Saturday, April 26, 2014

අවුරුදු තෑග්ග..!!!!

උදේ පාන්දරම ඇහැරුනේ නිදිමත නැති නිසා නෙමේ.මහා මේරූ පර්වතේ ඇග උඩ තියලා තියෙන තරම් බරක් දැනුන නිසා.ඇහැරුනාම තමා දැනුනේ මහා මේරූ පර්වතේ නෙමේ එක  අජරාමර චූ බරක් කියලා.ඇද පුරා විසිරිලා තිබ්බ  සරමේ ගැටේ එකට එකතු කරලා ගැටේ ගහන ගමන්
පහළට රොකට් එකක් වගේ දිව්වේ තව හිටියා නම් කකුල දිගේ බේරෙන නිසා.අනේ දෙයියනේ අපේ එකෙක් කවදාවත් නැතුව උදේ පාන්දරම නැගිටලා බාත් රූම් එකට රිංගලා.මොනා කරන්නද තව ඉවසලා ඉන්නත් බෑ.මගේ ටිකිරි මොලේට ඒ වෙලේ මතක් උනා එළියේ වැසිකිලිය.දුවගෙන ඇවිල්ලා දොර ඇරියා එලියට පනින්න.දොර පාමුල තිබ්බ දේ දැකලා මගේ බර ඔක්කොම අමතක වෙලා ගියා.

සුරංගනා කතා වල,නවකතා,කෙටිකථා වල චිත්‍රපටි වල අපි අහලා දැකලා තියෙනවා දොර අරිද්දි දොර ඉස්සරහා තෑගී ගෙනල්ලා තියනවා.තියලා බෙල් එක ගහලා යනවා අපිව පුදුම කරවන්න.ඒත් කියන්න සන්තෝසයි ඒ අහලා දැකලා විතරක් තිබ්බ එක මං හැබෑට විදගත්තා,කවුරු හරි උදේ පාන්දර අපිට තෑග්ගක් ගෙනල්ලා.හැබැයි එයා නම් තෑග්ග තියලා බෙල් කරලා නෑ ඒක තියලා ගිහිල්ලා.ඒක ඇත්තටම  අමුතු තෑග්ගක්.අඩි තුනක් විතරක් ඇති.මං මගේ කරන්න ආපු වැඩේ පැත්තකින් තියලා ඒක උස්සගෙන ඇවිත් ඇතුලෙන් තියලා මගේ වැඩේ කරගෙන ආවා.

අංකලුත් බෝඩිමේ නැති නිසා හිතා ගන්න බැරුව හිටියේ කවුද ගෙනාවේ කියලා?අන්කල්ගේ නංගි කෙනෙක්වත් ගෙනත් තිව්වද දන්නේ නෑ  ඒත් එච්චර උදෙන් එයාලා එන්නේ නෑ නේ.ඕවා මෙව්වා කල්පනා කර කර ඉද්දි පහල අන්කල්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.බෝඩිමේ අන්කලුත් නැති නිසා මං ෆෝන් එකට අන්ස්වර් කළා.

“හෙලෝ අංකල් සුභ අළුත් අවුරුද්දක් වේවා....!!”
“හෙලෝ අයියේ අංකල් බෝඩිමේ නෑ”
“අඃ එහෙමද මං චරිත් ඔය කවුද මල්ලි?”
“අය්යේ මං දුමින්ද”
“ආ දුමින්ද මල්ලි මං කෙසෙල් කැනක් ගෙනල්ලා දොර ළග තියලා ගියා”
“අයියද ඒක ගෙනාවේ ?අපි මේ ගෙනාව කෙනා හොයා ගන්න බැරුව හිටියේ”
“ඔව් මල්ලි ගමේ ඉදං එන ගමන් කාර් එකේ දාගෙන ආවා ඔයාලට දෙන්න”
“හරි අය්යේ මං අංකල්ටත් කියන්නම්”
“ok bye මල්ලි”
“හරි බුදුසරණයි අයියේ....!!”
“බුදු සරණයි මල්ලි...!!”

ඒ කෝල් එකට පස්සේ ප්‍රශ්නේ විසදුනා.චරිත් කියන්නේ අපේ බෝඩිමේ කලින් හිටිය ඩොක්ටර් කෙනෙක්.එයාට අවුරුද්දට අපිව මතක් වෙලා කෙසෙල් කැන ගෙනල්ලා තියෙන්නේ.ඒක සාමාන්‍යයෙන් ලොකු කැනක් කට්ටියටම හොදට කෙසෙල් කන්න පුළුවන් මේ සතියේ.දැන් එක එකා හෙමිහිට නැගිටිනවා උන් නැගිටලා බාත් රූම් ගිහිල්ල එනකොට හැම එකාම අහන ප්‍රශ්නේ තමා අඩේ කොහෙන්ද බං අර කෙසෙල් කැන? කියලා.

