Monday, July 18, 2016

සෝෂල් මීඩියා ඩේ | SMdayCMB 2016

ජූලි 16 වෙනිදා Etisalat අනුග්‍රහය යටතේ පවත්වපු සෝශල් මීඩියා ඩේ එක පැවැත්වුනා.
එකේදී ඇත්තට කෙරුනේ ඔන්ලයින් හම්බෙන යාලුවෝ සෙට්වෙ එක ඕෆ්ලයින්න්ට් සෙට් වෙන්න චාන්ස් එකක් සෙට් කරපු එක. මේ වැඩේ සිද්ධ වුනේ පස්එ වෙනි වතාවට මාත්ක පලවෙනි වතාවට සහභාගී වුනා ඉවෙන්ට් එක පට්ට. හොද ෆන් එකක් ගත්තා. නව්රාන්,පොඩ්ඩා,ජනයි ප්රියයි එහෙමත් ඇවිත් හිටියා. සෙට් එකට පට්ට ආතල් එකක් දුන්නා. කියන්න සන්තෝසයි නාඩියාගේ නාඩි  ලියන නාඩියා පලවෙනි පාරට හම්බුනා. තව නිමේෂ්ගේ ඩිජිටල් සටහන ලියන නිමේෂ් මල්ලිත් සෙට් වුනා.
මේ වැඩසටහනේ අනිත් කාරණේ වුනේ අංශ කීපයක් යටතේ සම්මාන ලබා දුන්න එක .මේ සම්මාන ලබා දුන්නේ ශ්‍රිලංකාවේ සමාජ මාධ්‍ය තුල තිබෙන ජනප්‍රියතාව මුලික කරගෙන.

ජනප්‍රිය ප්‍රවෘත්ති සපයන්නා හිරු නිව්ස්
ජනප්‍රිය ගීත වෙබ් අඩවිය අනංමනං
ජනප්‍රිය රුපවාහිනිය හිරු ටීවී
ජනප්‍රිය ෆේස් බුක් පේජ් එක වලස් මාමා
ජනප්‍රිය ගුවන්විදුලිය හිරු FM
ජනප්‍රියතම Tweep  @kawdaboy
ජනප්‍රියතම Vblogger Nawran
ජනප්‍රියතම Instagrammer @ayshmarq
ජනප්‍රියතම Blogger තඹරු

අනිත් කාරනේ තමා මේ ඉවෙන්ට් එකෙ ජනප්රියම බ්ලොගර් සම්මානෙට මඩයාගේ ලෝකය  නොමිනේට් වෙලා තිබුනා. අවුරුදු 2ක් තිස්සෙ බ්ලොග් එක නොලියා ඉද්දිත් මගේ නම ඒතනට යෝජනා වුන එකත් වටිනවා.  මාව ඒකට යෝජනා කරපු චන්දෙ දීපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ වගෙම ජනප්රියම බ්ලොගර් වුන තඹරුටත්ට සුභපැතුම්ත් එකතු කරනවා !!!

තව එකක් අපි හැමෝම හිතට ගමු සෝෂල් මිඩියා වල තියෙන යුතු ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැතුව ඒ දේවල් රටේ උන්නතිය උදෙසාත් යොදා ගන්න.මොකද ඒ වගේ දේවල් මේ හරහා කරන්න බැරි නෑ.ගංවතුර වෙලාවේ ෆේස්බුක් ට්විටර් හරහා සැහෙන දෙයක් කරලා සමාජ ජාල වල පවර් එක ලෝකෙට පෙන්නුවා.











ප.ලි :අවුරුදු ගානකට පස්සේ බ්ලොග් එක අලුත් කරලා ගත්ත වෙලේ ඉස්සර වගේම දැනුත් මේ පැත්තට එන්න අමතක නොකරන ප්‍රසන්න අයියා ට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ

6 comments:

  1. මටත් එන්නයි තිබුණෙ

    ReplyDelete
  2. අඩො මඩයා, මන් අදනෙ බන් මෙක දෑක්කෙ. උබට අපිව මතකද දන්නෙ නෑ දෑන්

    ReplyDelete
  3. සිරා කතාව බං! සෝෂල් මිඩියා වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද? හැබැයි අපේ අය වැඩ ගන්න එක මදි එකයි සිද්ධිය!

    යකෝ මඩයා මඩයා කිව්වට මං හිතුවේ ඌරෙක් වගේ එකෙක් කියලා! :D එදානේ දැනගත්තේ රිටක් වගේ එකෙක් කියලා! (බට්ටියෙක් එක්ක ඉන්න!)

    ReplyDelete
  4. මොනවටද මල්ලි විශේෂ ස්කෝතු. බොලාගෙ බ්ලොග් අප්ඩේට් නං අපි එතන ඇති කවදත්. හැක්..

    ReplyDelete
  5. එහෙම එකක් හන්දවත් උඹට මේක ලියන්න හිතුන එකම සම්මානෙකට වැඩිය වටිනවා මගේ හිතේ.

    ReplyDelete
  6. උඹව හමුවුණු එක සතුටක්! :) අතාරින්න එපා දිගටම ලියන්න.

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......