Wednesday, July 12, 2017

වඩේ මුදලාලි


-තිහක වඩේ දෙන්න
+ඉස්සො වඩේද?
-නෑ පහේ ඒවා
+අන්තිම වඩේ හය
-ආහ් එහෙමද?
 මොකෝ පහුගිය ටිකේ වඩේ කරත්තේ පේන්න නොතිබුනේ ?
+තනියම කරන්න ගියාම හරි අමාරුයි මහත්තයා. අද රෑවෙනකන් ඉන්නෙ නෑ
 නෝනත් නෑ මේ දවස් වල 
-ඇයි ඒ?
+පොඩි එකාට ඩෙංගු හැදිලා ICU හිටියෙ අද වාට්ටුවට දැම්මා
 මං උදේ දවල් ගිහින් බලලා ආවා
 හවස නැන්දම්මාවත් යවනවා
 මං ගිහිල්ලා බෑ
 වඩේ කීයක් හරි විකුනගත්තොත් තමා හෙටත් පොඩි එකා බලන්න යන්න පුලුවන් වෙන්නෙ
 අපිට ඇවිත් කවුරුත් සල්ලි දෙන්නේ නෑ  නේ මහත්තයා අපි හම්බකලොත් අපි කයි.අනික අපි ලෙඩ උනාට  සිංගප්පුරුවේ එක්කන් යන්නේ නෑ  නේ.
-ඒක නම් ඇත්ත අයියා,මං ගිහින් එන්නම්
+හරි මහත්තයා දෙවි පිහිටයි 

3 comments:

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......