Sunday, September 16, 2012

"වැහි බිංදු සහ දුවිලි "



ඉස්සරම චුටි කාලේ 
මං හරි ආසයි 
වහිද්දි මගේ කාමරේ ජනේලෙන් 
ගුරු පාර දිහා බලන් ඉන්න 
මං හරි ආසයි 
අහසේ ඉදන් බිම වැටෙන 
වතුර බින්දු ගොඩාක් එකට එකතු වෙලා
 ගුරු පාරේ පාටත් අරන් 
බොර පාටට පාර  දෙපැත්තේ  තරගෙට
 සද්දෙන්  බැහැල පහල ආරට 
අපිළිවෙලට යනවා බලන්න
 වැස්ස පටන් ගද්දි 
දුවිලි වලට වතුර වැටෙද්දී එන
 ඒ පුසුඹටත් මං මාර ආසයි 
ඒ සුවඳ විදගන්න
ඉහලට ගත්ත හුස්ම  පහල දාන්න
 මං ලෝබයි
 ජනේලේ ලගට වෙලා 
එදා ඒ විදගත්ත ලස්සන මට
 දැන් වැස්ස වෙලාව
ට ජනේලේ ලගදි හිස් බවක්
 කෘතීම ගතියක් හැරුණු කොට
 පෙර දා විදගත් ඒ  සුවය,
හිතේ තිබ්බ ඒ හැගීම
 දැනෙන්නේ නෑ
 ඒ විදගත් දුවිලි සුවඳ
දැනෙන්නේ නෑ 
ඒවා  කොහේ දැනෙන්නද 
දැන් ගුරු පාරට කොන්ක්‍රීට් දාලා


ප.ලි :- පෙරේදා වැස්සේ තෙමි තෙමි පාරේ යද්දී මට ඒ කාලේ වැස්සට ආස කරපු හැටි මතක උනා ඉතින් බෝඩිමට ආයේ ආව ගමන් හිතට ආව ටික එහෙමම ලිව්වා මං දන්නේ නැ මේක මොකද්ද කියලා ඒත් ලියලා ඉවර උනාම අන්තිමට ඉතුරු උනේ මේ ටික :)

46 comments:

  1. අතීතයේ සැමරුම් අතරට පියමැනීමත් පුදුම වින්දනයක් ගෙන එන දෙයක්.බොහොම අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති නලින්
      ඇත්තට ඒ දේවල් මතක් වෙද්දී සුන්දරයි...!!

      Delete
  2. ගමෙන් නගරයට ආපු කාටත් ඔය හැඟීම් උරුමයි.........
    එත් සමහරු ඒ හැඟීම් පිටට පෙන්නන්නෙ නැහැ.....
    පව්...... උන් පොෂ් වෙන්න ගිහින් උන්ගෙ කුහකකම් නිසා ඒ සුන්දර අතීත මතකයන්ගෙන් ලබන සතුට නැති කරගෙන......

    ReplyDelete
    Replies
    1. අම්මප සහතික ඇත්ත මචන්
      ඒ සුන්දර අතීතේ අමතක වෙලා යනවා කියන්නේ උන් මහා පවු කාරයෝ උන්ට ජිවිතේ විදින්න තරම් පින් නෑ

      Delete
  3. ඇත්තටම.මාත් හෙන ආසයි අර වහිද්දි එන දුවිලි සුවදට

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දී ආසයි ඒ සුවඳට :)

      Delete
  4. අපූරුවට ලියලා තියෙනවා.. කවියක් කියලා නම් කියන්නේ නැ.. අතීත සැමරුමක් විදිහට තමා දැණුනේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි
      හ්ම්ම් මන් ලේබල් වලට එකයි දැම්මේ කවිත් නොවන කතාත් නොවන කියලා :)

      Delete
  5. hithata danunu de lassanata liyala tiyenawa ayya.....

    ReplyDelete
    Replies
    1. sthuthi nangi..!
      oyata e de danunaa nam santhosayi...:)

      Delete
  6. මම ආස නම් ඒකට නෙමේ.. පොලව රත් වෙලා රත් වෙලා වැස්සම එන අමුතු සුවඳට...
    ඊටත් වඩා ආසයි ගොරවන්නේ නැතිව වහිනවා නම් එලියට බැහැල නටන්න.. ඒක මාර ජොලි අප්පා..
    ඊට පස්සේ ඉතින් අමාරුයි..
    ඔය ඔක්කොම ඒවා තියෙනවා අපේ පැත්තේ..
    සල්ලි ගන්නේ නෑ.. ඔක්කොම නිකන්..

