Friday, March 1, 2013

හා පුළුවන් නම් කියන්න බලන්න.....


කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ සයිට් එකක මොබිටෙල් එකේ වැඩක්.හැමදාම උදේ යද්දී හිතෙන්නේ ඒක හවස ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඒත් එහම අපේ හිත රැවට්ටි රැවටී සතියක් වැඩ කළා.වැඩ ඉවර කරන්න ඉවර කරන්න උල්පතෙන් වගේ තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා.


ඒක මහා සාප ලත් සයිට් එකක් 12 ක ටීම් එකක් ගිහිල්ලත් වැඩේ ඉවර කරන්න සතියකට වඩා ගියා එකට යන උන් අන්තිම වෙද්දී මානසිකව වැටිලා.මට සෙට් උන දෙවෙනි සාප ලත් සයිට් එක  තමා මේක.සයිට් එකට සාප වැදුනා කියන්නේ වැඩේ ඉක්මනට ඉවර වෙන්නේ නෑ රබර් ගුලිය වගේ ඇදී ඇදී තියෙනවා.ඊයේ වැඩ ඔක්කොම ඉවරයි කියලා යන්න ඔක්කොම ලෑස්ති වෙලා මොබිටෙල් එකට සයිට් එක බාර දෙන්න අන්තිම ටෙස්ට් එක කරද්දී අහු වුනා ෆයිබර් එක අවුල් කියලා.කාපන්කෝ පරිප්පු ආයේ මුල ඉදන් ෆයිබර් එක රූට් කරන්න වෙනවා.අපිට නම් අවුලක් නෑ රිගර්ස්ලා තමා ඒක කරන්නේ ඒත් ඉතින් වැඩේ ඉවර නෑ කියලා දැනෙද්දී හිතට පට්ට බරක්.කොහොම හරි දෙයියනේ කියලා මං අද ඒ සාපෙන් මිදුණා,පහුගිය දවස් වලට පරක්කු උන ඒවටත් හරියන්න එක්ක මං අද දවල් 2 වෙද්දී බෝඩිමේ.
 වේලාසන ආව නිසා තමා බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න හිතුනේ.අමාරුවෙන් අටවගත්ත එක පාලුවට යන්න දෙන්න ලෝබයි.පොස්ට් නම් ගොඩාක් තියෙනවා දාන්න ඒත් වෙලාවක් නෑ නේ පුළුවන් විදිහට දානවා.

දැන් ලොකු පොස්ට් එකක් දාන්න වෙලා මදි පහුගිය සතිය පුරා පාඩම් කරන්න බැරි උන ඒවා අද කරන්න ඕනේ.මං බ්ලොග් පොස්ට් එකක් දාන්න හිටපු දෙයක් ගැන ප්‍රශ්නයක් අහනවා දන්නා අය උත්තර දෙන්න ප්‍රශ්නෙට උත්තරේ පොස්ට් එකක් විදිහට අනිවා දානවා........

ප්‍රශ්නේ :ධ්‍රැවකාසන්න රටවල් වල මිනිස්සු ටීවී බලන්න සැටලයිට් ඇන්ටනාව හරවන්නේ කොහාටද??? 

ප.ලි : ඉන්න ධ්‍රැවය අනුව සන්නිවේදන සැටලයිට් වලින් සිග්නල් ගන්න ඩිෂ් එක හරවන්න ඕනේ පැත්ත වෙනස් වෙනවා.

33 comments:

  1. ඇන්ටනාව කරකවන්නේ සැටලයිට් එක තියන පැත්තට බං

    ReplyDelete
    Replies
    1. හරි මචං ඒක ඇත්ත ඒත් ධ්‍රැවකාසන්න රටවල් වල ඉන්න අය ඩිෂ් එක හරවන්න ඕනේ පැත්තක්(උඩට,පහලට,දකුණට,වමට )තියෙනවා :)

      Delete
  2. අපෝ... මේ ප්‍රශ්නේ කියවන්න හරි අමාරුයිනේ. මගේ ඇස් නිලංකාර වුනා. ප්‍රශ්නේ පාට මාරු කරන්න, උත්තරේ ඊට පස්සේ ඇවිත් දෙන්නම්.... :)

    ReplyDelete
    Replies
    1. පාට මාරු කළා උත්තරේ දෙන්න ;)

      Delete
  3. හ්ම්ම්....project එකක් ඉවර කරපුවහම නම් පුදුම සැපක් තමා තියෙන්නේ!
    අර සැටලයිට් ප්‍රශ්නේ නම් මට ටියුබ් ලයිට්!

