Thursday, April 12, 2012

"කොහා උඹ නම් මාරයි"

                                                                         
මාර්තු මාසේ මැද ඉදන්ම කෑගහද්දී ඒත් මං අපේ උන්ට කිව්වේ ඒකා අවුරුද්දට කලින්ම වැඩ පටන් අරන්ගෙනද කොහෙද,මේ කාලේ සල්ලි අමාරු නිසා කලින්ම වැඩ පටන් ගෙන OT පාරක් දානව වෙන්න ඇති කියලා,ඒත් අප්‍රේල් පටන් ගද්දි එකාගේ සද්දේ නැතුව ගියා.ඊට පස්සේ මට හිතුනේ ඒකා අවුරුද්ද අරන් ගමේ යන්න ඇති කියලා.මොකෝ කොළඹ අවුරුද්දට පාලු වෙනවා නේ.කමක් නෑ එකාගේ සද්දේ ගමේදී ඇහේවි නේ කියල හිත හදන හිටියා ගෙදර යනකන්,මොන ගමේ අවා කියල වැඩක් උනේ නෑ කොළඹදී ඇහිච්ච සද්දේ වත් නෑ මෙහෙදී.එකාගේ සද්දේ මට ඇහුන හැබැයි ඒ TV 1 න්.ගෙදරදී හැමදාම කෑගහන කොක්කු ටිකයි,මොනරු ටිකයි,හවස off  වෙලා ගෙදර යන ගිරවු ටිකයි,සුපුරුදු කුරුල්ලෝ ටිකයි ඇරෙන්න වෙන මොකෙක්වත් කෑගහන්නේ නෑ.කොහා උඹ නම් මාරයි උඹ අවුරුද්ද කාලෙට කෑගහන්නෙත් නැත්නම් කොයි කාලේටද  කෑගහන්නේ?සමාජෙට සිරිත් විරිත් අමතක වෙලා යද්දී චාරිත්‍ර අමතක වෙලා යද්දී හිතන හිටියා කාට මොනවා අමතක වුනත් සොබාදහමට අවුරුදු අමතක වෙන්නේ නෑ කියලා.අවුරුදු ලංවෙලා කියන 1 අපේ හිතට ගොඩක් දැනෙන්න පටන් ගන්නේ කොහාගේ සද්දෙට  එරබදු මල් පිපිලා තියෙනවා දකිද්දියි.ඒත් කොහටත් අවුරුදු අමතක වෙලා ගිහින් නම් අපි කාට නම් කියන්නද??

6 comments:

  1. machn background eka thawa tikak anduru karala akuru tika thawa tikak la patakin dapan post eka kiyawanna lesi wediyi. x-(

    ps - title eka sirawata thibba hinda awa. mula wakyen ehata kiyewwe ne oya hetuwa hinda.

    ReplyDelete
    Replies
    1. ela ela machan bohoma sthuthiyi upadeshayata man colours hadannam fonts vala e laga post daaaddi

      Delete
  2. දැන්නං කොහා වෙනුවට ඉන්නෙ ලයනල් රන්වල මහත්තයා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත tv channel ටික යන්තම් අවුරුදු කාගන්නවා රන්වල මහත්තයට පින් සිද්ද වෙන්න ;)

      Delete
  3. කොහත් මොඩ් වෙලා බන්.... මට ඇහිල තියනව අගෝස්තු දෙසැම්බර් වලත් කැ ගහනවා.... මිනිස්සු වෙච්ච අපිට සිරිත් විරිත් කඩාබිදගෙන ඉස්සරහට ( ඇත්තටම ඉස්සරහටද දන්නෙ නෑ ,, ) යන්න පුලුවන්නම් සත්තුන්ට බැරි ඇයි

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත සහෝදරයා.මෝඩ කොහා මොඩ් වෙලා. :)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......