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් ටිකට මාත් කැමති
      එත් මට ඔය දේවල් කරන්න ලැබුනේ පොඩි කාලයයි
      මොකද ඊට පස්සේ මන් ගමෙන් පිටමන් කළා නේ :)
      දැන් ගමෙත් ගුරු පාරවල් ඔක්කොම කොන්ක්‍රීට් දාලා :/

      Delete
  7. අඩේ මාත් එහෙමනේ...මාත් පට්ට ආසයි...
    ඔන්න මාත් ආවෝ...............................

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම මන් විතරක් නෙමේ මෙව්වට කැමති :)
      එල එල සාදරෙන් පිල්ලිගන්නවා මේ පැත්තට...!

      Delete
  8. පනුච්චිත් පුදුම විදියට වැස්සට ආදරෙයි... ඒ වැටෙන වැහි පොද දිහා බලන ඉද්දි එන හැඟීම හරිම සුන්දරයි....

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත පනුච්චි වැස්ස දිහා බලන් හිටියත් සැපයි ...

      Delete
  9. මමත් ඉස්සර ආසයි වහිද්දි ඇදේ ගුලි වෙලා ටකරං වහලෙට වැටෙන වැහි වතුරෙ සද්දෙ අහන් ඉන්න
    දැන් ටකරං වහළ හොරු අරන්
    මගේ සිතිවිලි හේබා වෙලා.....
    හරි දුකයි
    ආයෙමත් අතීතයට ගෙනගියා ඔබේ සිතිවිල්ලෙන් සගේ සිත......

    ReplyDelete
    Replies
    1. වැස්ස වෙලාවට ඇදෙ ගුලිවෙලා වැස්සේ සද්දේ අහන ඉන්න එකෙත් ආතල් එකක් තියෙනවා
      ඇත්තටම වැස්සේ සද්දෙටත් මන් හරි ආසයි...

      Delete
  10. මමත් අරි ආසයි වැස්සට තෙමි තෙමි මඩවලක බැහැල සෙල්ලමි කරන්න. තවක් යාලුවො ඉන්නවනම් තවත් ආසයි. ඒත් දැන් වහින වැහි වලට තෙමුනොත් ආයේ ෂවර් එකක් යටට යන්නවත් බැරි වෙයි. දැන් ඒ සුන්දර, නොයිදුල් වැස්ස නෑ.

    හිතට ආපු අදහස හරි ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අමා
      වැස්සේ තෙමි තෙමි සෙල්ලම් කරන එක නම් ඇති වෙනකන් කරා හැබැයි අම්ම නම් ඕව දන්නේ නෑ

      Delete
  11. ලස්සනයි බන්
    ගමේ ඉඳලා කොළඹ ගියාම තමා තේරෙන්නේ ගම කොච්චර හොඳද කියලා

    ReplyDelete
    Replies
    1. ටැන්කු ටැන්කු මචන් අවතාර්
      ඒක ඇත්ත සහෝ ගමේ අගේ මෙහෙ ඉද්දි ගොඩාක් දැනෙනවා :/

      Delete
  12. පාරවල් වලට කොංක්‍රීට් කලහම මොන ලස්සනක් දෑ..

    ReplyDelete
  13. චිචිරි චිරි.. චිචිරි චිරි
    උදේ සිට ඇද හැලෙන
    පොද නොකැඩි තෙත බරිව
    හිරිකිතෙන් කිලිපොලන
    පාර තොට ද ගහ කොළ ද
    වසාගෙන හැම අතින
    වහින වැහි වහින වැහි
    උදේ සිට මුළු දවස!!

    මතක විදියට ලිව්වේ.. අවුරුදු පහ හයකට කලින් පාඩම් කළ කවියක්.
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මන් අදම තමා ඇහුවේ
      ෂාහ් මරු නේ ඉස්සර පාඩම් කරපුව තාම මතකේ තියෙනවා නේ :)

      Delete
  14. මාත් ආසයි. වහිනකොට ජනේලයෙන් බලන් ඉනන ඔයා වගේ.