    ReplyDelete
    Replies
    1. සිරාවට project එකක් ඉවර උනාම හිත මාර නිදහස් :)

      පොඩ්ඩක් කල්පනා කරහන් ලංකාවේ උන් කොහොමද කරන්නේ කියලා ;)

      Delete
  4. ධ්‍රවේ ‍කියල වෙනසක් නෑනෙ අර පැතුම කියල තියෙනව වගේ හැටලයිට් එක තියෙන පැත්තට තමයි ඇන්ටනාව කරකවනව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. සැටලයිට් එක පැත්තට තමා ඒත් පැතුමට දාපු කමෙන්ට් එක බැලුවා නම් හරි යාවි අවුල :)

      Delete
  5. ඕක මං ඉන්න පැත්තට හරවන්න කියහන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එතකොට පේන චැනල් ඔක්කොම බ්ලූ ඒවා :)

      Delete
    2. වැල පෙනේවි හොදට ;)

      Delete
  6. අනේ මම ඒ පැත්තකට ගිය කාලෙට ඕකට උත්තර දෙන්නම්,,දැන් මේ ඊකොමර්ස් වැඩක් කරනෝ :(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඊට කලින් මං උත්තරේ දෙන්නම් ;)

      Delete
  7. Replies
    1. අනොගේ උත්තරේ මං පිළිගන්නේ නෑ ;)

      Delete
  8. උඩ පැත්තට වෙන්න ඇති බන් නැත්තම් යට පැත්තට එහෙමත් නැත්තම් දකුණට හරි වමට හරි.මම හරිනේ?

    ReplyDelete
    Replies
    1. කනා පාරවල් ඔට්ටු නෑ :P

      Delete
  9. අත්තනගල්ල දිහාට....

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි හැබැයි වෙන චන්ද්‍රිකා සිග්නල් තමා අහු වෙන්නේ ;)

      Delete
  10. පහතට හරවන්න කියාපං මම කිව්වා කියලා. සමකයට උඩින් තියෙන සැට් සිග්නල් එකකට නම්

    ReplyDelete
    Replies
    1. අලුත් පොස්ට් එකේ විස්තර බලන්න :)

      Delete
  11. Replies
    1. අලුත් පොස්ට් එකේ විස්තර බලන්න

      Delete
  12. unta koi paththata harewwath ekai mama hithanne.

    ReplyDelete
    Replies
    1. වැරදි ;)
      අලුත් පොස්ට් එකේ විස්තර බලන්න

      Delete
  13. කැරකෙන පැත්තකට වෙන්න ඇති :/

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නෑ....................:)
      අලුත් පොස්ට් එකේ විස්තර බලන්න

      Delete
  14. සමකට පිහිටි දිසාවට හරවාපන් කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. අයියත් අලුත් පොස්ට් එකේ විස්තර බලන්න කෝ :)

      Delete
  15. Replies
    1. එතකොට සිග්නල් එන්නේ කාලගුණ චන්ද්‍රිකා වලින් බං උන්ට :);)

      Delete
  16. සිග්නල් එන පැත්තට හැරෙව්වනම් ඉවරයි. මමත් මේ සාප ලත් ප්‍රොජෙක්ට් දෙකතුනක් එකට පටලන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය සාපලත් ප්‍රොජෙක්ට් ඉක්මනට ඉවර කරලා දාන්ඩ
      ඔය කාලේ ඇතුලත බෝධි පුජා දෙකතුනකුත් තියන්න :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......