Tuesday, September 10, 2013

අයියේ කොමඩු නැද්ද?

පහුගිය දවස් වල පොඩි ටීවී සිරිස් දෙකකට හිත ගිහිං තිබ්බා.එකක් තමා prison Break අනිත් එක තමා ජාතිකේ යන ඒලෙවල් ඉවරයි.ඒලෙවල් ඉවරයි නම් පට්ටයි.ඒක මෙගා එකක් උනාට අනිත් මෙගා තරම් පජාත නෑ.අනිත් එක ඒකෙ ඉන්න උන් රඟපානවා කියලා දැනෙන්නේ නෑ ඒ තර
ම් නැචුරල් උන් රඟපාන එක.බලලා නැති උන් ඉන්නවා නම් බලන්න බැලුවොත් ආයේ නොබලා ඉන්නේ නෑ.ඔෆිස් එකේ උන්ට ඕක කියලා දැන් උන් උන්මාදෙන් වගේ ඒක  බලන්නේ.


අපි යාපනේ ගිය ගමන එහෙ ගිහිං සෙට් උන ෆන් එක ගැන කලින් පොස්ට් එකේ කිව්වා නේ.අපි එදා බඩගින්නේ හාමත් වෙලා හිටියා නේ.අඹ කෑවා කියලත් බඩ පිරෙන්නේ නෑ නේ.අපි ලංකාවේ උඩ උඩ පැත්තට යන නිසා මදි නොකියන්න වතුර අරන් ආවා නේ ඉතිං බඩගිනි වෙන වාරයක් පාසා අපි වතුර බිව්වා.වතුර අම්බානෙට බොනවා කියන්නේ සැරෙන් සැරේට චූ බර හැදෙනවා කියන එක නේ.ඉතිං වතුර බොනවා කැලේ ගහක් අල්ලලා චූ කරලා එනවා.

ඔහොම තමා අපි ඒ පැය හතර ගත කලේ.අපි ඒ හිටිය කැලේ කලින් කොටි හිටිය කැලයක් නිසා මා එක්ක ගිය අයියට කිව්වේ අපි චූ දාන්න ගියාම මේ වගේ නොදන්න කැලයක් ඇතුලේ කවදාවත් බිමට චූ කරන්න හොද නෑ ගහක් අල්ලලා ගහේ කඳ හොදට තෙතමාත්තු කරන්න ඕනේ කියලා.දැන් උඹලාට හිතෙන ඇයි ඒ ? කියන එකම තමා අර අය්යත් මගෙන් ඇහුවේ.මං එහෙම කියන්නේ මොන මගුලක් නිසාවත් නෙමේ අපේ ආරක්ෂාව වෙනුවෙන්.මොකද අපි ගිහිං හෙන සැපට ගහක් මුලට චූ කරනවා බැරි වෙලා හරි එතන කොටි අටවපු බිම් බෝම්බයක් ඉතුරු වෙලා තිබ්බා මොන දෙය්යන්ට කියන්නද?චූ පාරේ ප්‍රෙෂර් එකට බොම්බේ පුපුරනවා නේ.එකයි මං කියන්නේ උතුරු ප්‍රදේශයට ගියාම පොලවට නැතුව ගහක කඳකට චූ කරන්න කියලා :)

අපි එදා වාහනේ හදාගෙන එදාට කරන්න ප්ලෑන් කරන් හිටපු සයිට් දෙකත් කරන් යාපනේ  ගියා.ඊට පස්සේ දවසේ අපිට තිබ්බේ යාපනේ සයිට් එක කරන් එනගමන් කිළිනොච්චි සයිට් එකත් කරලා එහෙමම කොළඹ එන්න.අපි මේ මහා සංචාරය පටන් ගත්ත දවසේ ඉදං හැමදාම වගේ බඩ ඉරිඟු හම්බෙන තැන් වලින් බඩ ඉරිඟු කකා ගියේ,අපි එදත් කොළඹ එනගමන් කකා එන්න කියලා ඉරිඟු ගන්න තැනක් හොය හොයා ආවේ කිලිනොච්චි වල ඉදං,ඒ ත් අපිට මුලතිව් වලට එනකන් තැනක් හම්බ උනේ නෑ.යාපනේ පැත්තේ මිනිස්සු ඉරිඟු වලට එච්චර ආස නැතුව ඇති ඒක නිසා වෙන්න ඇති කඩ තිබ්බේ නැත්තේ.