හැමෝටම මං විස්තරේ කිව්වා.කවුද ගෙනාවේ කොහෙන්ද ගෙනාවේ කියලා.කෙසෙල් කැන ඉදිලා තිබ්බේ නෑ ඒත් ඇවරි දෙකක ගෙඩි එක දෙක ඉදෙන්න පටන් ගෙන තිබ්බා.අපේ ශම්මික මට කියනවා මචං කෙසෙල් කැනේ ඇවරි කපලා වෙන් කරන්න එපා දැන්ම මොකද බාගෙට ඉදුණ ගෙඩි එක්ක තිබ්බම කැන ඉක්මනට ඉදෙනවා කියලා.කැන අපි කුස්සිය ළග කාමරේ නේ තිව්වේ.කට්ටියගේ හිතේ දැන් එක එක ප්ලෑන් වැඩ.එකෙක් කියනවා අඩෝ අපිට පහළට ගිහිල්ලා චූ කරලා එන සැරේකට එක කෙසෙල් ගෙඩිය ගානේ කාලා එන්න පුළුවන් නේ.කෙසෙල් ඉදෙන්න කොච්චර කල් යයිද ?කැවුම් එක්ක කන්න කෙසෙල් තියනවය  ඔය වගේ කතා ගොඩයි ඔය කතා අතරේ මාත් කිව්වා අපි කැන පිටින් ඉදෙන්න තියලා ඇවරි කපන්නේ නැතුව අර කඩවල එල්ලලා තියනවා වගේ එල්ලලා තියලා කමු කියලා.ඔව් ඔව් අපි ඒක ශම්මිකගේ නෙට් එක එල්ලන නුලේ එල්ලමු කියල රුවන් අය්යා කිව්වා නෑ ඒක පවනයා ගේ නෙට් එකේ එල්ලමු ඌ ඒක දාන්නේත්  නෑ නේ. 

උදේ වරුවම කට්ටියගේ කතාව කෙසෙල් කැන ගැන ඔය අතරේ කොහෙද ගිහිල්ල හිටිය අංකල් ඇවිල්ලා හිටියා බෝඩිමට අංකල්ටත් කෙසේල් කැනේ විස්තරේ කිව්වා.

ඒක අහගෙන අංකල් පහළට ගියා.ගිහිල්ලා ආයේ උඩට ආවා හැබැයි ඒ ආවේ අර කෙසෙල් කැනේ යටම හරියෙන් ඇවරි දෙකකුත් අරං.

ආ මේ දෙක ඔයාලට අනිත් ටික මං ලොකු නංගිටයි පොඩි නංගිටයි අරගෙන යනවා. කියලා එයා අපිට හම්බවුන තෑග්ගත් එක්ක අපේ බලාපොරොත්තු ඔක්කොම අරං ගියා



9 comments:

  1. මොකාද බං ඔය අන්කල් බූතයා... කන්න නැති එකෙක්ද.. බෝඩිමේ උන්ට හම්බුන එක උස්සං යන්නෙ.. ෂිකේ....

    ReplyDelete
  2. උඹලා හිතේ අමාරුවටත් එක්ක කඩෙන් කෙසෙල් කැනක් ගෙනල්ලා කාපල්ලා මඩයා.

    ReplyDelete
  3. ඇත්තටම අවුරුද්දටවත් ගමෙ ගියේ නැද්ද ගමේ කෙහෙල් ගෙඩියක් රහ බලන්න මෙහෙනම් වර්ග දෙකයි තියෙන්නේ ආනමාලුයි ලේඩිෆින්ගර් අවුරුදු 3-4 කලින් සුලිසුලන් ඇවිත් වගාව වනසපු නිසා කිලෝව රු 120X13 =1560 ගියා ඒකාලේ පින්තුර වලින් කෙසෙල් කැවා මිල අඩුකරන්න කියලා පිටරටින් ගෙන්නුවේ නැ ගොවියාව නගාසිටවන්න ඔනනිසා 69/82

    ReplyDelete
  4. මටත් කියන්න තියෙන්නෙ අර හෙන්රිය කියපු එකම තමයි. බොලා කඩෙන් කෙසෙල් කැනක් ගෙනහල්ල අංකල් කාරයට පෙන්න පෙන්න කාහං.

    මඩයට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  5. අවුරුදුනේ කියලා හිත හදාගන්න තියෙන්නේ බං..

    ReplyDelete
  6. හොඳ වැඩේ කියන්න යනවට... බෝඩිං වල ගොඩක් වෙලාවට ලමයි එහෙ මෙහෙ වෙනකං බලං ඉන්නෙ ගෑස් එක උස්සන්න උයාගන්න....

    ReplyDelete
  7. Repossessed cars -
    Very nice post. I just stumbled upon your blog and wished to
    say that I've truly enjoyed surfing around your
    blog posts. In any case I'll be subscribing to your rss feed and I hope you write again very soon!

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......