    ReplyDelete
    Replies
    1. පුදුම සනීපයක් දැනෙන්නේ ඒ වෙලාවට :)

      Delete
  15. වහිද්දි මමනම් ආස බං හොඳට ඇඳට ගුලි වෙලා පොඩි මනෝ පාරක් දාගෙන ඉන්න.. ;)

    ReplyDelete
    Replies
    1. එකත් නරක නෑ
      බෝඩිමේදී නම් මාත් කරන්නේ ඕක තමා :)

      Delete
  16. බොහොම ඉස්තරම් නිර්මාණයක්.. ඒ සුන්දර අත්දැකීම වගේම ළස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් අයියේ .......!!!

      Delete
  17. සිරාවටම මාත් මාර ආසයි ඒ දුවිලි සුවදට.. නිසදැස නම් එළ..!!

    ReplyDelete
  18. ඒ වගෙම මතකද කඩදාසි ඔරු පා කරපු හැටි

    ReplyDelete
    Replies
    1. ඒවා කවදාවත් අමතක වෙන්නේ නෑ රොබින් :)

      Delete
  19. මාත් වැස්සට, ඔය දූවිලි සුවඳට ආසයි. නමුත් පාර කොන්ක්‍රීට් කරන එකට කිසිම විරුද්ධත්වයක් නැත්තෙ හැමදාම වැස්සට හෝදගෙන යන වලවල් වහලා පිරිමහන්න බැරි, පාර මැද්දෙ ජලාශ පොකුණු හැදෙන පාරවල් වල ගිහින් තියෙන නිසා. අදටත් සමහර පාරවල්වල යන්න පුලුවන් කොන්ක්‍රීට් කරපු කොටසෙ විතරයි. අන්න ඒකයි මම එක පැත්තක් විතරක් දකින්න අකමැති. සෞන්දර්යය වගේම ප්‍රායෝගික පැත්තත් අත්‍යාවශ්‍යයි.
    මේ කමෙන්ට් එක ජනප්‍රියතාවයෙන් එච්චර ඉහල නගින එකක් නෑ, කමක් නෑ. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කියන කතාව ඇත්ත එත් මන් කිව්වේ මට සාපේක්ෂව .මොකද අපේ ගෙදරට යන්න වැටිලා තියෙන ගුරු පාර කිලෝමීටර් 4 ක් විතර ගම ඇතුලට තියෙනවා.එත් ඒ පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නේ මීටර් 100යි.එකත් ගානට අපේ ඉඩම ඉවර වෙන තැනින් ඉවරයි.ඒ ටිකෙන් විතරක් ඕනේ කාරණේ ඉෂ්ට වෙන්නේ නෑ නේ.ප්‍රධාන පාරේ යන එවුන්ට පෙන්නේ නම් දෙපැත්තට තියෙන හැම ගුරු පාරක්ම කොන්ක්‍රීට් කරලා කියල එත් එකේ යන ය විතරයි දන්නේ කොච්චර දුරකට විතරද කොන්ක්‍රීට් කරලා තියෙන්නේ කියලා

      Delete
  20. හ්ම්ම්.....ඇත්ත.දැන් හැමදේම කොන්ක්‍රීට් වීගෙන යන්නේ..

    ReplyDelete
  21. හ්ම්ම් මමත් ආසයි වැස්සට..හැබැයි ගේ ඇතුලේ ඉන්නකං විතරයි.

    ReplyDelete
    Replies
    1. අපෝ කොළඹදී නම් මාත් ආස වැස්ස වෙලේ ඇතුලට වෙලා ඉන්න තමා :)

      Delete
  22. දුවිලි වලට වතුර වැටෙද්දී එන
    ඒ පුසුඹටත් මං මාර ආසයි

    මම කල්පනා කෙරුවේ මොක‍දෝ කියලා
    පස්සේයි සිහිඋනේ උඹ මඩයා කියලා
    වැස්සයි දුහුවිලියි පදමට මුසුවීලා
    හැදෙනා මඩගොඩේ නටපං තුටුවීලා

    ReplyDelete
    Replies
    1. අන්න අයියට තේරුනා.
      හොද මඩේ නම් නටන්න ආසයි තාමත් :)

      Delete
  23. "මේ ගුරු පාරේ
    මේ දොළ අයිනේ
    අපගේ ඉපැරණි පිය සටහන් ඇත"

    එත් අපිටවත් පෙන්නේ නෑ ඔක්කොම තාර වලට කොන්ක්‍රීට් වලට යටවෙලා..... :(

    ReplyDelete
    Replies
    1. මොනවා යට උනත් අපේ මතක යට කරන්න බෑ සහෝදරයා...

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......