අඩේ ඉරිඟු රසයි අප්පා තම්බලා.හැබැයි ලා කරල් වෙන්න ඕනේ.තව පුච්චලත් මරු.ඔය තියෙන පෙරේත කම නිසාම තමා ඉරිඟු හොය හොයා   කන්නේ.කොහොම හරි එදා අපි මුලතිව් පහුකරලා ටික දුරක් එද්දී පාර අයියේ ඉරිඟු කඩයක් තිබ්බා.එතන ලොකු ඩිමෝ බට්ටෙක් පුරවලා ඉරිඟු තිබ්බා ඒ ඇරෙන්න තව තැඹිලි වල්ලක් තිබ්බා.මං වෑන් එකෙන් බැහැලා ගිහිං අපි සෙට් එකට කන්න ඉරිඟු ගත්තා.මං ඉරිඟු අරන් කඩේ යයට සල්ලි දෙද්දීම ගෑල්ලමයිදෙන්නෙක් තාලෙට ආවා ඇවිත් අය්යේ අපිටත් ඉරිඟු දෙන්නකෝ කියලා කිව්වා.ඒත් කඩේ අය්යා මට ඉතුරු සල්ලි දෙන්න සල්ලි මාරු කරන ගමන් හිටිය නිසා ගැල්ලමයි ඉල්ලපුවා හම්බුනේ නෑ ඉල්ලුව ගමන්.එතන හිටපු එක ළමයෙක් හොදට වටපිට බලලා කඩේ අයියගෙන් ඇහුවා අය්යේ කොමඩු නැද්ද? කියලා.ඕක ඇහුවා විතරයි මට බකස් ගාල හිනා ගියා ඒ විතරක් නෙමේ ඒ ළමයාගේ මුණ දිහාත් බැලුනා.

ගෑල්ලමයට දැන් තේරුනා එයා එතන බයිට් උනා කියලා.ඒ මදිවට මගේ හිනාව නවතින්නෙත් නෑ අයියා ඉක්මනට ඉතුරු සල්ලි දුන්නෙත් නෑ මට එතනින් යන්න.මං හිනා වෙනවා ඒ ගෑල්ලමයා ලැජ්ජාවට මට රවනවා.ඉතුරු සල්ලි හම්බුන ගමන් මං ටක් ගාලා එතනින් ආවා මොකෝ එතන තව ටිකක් වෙලා හිටියා නම් ඒ ළමයා ඉරිඟු කරලකින් මට ගහනවා.ඒ ගොල්ලොන්ට ඉරිඟු දීලා සල්ලි දීලා ඉතුරු හම්බෙනකන්ම අර ගෑල්ලමයා අපේ වෑන් එක දිහා බල බල මට රව රව හිටියා.

ඒ ළමයා අර කතාව අහන්න කලින් පොඩ්ඩක් හිතුවා නම් මට හිනා යන්නෙත් නෑ එයා බයිට් වෙන්නෙත් නෑ නේ,ඇයි යකෝ බට්ටා පිරෙන්න ඉරිඟු පුරෝලා තියෙද්දී සහ වට පිට බැලුවම ඕනේ එකෙක්ට තේරෙනවා එක ඉරිඟු කඩයක් මිස කොමඩු කඩයක් නෙමේ කියලා :)

46 comments:

  1. තව පොඩ්ඩෙන් ගුටිකනව නේද?



    ReplyDelete
  2. මේකෙ නිකම් හැංගිච්ච තේරුම් අහරෙ මෙහෙමත් තියෙනවද දන්නෑ. මාත් නිකම් සැකේට වගේ කෙමන් කොලේ. ඒ වුනාට බං හදිසියෙ වත් අර බඩඉරිඟු ගොඩ අස්සේ හැංගිලා හරි තිබ්බ නම් එක කොමඩු ගෙඩියක්වත්. ඔය නෑ නෑ කියන ඒවා එලියට එන්නේ අපි නොහිතන තැන් වලින් නෙව. අර ග්‍රීස් ටින් කියලා රේගුවෙන් අවසර දෙන්ඩ හදාපුවත් හදිසියෙම හෙරොයින් වුන එකේ තව කතා මක්කෙටයි.අර ගෑල්ලමයි දෙන්නා සිංහල ඈයොද. නැත්නම් වෙන වාහනෙකින් ඇවිත්ද ට්‍රිප් එකක්.

