Friday, July 15, 2016

හොස්ටල් යමුද මචං !!!



පාටියගෙන් 
ගුටි කාලා ,
දෙවොල 
බෙදන් කාලා
විකීගේ හොල්මන් වලට 
ආයෙත් බය වෙලා
රෑට ටීවි එක 
හොරෙන් එලියට 
අරන් ටීවි බලලා
වොලිබෝල් 
අතක් ගහලා
බාස්කට් බෝල් 
අතක් ගහලා
වොලිබෝල් කෝට් 
එකේ ක්රිකට් 
අතක් ගහලා
ගහ මරාගෙන 
ආයේ යාළුවෙලා
සිංහරාජෙන් 
පැණි වරකා දෙක 
තුනකුත් බාගෙන
සියවස තැඹිලි 
ගහෙනුයි පල්ලිය 
තැඹිලි ගහෙනුයි 
තැඹිලිත් භාගෙන
ප්රැනාගේ මාලු 
ඔලු හොද්ද එක්ක 
පාන් කාලා 
බිබිලේ අන්කල්ගේ 
දිය රහ තේ එක බීලා
එන්න ආයෙත් 
හොස්ටල් 

එකට යමුද මචං!!!!

4 comments:

  1. විකීගෙ හොල්මන් වලට මාත් දවසක් බයවුනා කියහන්කෝ! තව ටිකෙන් පඩිපෙලෙන් වැටිලා හොම්බත් තලාගන්නො!

    ReplyDelete
    Replies
    1. සිරාවට? එතන කොමටත් දවල්ටත් බය හිතෙන විදිහේ පරිසරයක් තියෙන්නේ.
      අපරාදේ වැටෙන්න තිබුනේ ;)

      Delete
  2. හා මචං.
    ඒත් අපි ඕවයෙ ඉඳල නෑ මචං. හැක්..

    ReplyDelete
    Replies
    1. දවසක් දාගෙන සෙට් වෙමු ප්‍රසන්න අයියේ..

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......