා දේවල් තියෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි තමා පිංකම සංවිධානය කලේ
      මේ විශ්වයේ තියෙන හැම දෙයක් ගැනම අපි දන්නේ නෑ නෙ ඉතිං ඒක නිසා අපි නොදන්නා දේවලුත් ගොඩාක් ඇති අක්කේ

      Delete
  14. ෆොටෝ එකනම් වටිනවා බං.පින තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. පිං අතේ වැඩකට නෙ ඉතිං ගියෙත් :)

      Delete
  15. මේක ගැන පස්සෙ පසුතැවිලි වෙන කමෙන්ට් එකක් කරන්න මට ඕනෙ නෑ.
    මේක ගැන බුද්ධිය මෙහෙයවා බැලුවොත්, optical illusions දෘශ්ඨි මායා කියලා දෙයක් තියෙන බවත් අපි අමතක කරන්න හොඳ නෑ.

    අර සිරා කිව්වා වගේ. බුද්ධාගම මැජික් පෙන්නන, හාස් කම් පෙන්නන, ඉන්ද්‍රජාලික ආගමක් කියලා හිතන්න මගේ හිත දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයියේ ඔයා කියන දේවල් ඇත්ත
      ඒත් මං කියන්නේ නෑ බුද්ධාගම මැජික් පෙන්නන ආගමක් කියලා
      ඒත් මං කියන්නේ මේ ෆොටෝ ඒක ෆොටෝෂොප් විගඩමක් නෙමේ සහ මේක ගත්තේ DSLR කැමරා එකකින් කියන එක

      Delete
    2. මේක ගත්ත කැමරාවේ වර්ගය කියන්න පුලුවන්ද?

      Delete
  16. අපි නොදන්නා හැම දේම බොරු විකාර කියල කියන්නේ නූගත් මැට්ටෝ මම මේ දේ පිලිගනන්ව කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. කොහොම උනත් අයියේ සෑහෙන්න පින්කම් කරනවා වගේ මේ දවස් වල.

    ReplyDelete
    Replies
    1. අනිවා අපි ඉතිං කවදත් පිං අතේ වැඩ තමා :)

      Delete
  17. කෝ බං මං දාපු කමෙන්ටුව..

    ReplyDelete
    Replies
    1. Spam velath naa nalin ayye
      Tharaha nathuva aaye daanna :)

      Delete
  18. බොරු කරන අය නිසා ඇත්තටම උනත් දෙයක්
    හිතා ගන්න බැහැ ..හැබැයි මගෙත් තියෙනවා
    ඔයිට සමාන අද්දැකීමක් ..
    ඔහොම දෙවියෙක් වගේ නම් නැහැ ඒකෙ .ඒ උනාට
    ලොකු එළියක් තියෙන රවුමක් ..දූවිලි කියල හිතන්නත්
    බැහැ , මොකද අපි පස් අහුරක් උඩ දාලත් ෆොටෝ ගැහුවා..
    ඒ ෆොටෝ වල ධූවිලි අංශු වෙනම වැටුන ..අර වගේ අමුතු ආලෝක
    ලප තිබ්බේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා නෙ
      අපි දන්නේ නෑ නෙ එකේ මොනවා වෙනවද කියලා

      Delete
  19. බ්ලොගර් එකේ අවුලක් රිප්ලයි කරන්න දෙන්නේ නෑ
    පුළුවන් උනගමන් රිප්ලයි කරන්නම්

    ReplyDelete
  20. ඔන්න මමත් මේ පැත්තට ගොඩුනා ඔබ ආ මාවත දිගේම පැමිණ.

    බුකියෙන් ෆොටෝ ටික බලා ගත්තා, සාදු සාදු කියලා ඔන්න මමත් ඔය අපුරු පින්කමේ පින් අනුමෝදන් උනා. මටත් තම සෝමාවතී යන්න ලැබිලා නැහැ. හරිම ආසාවෙන් ඉන්නේ. ආයේ යනවනම් මටත් කියන්න.

    මම ඔය ෆොටෝ එක ගැන මුකුත් කියන්නේ නැහැ, වැඩියෙන් වටින්නේ කරන පින්කමේදී තුන්සිත පහදා ගැනීමනේ? ඉතින් ඔය ෆොටෝ එක නිසා සිත අවුල් කරගන්නේ මොකටද, කල පින ඉතාම වටිනවා.

    ReplyDelete
  21. බොහොම ස්තුති මේ පැත්තට ගොඩ වුනාට
    ඒක ඇත්ත අපි කල වැඩේ හිතේ තියෙනවා ඒ පින ඇති
    මං මේ පොස්ට් එක දැම්මේ මේකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබිලා ඒ සම්බන්ධව වැරදි ප්‍රචාර යන්න ගත්ත නිසා කීප දෙනෙක්ට හරි ඇත්ත සිද්ධිය දන්වන්න

    ReplyDelete
    Replies
    1. meෆොටෝ එක ගත්ත කැමරාව DSLR එකක් කියලා තිබුනනේ, මේ කැමරා එකේ වර්ගය කියන්න පුලුවන්ද?

      Delete
    2. කැමරා එක FUJI එකක් අයියේ......

      Delete
  22. ඕක බොරුවක් වෙන්න බෑ. අනික, අවිශ්වාස කරන්න තරම් හේතුවක් මටනං පේන්නෑ. ඔයිට වඩා අද්භූත දේවල් සිද්ධ වෙනව මේ ලෝකෙ. සෝමාවතියෙ නිදන් කරල තියෙන්නෙ දකුණු දළදා වහන්සේ හින්ද ඔය වගේ දේවල් වෙන එක "මැජික්" නෙවේ. ස්තූතියි පළ කෙරුවට මඩයා...තව තව පින් රැස් කර ගන්න වාසනාව ලැබේවා !!!

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......