    ReplyDelete
    Replies
    1. අපෝ මේකේ කිසිම හැංගිච්ච තේරුමක් නෑ.මොන හැංගිල්ලක්ද එතන :)
      ඕනේ එකෙක්ට තේරෙනවා එතන ඉරිඟු විතරයි තිබ්බේ කියලා :)
      ඔව් ඒ කෙල්ලෝ දෙන්නා සිංහල කෙල්ලෝ දෙන්නෙක් උන් දෙන්නා පයින් ආවේ.ඒත් එයාලා ඒ ගමේ පාටක් පෙන්න තිබ්බේ නම් නෑ

      Delete
  3. පව් වැඩේ.. ආ.. උඹට කන්න තිබ්බ තව ටිකෙන්

    ReplyDelete
    Replies
    1. තව ටිකක් වෙලා හිනා වෙවී හිටියානම් හොදට කනවා කෙල්ලගෙන් :)

      Delete
  4. A/L ඉවරයි නම් පට්ට ...

    ඇයි ඉරිඟු ..........ඒවත් පට්ට

    අනේ දීපි නම් කනට සපත්තු පාරක්.... හික්

    ReplyDelete
    Replies
    1. අඩේ A/L ඉවරයි,ඉවර උනා නේ ?අන්තිමට දුකයි අප්පා.
      ඉරිඟු පට්ටයි තමා මාරු කෑම හොදේ :)
      බලන් ඇති ගුටි කනකන් :P

      Delete
  5. ඉරිඟු කඩේ තැඹිලි තිබ්බනං කොමඩු තියෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. වටේ බලන ඕනේ එකෙක්ට පේනවා ඉරිගු ගොඩකුයි එක තැඹිලි වල්ලකුයි විතරයි තිබ්බේ කියලා :)

      Delete
  6. එතකොට ගහ ගාවට ගිහින් බිම්බෝම්බේ උඩ හිටගන්න එක ආදානමක් නොවෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එතකොට පුපුරන්නෙ වැඩේ කරල ඉවර උනාට පස්සෙනෙ.

      Delete
    2. ආ එහෙනං කමක් නෑ. ප්‍රසන්නයෝ.

      Delete
    3. හෙන්රි අය්යා ඇහුව ප්‍රශ්නෙට මට උත්තර නැතුව හිටියේ වෙලාවට ප්‍රසන්න අය්යා උත්තරේ දුන්නේ :)

      Delete
  7. මම ගත්ත ආදර්ශෙ තමයි චූ කරන විදිය.

    ReplyDelete
  8. මල මගුලයි කොටි හිටපු කැලේකට ගිහින් බෙට්ටක් දාන්ඩත් බයයි දැන්. බෙට්ටේ පවර් එකට බිම් බෝම්බයක් තිබිලා පත්තු වුනොත් එහෙම

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පැතුමෝ පස්ස නැතුව තමා ගෙදර එන්න වෙන්නේ :)

      Delete
  9. උතුරේ චූ කරන විදිය හොයා ගැනීම ගැන මදයට පේටන්ට් එකක් දෙන්න වටිනවා අපරාදේ මේ පාර යන්න බැරි උනානේ අනෙක් පාර ගියාම ඔය විදිය අනුගමනය කරන්නම්

    ReplyDelete
    Replies
    1. අඩෝ තෑන්ක් යූ මචං කෝරලේ....!
      එල එල ඊළඟ පාර අනිවා ට්‍රයි කරන්න :)

      Delete
  10. සිරා බන්... අපරාදෙ උබට ගහන්න තිබුනෙ... යකෝ කවුද ඔය කියන බොරු.. ගහකට චූ දාන්න කියල... යකෝ මම අවුරුදු 02 ක් එහේ චූ කෙරුව...

    ReplyDelete
    Replies
    1. හරි ආස ඇති මං ගුටි කනවා බලන්න ..හඃ එව්වා කොහෙද අපි එක්ක :)

      Delete
  11. බුහහහා... පට්ට යකෝ මේක!

    උඹලට අහන්න තිබ්බේ ගස්ලබු නැද්ද කියලා. ලොල්... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙම ඇහුවා නම් අනිවා ගුටි කනවා.හිනාවට විතරයි මෙච්චර නොන්ඩි උනේ තව මොනා හරි ඇහුවා නම් සඳ මෝල් වෙන්න කන්න වෙනවා.

      Delete
  12. මමනම් ආයේ මේ පැත්තෙවත් බිම තෙමන්නේ නෑ! දෙවැනි ලෝක යුද්ධ කාලේ වලලපු ඒවා තිබ්බොත් එහෙම!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා රටට පෙර තමා :)

      Delete
  13. TOO MUCH BLUE COLOUR

    ReplyDelete
    Replies
    1. ඔව් බං වෙන්ඩ මහ ඇමති දයාසිරිගේ සරම් කමිස වගේ!

      Delete
    2. එල එල මං ඉක්මනටම ඒක වෙනස් කරන්නම් :)

      Delete
  14. අඩේ ඒකට කරන්න තියෙන්නෙ අර වතුර මල් වගේ වටේට කැරකි කැරකි චූ දාන එක.. එතකොට හැම පැත්තටම විසිරිලානෙ යන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ තව විදිහක් චූ කරන්න :)

      Delete
  15. මම නම් චු දාන්නෙම ගස් වලට අල්ලලා අපේ ගේ පිටිපස්සේ වද ගහේ කොළ ටික කට ඇසිඩ් වැදිලා වගේ

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බං අපි නයිට්‍රජන් ප්‍රතිශතය පවත්වා ගන්න එපැයි පොලවේ :)

      Delete
  16. හපොයි... කෙල්ලෝ නම් ඔහොම තැනට නොගැලපෙන විහිලු කරලා චාටර් වෙනවා තමයි....

    ReplyDelete
    Replies
    1. සිරාවට නිකං අළු කෙසෙලුයි කොන්ඩ කටුයි වගේ :)

      Delete
  17. Prison Break මතක් කලෙ ඇයි බං. කුඩු ගහල වගෙ බැලුවෙ. දැන් ආයෙත් බලන්න හිතුනා..

    කොමඩු අහවල් එකටද බං හොයල තියෙන්නේ :ඩී

    ReplyDelete
    Replies
    1. අපිත් කුඩු ගහලා වගේ තමා ඒක බලන්නේ :)

      අනේ මන්දා මොකට හෙව්වද කියලා මං හිතන්නේ බෙහෙතකට වෙන්න ඇති :)

      Delete
  18. යකෝ ඒ කෙල්ල කඩේ එකා බයිට් කරන්න එහෙම අහන්න ඇත්තේ. උඹ වලිගේ පාගගන.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අය්යේ ඒ කෙල්ලගේ කටින් ඉබේම කොමඩු තියේද කියන වචන දෙක පිට උනේ :)

      Delete
  19. පව්, අර අහිංසක ගෑල්ලමයා!

    ReplyDelete
    Replies
    1. රවපු රැවිල්ලේ හැටියට නම් ඒ ගෑල්ලමයා අහිංසක වෙන්න බෑ :)

      Delete
  20. ඒ ලෙවල් ඉවරයි හොඳ නාට්ටිය.බඩ ඉරිඟු හොඳ කෑම. කොමඩු හොඳ පලතුර.බ්ලොගයෝ හොඳ කස්ටිය.මොන විදිහට කරත් හුජ්ජ කර බිජ්ජ දෙවරක් සෙලවීමට අමතක නොකරන්න!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ බලපු පට්ට නාට්‍යයක් තමා A/L ඉවරයි කියන්නේ.අනිවා අනිවා ඒ වැඩේ කවුරුත් අමතක කරන්නේ නෑ නේ :)

      Delete
  21. බොලා මේක ලියන්නෙ නැද්ද? ඇඹිලිපිටියට යනකොට ගොඩකවෙලදි අල්ල‍ගෙන ගහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට හරියට ලියන්නම් අය්යේ :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......